නිහඬ වසන්තය
1962 ජූනි මාසයේ දී “ද නිව් යෝර්කර්” සඟරාවේ පළ වෙන්නට පටන් ගත්තේ රසායන විරෝධි ලිපි පෙළකි. මෙම ලිපි වලින් පාඨක අවධානය ගෙන ගියේ මිනිසා විසින් හදන කෘමිනාශක වලින් පරිසරයට වන හානිය පිළිබඳවයි.
රසායන භාවිතය ගැන පරිණත විද්‍යාත්මක දැක්මක් නොව, බිය ජනිත කරවන දැක්මක් ලියා විද්‍යාවේ නාමයෙන් ලොවට බෙදා හැරිය ඒ ලිපි පෙළ ජීවිත බේරාගන්නට තොරතුරු එකතු කරන ප්‍රාජකයන් ඇති මනුෂ්‍ය ස්වභාවය අවදි කළ නිසා අතිශය ජනප්‍රියත්වයට පත්විය. එම ලිපි පෙළ එම වසරේ සැප්තැම්බරයේ දී කෘමිනාශක සහ වෙනත් රසායන නිසා පරිසරයට වන හානිය ගැන කියන නිහඬ වසන්තය නොහොත් Silent Spring (1962) නමින් පොතක් හැටියට නිකුත් වී වේගයෙන් අලෙවි විය. පාඨකයාගේ අවධානය පොත තුලින් වැඩියෙන් යොමු කරවන්නේ “කිසිම කුරුල්ලෙක් තව දුරටත් සිංදු කියනවා ඇහෙන්නෙ නැතිව යන,” නිහඬ වසන්තය ගැනයි. එසේම “රසායන වලින් හැදෙන පිළිකා වලින් හතරෙන් එක් පුද්ගලයෙක් මිය යන්නට හැකියි,” වැනි අනාවැකි වලටයි.
පෙන්සිල්වේනියාවේ ගොවිපොලක හැදී වැඩෙන රේචල් කාසන් මුහුදු ජීවවිද්යාඥවරියක් (marine biologist) ලෙසින් 1936 දී සිට සේවය කළේ ධීවර බියුරෝවේය. එයට පූර්ව කාලීනව බඳවා ගත් දෙවැනි කාන්තාව ඇයයි. ඇයගේ ප්‍රධාන කර්තව්‍යයන් වූයේ මාළු ජනගහණය ගැන ක්ෂේත්‍ර වාර්තා විශ්ලේෂණයෙන් මහජනතාව වෙනුවෙන් ලිපි සම්පාදනයයි. පුවත්පත් වලට ලිපි ලියන ඇය වසර ගණනාවක් යද්දී අතිශය ජනප්‍රිය වූ වැඩියෙන් ම අලෙවි වූ ලැයිස්තුවට පත්වෙන මුහුදු පොත් ත්‍රිත්වයක් ලියන්නට සමත් වූවාය.
අනතුරුව ඉදිරිපත් වෙන ඇයගේ නිහඬ වසන්තය පොත නිසා රට පුරා පරිසර ව්‍යාපාරයන් පටන් ගත්තා යැයි ද, ඇමෙරිකාවේ පරිසර ආරක්ෂක ඒජන්සියේ (EPA) ආරම්භය ද සිද්ධ වූ බව සැලකේ.
1950 ගණන් වල දී මිනිසා විසින් හදන ලද නූතන හාස්කම් යැයි සැලකුණු කෘමිනාශක බොහොමයක් ඇමෙරිකන් වෙළඳපොලේ මුල් වරට දකින්නට ලැබුණි. එයින් ප්‍රධාන රසායනය වූයේ DDT (dichloro-diphenyl-trichloro-ethane) ය. 1942 දී ඇමෙරිකන් යුද හමුදාවේ අය ඔවුන් යුද වැදෙන පළාත් වල හමුදා භටයන්ට මැලේරියා සහ ටයිෆස් වැනි රෝගයන් වලින් වැළකෙන්නට DDT භාවිතා කරන්නට පටන් ගැනුණි. 1943 දී නේප්ල්ස් නගරයේ වූ ටයිෆස් වසංගතයක් මර්ධනයට DDT වලට හැකිවුණි.
ඇමෙරිකන් පාරිභෝගිකයන් සහ ගොවීන් යුද්ධයේ අවසානයත් සමඟ එතෙක් පාවිච්චි කළ ආසනික් පදනම් වූ කෘමිනාශක අත්හැර DDT භාවිතය පටන් ගත්හ. මහජන සෞඛ්‍ය සේවය සහ ආහාර හා ඖෂධ පාලක මණ්ඩලයේ භිෂක්වේදීය (pharmacology) අංශය එයින් මිනිසාට වසවිෂක් ඇති කරන ගැටළු ඇති නොවන බව තීරණය කරන ලදි.
1847 දී ජර්මන් රසායනාගාරයක DDT නිර්මාණය වී රාක්කයක අසුරන ලදි. 1930 දී වුලන් රෙදි විනාශ කරන කාවන් ගෙන් ඒවා බේරාගන්නට යමක් හොයද්දී මෙම රසායනයේ කෘමිනාශක ගුණයන් සොයාගත්තේ පෝල් මුලර් විසිනි. ඔහුට 1948 දී නොබෙල් තෑග්ග පිරිනැමුණි.
1930 ගණන් වල දී ඇමෙරිකාවේ දකුණු ප්රාන්තයන් හි මැලේරියාව වැළඳුනු සංඛ්‍යාව මිලියන හතරක් ඉක්මවා යන ලදි. DDT ආධාරයෙන් ඇමෙරිකාවෙන් මැලේරියා රෝගය තුරන් කරන්නට හැකිවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය DDT නිසා මැලේරියාව මර්ධනයෙන් මිලියන 50 කට හා 100 කට අතර මිනිස් ජීවිත බේරාගන්නට හැකි වූවා යැයි පෙන්වා දුන්හ. 1943 දී වෙනෙසියුලාවේ මැලේරියා රෝගීන් 8,171.115 ක් සිටි බවත් DDT පාවිච්චියෙන් පසු 1958 දී මැලේරියා රෝගීන් 800 ක් දක්වා අඩු වී ගිය බවත් වාර්තා කරයි. 1935 දී මිලියන 10 ක් මැලේරියාවෙන් බැට කෑ ඉන්දියාවේ 1969 වෙද්දී සිටින ලද්දේ 285,962 කි. 1945 දී 411,602 මැලේරියා රෝගීන් ඉතාලියේ සිටි අතර 1968 වෙද්දී සිටියේ 37 කි.
දකුණු කොරියාවෙන්, තායිවානයෙන්, කැරීබියන් දූපත් වලින්, ඔස්ට්‍රේලියාවේ උතුරු පෙදෙස් වලින්, දකුණු අප්‍රිකාවෙන්, මොසැම්බික් යනාදී රටවලින් මැලේරියා මර්ධනය කරන්නට DDT සමත් විය.
1948 දී ලංකාවේ මැලේරියා රෝගීන් මිලියන 2.8 ක සිටි අතර වසර 15 ක් පුරා DDT භාවිතයෙන් පසු එය රෝගීන් 17 ක් දක්වා අඩුවිය. එහෙත් 1964 දී කාසන්ගේ පොත එළි බැසීමත් සමඟ DDT භාවිතය නැවතුන පසු මැලේරියා රෝගීන් යළි වැඩි වූහ.
1870 ගණන් වල ඇමෙරිකන් ජනගහණයෙන් 70-80% ක් කෘෂිකර්මයේ නියැළෙද්දී රසායන කෘෂිකර්මාන්තය පටන් ගැනීමත් සමඟ 1950 ගණන් වෙද්දී ජනගහණයෙන් 15% ක් පමණක් කෘෂිකර්මයේ නියැළුන බව ගැන ලිපියක් The Scientific American* සඟරාවට ලියා ඇත්තේ Francis Joseph Weiss විසිනි. 2013 දී ඇමෙරිකන් ජනගහණයෙන් 1.8% ක් පමණක් ඍජුව කෘෂිකර්මාන්තයේ නියැළෙති. මාත් සුදු අප්පුහාමිත් අයිති ලෝකයටම කන්න දෙන්න හැකි මේ සුලුතරයටය. 😀
රොබින් නැමති කුරුල්ලා DDT නිසා වඳ වීමට මුහුණ පා ඇතැයි කාසන් කියා සිටියාය. එහෙත් සත්‍ය ලෝකයේ DDT වැඩියෙන් පාවිච්චි කරන ලද කාලයේ රොබින් කුරුළු ජනගහණය වැඩි වී ඇත.
නිහඬ වසන්තය පොත නිකුත් වීමත් සමඟ කුරුළු සංගමයක් වන ඔඩොබාන් සමාජය ඇතුළු පරිසර ලෝලීන් කලබල වූයේ DDT වලට මුහුණ දීමෙන් රාජාලියන් සහ කුරුළුගොයන් (Falco peregrinus) ගේ බිත්තර කටු තුනී වෙනවා යැයි පර්යේෂකයන් කණ්ඩායමක් තීරණය කරන ලද නිසයි. තුනී බිත්තර කටු යනු අඩුවෙන් කුරුළු පැටව් ඉපිද කුරුළු ජනගහණය අඩු වී යාමකි. එහෙත් තවත් පර්යේෂකයන්ට පෙනී ගියේ වෙනත් කුරුළු වර්ග වලට (විශේෂයන් ම බිම් මට්ටමේ ඉන්නා) කුකුලන්, වටුවන්, වළිකුකුලන් වැනි පක්ෂීන්ගේ බිත්තර කටු තුනී වීමක් DDT විශාල ඩෝස් වලින් ලැබුනත් සිද්ධ නොවෙන බවයි.
කාසන් වාද කලේ DDT සහ වෙනත් රසායන වලින් වනජීවින් ට හානි පැමිණෙනවා පමණක් නොව මිනිසුන් ද මරණයට පමුණවන බවයි.
කාසන්ගේ පොතේ DDT වලින් බේරුන මිලියන ගණනින් වූ මිනිස් ජීවිත ගැන කිසිම සඳහනක් නැත. ඇය කියන්නේ තම බිම් මහලේ දී මකුළුවන්ට DDT ගැසූ කාන්තාවක් මාසයකින් පසු ලියුකේමියා රෝගයෙන් මිය ගිය කතාවකි. තම කාර්යාලයේ දී කැරපොත්තන්ට DDT ගැසූ මිනිහෙක් දින කිහිපයකට පසුව aplastic anemia රෝගය ඇතැයි දැනගත් හැටියි. වර්තමාන පිළිකා රෝග විශේෂඥයන්ට මෙවැනි එක විශේෂ අවස්ථාවක දී කෘමිනාශකයට මුහුණ දුන් නිසා පිළිකා හැදුනා යැයි කිව්වොත් ඔළුව බිත්තියේ ගසාගනු ඇත!!!!
දරුවන් ගැන බියක් ඇති කරලීම ද ඇයගේ තවත් උත්සාහයකි. දරුවන් තුල පිළිකා දකින්නට ලැබීම ශතකයට පෙර දුලබ වූවක් යැයි කියන ඇය අද වෙනත් රෝග වලට වඩා පිළිකා වලින් දරුවන් වැඩියෙන් මිය යනවා දකින්නට හැකි යැයි උලුප්පා ලියයි. මේ සඳහා ඇය පෙන්වන්නේ වයස එකත් 14 ත් අතර දරුවන් 12% ක් මිය යන්නේ පිළිකා නිසා කියාය. එහෙත් ඒ වෙද්දී බෝවෙන රෝග වලින් දරුවන් මිය යෑම සෑහෙන ප්‍රමාණයකින් අඩු වී තිබීම නිසා පිළිකා රෝගයෙන් මිය යෑම වැඩියෙන් දකින්නට හැකි වූ බව ඇය නොසලකා හරියි.
දශක හතරක විධිමත් විද්‍යාත්මක අධ්‍යයන වලින් පසුව සොයා ගැනුනේ DDT ගැසීම නිසා මිනිසාට පිළිකාකාරයක් නොවන බවයි.
1970 දී ජාතික විද්‍යා ඇකඩමිය වාර්තා කළේ “DDT වලට තරම් මිනිසා ණය ගැති වූ වෙනත් රසායන ඇත්තේ ඉතා ස්වල්පයක්,” කියාය.
1972 දී EPA හි පාලක විලියම් රකල්හවුස් විසින් විද්‍යාත්මක සොයාගැනීම් පිටු 9000 ක් ගණනක ලියකියැවිලි සහ දෙපැත්තෙන් ම ඉදිරිපත් කරන ලද විශේඥ සාක්කිකරුවන් 125 ක කට උත්තර පැත්තකට දමා ආයතනයේ විද්‍යාත්මක-විරෝධී මුල් ම පියවර තැබූවේය. 1973 ජනවාරි 1 දා සිට DDT තහනම් කරන ලදි. එහි දී ඔහු කියා සිටියේ මිනිසා තුල DDT එකතු වීම නිසාත්, ආහාර දාමයේ දී එය වැඩි වර්ධනය වන නිසාත්, ඔහුගේ නිර්ව්‍යාධි බවට දැඩි තර්ජනයක් වන හෙයින් එය තහනම් කරන්නට තීරණය කළ බවයි. එහෙත් ඔහු කියන ලද එම තීරණය ඒ ගැන පවත්වන ලද විද්‍යාත්මක පර්යේෂණ තුලින් හෝ ඒ සඳහා වූ විමර්ශන කමිටුව තුලින් ඉදිරිපත් වූවක් නොවන බව දන්නේ තතු සොයන්නට දන්නා අය පමණි.
කුරුළු බිත්තර කටු තුනී නොවෙන ලෙසින් යොදා ගත හැකි DDT අඩු ප්‍රමාණ වලින් පාවිච්චියක් ගැන කිසිත් කතාබහකට කිසිත් ඉඩක් නොලැබුණි. පසු කාලීන විද්‍යාත්මක අධ්‍යයන වලින් දැනගන්නට ලැබුනේ 1950 සහ 60 ගණන් වල දකින්නට තිබුණු DDT වල ප්‍රධානතම ගැටළුව නම් එය පමණට වඩා වැඩියෙන් භාවිතයට ගැනීම බවයි.
ඇමෙරිකාවේ DDT තහනම සමඟින් වෙනත් රටවල ද එය තහනමට ලක්වුණි.
චීනයේ, මෙක්සිකෝවේ සහ ඉන්දියාවේ තවමත් DDT භාවිතා වෙන අතර එය නිෂ්පාදනය කරන්නේ චීනයේ හා ඉන්දියාවේ පමණි.
කාසන්ගේ පොතෙන් අනවශ්‍ය ප්‍රමාණ වලින් DDT පාවිච්චිය ගැනත්, එය වනජීවින්ට බලපෑම් කරන අන්දම ගැනත් යම් අවධානයක් ලෝකයට ලබා දුන්නා යැයි පිළිගන්නට හැකියි. ඒ කාලයේ වූ විද්‍යාත්මක දැනුම අනුව කාසන් විසින් මිනිසා විසින් හදන ලද සින්තෙටික් රසායන වලට එල්ල කරන ලද අවධානය ද කමක් නැතැයි කියත ද හැකියි. එහෙත් ඒ පොත පිට වී වසර 50 ක් පසු වී තිබිය දී ද, තතු සොයාගන්නට විද්‍යාත්මක ක්‍රමවේද ලොව තිබිය දී තවමත් imaginary අවදානම් පස්සේ හඹා යන අයට සමාවක් දිය හැකි ද?!!!!!!!
මෙතෙක් කියවා ගෙන ආ ඔබට විසඳිය හැකි ප්‍රශ්නයක් මෙන්න: නවසීලන්තයෙන් ආනයන කර ලංකාවේ විකුණන කිරිපිටි වල Dicyandiamide කොපමණක් තිබ්බා දැයි කිසිම වාර්තාවක සඳහන් වී නැත්තේ ඇයි?!!!!!
*Chemical Agriculture, Francis Joseph Weiss, Scientific American. vol. 187. issue 2. pp. 15-18
Rachel’s Folly: The End of Chlorine, Michelle Malkin and Micahael Fumento
Silent Spring at 40, Ronald Bailey
Pesticide Spin Belies Safety Record සහ Pesticides and the West Nile Virus, An Examination of Environmentalist Claims, Angela Logomasini
ඔබම දේශනා කරන මිනිසාට නිවැරදි දෙය තෝරාගැනිමට ඇති අයිතිය අනුව ,DCD නොමැති කිරිපිටි මිලදි ගැනිමට ඇතිවිට, Anchor වල ඇති DCD කොපමණදැයි සෙවිය යුත්තේ මන්ද?
A.Fernando,
රටට ආනයන කරන ලද කිරිපිටි කිසිවක DCD කිසිම ප්‍රමාණයකින් නැතැයි කියන්නේ ඇමෙරිකාවේ ඉන්න මම නෙමෙයි, ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. “Sri Lanka’s Health Ministry says according to the studies carried out by them, they have not found any DCD traces in imported milk powder to Sri Lanka.”
නැති දෙයක් ඇතැයි කියා බොරු අවලාද නොකියා තමන් කැමති කිරිපිටි බොන්න තෝරාගන්න බැරි ඇයි?!!!
එතනදිත් සිදුවන්නේ තොරාගැනිමක්.ඔබ ලංකවෙ සෞඛ්‍ය අමාත්‍යංශය DCD නැති බව කිම උපුටා දක්වනවා. තව අයෙකුට කාර්මික තාක්ෂණ ආයතනය DCD ඇති බව කිම උපුටා දක්වන්න පුලුවන් .එමනිසා පාරිභොගිකයා කැමත්තක් තොරාගනිවී නේද?
A.Fernando,
හාපෝයි, ඔබ චන්දය දාන්නත් යනවා ද? 😦
අයිස් ක්‍රීම් කනවා ද නැත්නම් කළු දොදොල් කනවා ද කියලා තෝරා ගන්නවා වගේ ද වසවිෂක් ඇති සහ වසවිෂක් නැති යන දෙක අතරින් එකක් තෝරා ගැනීම?!!!!!!!!
හැම දේටම මුල තෝරාගැනීම පිළිබද ප්රශ්නය කියලයි මට හිතෙන්නේ.. තෝරාගැනීම මත හුගක් දේ තීරණය වෙනවා..
deshakaya,
ඔව්, තෝරා ගැනීම තමයි වැදගත්. හැබැයි තෝරාගැනීමක් කරන්නට අවුල් ලිහා ගෙන තමන්ට ලැබෙන තොරතුරු එකින් එක අමුණා ගන්නට දැන සිටිය යුතුයි. ඒ හැකියාව නැතිවුනාම තෝරා ගන්නෙ ඒ වෙලාවෙට දැනෙන හුදු හැඟීම් වලින් විතරයි.