අරුණි ශපීරෝ‍ වෙතින්

ස්නෝඩන් සහ ජාතික ආරක්ෂක ඒජන්සිය

Posted in Uncategorized by arunishapiro on ජූලි 8, 2013

දුරකතන සංවාද වලට සවන් දීම සඳහා අවසර ලබාදෙන 11 දෙනෙකුගෙන් හැදුන විදේශීය බුද්ධිමය ඔත්තු උසාවිය මෑත කාලයක් වනතුරු ඒ ඒ විමර්ශනය වෙනුවෙන් විශේෂ අවසර අනුමත කරන ලද්දකි. එහෙත් පසුගිය මාසයේ දී ජාතික ආරක්ෂක ඒජන්සියේ කොන්ත්‍රාත් රස්සාවක යෙදුනු එඩ්වඩ් ස්නෝඩන් මෙම FISA උසාවියේ ආඥාවක්, වරයිසන් වයර්ලස් කොම්පැණියට තමනට දුරකතන වාර්තා එවන්න යැයි ඉල්ලා සිටීම ගැන හෙළිදරව් කරද්දී එයට ඇමෙරිකාවේ සුපිරි උසාවියට සමාන වූ බලතල ලැබී තිබෙන බව රටේ ජනතාවට දැනගන්නට ලැබුණි.

අපරාධ කල්ලියක් තුලට රිංගා ගත් පොලිස් නිලධාරියෙක් මෙන් ස්නෝඩන් ද කර ඇත්තේ මේ තොරතුරු සොයා ගන්නට ජාතික ආරක්ෂක ඒජන්සියේ රස්සාවකට යෑමයි. පොලිස් නිලධාරියෙක් අන්ඩර්කවර් මෙහෙයුමක දී තමන් පොලිස් නිලධාරියෙක් යැයි අපරාධ කල්ලියට දන්වා ඔවුනට එකතු වන්නට අවසර ඉල්ලන්නේ නැත. තමන් ජාතික ආරක්ෂක ඒජන්සියේ රස්සාවට ගියේ මේ තොරතුරු සොයා ගැනීම පිණිස බව ස්නෝඩන් කියා ඇත.

පුද්ගල අයිතිය රකින්නට සහ සෑම දෙනාගේ ම නිදහස ආරක්ෂාව වෙනුවෙන් හැමදා කැප වී සිටින රොන් පෝල් වෙනුවෙන් ස්නෝඩන් පසුගිය මැතිවරණයේ දී මුදල් පරිත්‍යාගයන් ද කර ඇති බව ජනමාධ්‍ය විසින් හෙළි කරන ලදි.

පුරවැසියන් සහ ලෝක වැසියන් නිරීක්ෂණය කරන්නට ඇමෙරිකන් ආණ්ඩුව සකස් කර ඇති සැලසුම ලෝක ඉතිහාසයේ කිසිදා නොවි විරූ තරම් විශාල වූවකි. කොංග්‍රස් සභිකයන්, විශේෂයෙන් ම බුද්ධිමය විමර්ශන අංශයේ සාමාජිකයන්, අධිකරණ සහ හමුදා කමිටු වල අය, රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, වයිට් හවුස් හි විධායක සාමාජිකයන් සහ ඔබාමා සෙනෙට් සභිකයෙක් වී සිටිය දී ඔහුව ද FISA උසාවියේ නිරීක්ෂණයන්ට හසු වී තිබේ.

ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීත්‍යානුකූල නොවන සැලසුම් අවශ්‍ය යැයි කියන්නෝ අඩුවක් නැත. එහෙත් ඒ සියළු ඔත්තු බැලීම් කළ ද ජාතික ආරක්ෂා ඒජන්සියට ලිබියාවේ ඇමෙරිකන් තානාපතිවරයා වූ ක්‍රිස්ටෝෆර් ස්ටීවන්ස්ව බේරාගත නොහැකි විය. ඒ ගැන තවත් බොරු ගොතන්නට ඔවුනට සිද්ධ විය.

ස්නෝඩන් විසින් විසිල් ගහන්නට පෙර ජාතික බුද්ධි විමර්ශන අංශයේ සාමාන්‍යාධිකාරී වූ ජෙනරල් ජේම්ස් ක්ලැපර් විසින් කොංග්‍රසය හමුවේ මහා මුසාවක් දෙසා බෑවේ ඒජන්සිය ඇමෙරිකන් පුරවැසියන් ගැන දත්ත කිසිවක් එකතු නොකරනවා යැයි කියමිනි. FISA උසාවිය ඇමෙරිකන් ව්‍යවස්ථාවේ හතරවැනි සංශෝධනය උල්ලංඝණය කරන ලද අවස්ථා බොහොමයක් ඇති බව පසුව අනාවරණය විය.

මෑතක දී සෙනෙට් සභික ඩයාන් ෆයන්ස්ටයින් විසින් සෙනෙට් බුද්ධිමය විමර්ශන කමිටුව හමුවේ ද කියා සිටියේ ඒජන්සිය විසින් කිසිත් වරදක් කරන බවක් තමන් නොදන්නා බවයි. එහෙත් FISA උසාවියේ නඩු තීන්දු වලට හා අනෙකුත් උල්ලංඝණයන් ගැන දැනගන්නට ඇයට අවසරය තිබුණි.

මෙම සැලසුම රහසිගත නීතියකි. මහජන කැමැත්තට භාජනය නොවුන සහ කොංග්‍රසයේ අධීක්ෂණයට පාත්‍ර නොවුන ලද්දකි.

මීට කළින් විරැද්ධ පක්ෂය ගැන හොරෙන් ඔත්තු බලා අහුවුන රිචඩ් නික්සන් දෝෂාභියෝගයට ලක්වෙන්නට පෙර ඉල්ලා අස්වූයේය. ඔබාමා ඇමෙරිකන් ජනතාවට පොරොන්දු වූ පරිදි යුද්ධ නතර කළේ නැත. නික්සන් වියට්නාම් යුද්ධය අවසන් කළේය. වොෂිංටනය වැඩ කරන හැටි වෙනස් කරනවා යැයි කියූ ඔබාමා එසේ කළේ නැත. නික්සන් වොෂිංටන් හි බලතල අඩු කර ප්‍රාන්ත බලතල වැඩි කළේය. මෙහෙම ලියද්දී ඉතින් මම නික්සන් අගයනවා යැයි වරදවා හිතන්න එපා. ඒවා සඳහන් කළේ ධනවාදියෙක් ලෙසින් පෙනී සිටි නිසා නික්සන්ව ගෙදර යවන්න ලෝකය පුරා පාරට බැස්ස වාමාංශිකයන් අද කෝ අහන්නයි?!!!!!!!!!

එසේම මෙම හෙළිදරව්ව ගැන කතාබහේ දී ධනවාදී අධිරාජ්‍යවාදී ඇමෙරිකාවේ වරදක් ලෙසින් එය උලුප්පා පෙන්වන අය වැඩි වුවත් ඔබාමා ගැන වරදක් කියන අය තවමත් ලෝකයෙන් හොයා ගන්නට අඩු ඇයි අහන්නයි!!!!!

අද දමන ලද මෙම සටහන් තුනම ලියන ලද්දේ Ben O’Neill විසින් ලියන ලද The Ethics of Whistleblowing ලිපිය ආශ්‍රිතව ය.

පොඩි විරාමයකින් පසුව නැවත හමුවෙමු.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ජූලි 8, 2013 at 11:17 ප.ව.

    ජනාධිපතිටත් උඩින් කට්ටියක් ඉන්න රටනේ අරුණිගෙ ඇමෙරිකාව. ඔයවගේ දේවල් වෙනව 🙂

  2. Ramaa said, on ජූලි 11, 2013 at 1:52 පෙ.ව.

    ස්නොඩන් කල දේ සම්පූර්නයෙන්ම හරිය කියන්න බෑ.. මොකද එයාට පවා ඇමරිකානු රජය මේ ලබා ගත් තොරතුරු රාජ්‍ය ආරක්ෂාව ඇර වෙනයම් කාර්‍යකට යොදාගත්තා කියල පෙන්නන්න බැරිවුනා..
    (සරලව කිව්වොර් වෝටර්ගේට් සිද්දියේ වගේ රොන් පෝල් හෝ මොනයම් හෝ කෙනෙක් ගැනහෝ ඔත්තු බලන්න මේ තොරතුරු යොදාගත්තා කියන්න කාටවත් පුලුවන් වුනේ නෑ).. ඇමරිකානු රජය මේවා ජනතාව මර්ධනයට යොදවයි කියන එක “තියරියක්” විතරයි.. නමුත් ත්‍රස්ථවාදීන් අන්තර්ජාලය භාවිතා කරනබවත්, ඔවුන්ගේ “කොමියුනිකේෂන් පැටර්න්ස්” නිරීක්ෂනය කිරීමට මෙවැනි කමයක් අවෂ්‍ය භවත් අසත්‍යක් කියා කියන්න පුලුවන් කමක් නෑ..

    /ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි නීත්‍යානුකූල නොවන සැලසුම් අවශ්‍ය යැයි කියන්නෝ අඩුවක් නැත. එහෙත් ඒ සියළු ඔත්තු බැලීම් කළ ද ජාතික ආරක්ෂා ඒජන්සියට ලිබියාවේ ඇමෙරිකන් තානාපතිවරයා වූ ක්‍රිස්ටෝෆර් ස්ටීවන්ස්ව බේරාගත නොහැකි විය. ඒ ගැන තවත් බොරු ගොතන්නට ඔවුනට සිද්ධ විය./

    ඒක සාධාරන උදාහරනයක් නෙමේ.. මොකද ආරක්ෂාව සහතික කරන්න ඉන්න අයට හැමවෙලේම හරියන්න ඔනෑ වුනත් ප්‍රහාරයක් එල්ල කරන්න බලා ඉන්නා අයට හරියන්න ඔනෑ එක වතාවයි…
    දැන් 9/11ප්‍රහාරය එල්ල කරන්න කලිනුත් “එයාපෝට් සිකියුරිටි” තිබුනා… ඔත්තු බැලීම් තිබුනා.. නමුත් ප්‍රහාරය සාර්ථක වුනා..

    දැන් එතකොට NSA Director කියන විදිහට PRISM නිසා වැලකුනු මේ ප්‍රහාරත් සිද්ධ වුනානම්..

    [http://www.c-span.org/Live-Video/C-SPAN3/]
    [http://threatpost.com/officials-call-nsa-prism-leaks-egregious-say-program-has-foiled-many-terror-plots/]

    දැන් මේ ස්නෝඩන් “සිවිල් අයිතීන්” වල නාමයෙන් මේවා හෙලි කිරීම නිසා අනාගතයේ ඇමරිකාවට ප්‍රහාර එල්ල කරන්න ඉන්නා කෙනෙක් තම පනිවුඩ හුවමාරු සදහා ස්කයිප්, ඊමේල් වැනි අන්තර්ජාල සේවා භාවිතා නොකොට TrueCrypt වැනි Decipher කිරීමට වසර ගනනක් ගතවන “එන්ක්‍රිප්ෂන් ප්‍රෝග්‍රෑම්ස්” පාවිච්චි කරන්න ගියොත්, ඇමරිකානුවන් වඩා විෂ්වාසය තැබිය යුතු NSA සමගද, රජය ජන නිදහස සීමා කරනවා කියන ස්නෝඩන් සමගද?

    • arunishapiro said, on ජූලි 11, 2013 at 8:14 පෙ.ව.

      Ramaa,

      “මහජනතාව මංකොල්ල කන්නට නම් ඔවුන් රවටා ගත යුතු වේ. ඔවුන් රවටන්නට හැකියාව ලැබෙන්නේ ඔවුන්ගේම යහපත සඳහා ඔවුන්ව මංකොල්ල කනවා යැයි හඟිස්සවන්නට හැකිවීමෙනි. එවිට ඔවුන් තම දේපල වෙනුවට මනඃකල්පිත සේවාවන් සහ ඊටත් දරුණු අලාභ හානි පිළිගන්නට කැමති වෙති. ඉතින් ඇතිවන්නේ විතණ්ඩවාදයේ අනේක වූ වර්ගීකරණයන් ය.” ෆෙඩරික් බැස්ටියාට්, ආර්ථික විතණ්ඩවාදය (Economic Sophisms) පළමු කාණ්ඩය

  3. Ramaa said, on ජූලි 12, 2013 at 1:44 පෙ.ව.

    දැන් ඔබ කියන විදිහට ආරක්ෂාව යනු “ආන්ඩු පුද්ගලයා මංකොල්ලකෑමක්නම්” රටක හමුදා වලට යන වියදම පවා අනවෂ්‍ය වියදමක් වියයුතුයි..
    මම හිතන්නෑ ඔබ ඉන්නේත් අර ඇමරිකාවට ඇති තර්ජන සියල්ල බොරු ඒවායැයි කියන “කොන්ස්පිරසි තියරිස්ට්” ලාගේ පිලේ ක්යලා..
    කරුනාකර අඩුම තරමේ ඔත්තු බැලීමකින් තොරව ඇමරිකාව වැනි අධික ත්‍රස්ථ රාජ්‍ය ආරක්ෂාව තහවුරු කල හැකි විදිහක් කියන්න…
    එහෙම නැතිනම් ආන්ඩුවල ඇගිලිගැහීම් කිසිවක් නැති ඔබ හිතන සර්ව සම්පූර්නව පුද්ගලික අංෂයෙන් ආරක්ෂාවන රටක් කියන්න..

    (ඇමරිකාවට හා බටහිරට ඇති ත්‍රස්ථ තර්ජන ගැන දැනගැනීමට Terry McDermott ගේ Perfect Soldiers පොත හෝ Dr. Rohan Gunarathna ගේ Inside Al-Quida පොත නැතිනම් Simon Reeve ගේ The New Jackals කියවන්න

    • arunishapiro said, on ජූලි 12, 2013 at 7:55 පෙ.ව.

      Ramaa,

      ආරක්ෂාව යනු ආණ්ඩු විසින් පුද්ගලයා මංකොල්ලකෑමක් යැයි මම කියා නැහැ. ආරක්ෂාව සපයනවා යන නාමයෙන් පුරවැසියන් මංකොල්ලකනවා යැයි කියමි. මේ දෙක අතර වෙනස වටහා ගැනීම ඉතා වැදගත්.

      ඒ වගේ ම ඇමෙරිකාවට ඇති තර්ජන සියල්ල බොරු යැයි ද මම කියා නැහැ. සිංහලෙන් ලියන මේ අඩවියේ දී මට ලැබෙන ප්‍රතිචාර වලින් “ඇමෙරිකන්” යන්න පමණක් ඇහුනාම නහුතෙට කෝපාවිෂ්ට වෙන අය කොතරම් ඉන්නවා දැයි මම පැහැදිලිව දනිමි 😀

      ඔත්තු බැලීම ලෝකෙ හැකියාවක් ඇති සෑම රටක් විසින් ම කරගෙන යන්නක්. යුද්ධයක් නිමා කළ ලංකාවේ බුද්ධිමය තොරතුරු එකතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ රාජ්‍ය අංශයක්, හමුදා අංශයක්, NBI සහ මහ බැංකුවේ ෆිනෑන්ෂල් බුද්ධිමය අංශය යනාදිය තිබිය දී යුද්ධයක ඉන්නා ලෝකයේ දැවැන්තම දළ ජාතික නිෂ්පාදනයකින් වූ රටක ඔත්තු බැලීමක් නොකර සිටිය යුතු යැයි කීම අනුවණයි. මා එහෙම කියා ද නැහැ.

      ඒත් ඇමෙරිකාව යනු අධික තස්ත්‍ර ප්‍රහාර ලැබෙන රටක් යැයි කීම වැරදියි. රටේ ආරක්ෂාව අඩු වී ගියේ ආණ්ඩුවේ මුග්ධ විදේශ ප්‍රතිපත්ති නිසා. ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් වලින් ඇමෙරිකන් ආණ්ඩුව අනිත් රටවල් වලට සහනාධාර දීම නැවැත්විය යුතුයි. අපේ බදු මුදල් වලින් යැපෙන රටවල අය ඊට ස්තූතියක් කියන්නේ හෝ ඊට ඇමෙරිකාවට පක්ෂපාතීත්වයක් ද දක්වන්නේ නැහැ. අපෙන් කාලා අපට බැනලා හිටිය කාලේ ඉවර වෙලා දැන් අපිට පහර දෙන්නත් පටන් අරන්. ඒ සියල්ල කරන්න ඇමෙරිකන් ආණ්ඩු වලට බලය පවරලා තියෙන්නේ පුරවැසියන්ගේ බදු මුදල් වලින් පුරවැසියන්ට ආරක්ෂාව සපයන හැටි දන්නවා කියන ආණ්ඩුවේ මුග්ධ ප්‍රතිපත්ති නිසා.

      පෙරේදා කොංග්‍රසයේ කමිටුව විසින් නව සහායක ආරක්ෂක ලේකම්ගේ තනතුරු සඳහා සම්මුඛ සාකච්ඡාව පවත්වද්දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු බොහොමයක් ඇය මඟහැරියේ එය ජාතික ආරක්ෂාව නිසා හෙළි කළ යුතු නොහැකියි කියමින්. ඒ ගැන පුද්ගලිකව ඒ ඒ සෙනෙට් සභිකයා හමු වී තොරතුරු සපයන්නම් යැයි ඇය කියනවා. එහෙත් එහි දී සෙනෙට් සභිකයාට ද අහන දේවල් ගැන නැවත නොකියනවා යැයි ගිවිසුම් දුන් පසු දැනගන්නට ලැබෙන නිසා ඇය ආණ්ඩුව විසින් කිසිත් තස්ත්‍ර කටයුත්තක් මර්ධනයට නොහැකි වූවා යැයි හෙළි කළත් ඒ ගැන කිසිවෙකුට කියන්නට නීතිමය ඉඩක් ලැබෙන්නේ නැහැ.

      අපි දුසිම් ගණන් තස්ත්‍රවාදී ප්‍රහාරයන් මැඬ ගත්තා යැයි කියද්දී, ඒවා මොනවා දැයි සහ ඒ අයට දුන් දඬුවම් මොනවා දැයි හෙළි නොකිරීම විනිවිදතාවයෙන් කටයුතු කරන්නට ඔබාමා වූ පොරොන්දුව කැඩීමයි. බිලියන ගණනින් පුද්ගලික තොරතුරු එකතු කිරීමට නම් ඒ සඳහා රටවැසියන්ගේ කැමැත්ත ලබාගත යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය එයයි.

      ඇමෙරිකාවට වඩා අද තස්ත්‍රවාදයෙන් තර්ජන එල්ල වී ඇත්තේ යුරෝපයටයි. එයත් යුරෝපීයයන් විසින් ගෙනෙන ලද මුග්ධ ප්‍රතිපත්ති වලින් කැඳවා ගන්නා ලද්දක්. අද යුරෝපීයයන්ගේ ආරක්ෂාව සඳහා ද ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වැය කරමින් යුරෝපීයයන් සහ ඔබාමා ආණ්ඩුව යන දෙකම මුග්ධ ප්‍රතිපත්ති දිගින් දිගටම කරගෙන යෑම නවතා නැත. Throwing good money after bad නොහොත් ගිළුන වැයෙන් පසු තවත් ප්‍රශ්නයක් වෙත තව වැඩියෙන් මුදල් විසි කිරීමෙන් එය විසඳේවි යන විශ්වාසයෙන් මිදෙන්නට වහා ක්‍රියාකාරී විය යුතුයි.

      සම්පූර්ණ පුද්ගලික අංශයකින් ආරක්ෂාවන රටක් කරා යෑමට නොව මා වැනි නිදහස අගයන අයගේ උත්සාහය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක ආණ්ඩුව වගකීමෙන් යුතු වූ ආණ්ඩුවක් බවට පත්කර ගැනීමයි.

      කැමති නම් කියවන්න:
      විචාරය හැර දා හැඟීම් වලට ඉඩදෙන්න සූදානමින් සිටින යුරෝපය
      සමාජ ගිවිසුම: පාලකයා සහ පාලනය වෙන්නා අතර වූවක් ද?
      යුදෙව්වන් වඳ වී නොගියේ කෙසේද?
      එක පැත්තකින් වෝල්ටෙයාර්ට අනික් පැත්තෙන් මොහොම්මඩ්ට මැදි වූ ක්‍රිස්තියානි දහම
      ජන ගැල්ම නිසා වෙනස් වූයේ රටේ වැසියන් ද? සංක්‍රමණිකයන් ද?
      යුරෝපයෙන් එන්නේ බටහිර සභ්‍යත්වයේ අවසානය ද?
      බර්ලිනයේ සිට ලියමි
      සංක්‍රමණික ප්‍රංශ ගිණිකෙළි
      සංක්‍රමණිකයන් එකතු වෙන සමාජයට අනුකූල නොවෙනවා ද?
      ප්‍රචණ්ඩත්වයට බිය වීම ඉවසීම නෙමෙයි
      යුරෝපයේ ඇත්තේ ඉවසීම ද? බිය වීම ද? කුසීත වීම ද?
      හැඟීම් වලට ඉඩ දී මහා අවුලක හිර වී සිටිනා යුරෝපීයයන් .. හෙට ලංකාව ඊට වඩා දරුණු වෙයි ද?
      හැඟීම් වලට ඉඩ දෙන ගෝත්‍රික හැදියාවෙන් බිහි වූ සංක්‍රමණික බ්‍රිතාන්‍ය ගැටුම්
      ඕලන්ද සංග්‍රහය හෙවත් යුරෝපීය කාන්තාවගේ අනා ගැනිල්ල

      • Nipuna Wanninayake said, on ජූලි 12, 2013 at 12:01 ප.ව.

        [ඇමෙරිකන් වැසියන්ගේ බදු මුදල් වලින් ඇමෙරිකන් ආණ්ඩුව අනිත් රටවල් වලට
        සහනාධාර දීම නැවැත්විය යුතුයි. අපේ බදු මුදල් වලින් යැපෙන රටවල අය ඊට
        ස්තූතියක් කියන්නේ හෝ ඊට ඇමෙරිකාවට පක්ෂපාතීත්වයක් ද දක්වන්නේ නැහැ.
        අපෙන් කාලා අපට බැනලා හිටිය කාලේ ඉවර වෙලා දැන් අපිට පහර දෙන්නත් පටන්
        අරන්. ]

        ඇමරිකාවට පහරදීමට බලාගෙන ඉන්නේ රටවල් හෝ ආන්ඩු නොව ඉතා විමධ්‍යගතවූ
        සංවිධාන. ඒ සංවිධාන ඇමරිකාව ඒ රටවල් වලට උදව් කිරීම නැවැත්වූවා කියා තම
        අමරිකන් විරෝදී ක්‍රියා නතර වෙයි කියා කියන්න බෑ.. අනෙක් අතට ඔය සංවිධාන
        වැඩිහරියකට ආධාර ලැබෙන්නේ මැදපෙරදිග කලාපයෙන්.. ඇමරිකන් ආධාර නැවත්වූවා
        කියා ඒ මුදල් ගලායෑම වැලැක්වෙන්නෑ..

        අනෙක් අතට සවුදිය, කුවේටය වැනි ඇමරිකානු පක්ෂපාතී රටවල ආන්ඩුවලට ඇමරිකාව
        ආධාර දුන්නේනැතිනම් ඒ ආන්ඩු බලයෙන් පහවී අන්තවාදීන් බලය අල්ලා ගැනීමට හා
        ගල්ෆ් කලාපයේ ඇමරිකාවේ බලය සීමා වීමට හැකියාව නැතැයි කියන්න බෑ…

        [පෙරේදා කොංග්‍රසයේ කමිටුව විසින් නව සහායක ආරක්ෂක ලේකම්ගේ තනතුරු සඳහා
        සම්මුඛ සාකච්ඡාව පවත්වද්දී අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු බොහොමයක් ඇය
        මඟහැරියේ එය ජාතික ආරක්ෂාව නිසා හෙළි කළ යුතු නොහැකියි කියමි]
        ඒ කතාව වැරදියි කිව හැක්කේ ආරක්ෂක තොරතුරු ගැන විෂේසඥයෙකුට පමනයි..
        ඇමරිකාවේ ජීවත්වූ පමනින් ඔබ හෝ වෙනත් සාමාන්‍ය වැසියෙක් ඇමරිකානු ආරක්ෂක
        යාන්ත්‍රනය ගැන විවේචනය කිරීමට සුදුස්සෙකු වෙන්නේ නෑ..

        ඔබ “මුග්ධ ප්‍රතිපත්ති” ලෙස දකින්නේ මොනවාද යන්න පැහැදිලිව කියා නෑ.. ඔබ
        “මුග්ධ ප්‍රතිපත්ති’ ලෙස දකින්නේ අෆ්ගනිස්ථානය ආක්‍රමනය කිරීම ආදිය නම්
        ඔබගේඉ මුස්ලිම් අන්තවාදය ගැන දැනීම අඩුයි.. ඔවුන්ගේ අරමුන බටහිර
        ශිෂ්ටාචාරය වැනසීමයි.. එවැනි අරමුනකින් යුතු කන්ඩායමකට ලෝකයේ කොහේ
        හිටියත් නූතන මානව ශිෂ්ටාචාරයට තර්ජනයක් වෙන නිසා ඇමරිකාව හා යුරෝපය
        ඔවුන් සොයා ගොස් පහරදිය යුතුයි… නැතිව ත්‍රස්ථවාදය තම එලිපත්තතම
        පැමිනෙන තෙක් බලාසිටීම මුග්ධ ප්‍රතිපත්තියක්…

        ස්නෝඩන් සිරගෙට යා යුතුයි කියා මම කියන්නේ ලෝකය ඉදිරියේ ඇමරිකාවට ඔත්තු
        බැලීමට භාවිත කරන යාන්ත්‍රනයක් හෙලිකල නිසා…
        දැන් ඔහුව තම අඩුපාදු වසාගැනීමට ආයුධයක් වී තිබෙනේ නිදහස නැති රුසියාවට,
        චීනයට හා ලතින් ඇමරිකානු රටවලට පමනයි..

        • arunishapiro said, on ජූලි 12, 2013 at 8:42 ප.ව.

          Nipuna Wanninayake,

          //ඇමරිකාවට පහරදීමට බලාගෙන ඉන්නේ රටවල් හෝ ආන්ඩු නොව ඉතා විමධ්‍යගතවූ
          සංවිධාන.// ඔබ වැරදියි. ඇමෙරිකාවට පහර දීමට බලාගෙන ඉන්න සංවිධාන වලට ආධාර සපයන වෙනත් රටවල ආණ්ඩු පවතින අතර ඒවාට අමතරව ඇමෙරිකන් ආණ්ඩුවත් වෙනත් රටවල කලෙකට මිතුරු වන කලෙකට තරහ වන සංවිධාන වලට ආධාර හැටියට අපේ බදු මුදල් බෙදා දෙනවා. ඩොලර් ට්‍රිලියන තුනක විතර බජට් එකකින් 1% ක් කියන්නෙත් පොඩි ගාණක් ද? To implement Foreign Assistance programs, U.S. Government agencies typically partner with a wide variety of organizations, including private voluntary organizations (PVOs), local and regional nongovernmental organizations (NGOs), private sector companies, and public international organizations (PIOs). ලෝකයට බෙදන ඇමෙරිකන් ආධාර ගැන හොයා බැලුවොත් ඔබට දැනගන්නට හැකිවේවි ඇමෙරිකන් ආධාර නැවත්වුවහොත් කොතරම් සංවිධාන වලට ඇමෙරිකාවට විරුද්ධ අරගල කොයි තරම් කාලයක් ගෙන යන්න හැකිවේවි ද කියල.

          //ගල්ෆ් කලාපයේ ඇමරිකාවේ බලය// එහෙම එකක් තමන්ට තියෙනවා කියල ඇමෙරිකන් ආණ්ඩුවත් හිතාගෙන ඉන්න එක තමා වරද. ලිබියාවේ ඇමෙරිකන් තානාපතිවරයෙක් ඉන්නවා කියලත් ඇමෙරිකන් අය දැනගත්තෙ මිනිහාව මැරුවාට පස්සෙ.

          මුග්ධ ප්‍රතිපත්ති යැයි කියන්නේ නොදන්නාකම නිසා හදන ප්‍රතිපත්ති. මුස්ලිම් අන්තවාදීන් ගැන මා මේ අඩවියේ ලියා ඇති තරම් වෙන කිසිවෙක් සිංහලෙන් ලියා ඇත්දැයි සැකයි. තුර්කියේ ඔටෝමාන් අධිරාජ්‍යයෙන් පටන් ගෙන වර්තමාන යුරෝපීය අරගල දක්වා මුස්ලිම් අන්තවාදීන් ගැන මම ලියූ දේවල් තවම මම කිසිම වෙනත් තැනක සිංහලෙන් කියවලා නැහැ. ඒත් අන්තවාදීන් යනු කවුදැයි පහදා නොගත්තාම තමයි “ඔවුන්ගේ අරමුණ බටහිර ශිෂ්ඨාචාරය වැනසීමයි” වැනි අදහස් ලියැවෙන්නෙ. අන්තවාදීන්ගේ අරමුණ තම අන්තවාදය පිළිනොගන්නා සියළුම අය වැනසීමයි.

          //එවැනි අරමුනකින් යුතු කන්ඩායමකට ලෝකයේ කොහේ
          හිටියත් නූතන මානව ශිෂ්ටාචාරයට තර්ජනයක් වෙන නිසා ඇමරිකාව හා යුරෝපය
          ඔවුන් සොයා ගොස් පහරදිය යුතුයි// ඇයි? අන්තවාදීන් ඉන්නා රටවල අය අන්තවාදීන් බිහි කරමින් ඔවුන්ට බියෙන් ඉන්න යැයි බදු ගෙවන ඇමෙරිකන් පුරවැසියන් එහෙම රටවල ඉන්න අයට කිව්ව ද?

          //නැතිව ත්‍රස්ථවාදය තම එලිපත්තතම
          පැමිනෙන තෙක් බලාසිටීම මුග්ධ ප්‍රතිපත්තියක්…// තස්ත්‍රවාදය තම එළිපත්තට එන්නේ මැදිහත්වීම් වලට හවුල් වෙච්ච නිසා. කෝ ස්විට්සර්ලන්තයට ගහන්න කවුද යන්නෙ? හැමෝම යන්නෙ එහෙ සල්ලි තැන්පත් කරන්නනේ.

          //ස්නෝඩන් සිරගෙට යා යුතුයි කියා මම කියන්නේ ලෝකය ඉදිරියේ ඇමරිකාවට ඔත්තු
          බැලීමට භාවිත කරන යාන්ත්‍රනයක් හෙලිකල නිසා…// ස්නෝඩන් සිරගෙදර යා නොයුතු යැයි මම කියන්නේ වර්තමාන ඇමෙරිකන් ආණ්ඩුව රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කර තිබෙන බව හෙළි කළා මිසෙක ඔහු විසින් ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝණය කර නැති නිසා. හිරේ දාන්න ඕනෑ මේ විදිහෙ අවනීති හොරෙන් ම සම්මත කරගෙන රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරපු ආණ්ඩුවේ අයයි.

          //දැන් ඔහුව තම අඩුපාදු වසාගැනීමට ආයුධයක් වී තිබෙනේ නිදහස නැති රුසියාවට,
          චීනයට හා ලතින් ඇමරිකානු රටවලට පමනයි..// ඒකට අපිට කමක් නැහැ. අනිත් රටවල අඩුපාඩු හදන්නට ඇමෙරිකන් පුරවැසියන්ගේ බදු මුදල් වැය කරන්න එපා කියල විතරයි අපි කියන්නෙ. අපි මහන්සි වෙන්නෙ අපේ රටේ ආණ්ඩුව හදා ගන්න. රුසියාවේ, චීනයේ හා ලතින් ඇමෙරිකානු වැසියන් ඔවුන්ගේ රටවල් හදා ගත්තාවේ.

          • Nipuna Wanninayake said, on ජූලි 13, 2013 at 4:37 පෙ.ව.

            [මේ විදිහෙ අවනීති හොරෙන් ම සම්මත කරගෙන රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරපු ]
            රටේ පවතින තත්වය හා අද තිබෙන තත්වය ගැනස් කිසිදා අසා නොතිබුනු අය කාලෙකට
            ඉහත ලියපු විව්‍යස්ථාවක් අතර වෙනස්කම් තිබීම ස්වාභාවිකයි..
            ජාතික ආර්ක්ෂාවට හානියක් ඇතිතැනක ස්නෝදන් වගේ අය තරු පහේ
            ප්‍රජාතන්ත්‍රවාදයක් බලාපොරොත්තුවීම මෝඩකමක්…
            උදාහරනයකට ඔබ කියා ඇති විදිහට දුරකතන පනිවුඩ ගැන දත්ත එකතු කරන්න
            පොදුජනතාවගෙන් කැමැත්ත විමසන්න චන්දයක් පවත්වා එයට බහුතර කැමැත්ත
            නොලැබුනොත් ත්‍රස්ථවාදීන් කොතරම් සිටියාත් ඒවා එකතු නොකර සිටිය යුතුයි
            කියාද ඔබ කියන්නේ? ජාතික ආරක්ෂාව ගැන තීරන ගන්න හැමෝගෙන්ම අසා බෑ..ඒවා
            විෂේසඥයන්ගේ රාජකාරියක්. ඔන්න ස්නෝඩන්ට හෝ පුලුවන් උනානම් මේ තොරතුරු
            වෙනත් මර්ධනකාරී කටයුත්තක් සදහා යොදාගත්තා කියා පෙන්වන්න, විරුද්ධව්වීම
            සාද්ෂාරනයි…ඒවගේම ඔය කියන තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයත් රොන්පෝල් වැනි
            ලිබරටේරියානුවන්ගේ උටෝපියාවක් පමනයි.. (ඒ අයගේ තවත් බොහෝ එවැනි මහපොලවේ
            සත්‍ය නොවන දේ තිබෙනවා.. )

            [ අන්තවාදීන් ඉන්නා රටවල අය අන්තවාදීන් බිහි කරමින් ඔවුන්ට බියෙන් ඉන්න යැයි ]
            ශතවර්ෂ ගනනක් තිස්සේ රජය සමග කෙලින්ම සම්භන්දවුනු දේෂපාලනික ආගමක් ඇතුලේ
            අන්තවාදීන් බිහිවීම එච්චර අමුතු දෙයක් නොවේ.. ක්‍රිස්තියානි පල්ලියත්
            15වැනි ශතවර්ෂයේ තිබුනා වගේ තවම යුරෝපයේ විෂාල දේෂපාලනික බලයක් සහිත
            ආයතනයක්ව තිබුනානම් “තම දෙවියන්ගේ අදහස පිලිනොගන්නා අයව විනාෂ කිරීමට
            කැපවූ’ ක්‍රිස්තියානි අන්තවාදී සංවිධානත් යුරෝපය පුරා තවමත් දැකගන්න
            පුලුවන්… අන්තවාදීන් සොයා පහර දියයුත්තේ නැතිනම් ඔවුන් තම අන්තවාදී
            අදහස් පිලිනොගන්නා අයට ඔබ කියා ඇති ආකාරයටම පහර දෙනනිසා.. [න්තවාදීන්ගේ
            අරමුණ තම අන්තවාදය පිළිනොගන්නා සියළුම අය වැනසීමයි.]
            අන්තවාදීන්ගේ පලමුවැනි ඉලක්කය වන්නේ තම අදහස් පිලිනොගන්නා බලවත්ම
            රාජ්‍යනුයි.. ඒකියන්නේ බටහිර ලෝකයයි.. ලෝකයේ කොතැනකහෝ මුස්ලිම් අන්තවාදය
            බිහිවන්නේනම් මොකුත් නොකර සිටීම හරි වැඩක් නොවේ..

            මුලින්ම ස්විට්සර්ලන්තයට අන්තවාදී තර්ජන නෑ කීම වැරදියි…
            9http://www.gatestoneinstitute.org/3147/switzerland-islamic-jihadists)
            ස්විට්සර්ලන්තයට හෝ ස්කැන්ඩිනේවියානු රාජ්‍යවලට අන්තවාදීන් තවම සක්‍රීයව
            පහර නොදෙන්නේ ඔවුන්ගෙන් තම ව්‍යාප්තියට තර්ජනයක් (active threat)
            නැතිනිසා.. ඒකියන්නේ මුලු ආසියාව/මැදපෙරදිග/ අප්‍රිකාව පුරාවටම අන්තවාදය
            පැතිරුනත් ස්විස් ආන්ඩු ඇහකන වසාගෙන සිටිනා නිසා… නමුත් ඇමරිකාවට හෝ
            නේටෝ සංවිධානයේ රටවලට එසේ ඉන්න බෑ.. මොකද ඒ කලාපවල අන්තවාදීන් බලය
            අල්ලාගත්තොත් මුලින්ම පහර වදින්නේ බටහිරට ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට
            නිසා.

            ඔබ මැදපෙරදිග ඇමරිකානු බලයක් නෑ කීම විහිලු සහගතයි.. මැදපෙරදිග ඊස්‍රායලය
            මෙන්ම සවුදිය, කුවේටය, එමීර් රාජ්‍ය, බහරේනය වැනි රටවල ආන්ඩු ජිහාඩ්
            සංවිධාන වලට මුහුනදී සිටින්නේ ඇමරිකානු ආධාර නිසා.. ඒ ආන්ඩුවලට දෙන
            ඇමරිකානු ආධාර නැතිවුනොත් වසරකට අඩු කාලයකින් මුලු මැදපෙරදිගම Al quida
            in Arabian Peninsula (AQAP) වැනි ත්‍රස්ථ සංවිධානවල ප්‍රොක්සි ආන්ඩු බවට
            පත්වෙනවා..
            ඊටපස්සේ ඔබ කීවාවගේම තම අන්තවාදය පිලිනොගන්නා සියලුම රටවලට ඔවුන් පහර
            දෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඇමරිකාව, යුරෝපය වගේම ඉන්දියාව සහ අග්නිදිග
            ආසියාවතත්ටත්.. (ඉන්දියාව තුල දැනතමත් තහනම් ස්ලාමීය අන්තවාදී සංවිධාන 26
            තිබෙනවා)

            • arunishapiro said, on ජූලි 13, 2013 at 8:29 පෙ.ව.

              Nipuna,

              ඇමෙරිකාවේ ව්‍යවස්ථාව ගැන මා බොහෝ සටහන් ලියා ඇත. රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරනු කැමති ඔබාමා ආණ්ඩුවේ අය ද කියන්නේ වර්තමාන තත්වය ගැන වසර 237 කට පෙර ව්‍යවස්ථාවකින් වටහා ගනු නොහැකි කියායි. ඔවුන් නොදකින ව්‍යවස්ථාව සකස් කළ ආදී පීතෘවරුන් දැක්ක ස්වයං ප්‍රත්‍යක්ෂ සත්‍යයය නම් මිනිස් හැදියාවන් වෙනස් වුව ද මිනිස් ස්වභාවයන් වෙනස් වන්නේ නැති බවයි. පරිසරය වෙනස් වුව ද ලෝක ස්වභාවයන් වෙනස් වන්නේ නැති බවයි.

              ලෝකයේ බලවත්ම හමුදාවත් ලෝකයේ බලවත්ම ආර්ථිකයත් ඇති ඇමෙරිකාවට ජාතික ආරක්ෂාවට හානියක් ඇතැයි කියා රවටන්නට හැකි මුග්ධ පුරවැසියන් බහුලව නොමැත. ඇමෙරිකාව ලෝකයේ බලවත්ම ආර්ථිකය වී ඇත්තේ තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය නිසාම බව හඳුනාගත නොහැකි මුග්ධත්වය නිසා අනෙක් රටවල් තරැ පහේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිව එහෙත් කෙසේ හෝ ධනවත් ආර්ථිකයන් වෙන්නට තවමත් උත්සාහ කරමින් සිටිති.

              //ජාතික ආරක්ෂාව ගැන තීරන ගන්න හැමෝගෙන්ම අසා බෑ.// ජාතික කියන්නේ මොකක් ද? ජාතියට බලහත්කාරකම් කිරීම ද? ඔහොම චින්තනය නිසා තමයි ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්න මේවා කන්න බොන්න, මෙන්න මේ අයව විවාහ වෙන්න, මෙන්න මේ ගානට පමණක් දරුවන් වදන්න …. යනාදියත් නිවැරදි යැයි හිතෙන්නෙ.

              ඔබ මා ලියා ඇති සටහන් කියවන්නට උත්සාහයක් ගෙන නැති නිසා ඒ ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ. //ලෝකයේ කොතැනකහෝ මුස්ලිම් අන්තවාදය
              බිහිවන්නේනම් මොකුත් නොකර සිටීම හරි වැඩක් නොවේ..// ඔබ අන්තවාදය සහ අපරාධ කරන තස්ත්‍රවාදය දෙකම එකක් යැයි පටලවා ගෙන.

              ඇමෙරිකාවට පක්ෂපාතී බවක් හුවා දක්වන ඔබ එයින් ඇමෙරිකන් වැසියන්ට අයිති බදු මුදල් මංකොල්ල කන්නට අයිතියක් ඇතැයි පෙන්වන්නට ගන්නා උත්සාහය තමයි විහිළු සහගත වූව.

              • Nipuna Wanninayake said, on ජූලි 14, 2013 at 2:44 පෙ.ව.

                [ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්න මේවා කන්න බොන්න, මෙන්න මේ අයව විවාහ වෙන්න, ]
                ආගමික/ජාතික අන්තවාදයක් වෙනුවෙන් කෑගහන පිරිසක් හා රටක පුරවැසියන්ගේ
                ආරක්ෂාව වෙනුවෙන් විෂේසඥයන් ගන්නා තීරන එක ගොඩේ දා මැනීමට හැදීම
                මුග්දකමක්..

                [ පරිසරය වෙනස් වුව ද ලෝක ස්වභාවයන් වෙනස් වන්නේ නැති බවයි.]
                ඒ විව්‍යස්ථාව සෑදූ කිසිම කෙනෙක් ලෝකය ගැන මහා දැනුමක් ඇත්තවුන් නෙමේ..
                ඔවුන් කලෙත් එදා ඔවුන් දුටු සීමිත දේවලින් තීරන ගැනීම පමනයි.. මිනිස්
                ස්වාභාවයන් ක්‍රියාත්මක වන්නේත් මිනිස් හැදියාවට සාපේකෂවයි..

                [ලෝකයේ බලවත්ම හමුදාවත් ලෝකයේ බලවත්ම ආර්ථිකයත් ඇති ඇමෙරිකාවට ජාතික ආරක්ෂාවට]
                “ලෝකයේ බලවත්ම හමුදාව” කියන එක මත ජාතික ආරක්ෂාව තීරනය වෙන කාලය ඉවරවෙලා
                වසර ගනනාවක.. අද ආ අනාගත ලෝකයේ යුද්ධ හමුදා දෙකක් අතර වෙන, වඩා බලවත්ම
                හමුදාව දිනන සටන් නොවේ…
                ප්‍රහාරයක් වැලැක්වීමේදී වැදගත් වන්නේ වඩා තොරතුරු දන්නේ කවුද කියන එක
                මිස වඩා බලවත් අවිය තියෙන්නේ කාටද කියන එක නොවේ.. ඔබට හෝ මට වඩා ආරක්ෂාව
                ගැන දන්නා ඇමරිකාවේ ආරක්ෂක විෂේසඥයින් PRISM වගේ දෙයක් නිර්මානය කරන්නේ
                ඒනිසා…

                තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයේ වරදක් නෑ, හැබැයි තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය
                ලබාදිය නොහැකි තැනුත් තියෙනවා.. දැන් ඔබට තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදය කියා
                ඔබේ බදුමුදලින් Area-51 ඇතුලේ මොනවාද වන්නේ කියා දැනගන්න බෑ. එහෙම
                දැනගන්න ඔනෑ කියන මුග්දයිනුත් සීමිතයි.. මොකද රහස්‍ය භාවය කියන එකේ
                වටිනාකම ඇමරිකන් ජනයා දන්නවා..

                ලිබරිටේරියානුවන් කියන්නේත් සමාජවාදීන් වගේම, දේෂපාලන ස්පෙක්ට්‍රම් එකේ
                ඔවුන්ට විරුද්ද පැත්තේ පැත්තේ ඉදගෙන නිදහස් අධ්‍යාපනය/ නිදහස් සෞඛ්‍ය ආදී
                අත‍යවෂ්‍ය, මිහිමත ඉපදුනු සෑම මානවයෙක්ම ලැබියයුතු ප්‍රෂ්න කල නොහැකි
                අයිතීන් පවා “රජයේ බදුමුදල් සූරාකෑමක්” ලෙස දකින කාන්ඩයක්..
                ඔවුන් මහජන ආරක්ෂාව බදුමුදල් සූරාකෑමක් ලෙස දැකීම පුදුමයක් නොවේ..
                නමුත් ධනවිරෝදී මුග්ධ තියරියක් අනුගමනය කරන සමාජවාදීන් මෙන්ම අනික්
                අන්තයේ ඉන්නා රොන් පෝල් වැනි ලිබරිටේරියානුවන්ද කවදාවත් බලයට පත්නොකරන්නට
                ඇමරිකන් ජනතාව වගබලාගන්නේ ලිබරිටේරියානු උටෝපියාවත් මිත්‍යාවක් බව
                දැනගන්නට තරම් ඇමරිකන් ජනතාව බුද්ධිමත් නිසා..

                • arunishapiro said, on ජූලි 14, 2013 at 7:36 පෙ.ව.

                  Nipuna,

                  //[ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්න මේවා කන්න බොන්න, මෙන්න මේ අයව විවාහ වෙන්න, ]
                  ආගමික/ජාතික අන්තවාදයක් වෙනුවෙන් කෑගහන පිරිසක් හා රටක පුරවැසියන්ගේ
                  ආරක්ෂාව වෙනුවෙන් විෂේසඥයන් ගන්නා තීරන එක ගොඩේ දා මැනීමට හැදීම
                  මුග්දකමක්..//

                  රටක පුරවැසියන්ගේ ආරක්ෂාව සපයන්නට සමත් ලොව කිසිම විශේෂඥයෙක්ට හෝ විශේෂයඥයන් පිරිසකට හැකි නැතැයි ඔබට වැටහුන දාට නැවත සංවාදයට එන්න.

                  ආගමික/ජාතික අන්තවාදයක් වෙනුවෙන් කෑ ගැසීම සහ ව්‍යවහාර නීතියේ පවතින අපරාධයන් කිරීම අතර වෙනසක් ඇතැයි ඔබට වැටහුන දාට නැවත සංවාදයට එන්න.

                  ජාතිය වෙනුවෙන් කියා දන්නවා යැයි කියාගත් විශේෂඥයන් පිරිසක් සැලසුම් හැදූ රටවල (උදා: සෝවියට් රුසියාව, මා ඕං සේතුංගේ චීනය, ෆිඩෙල්ගේ කියුබාව, හිට්ලර්ගේ ජර්මනිය ..) සාර්ථක නොවුනේ මන්දැයි කියා ඔබට වැටහුන දාට නැවත සංවාදයට එන්න.

                  මම ලියා ඇති දේ ඔබ විසින් එහෙම නෙමෙයි කිව්වාට ඒවා ඉතිහාසයේ දිග හැරුනේ මම ලියූ ලෙසින් යැයි ද, ඔබ හිතූ ලෙසින් ප්‍රතිඵල ලැබෙන්නේ නැති බව ඔප්පු කර ඇත්තේ ලෝක ස්වභාවය විසින් සහ මිනිස් ස්වභාවය විසින් බව ඔබට වැටහුන දාට නැවත සංවාදයට එන්න.

                  ඇමෙරිකන් ජනයා ගැන ඔබ දන්නවා යැයි ඔබ සිතාගෙන සිටියාට ඔවුන් ගැන ඔබ දන්නේ නැතැයි යන්න කවදා හෝ අවබෝධ වේවා!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: