අරුණි ශපීරෝ‍ වෙතින්

අදෘශ්‍යමාන රසායනයන් දකින්න කැමති ද?

Posted in Uncategorized by arunishapiro on ජූලි 17, 2013

ටැප් වතුර පිරිසිදු කරන්නට ෆිල්ටරයක් විකුණන්නට ගෙදරට එන සේල්ස්මන් කෙනෙක් තමයි අහන්නේ “අදෘශ්‍යමාන රසායනයන් දකින්න කැමති ද කියලා?”

ඒත් අදෘශ්‍යමාන නම් දකින්නෙ කොහොම ද කියලා අහන්න කළියෙන් සේල්ස්මන් මල්ලෙන් එළියට ගන්නෙ විද්‍යාත්මක උපකරණයක්. යකඩ කූරු දෙකක් සහිත ඉලෙක්ට්‍රිකල් ගැජට් එකක්. ටැප් වතුර වීදුරුවක් ඉල්ලා ගන්න සේල්ස්මන් ඒක ඉඹලා බලන්නෙ ඇති පමණින් එහි ටොක්සින් තියෙනවා ද කියල බලන්න වගේ.

“මෙන්න බලන්න!” කියමින් ඔහු බිත්තියේ සොකට් එකකට ගැජට් එක ගහනවා. තත්පර තිහක් යද්දී වතුරේ වළාකුළු පාවෙනවා වගේ පේනවා. මිනිත්තුවක් යද්දී වතුරේ අපුල උපදවන කහ පාට උඩු මංඩි දකින්න පුළුවන්.

“ඔයා දැක්ක ද!” ඔහු අහන්නෙ ජයග්‍රාහී ලෙසින්. හරියට ඉලෙක්ට්‍රිකල් කරන්ට් එකක් වතුර තුලින් දුවවලා නරක රසායන ටිකක් එහි ද්‍රවණ බැවින් කළතා හැරියා වගේ.

මල්ලෙන් එළියට ගන්න වතුර ෆිල්ටර් එක ටැප් එකට සවි කරලා එයත් යම් ඉලෙක්ට්‍රික් ක්‍රියාවලියකට හසු කරලා පෙරා ගන්න කහ පාට උඩු මංඩි නැති වතුර හාස්කමකින් ඉවත් කරපු ලෙසින් පිළිගන්වනවා. ඒ අදෘශ්‍යමාන වූ අහිතකර රසායනයන් දැන් ෆිල්ටර් කරලා ඉවත් කළ බව පෙන්වන්නෙ.

ඊ ළඟට සේල්ස්මන් ඇදලා ගන්නෙ නොයෙක් විද්‍යාඥයන් විසින් ටැප් වතුර වල ඇති අවදානම් ගැන ලියපු විද්‍යාත්මක තොරතුරු. පළමු ලෝක යුද්ධයේ දී විෂ ගෑස් එකක් හදන්න ක්ලෝරීන් පාවිච්චි කරලා තියෙන හැටි ගැනත් ලියපු විස්තර මේ තොගයට ඇතුලත්.

ආයෙත් සේල්ස්මන් මල්ල ඇතුලට අත දාන විට මේ කතාව කියාගෙන යන්නා බලාපොරොත්තු වෙන්නෙ ඔහු ගෑස් මූණූ ආවරණයක් ඇදල ගනීවි කියල. ඒත් සේල්ස්මන් එළියට ගන්නෙ ඔර්තො-ටොලුයිඩින් බෝතලයක්. වතුරේ ක්ලෝරීන් තියෙනවා ද කියල මේක දැම්මම කහපාට වුනොත් දැන ගන්න පුළුවන් යැයි ඔහු කියනවා. ටැප් එකෙන් ආපු වතුර කහපාටට හැරෙනවා.

ඊ ළඟට සේල්ස්මන් කියනවා දාන්න ටැප් වතුර වීදුරුවකට ඇඟිලි දෙකක් කියල. මිනිත්තු කිහිපයක් ගියාට පස්සෙ එයා වතුර පරීක්ෂා කරලා බලනවා අර ඔර්තො-ටොලුයිඩින් දාලා. මේ පාර වතුර කහ පාටට හැරෙන්නෙ නැහැ. ඒ ටොක්සික් ක්ලෝරීන් දැන් ඇඟට උරාගෙන නිසා යැයි ඔහු කියනවා. නාන හැම වතාවක දී ම එහෙම සිද්ධ වෙන නිසා නාන වතුර මලටත් හයි කරන්න ෆිල්ටර් එකක් තියෙන බව ඔහු කියනවා.

සිරැරට එකතු වෙන ටොක්සින් රසායන එන්න එන්න වැඩිවෙන හැටි, පිළිකා රෝග ඉහළ යන හැටි, විද්‍යාඥයන් මරණය කැඳවන රසායනයන් හදන හැටි ගැන එහෙම කියද්දී මේ අහගෙන ඉන්න එක්කෙනා රසායන විද්‍යාවට PhD උපාධියක් ලබාගත්තු මහාචාර්යවරයෙක් බව සේල්ස්මන් දන්නෙ නැහැ.

එන්න එන්නම ලෝක ජනතාවගේ ආයුෂ දීර්ඝ වෙන හැටි, සමහර පිළිකා රෝග වැඩිවුනත් සමහර පිළිකා රෝග අඩු වී යන හැටි, ක්ලෝරීන් හඳුන්වා දීම නිසා ඉතිහාසයේ වැදගත් ලෙසකින් මහජන සෞඛ්‍යයට සිද්ධ වෙච්ච දැඩි වාසිය ගැන එහෙම නොකියා මහාචාර්යවරයා කටපියා ගෙන ඉන්න බැරි තැන අර තව දුරටත් අදෘශ්‍යමාන නොවන රසායන ඇති කහපාට උඩු මංඩි තියෙන වතුර වීදුරුව අරගෙන බීගෙන බීගෙන යනවා.

සේල්ස්මන් තක්බීරි. මේ යකා දිවිනසා ගන්න හදන පිස්සෙක් ද?!!!!!

ඒත් රසායන විද්‍යා මහාචාර්යවරයා දන්නවා මේක කහ උඩු මංඩි ආවේ අදෘශ්‍යමාන විෂ රසායාන එහි ද්‍රවණ (solution) බැවින් කළතා හැරි නිසා නෙමෙයි කියල. ඒක හැදුනෙ ඉලෙක්ට්‍රෝඩයකින්. ඉලෙක්ට්‍රොලයිසිස් කියන්නෙ වතුරට ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා ඒ දෙක අතරේ විදුලි කරන්ට් එකක් පාස් කිරීමෙන්. වතුර එය හැදෙන ඔක්සිජන් සහ හයිඩ්‍රජන් වලට ගෙන යාමෙන්. එක ඉලෙක්ට්‍රෝඩයක් යකඩ වලින් හදලා තියෙනවා නම්, ඒක වතුර එක්ක ප්‍රතික්‍රියා කරලා මලකඩ හදනවා.

ඉතින් ඔහු බිව්වෙ මලකඩ පොඩ්ඩක්. එක විදියකට බලද්දී ඒක යකඩ ඌණපූරණයක් (iron supplement) යැයි කියන්නත් පුළුවන් යැයි තක්බීරි වෙලා බලාගෙන ඉන්න සේල්ස්මන්ට මහාචාර්යවරයා කියා දෙනවා.

අර ෆිල්ටර් කරපු වතුරු වීදුරුව අරගෙන ඒකට ලුණු ටිකක් හලන මහාචාර්යවරයා වතුර කළතද්දී අර අපුල කහපාට උඩු මංඩි නැවත හැදෙනවා. සේල්ස්මන් දැන් බලාගෙන ඉන්න මූ මොන මැජික්කාරයෙක් ද කියල!!!!!

වතුර තුල විදුලිය ගලා ගිහින් අපුල උඩු මංඩි හැදීමක් දකින්න පුළුවන් එහි යකඩ දියවෙලා තියනවා නම් පමණයි. සේල්ස්මන්ගෙ ෆිල්ටරය කරන්නෙ යකඩ ඉවත් කිරීම. ඉතින් ප්‍රතිඵලය උඩු මංඩි නොහැදීම. ඒත් ලුණු ටිකක් එකතු කරාම විදුලිය ගලා යෑමක් සිද්ධ වෙලා යකඩ ඉලෙක්ට්‍රෝඩ වලට මලකඩ හැදෙන්න උදව් වුනා. ඒ මදිවාට සේල්ස්මන්ට තවත් පහදා දෙන්නට මහාචාර්යවරයා යකඩ ඉලෙක්ට්‍රෝඩය වෙනුවට ඇලුමිනම් ඉලෙක්ට්‍රෝඩයක් දීලා කියනවා මේක ගැජට් එකට හයි කරගෙන ටැප් වතුර වලට වද දීලා බලන්න කියල. යකඩ ඉලෙක්ට්‍රෝඩ නැති නිසා අපුල කහපාට උඩු මංඩි හැදෙන්නෙත් නැහැ.

ඊ ළඟට මහාචාර්යවරයා කරන්නෙ වීදුරු දෙකක් ටැප් වතුරෙන් පුරවලා එක වීදුරුවක එයා ඇඟිලි දෙකක් දාගෙන සිටීම. අනෙක් වීදුරුවට ඇඟිලි දාන්නෙ නැතිව ඉන්න සේල්ස්මන්ට දෙනවා. මිනිත්තු කිහිපයකට පස්සෙ වීදුරු දෙකම පරීක්ෂා කරලා බලද්දී දෙකේම ක්ලෝරීන් නැහැ. මහාචාර්යවරයා පැහැදිලි කරලා දෙනවා ඒ මන්දැයි කියල: ක්ලෝරීන් කියන්නෙ වාෂ්ප බවට හැරෙන්නක්. හමට ඇතුල් වෙන්නක් නොවේ.

මේ සටහනෙන් කියන්නෙ ඕනෑම ටැප් වතුරක් හොඳයි කියලා නෙමෙයි. ඕනෑම ටැප් වතුරක් නරකයි කියලත් නෙමෙයි. වතුර ෆිල්ටර් කරලා බොන්න කළින් ෆිල්ටර් කරන වතුර වල තියෙන අහිතකර රසායන මොනවා ද කියල හොයල බලන්න ඕනෑ. පිරිසිදු කරනවා යැයි කියා විකුණන ෆිල්ටර් වලින් කරන්නේ කුමක් දැයි කියා ද සොයලා බලන්න ඕනෑ.

ඒවා ගැන ඇත්ත කියන්නෙ කවුද බොරු කියන්නෙ කවුදැයි සොයාගන්න එක තමයි තමන්ගේ වගකීම. ආණ්ඩුවක් විසින් ටැප් වතුර මේ තරම් පිරිසිදුව ලබාදෙනවා යැයි පාරට්ටු බෑවාට ඒක කරන්න සත්‍යයෙන් හැකියාවක් ආණ්ඩුවකට නැහැ. ආණ්ඩුවේ යම් නිලධාරීන් කරන වැරදි වසන් කිරීම සහ ආණ්ඩුවට සහාය දෙන අයගේ මඩි තර කරන එක ලෝකයේ හැම රටක ම ආණ්ඩුවකින් දකින්න පුළුවන්. බොරු කියන පුද්ගලික අංශයේ අයෙක්ව නඩුමගට ගෙනියත හැකියාව සහ ඒ ව්‍යාපාරයේ ෆිල්ටර්ය නොගෙන මේ ව්‍යාපාරයේ ෆිල්ටරය ගත හැකියාව තීරණය කිරීම පාරිභෝගිකයා අත තබාගත යුතු බලයක් මිසෙක එය ආණ්ඩුවකට බාර දිය නොයුත්තක්.

සටහන Dr. Joseph A. Schwarcz විසින් ලියන ලද The Genie in the Bottle (2001) ඇසුරිනි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ජූලි 17, 2013 at 6:29 පෙ.ව.

    මේකත් කලින් සටහනත් අතිශයින්ම රසවත්. බොහොම ස්තුතියි. 🙂

  2. wicharaka විචාරක said, on ජූලි 17, 2013 at 11:25 පෙ.ව.

    හපොයි මෙහෙ විකුණන වතුර ෆිල්ටර් ප්‍රමිතිය අතින් අන්තිමයි. ඉන්දියාවේ හදන ඉලෙක්ට්‍රික් වතුර ෆිල්ටර් කයිය විතරයි.

    • arunishapiro said, on ජූලි 18, 2013 at 8:55 පෙ.ව.

      විචාරක,

      තෝරාගැනීම් නැති වෙළඳපොලක දී ලැබෙන්නෙ ආණ්ඩුවේ කාට හරි කීයක් හරි අතමිට මෙළෙව්වාම පාස් කරන බඩු තමයි. ප්‍රමිති කාර්යාංශ අංශ වල නිලධාරීන් පත් කරගෙන වැඩකුත් නැහැ, ඔවුනට බැනලා වැඩකුත් නැහැ, නිදහස් වෙළඳපොලක් නැතිවුනාම පිළිපදින්න වෙන්නෙ විද්‍යාව නෙමෙයි එයාලට ඉහළකින් එන අණ.

  3. dash said, on ජූලි 18, 2013 at 3:49 පෙ.ව.

    “වතුර තුල විදුලිය ගලා යෑමක් කරන්න පුළුවන් එහි යකඩ දියවෙලා තියෙනවා නම් පමණයි. සේල්ස්මන්ගෙ ෆිල්ටරය කරන්නෙ යකඩ ඉවත් කිරීම. ඉතින් ප්‍රතිඵලය උඩු මංඩි නොහැදීම. ඒත් ලුණු ටිකක් එකතු කරාම විදුලිය ගලා යෑමක් සිද්ධ වෙලා යකඩ ඉලෙක්ට්‍රෝඩ වලට මලකඩ හැදෙන්න උදව් වුනා.”

    යකඩ නෙවේ මෙයා කියල තියෙන්නේ අයන ගැන වෙන්න ඕනි

    • arunishapiro said, on ජූලි 18, 2013 at 8:52 පෙ.ව.

      dash,

      අයන (ion) ගැන නෙමෙයි ඔහු කියා ඇත්තෙ යකඩ (iron) ගැනයි.

      • dash said, on ජූලි 19, 2013 at 11:06 ප.ව.

        oya meka kohenda igena gaththe ? “වතුර තුල විදුලිය ගලා යෑමක් කරන්න පුළුවන් එහි යකඩ දියවෙලා තියෙනවා නම් පමණයි.

          • dash said, on ජූලි 20, 2013 at 8:23 ප.ව.

            you said “වතුර තුල විදුලිය ගලා යෑමක් කරන්න පුළුවන් එහි යකඩ දියවෙලා තියෙනවා නම් පමණයි.” “water can conduct electricity ONLY if it contains (soluble) iron ”

            if you asked from any eleimentary level chemistry student they will explain you whats wrong with above statement. since you still think you are correct ,I have to show you the sources.

            Water is comprised of two elements – hydrogen (H) and oxygen (O). Distilled water is pure
            and free of salts; thus it is a very poor conductor of electricity. By adding ordinary table salt (NaCl) to
            distilled water, it becomes an electrolyte solution, able to conduct electricity.
            Ionic compounds such as salt water, conduct electricity when they dissolve in water.
            Ionic compounds consist of two or more ions that are held together by electrical attraction. One of
            the ions has a positive charge (called a “cation”) and the other has a negative charge (“anion”).
            Molecular compounds, such as water, are made of individual molecules that are bound together by
            shared electrons (i.e., covalent bonds).

            Tap water and fresh water typically contain dissolved ions (not iron) in sufficient concentrations to enable the
            solution to be conductive. However, ions in solution carry the charge and are thereby responsible for
            the current, not the water itself.
            http://aquarius.nasa.gov/pdfs/electrolysis.pdf
            http://van.physics.illinois.edu/qa/listing.php?id=20136
            http://ga.water.usgs.gov/edu/electrical-conductivity.html

            • arunishapiro said, on ජූලි 20, 2013 at 8:41 ප.ව.

              dash,

              එක වාක්‍යයක් ගැන මෙච්චර උනන්දුවක් දැක්වීම ගැන බොහොම සන්තෝෂයි.

              සටහනේ අරමුණ ෆිල්ටරයක් දමා වතුරේ ඇති යකඩ ඉවත් කිරීම නිසා අපුල උඩු මංඩි නොහැදීම පෙන්වලා එය ෆිල්ටරය විකුණා ගැනීමට උපයෝගී කරගන්නා විද්‍යාවෙන් නොමඟ යැවීමක් පෙන්වා දීමයි.

              ඉතින් “වතුර තුල විදුලිය ගලා යෑමක් කරන්න පුළුවන් එහි යකඩ දියවෙලා තියෙනවා නම් පමණයි,” යන්න මෙසේ නිවැරදි කළා “වතුර තුල විදුලිය ගලා ගිහින් අපුල උඩු මංඩි හැදීමක් දකින්න පුළුවන් එහි යකඩ දියවෙලා තියනවා නම් පමණයි.”

  4. wathsala said, on ජූලි 20, 2013 at 3:45 පෙ.ව.

    හරිම වැදගත්,හරිම රසවත් . විද්‍යා දැනුම උනත් රසවත් විදිහට කියා දෙන්න අක්කට පුලුවන්….ආයෙත් කියවන්නයි මේ හදන්නේ.ස්තූතියි…

    • arunishapiro said, on ජූලි 20, 2013 at 7:22 පෙ.ව.

      wathsala,

      රසවත් විදියට කියා දෙන්නෙ නම් මම නෙමෙයි නංගි, මේ මහාචාර්ය ජෝසෆ් ඒ. ශ්වාර්ට්ස්. මම එයාගේ පොත්, දේශන සහ අන්තර්ජාල ලිපි කියවලා තමයි සටහන ලිව්වෙ. 🙂

  5. Sudath Mohan said, on ජූලි 23, 2013 at 12:12 ප.ව.

    මේ ලිපියත්, ඩයිහයිඩ්‍රජන් මොනොක්සයිඩ් ලිපියත් කාලීන වශයෙන් අතිශය වැදගත් ලිපි දෙකක්.
    මේ දෙක පළකිරීම ගැන අතිශයෙන්ම ස්තුතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: