අරුණි ශපීරෝ‍ වෙතින්

කෝක් යුදෙව්වන්ට පෙප්සි අරාබීන්ට

Posted in Uncategorized by arunishapiro on ජූලි 23, 2013

Coke v. pepsi

ඊ ළඟට එන සටහන වැඩියෙන් පැහැදිලි වෙන්නට මෙම සටහන උදාහරණයක් වේවි!!!!

ඉතිහාසයේ එක සමයක ඊශ්‍රාලයේ වෙළඳාමට ගියොත් මැදපෙරදිග අරාබි රටවල වෙළඳාමට අවසර නොලැබෙන තත්වයක් පැවතුණ. ඉතින් පුංචි වෙළඳපොලක් තියෙන ඊශ්‍රාලය මඟහැරලා අරාබි රටවල් තෝරාගැනීම ව්‍යාපාරයට වාසියි.

1949 දී ඊශ්‍රායෙල් හි බෝතල් ඇසුරුම් කරන කම්හලක් අරින්නට ඊශ්‍රායෙල් රජයෙන් කොකා කෝලා කොම්පැණියට අවසර ලැබුනෙ නැහැ. වැඩිය කවුරුත් හොයා බැලුවේ නැත්නම් මේක ඇති පෙන්වන්න ඊශ්‍රායෙල් හි ව්‍යාපාර නොකරන්නට ප්‍රමාණවත් හේතුවක් හැටියට. ඒක පිට දාලා කුඩා ඊශ්‍රායෙලය මඟ හැරලා කොම්පැණිය වැඩිපුර වෙළඳපොල තියෙන අරාබි රටවල් එක්ක ගණුදෙනු පැවැත්වූවා.

ඒත් 1961 දී කයිරෝ නගරයේ රජයේ සේවකයෙක් වූ මොහොමඩ් අබු ෂාඩිට පුංචි වැරදීමක් සිද්ධ වුනා. එයාට ඉතියෝපියාවේ හදපු කොකා කෝලා බෝතලයක් ලැබෙනවා. එහි තියෙන Amharic අකුරු හිබෲ අකුරු යැයි වරදවා දකින ෂාඩි කොකා කෝලා කොම්පැණියට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කරනවා ඊශ්‍රායෙල් එක්ක හොරෙන් ගණුදෙනු කරනවා කියල!!!!!

ඊජිත්තුවේ බෝතල් ඇසුරුම් කම්හලේ මැනේජර් ඉක්මණට අවුල ලිහලා කියනවා නැහැ නැහැ අපි කිසිම විටෙක ඊශ්‍රායලයට ෆ්‍රැන්චයිස් එකක් දෙන්නෙ නැහැ. ඒක පුංචි රටක්, මේක ආර්ථික පාඩුවක් ගැන කියන ව්‍යාපාර තීරණයක් මිසෙක දේශපාලන තීරණයක් නෙමෙයි අරකයි මේකයි කියල ඇඟ බේරාගෙන ලොකු අන්දෝලනයක් වෙන්න ඉඩ නොදී මඟ හරවා ගන්නවා.

ඒත් අදහසක් වැටුනම ඒක අයින් කරන්න ලේසියෙන් බැහැ. මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා ඊශ්‍රායෙල් වලටත් වඩා අඩු ජනගහණයක් තියෙන සයිප්‍රස් වල එහෙම නම් කොහොම ද කොකා කෝලා ෆ්‍රැන්චයිස් එකක් තියෙන්නෙ කියල!!!!

1966 දී මොෂි බෝර්න්ස්ටයින් නම් ටෙල් අවිව් හි ව්‍යාපාරිකයෙක් ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කොකා කෝලා කොම්පැණියට දෝෂාරෝපණයක් ගෙනෙන්නෙ එය සෙමැටික්-විරෝධී සමාගමක් කියල. ඊශ්‍රායලය පුංචි නිසා පමණක් නෙමෙයි අරාබි රටවලින් ලබන වැඩි වාසි නිසා කොකා කෝලා කොම්පැණිය ඊශ්‍රාලයේ වෙළඳාම ප්‍රතික්ෂේප කිරීමයි චෝදනාව.

සතියක් යද්දී නිව් යෝර්ක් නුවර B’nai B’rith සංවිධානයේ අපහාස විරෝධී හවුල ඒ චෝදනාවට පක්ෂපාතීව නිවේදනයක් නිකුත් කළහ. අන්තර්ජාලය නොමැති ඒ කාලයේ පවා ඉක්මණින් ප්‍රවෘත්ති පැතිරිලා ගියා ඊශ්‍රායෙල් වලින් නිව් යෝර්ක් වලටත්, නිව් යෝර්ක් වලින් ඇමෙරිකාව පුරාත්!!!

මහජනතාව හේතු දක්වන්න යැයි ඉල්ලමින් ජන ඝෝෂාවක් පටන් ගත්ත.

නිව් යෝර්ක් මෑන්හැටන් වල තියෙන මවුන්ට් සිනායි ඉස්පිරිතාලේ තුල කොකා කෝලා දීම නැවැත්තුවා. කෝනි අයිලන්ඩ් වල පිහිටන දැවැන්ත නේතන්ගේ හොට් ඩෝග් (වර්තමාන නගරාධිපති කොච්චර කන්න පුළුවන් දැයි හොයන උත්සව පවත්වන්නට අනුග්‍රහය දෙන කොම්පැණිය) ද කොකා කෝලා විකිණීම නැවැත්තුවා.

මාර වැඩේ!! පුංචි ඊශ්‍රායෙලය වගේ ද ඇමෙරිකාව පුරා යුදෙව්වන් වර්ජනයක් පටන් ගත්තොත්!!!!

කොකා කෝලා කොම්පැණිය ටෙල් අවිව් වල බෝතල් ඇසුරුම් කම්හලක් පටන් ගන්නවා යැයි නිවේදනය කළා!!!

අරාබි හවුලේ රටවල් සියල්ල කොකා කෝලා වර්ජනයකට බැස්සා!!!!! අරාබි රටවල් 1968 සිට 1991 මැයි මාසය වෙනතෙක් ඔවුන්ගේ වර්ජනය කරන භාණ්ඩ ලැයිස්තුවට කොකා කෝලා දාල තිබ්බෙ. ඒත් ඊජිප්තුව 1979 දී සිට අරාබි රටවල වර්ජනයට සහාය දුන්නෙ නැහැ.

1992 දී පෙප්සි පානය “නව පරම්පරාවේ පානය” යන දැන්වීම් යටතේ ඊශ්‍රායලට ඇතුල් වුනා. පෙප්සි වෙනුවෙන් පෙනී සිටින අය අතර ටීනා ටර්නර්, මැඩෝනා, මයිකල් ජැක්සන් හිටිය දී එය නව පරම්පරාව දැයි කවුරුත් අහන්න ගියේ නැහැ!!!!!

හැබැයි නව පරම්පරාවේ දැන්වීම නම් හදලා තිබුනෙ නව පරම්පරාවේ ම කෙනෙක්. වඳුරෙක් වෙතින් පරිනාමය වෙලා පෙප්සි බොන කෙනෙක් බිහිවීමයි දැන්වීම!!!!!

මේ දැන්වීම ඊශ්‍රායෙල් හි haredi කියන දැඩි ආගමික විශ්වාසයන් දරන සමාජිකයන් කුපිත කරන්නට සමත් වුනා. දැන්වීම් ඊශ්‍රායෙල් වලින් වහාම අයින් කළා.

1993 දී මයිකල් ජැක්සන් ටුවර් එකක් යනවා ඊශ්‍රායලයට, රටට හරියටම ඇතුල් වෙන්නෙ සැබත් දිනයේ. ජනමාධ්‍යයන් වටකරගෙන වාර්තා කරද්දී ඒකත් ගොඩක් අයට හිතට අල්ලන්නෙ නැහැ. ආයේ ඉතින් මොන ආගමේ වුවත් අන්තවාදීන්ට කොහොම රුදාවක් ද හැදෙන්නෙ රොක් මියුසික් කොන්සර්ට් වලට තරුණ ගැටව් දුවද්දී ඒවායේ යන දැන්වීම් වල යාන්තමට විළිවැසෙන ඇඳුම් තියෙන කාන්තාවන් දැක්කම!!!!

ප්‍රතිඵලය පෙප්සි වලට තිබ්බ කෝෂර් සහතිකය අහිමි වීම!!!

1992 ට කළින් පෙප්සිත් ගියෙ කළින් කොකා කෝලා ගිය මාර්ගයේ ම. ඊශ්‍රායෙලයට එන්න නැතිව, කොකා කෝලා වර්ජනයෙන් හිටපු අරාබි රටවල පමණක් අලෙවියෙන්. ඒත් කොකා කෝලා වලට සිද්ධ වෙච්ච විදියට ම ඇමෙරිකන් වෙළඳපොලේ පාරිභෝගිකයන් පෙප්සි බොන එක දේශපාලනිකව වැරදි වූ නිසා බීම නැවැත්තුවා. පෙප්සිත් නිදහසට කිව්වෙ කොකා කෝලා කියපු කාරණයමයි. අයියෝ ඊශ්‍රායෙල් පුංචි රටක් ඒකෙ වෙළඳාම කරන එක පාඩුයි කියල!!!

ආරබි රටවල වර්ජනය යනු කිසිවෙක් කතා නොකළ අර සාලේ මැද්දෙ ඉන්න කවුරුත් දකින්න නැති දැවැන්ත සුදු අලියා!!! ඒත් දැන් කොකා කෝලා ඊශ්‍රායෙල් හි වෙළඳාම කරන නිසා බහුතරය දැක්කෙ එහෙම කියන්න පෙප්සි වලට සාධාරණ හේතුවක් තියෙන විදියට. වෙනත් කුඩා වෙළඳපොලවල් වල හැබැයි කොකා කෝලා එක්ක හරි හරියට පෙප්සි විසින් වෙළඳාමේ යෙදෙන බව නොදකින්න ඔවුන් හුරු වුනා.

සමහරු දැක්කෙ කොකා කෝලා යුදෙව්වන්ට. පෙප්සි අරාබින්ට කියල.

සමහරු දැක්කෙ පෙප්සිව වර්ජනය කරලා තියෙන්නෙ ඊශ්‍රායෙල් විසින් කියල.

සමහරු දැක්කෙ පෙප්සි ගිහින් අරාබි රටවල් එක්ක ගිවිසුම් ගහලා වාසි ගන්නව කියල.

සමහරු ඇමෙරිකාවේ පෙප්සි වර්ජනය කළා ඊශ්‍රායෙල් විරෝධී යැයි කියා. කොකා කෝලා වීරයා වුනා.

ඒත් අර කළින් කියපු 1960 ගණන් වල දී කොකා කෝලා වලට සිද්ධ වෙච්ච නාඩගම තමයි මේ ආයෙත් පෙප්සි වලට සිද්ධ වුනේ කියල දැක්කෙ ටික දෙනෙක් පමණයි. බොන්නේ මොනවා දැයි තෝරා ගැනීම ආණ්ඩුවේ ද? යම් පිරිසකගේ ද? ඒකීය පුද්ගලයාගේ ද?!!!

ඉංග්‍රීසි සටහනක් ඇසුරිනි. පින්තූරය ගූගල් ඉමේජස් වලින්.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Sudath Mohan said, on ජූලි 23, 2013 at 11:58 පෙ.ව.

    It’s a good thing that you gave the link here!!!

  2. Helaya said, on ජූලි 23, 2013 at 7:58 ප.ව.

    Apata monawada

  3. maathalan said, on ජූලි 23, 2013 at 10:12 ප.ව.

    කොහොම කතා කලත් යුදෙව්වෝ සෑහෙන බලපෑමක් කරණවා ඇමරිකාව තුල. ඒක බොරුයි කියන්න බැහැනේ.. අන්තීමේදි ලොකු උන් තීරණය කරන දේ තමයි පොඩි එකාට ලැබෙන්නේ කැමති උනත් අකමැති උනත්. කොහේ තත්වයත් ඒකම තමයි.

    • arunishapiro said, on ජූලි 24, 2013 at 7:13 පෙ.ව.

      maathalan,

      //අන්තීමේදි ලොකු උන් තීරණය කරන දේ තමයි පොඩි එකාට ලැබෙන්නේ කැමති උනත් අකමැති උනත්.// ලොකු උන් කියන්නෙ කවුද දන්නවා ද මාතලන්. බහුතර ජනතා කැමැත්ත තම අදහස් වලට හරවා ගෙන බෙදා දෙන පාලනය අල්ලා ගන්න බලතණ්හාධික දේශපාලනඥයන්.

      1949 කාලයේ පටන් ගෙන 60 ගණන් සහ 1990 මුල් කාලය දක්වා දිගට ඇදගෙන ගිය බලපෑම් වර්තමාන ඇමෙරිකාවේ වෙනස්. අද ඇමෙරිකාවේ යුදෙව්වන් කරන කිසි බලපෑමක් නැහැ. අද යුරෝපයේ වගේ ම මෙහෙත් යුදෙව්වන් සුළු ජාතියක් යන්න හැමෝටම අමතක වෙලා .. අද සුළු ජාතීන් කියා සෙසු සමාජයට දැඩි බලපෑම් කරන්නෙ ඇමෙරිකාවේ කළු අය සහ හිස්පැනික් අය (ඔවුන් අතර අරගල පටන් ගෙන කවුද වැඩියෙන් බලවත් සුළු ජාතීය යන්නට!!!), යුරෝපයේ මුස්ලිම්, ඔවුන් දරුවන් හදන ගණනින් අනිත් සියළු ජාතීන්ට වඩා වැඩි වුවත් සුළු ජාතියක් යැයි සැලකෙන්නෙ!!! බලතණ්හාධික දේශපාලනඥයන් සුළු ජාතීන් බිල්ලට දීලා තමන්ගෙ බෙදා දෙන පාලනයේ යෙදෙන බව ඒ සුළු ජාතීන් දකින්නෙ නැතිකම නිසා මහ ජාතිය සුළු ජාතිය ගැන අමනාපයි, ඒත් සුළු ජාතියට ද බෙදා දෙන පාලනයෙන් ලැබෙන සෙතක් නැතැයි අවබෝධ වෙද්දී හානිය සිද්ධ වී ඉවරයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: