අරුණි ශපීරෝ‍ වෙතින්

කොකා කෝලා බැරල් 40 ට සහ කෙග් විස්සට එරෙහිව නඩු දැමූ ඇමෙරිකන් ආණ්ඩුව

Posted in Uncategorized by arunishapiro on ජූලි 19, 2013

IMG_2093

ලෝකයේ වඩාත්ම වටිනා වෙළඳනාම අතර වැජඹෙන කොකා කෝලා කොම්පැණිය එහි ඉතිහාසයේ පටන් තවමත් බලතණ්හාධික ආණ්ඩු හා ගැටෙන්නකි. මේ බහු-ජාතික සමාගම බිහිවූයේ 1880 ගණන් වල දී.

ඒ කාලයේ ඇමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම බෙහෙත් සීට්ටු ලියැවීම සිද්ධ වූයේ විද්‍යාත්මක විධි ක්‍රමය තුලින් සනාථ කරගත් රසායන ගැන තිබුණ ප්‍රමිති වලින් නොවේ. ඇත්ලැන්ටා නගරයේ ජෝන් පෙම්බර්ටන් නැමැත්තා තමන් හදන ඖෂධ වලින් පාමසියක් පවත්වාගෙන ගිය අයෙකි. මත්පැන්, අබින්, මෝෆීන්, ගංජා, කැෆීන් සහ කොකේන් යනාදියට බෙහෙත් යැයි වැදගත්කමක් දීම ඒ කාලයේ වෛද්‍ය විද්‍යාත්මක මතය විය.

1855 දී වෙන්කර හඳුනාගන්නට ලැබෙන කොකේන් ලොව ප්‍රථම වරට බාහිර නිර්වින්දනයක් ලෙසින් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ යෝජනාවක් යටතේ භාවිතයට ගත්තේ කාල් කොලර් නැමැති ඇස් සැත්කම් කළ වෛද්‍යවරයාය.

කළින් දා බිව්ව මත්පැන් වලින් හැදෙන හිසේ ඇම්ම සමනයට මනා යැයි කියූ පානයක් ජෝන් පෙම්බර්ටන් විසින් සංයෝග කරන ලදි. එය හැදෙන්නේ කොකේන්, කැෆීන් සහ ඇල්කොහොල් වලට එම සංයෝගයේ තිත්ත නැති කරන්නට කැරමල් පාට දැමූ සීනි සිරප් එකතුවෙනි. අර “හැන්ග්ඕවර්” නිසා ඇදී ආපු කට්ටිය තමයි මුලින් ම මෙම පානය ජනප්‍රිය කරන්නෙ. දිනකට වීදුරු නමයක් බැගින් මුල් වසරේ දී සෝඩා පානය අලෙවි විය. ඊට කොකා කෝලා යැයි නම දාන්නේ ෆ්‍රෑන්ක් රොබින්සන් නම් වූ පොත් තබන්නා. අදටත් එහි නම ඔහුගේ වැල් අත් අකුරින් ලියැවුන විදියටම භාවිතා වේ.

ඒත් පෙම්බර්ටන් ඒ කාලේ මෝෆීන් වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. ඉතින් එයා ඒසා කැන්ඩ්ලර් නම් වූ ඇත්ලැන්තා නගරයේ තවත් පාමසි කඩ පෙලක අයිතිකාරයෙක්ට $2,300 කට මේ කොකා-කෝලා සිරප් සූත්‍රය විකුණා දමන ලදි.

පෙම්බර්ටන්ගේ ඔරිජිනල් කෝක් වීදුරුවක කොකේන් මිලිග්‍රෑම් 9 ක් විතර අඩංගුයි. ඒකෙ තිබ්බ කැෆීන් නිසයි කොකේන් වල ක්‍රියාකාරීත්වය තවත් වැඩියෙන් දැනෙන්නෙ. කොකේන් පාවිච්චියේ යෙදෙන වර්තමාන අයෙක් දවසකට පාවිච්චි කරන ප්‍රමාණය (මිලිග්‍රෑම් 30) එදා කොකා කෝලා වීදුරු තුනකින් ඔවුනට ලැබුණ. පාරිභෝගිකයන් දවසකට එක වීදුරුවකට වඩා බොන්නට හුරැ වූහ.

1906 දී කොංග්‍රසය විසින් පවිත්‍ර ආහාර හා ඖෂධ නීතියක් සම්මත කරගත්ත. දැන් තම නිෂ්පාදනයක ලේබලයෙ එහි අඩංගු ද්‍රව්‍යයන් නම් කරන්න අවශ්‍යයයි. කොංග්‍රසය විසින් කිසිවක් තහනම් වූ ද්‍රව්‍යයක් යැයි නම් කළේ නැහැ.

ඒසා කැන්ඩ්ලර් මත්පැන් නොබිව්ව කෙනෙක්. නව නීතිය සම්මත වීමත් සමඟ ඔහු “ඇබ්බැහිකර” සහ “හානිකර” යැයි කියැවුනු කොකේන් ඉවත් කරපු කොකා කොළ යොදා ගෙන පානයේ කොකේන් තිබීම නවතන ලදි. පානයේ තිබිච්ච ඇල්කොහොල් ප්‍රමාණයත් දැඩි සේ අඩු කරන ලදි. ඒත් කැෆීන් යනු කොකා කෝලා හි අත්‍යාවශ්‍ය ම වූ අංගයක් යැයි කියන ඔහු, කොංග්‍රසයත් එය හානිකර වූවක් යැයි වර්ගීකරණය නොකරපු නිසා, එහි සූත්‍රයට අවශ්‍ය ප්‍රමාණය එසේම තිබ්බ.

දැන් ආණ්ඩුවේ රසායන බියුරෝවේ ප්‍රධානියා තමයි දොස්තර හාවි වයිලි. එයා තමයි ඉහත නීතිය සම්මත කරගන්න දැඩි සේ වෙහෙසුනේ. තම බලය වැඩි කරගන්න ඔහු හැරෙන්නෙ හැමෝම දන්න කොකා කෝලා කොම්පැණියට එරෙහිව සටන් වදින්න. හේතුව හැටියට කියන්නෙ පාරිභෝගිකයන්ට හානිකර කැෆීන් නම් භයානක ද්‍රව්‍ය කොකා කෝලා නිෂ්පාදනයේ තිබීම.

1. වයිලි කවදාවත් කොකා කෝලා රසායනික විභාගයකට ලක් කරලා තිබුනෙ නැති නිසා එහි කැෆීන් තියනවා දැයි නිශ්චිතව දැනගෙන හිටියෙ නැහැ. 2. කැෆේන් භාවිතය නිසා කාට හරි සත්‍යයෙන් හානි පැමිණි බව කියන දත්ත සාක්ෂි තිබුනෙ නැහැ. 3. කැෆීන් විකිණීම නීති විරෝධී වූයේ නැහැ, ඒ නිසා කොම්පැණිය නීති විරෝධී වූවක් කරමින් සිටියේ ද නැහැ.

ආණ්ඩුව මුලින් ම ප්‍රතික්ෂේප කරනවා කොකා කෝලා කොම්පැණියට එරෙහිව නඩු මඟට බහින්න වයිලිට ඉඩ දෙන්න. කැෆීන් වලින් සෞඛ්‍යයට සිදුවෙන හානිය කොපමණ දැයි පෙන්වන්නට මාධ්‍යවේදීන්ට අසත්‍ය හා නොමඟ යවන වාර්තා සපයන්නෙ වයිලි.

කැෆීන් විකිණීම නීති විරෝධී නැති නිසා කොකා කෝලා කොම්පැණියට විරුද්ධව නඩු මඟට බහින්න වයිලිට නොහැකි වූ නිසා ඔහු ආණ්ඩුවේ නිලධාරීන් ලවා ටෙනසි හි චටනූගා නගරයේ දී කොකා කෝලා බැරල් හතළිහක් සහ කෙග් (පුංචි බැරල්) විස්සක් අත්අඩංගුවට ගෙන ඒවාට විරුද්ධව නඩුවක් ගොනු කරන ලදි. නඩුවේ නම United States v. Forty Barrels and Twenty Kegs of Coca-Cola. ඒක නිකම් සර්කස් සංදර්ශනයක් වගේ දශකයක් පුරා දුවන නඩුවක්.

වයිලිගේ පරමාර්ථය වූයේ නඩුව නොදිනුවත් ජන අප්‍රසාදය අවියක් කරගෙන කොම්පැණිය ලවා සෝඩා බීමෙන් කැෆීන් ඉවත් කරවන්න. කොකේන් සහ කැෆීන් නැත්නම් කොකා කෝලා කියන සුප්‍රසිද්ධ නම පාවිච්චියට කොම්පැණියට නොහැකි යැයි කියන්න. “ප්‍රසිද්ධිය ගැන තියෙන බිය නිසා කරන දේ පුදුමයි,” -It is remarkable what the fear of publicity will do- කියන්නෙ වයිලි. ඒ වගේ ම නඩු කියන්න වැය වූ ඉහළ ගාස්තු නිසා කොම්පැණිය කැෆීන් අයින් කරන්න කැමති වේවි කියලත් ඔහු හිතනවා. ඒත් කොකා කෝලා කොම්පැණිය ආණ්ඩුවට දණ ගහන්න කැමති වෙන්නෙ නැහැ. වයිලි ගෙනෙන බොරු එකෙන් එක හෙළි කරමින් ඇදී යන නඩුව අවසන නඩුකාරයා තීන්දුව දෙන්නෙ කොකා කෝලා කොම්පැණිය නිවැරදි කියමින්.

ඒත් ආණ්ඩුව ප්‍රතිචාර දක්වන්නෙ කැෆේන් යනු “ඇබ්බැහි ඇති කරන” සහ “සිරුරට හානිකර” දුව්‍යයක් යැයි වර්ගීකරණයට එකතු කරමින්!!!!

ලැබිච්ච තීන්දුවට අකමැති නිසා නඩුව සුපිරි උසාවියට ගෙන යද්දී, සෙනෙට් සභාව වයිලි කරන ලද අක්‍රමිකතා ගැන විමර්ශන පටන් ගැනෙයි. මාධ්‍යවේදීන් මේ සැරේ වයිලිගේ ප්‍රතිමූර්තිය කඩා දමති. වයිලි ඉල්ලා අස්විය. වයිලි අස්වුනාට පස්සෙ නඩුව පස්සෙ එළවන්න කෙනෙක් නැති නිසා කොම්පැණියත් ආණ්ඩුවත් දෙපැත්තම බේරුම් කිරීමකට එකඟ වුනේ දෙපැත්තෙන්ම වැරදි හදාගන්න එකඟ වෙමින්.

හැබැයි ආණ්ඩුව එක්ක හැප්පෙන්න සමත් වූ කොකා කෝලා කොම්පැණිය ගැන වොෂිංටන් දේශපාලනයන්ට තිබුනේ දැඩි අමනාපයක්. 1909 සිට සමාගම් ව්‍යාපාර බදු ගෙවමින් සිටියෙ. 1913 සිට පුද්ගලයන් ආදායම් බදු ගෙවමින් සිටියෙ. කොම්පැණි වලට අධික මුදල් සංචිතයන් ගොඩ ගහන්න ලැබෙද්දී ආණ්ඩුව එක්ක හැප්පෙන්න හැකියාවත් ලැබෙන බව මේ නඩුවේ දී දැක්ක නිසා, 1914 දී කොංග්‍රසය ගෙනාවේ තවත් කොම්පැණි බද්දක්.

ලාබයක් උපයන එක විතරක් නෙමෙයි මේ කොම්පැණි නිෂ්පාදනයෙන් “අතිරික්ත මුදල්” නිර්මාණය කරද්දී බදු නොගහා පුළුවන් ද?!!!!!! 😀

අළුත් බද්ද Accumulated Earnings Tax. ආණ්ඩුව විසින් හදන සූත්‍රයකට අනුව තීරණය සිද්ධ වෙන සාමාන්‍ය වියදම් වලට අමතරව මුදල් තියෙනවා නම් කොම්පැණියකට, ඒ මුදල් වලට තමයි අළුත් බද්ද වැදෙන්නෙ. ඒත් බද්ද ගෙවමින් කොම්පැණියේ මෙහෙයුම් කාර්යක්ෂම කිරීමට සමත් වී සෝඩා පානය තව දුරටත් සත පහකට විකිණීම ද කරගෙන යෑමට ද කොකා කෝලා සමත් වෙනවා.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. amila chathuranga said, on ජූලි 19, 2013 at 9:18 පෙ.ව.

    ලංකාවෙ අනගි පානයක් තිබෙනවා අසමොදගම් කියලා. බොහෝ දෙනා මනාපයි ඒක බොන්න. නමුත් ඒක ඔසුවක් විදියට තමයි භාවිත වෙන්නෙ. එහි සාන්ද්‍රනය අඩු කරලා ඒකෙ තියෙන කිති ගතිය ඉතිරිකරගන්න පුලුවන් වුනොත් අසමදගං වලට තියෙන ඉල්ලුම වැඩි කරගන්න හැකි වේවි.

    • arunishapiro said, on ජූලි 19, 2013 at 10:19 පෙ.ව.

      amila,

      අසමෝදගම් නොහොත් වියළි anise කොළ තේ හැන්දක්
      නටවපු උණු වතුර කෝප්පයක් 😀
      මී පැණි තේ හැන්දක්
      (කැමති නම් ලෙමන් පුංචි කෑල්ලක්)

      තේ කොළ වගේ වියළි අසමෝදගම් කොළ මිනිත්තු පහක් හා අටක් අතර steep වෙන්නට හැර මී පැණි සහ කැමති නම් ලෙමන් දමා අත්හදා බලන්න.

  2. maathalan said, on ජූලි 19, 2013 at 10:09 පෙ.ව.

    මමත් ඔය කතන්දරේ කලින් අහලා තිබුනා.. අපේ උන්ට බැරි උනානේ. ගංජා වලින් ඩ්‍රින්ක් එකක් හදාගන්න.. එහෙම එකක් හදලා ඉන්ගිරිස් නමක් දැම්මා නම්. කොකා කෝලා හොයාගන්නත් නැති වෙනවා. මෙහේ තියෙන්නේ පොඩ්ඩක් දාලා හදන මදන මෝදකේ. ඒක ගුලි නිසා නැගලා යන්නේ නෑ. මොකෝ ගුලි චූර්ණ අරිෂ්ඨ අපේ උන්ට දිරවන්නේ නැහැනේ.

    • arunishapiro said, on ජූලි 19, 2013 at 10:21 පෙ.ව.

      maathalan,

      මංකොල්ලයට හුරු කළාම නිෂ්පාදනය යනු කුමක් දැයි දැනගන්නේ කෙසේ ද?!!!!

      • maathalan said, on ජූලි 19, 2013 at 10:41 පෙ.ව.

        අතීතයේ පටන්ම නිශ්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හිටපු රටක් නේ. අර සෝමාලියාව වගේ නැව් කොල්ලකන සීන් එකක්වත් ආන්ඩුවෙන් පටන් ගත්ත නම් මරු.. ජනතාවගෙන් කොල්ල කන්න දෙයක් තව නෑනේ..

        • arunishapiro said, on ජූලි 19, 2013 at 10:47 පෙ.ව.

          maathalan,

          අනික් කිසිම දෙයක් වෙනස් නොවී තියෙද්දී තමන් හිතන අරමුණ ඉටු කරගන්නට හැකි යැයි සිතමින් හදාගන්න ආණ්ඩු සැලසුම් විදියට හිතන්න එපා මාතලන්. සංවර්ධිත මිනිස්සු කියන්නෙ අළුත් විධි සහ ක්‍රම නිතර හොයාගන්න හැකියාව ඇති අය. සෝමාලියාව පැත්තෙන් යද්දී නැව් කොල්ලකන නිසා ඒ පැත්තෙන් නැතිව වෙනත් මුහුදු මාර්ග වලින් යනවා. දැන් ගෝලීය උණුසුමෙන් අයිස් කුට්ටි දියවෙලා යද්දී රුසියාව පැත්තෙන් මුහුදු මාර්ග ඇරෙන්නයි යන්නෙ .. ඔහොම එකක් කරන්න හිතෙන්නත් පරක්කු ඇයි හැමදාම?!!!!!

  3. වැව් ඉස්මත්ත said, on ජූලි 19, 2013 at 12:18 ප.ව.

    හැමදේම පිටරටින්නෙ ගෙන්නගන්න බලන්නෙ . මා ඔබගේ ලිපිය කියවූවෙමි ස්තූතියි ඔබට

    • arunishapiro said, on ජූලි 19, 2013 at 1:00 ප.ව.

      වැව් ඉස්මත්ත,

      නිෂ්පාදනය නිසා පරිභෝජනයට හැකියාව ලැබෙන බව දන්න අය දැන් මෙහෙත් අඩුයි. වර්ජනයෙන් පරිභෝජන හැකියාව ලබාගන්න පුළුවන් යැයි හිතන තැනක දැනුම හිරවෙලා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: