අරුණි ශපීරෝ‍ වෙතින්

ආහාර සහ වසවිෂ අතර වෙනස නොදන්නේ නම් අත්වන්නේ මරණයයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 7, 2013

Agriculture_Production_System

ඩේලි මිරර් කතුවැකියේ සිරස්තලය: අපි දිනපතා වසවිෂ කමින් හා බොමින් සිටිමු.

යම් රසායනයක් ගැන කතාබහේ දී, එය ස්වභාවික ද නැත්නම් මිනිසා විසින් හදන ලද්දක් ද යන්නේ වෙනසක් වසවිෂේ දී නැති බව නොදන්නා කතුවැකිය, ස්වභාවයෙන් ඉතා වෙනස් වූ කෘෂි-රසායන, පළිබෝධ නාශක යනාදියෙන් රටේ එළවළු සහ සහල් ඇතුළු ආහාර වලට විෂ ඇතුල් කර ඇතැයි කියයි. මෙම වාර්තාවේ කියන විදියට දැන් ෆ්‍රෑන්කන්ස්ටයින් ආහාර ද ලංකාවේ ඇත.

ජනතා හිතවාදී වෛද්‍ය විශේෂඥයෙක් සේ සලකා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගැන සඳහන ලිපියේ අගය වැඩි කරන්නට යොදාගෙන ඇත්තේ ඔහු යාපනයේ පුස්තකාලයට ගිනි තැබූ අය සිහිනෙන් දුටු හැටි කියා ජනතාව රැවටූ ආකාරය අමතක වෙලා වෙන්නැති!!!!! 😀

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංවිධානය (GMOA) සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලංකාවේ විකුණන ලද පිටිකිරි සාම්පල් ගැන තායිලන්තයේ සහ සිංගප්පූරුවේ සිද්ධ කරන ලද පර්යේෂණ වල වාර්තා ඉල්ලා සිටීම අත්හැරලා ද?.

එසේම GMOA හි සභාපති දොස්තර අනුරුද්ධ පාදේනිය, අයිලන්ඩ් විමසුමකට උත්තර දෙමින්, කාර්මික තාක්ෂණික ආයතනය (ITI) විසින් කිරි ආහාර වල ඩයිසයිනඩයමයිඩ් (DCD) ඇතැයි කියූ වාර්තාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය දරන මතය ගැන හෙළිකරන්න යැයි ඉල්ලා සිටීමත් අත්හැරලා ද?

ITI වාර්තාව පිළිගෙන ඇති GMOA, ආහාර සහ ඖෂධ අධිකාරිය සහ ආහාර උපදේශ කමිටුව යනාදී සියල්ලන් විසින් මින්පසු පිටරටෙන් ගෙනෙන කිරිපිටි සියල්ල නිල වශයෙන් පරීක්ෂාවට ලක්කිරීමට ITI පවරා ඇත. ඉදිරියේ දී කිරි සාම්පල් රේගුවේ සිට කෙළින් ම ITI වෙත යැවෙනු ඇත. GMOA ඉල්ලීමක් වූ දියර කිරි (liquid milk) ප්‍රමෝට් කරන්නට ද සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වී ඇත.

“නිහඬ මරණයට පාර කපන වස විස පිරි ආහාර” නමින් දේශනයක දී මහජනතාව අමතන, තාක්ෂණ, පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දැයට පියෙකු ලෙසින් පෙන්වා දෙන්නේ විදේශ කිරිපිටි වල DCD අඩංගු යැයි කියාය.

ලංකා වෙබ් අඩවියට ලිපියක් ලියන ශෙනාලි ඩී වඩුගේ විසින් “ෆොන්ටෙරා DCD ඇතැයි පිළිගත්තා” කියන තද අකුරින් වූ උප හෙඩිමක් යටතේ ලියන්නේ නවසීලන්ත ආණ්ඩුව මැදිහත් වීමෙන් ලෝකයේ කිරි වලට වසවිෂ කලවම් වූ අර්බූදයේ දී ෆොන්ටෙරා CEO චීනයට ගිහින් ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටීම ගැනයි. එහෙත් එම වගන්තියේ DCD සඳහන් වූවාට කිසිම තැනක බොචුලිනම් හෝ බොචුලිසම් ගැන සඳහන් නොවේ. සිංහලෙන් පමණක් කියවන්නට දන්නා අය, අන්තර්ජාතික ඉංග්‍රීසි පත්තරවල ගියේ ෆොන්ටෙරා මුළු ලෝකයෙන් ම සමාව ඉල්ලා සිටියේ බොචුලිනම් වසවිෂ ඇතැයි බිය ගැන්වීමක් පැතිර යාම ගැන බව නොදනිති.

ඩයසයිනඩයිමයිඩ් (DCD) කෘෂිකර්මයේ දී යොදාගන්නා රසායනයකි. නවසීලන්තයේ එය භාවිතයට ගැනෙන්නේ තණකොළ වර්ධනයට සහ පසේ ඇති නයිට්‍රේට් ගංඟා සහ වතුර මාර්ග වලට කාන්දූ leching වීම අඩු කරන්නට ය.

නවසීලන්තය කරන කිරිපිටි පර්යේෂණ වල දී පෙනී යන්නේ ඉතා ඇබිත්තන් (minute) ප්‍රමාණ වලින් DCD කිරි නිෂ්පාදන වල දැකිය හැකි බවයි. එය මිනිස් පරිහරණයේ දී කිසිත් හානියක් නොවන ප්‍රමාණ යැයි නවසීලන්ත ආණ්ඩුව තහවුරු කර ඇත.

ඉතා ඇබිත්තක් යනු කුමක් ද?

යුරෝපීයන් විසින් ඔවුන්ගේ ආහාර ආරක්ෂණ සීමාවන් හි (European Food safety limits) තිබුනාට කමක් නැතැයි සිතන දවසකට ගන්නා ප්‍රමාණයෙන් 100 ගුණයකින් අඩු ප්‍රමාණයකින් තමයි නවසීලන්ත කිරිපිටි වල DCD මට්ටම් ඇතැයි හඳුනාගෙන තිබෙන්නේ.

නවසීලන්ත කිරි නිෂ්පාදනයන් හි වැඩියෙන් ම ඉහළ DCD හෝඩුවාවන් පෙනෙන විට එයින් වසවිෂ විය හැකියාව ගැන නවසීලන්ත ආණ්ඩුව මෙසේ විස්තර කරයි. කිලෝග්‍රෑම් 60 ක් බරැති අයෙක් දිනයක දී අමුකිරි (raw milk) ලීටර් 130 කට වඩා බිව්වොත් හෝ දිනයක දී පිටිකිරි කිලෝග්‍රෑම් 60 ක් බිව්වොත්, එවිට දිනපතා ගත්තාට කමක් නැති ප්‍රමාණයේ සීමාවට එන්න පුළුවන් හැකියි කියාය. ඉතින් පුද්ගලයෙකුගේ සෞඛ්‍යයට හානි සිද්ධ වෙන්න නම් අයෙක් ඊට වඩා ප්‍රමාණයක් දිනයක දී ශරීරගත කළ යුතුයි.

DCD පාවිච්චිය නවසීලන්තයේ කිරි ගොවියන් 5% කට වඩා අඩුවෙන් පිරිසක් වසරකට දෙවතාවක් පමණක් භාවිතා කරන ලද්දකි.

එහි යම් ඉතිරියක හෝඩුවාවක් (residue) ඇතිවීම එය දැම්මාට පසු සති හයක්-අටක් අතර කාලයක දී පවතින අවදානමකි.

2012 සැප්තැම්බරයේ සිට නවසීලන්තයේ තණ බිම් වල DCD පාවිච්චි කර නොමැත.

හරක් මරනවාට අඬන එහෙත් මිනිස්සු මැරෙද්දී කැක්කුමක් නැති රටක, මේ හුටපටයේ දී ආසූදකයෙක් (saboteur) විසින් තවමත් කඩ රාක්ක වල ඇති විදේශීය කිරිපිටි වලට වසවිෂ එකතු කර පිය සෙනෙහසින් යුතු වූ අපේ ඇමති ලෝකෙ කාටවත් ඔප්පු කරන්න බැරි වූ DCD වසවිෂ මට්ටම ලංකාවේ කිරිපිටි වල තිබ්බා යැයි පෙන්වන්නට කටයුතු කරන්නට ද ඉඩ ඇති නිසා ඉතින් ඒ විදේශීය කිරිපිටි භාවිතයෙන් නොවීම සුදුසු යැයි ලංකාවේ මිනිසුන් ගැන දන්නා මට කියන්නට සිද්ධ වේ.

ආහාර සහ වසවිෂ අතර වෙනස නොදන්නේ නම් අත්වන්නේ මරණයයි -අයින් රෑන්ඩ්

විද්‍යාව දන්නා විද්‍යාඥයන් නිහඬ ව සිටීමෙන් නිහඬ මරණයට පත්වෙන්නේ මෙවැනි මෝහයන් වලින් මුලාවෙන සමහර අය වසවිෂෙන් සහ තවත් සමහර අහිංසකයන් බඩගින්නෙනි.

Advertisements

44 Responses

Subscribe to comments with RSS.

  1. Koluwa said, on අගෝස්තු 7, 2013 at 4:45 ප.ව.

    Well written.I enjoy reading your articles

  2. Nemesis said, on අගෝස්තු 7, 2013 at 5:36 ප.ව.

    මට තියන ගැටළුව DCD නැති කිරි පිටි තියනකොට මොකද DCD තියන ඒව පස්සෙ යන්නේ ඇයි කියල. DCD කියන්නෙ කිරි වල තියෙන්න ඕනේ දෙයක් නෙමේ නේ, අනික ඔය කියන ප්‍රමානයන් වෙනස් වෙන හින්ද මට හිතෙන විදියට නොබී හිටියම කිසිම ගැටළුවක් නෑ. අනික තමයි ඉතින් කිරි කියන්නෙ මැජික් අරිෂ්ඪයක් නෙමේ නෙ.

    • arunishapiro said, on අගෝස්තු 7, 2013 at 6:15 ප.ව.

      Nemesis,

      ඔහොම හිතන්න පුළුවන් හපනුන් සිටිය දී ITI පර්යේෂණ වලින් සොයාගත්තු DCD මට්ටම නොකියා සිටින්නේ ඇයි මොකට ද?!!!! ලෝකෙටම දැනගන්න පත්තරේ දාන්න තිබ්බනෙ!!!! 😀

      ඒත් බලාගෙන හොඳේ .. ඇමතිවරයාම කියන විදියට ලංකාවේ නිහඬ මාරයා ඔය ෆොන්ටෙරා කිරිපිටි විතරක් නෙමෙයි. ලංකාවේ DCD නැතැයි කියන කිරිපිටි වල වෙනත් අනතුරුදායක රසායන කොතරම් ප්‍රමාණයන් වලින් තියෙනවා දැයි ඔයාට කියන්නෙ කවුද?!!!!!! ඇමතිවරයාම තමයි කියන්නෙ පරිසිද්ධි දියාරු කරන උත්සාහයක් ලංකාවේ දේශපාලනයේ බලගතු පිරිසක් විසින් කරන බව.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on අගෝස්තු 8, 2013 at 12:33 පෙ.ව.

        ලංකාවේ මෝඩ වම්මුන්ගේ ඉදන් හැමෝම රස කර කර කන ලංකාවේ දේශීයව වේලගෙන කන කරවල කෑල්ලක් අරගෙන බලන්න මොනතරම් විෂ රසදිය වල ඉඳන් ෆෝමලීන් දක්වා කරවල වල, විෂ කිසි ගානක් නැතිව කනවා ඇන්කර් වල DCD ගැන පත්තර පිටු ෆේස්බුක් පිටු වල භීතිය වපුරනවා….අපි නොදන්න dcd

        • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 7:35 පෙ.ව.

          Reader,

          ස්තූතියි. දැන් පුළුවන් මේ වාර්තාව හදා ඇත්තේ කෘමිරසායන නිසා නිහඬ මරණ සිද්ධ වෙනවා යැයි පෙන්වන්නට යොදාගත්තා වැනි ම වූ අක්‍රමික සහ අවිද්‍යාත්මක ක්‍රමයකට බව හෙළිකරන්නට. කවදා හෝ ලංකාවේ GMOA හි ඉන්නා දොස්තරවරු ඇතුළු ලංකාවේ සත්‍යය විද්‍යාඥයන් විසින් ඊට නිර්භීතව ඉදිරිපත් වේ යැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි. මන්ද ආහාර සහ වසවිෂ අතර වෙනස නොදන්නේ නම් අත්වන්නේ මරණයයි.

          • Nemesis said, on අගෝස්තු 8, 2013 at 10:37 පෙ.ව.

            කරුණාකර පැහැදිලි කරනවද මොක්කද මේ වාර්ථාවෙ තියන අක්‍රමික සහ අවිද්‍යාත්මක බව කියලා.

            • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 10:47 පෙ.ව.

              Nemesis,

              මූලාශ්‍රයෙන් වඩාත් හොඳින් වටහා ගන්න ලැබෙන නිසා, මෙයාගෙන් අහලා යවන්න, මට වඩා ඉතා හොඳින් පැහැදිලි කරන්න ඔහු සමත් වේවි.

              David Brynn Hibbert
              B.Sc., Ph.D. Lond. C.Chem FRSC FRACI
              Emeritus Professor of Analytical Chemistry
              E-mail: B.Hibbert@unsw.edu.au
              Research group web site: http://www.chem.unsw.edu.au/research/groups/hibbert/

              ***
              Chemometrics And Metrology Group (CMG) – Research Interests
              Metrology in Chemistry
              Metrology in chemistry (MIC) is a new and expanding subject which focuses on how to obtain valid analytical measurement results. Trade concerns over pesticides in meat exports, heavy metals in food, antibiotic residues and so on have produced a number of examples of very costly analytical mistakes. The theory of metrologically traceable measurement results, how to estimate measurement uncertainty (see “Uncertainty of Measurement” below), and how to decide if two samples come from the same source are some of the areas in which my group has taken an interest. My project with IUPAC on metrological traceability (see “Traceability chain” below) of measurement results and various interests with the National Measurement Institute (NMI) make our group the main academic focus for metrology in chemistry in Australia. On the practical side our Ph.D. student, Kittiya Muaksang, is developing a reference method for the analysis of nitro-furan residues in food. Greg O’Donnell, who works for Testsafe Australia (part of Workcover, NSW), has developed practical approaches to estimating measurement uncertainty for batch analyses in which run bias can be measured.

              In the University I have developed, coordinate, and teach a postgraduate program Chemical Analysis and Laboratory Management. In this we have a course on quality assurance and laboratory management (CHEM7111, see “quality assurance and laboratory management” below) dealing with various aspects of metrology and how to run a laboratory. I have published the material I have been teaching in this course and aspects of research in my new book ‘Quality Assurance in the Analytical Chemistry Laboratory.’
              Uncertainty of Measurement
              If y = f(xi) and we know u(xi), what is u(y)?

              where uc(y) is the combined standard uncertainty, ∂y/∂xi is the sensitivity coefficient (ci) and ri,k is the correlation coefficient. The double sum term is zero if the xi are independent.
              Traceability Chain

              Quality Assurance and Laboratory Management

              • Nemesis said, on අගෝස්තු 8, 2013 at 11:00 පෙ.ව.

                මේකත් බලලම ඉන්නකෝ

                http://www.lankadeepa.lk/index.php/top_story/159652

                • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 11:08 පෙ.ව.

                  Nemesis,

                  ඔයත් මේකත් බලලම ඉන්නකො.

                  1

                  2

                  3

                  • Nemesis said, on අගෝස්තු 8, 2013 at 11:21 පෙ.ව.

                    අනේ මටනම් ඔය ලොකු ගණිත සූත්‍ර වැට හෙන්නෙ නෑ, අපේ අම්මල මොළේ ඩබල් වෙන පිටි කිරි අපිට දුන්නෙ නෑනෙ 🙂 දැන් අපි පිලිගන්න ඕනෙ මොන වාර්ථාවද?

                    Fonterra කියනව ප්‍රොෆෙසර්ගෙන් අහන්න කියල, ITI එක කියනව එයාල අන්තර්ජාතික ප්‍රම්තීන්ට අනුකූලව පරීක්ෂණය කලා කියල, තව එයාල කියනව Fonterra එකට සාම්පල මෙන්ම පරීක‍ෂණය සඳහා යොදාගත් ක්‍රමවේදයද තම ආයතනය වෙත ලැබීමට සලස්වන ලෙස.

                    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 11:25 පෙ.ව.

                      Nemesis,

                      ඇන්කර් තවත් බොරු කියයි කියලා සබැඳියක් මට මුහුණුපොතෙන් දෙන අයෙක් අහන්නෙ කාව විශ්වාස කරන්න ද කියන එක තමයි.

                      නවසීලන්ත DCD වාර්තාව නවසීලන්ත ආණ්ඩුව පිළිගෙන තියනවා. ලංකාවේ ITI වාර්තාව ලංකාවේ ආණ්ඩුව පිළිගෙන තියෙනවා.

                      මෙහෙම දෙපැත්තක ඉඳන් අරයා බොරු කියනවා කියද්දී, මම ගෙනයන පුද්ගලික ප්‍රතිපත්තිය මෙයයි: බොරු කියා හෙළි වූ ඉතිහාසය වැඩියෙන් තියෙන්නේ කාට දැයි කල්පනා කිරිම … නවසීලන්ත ආණ්ඩුවට ද? ලංකාවේ ආණ්ඩුවට ද?!!!!

                    • Nemesis said, on අගෝස්තු 8, 2013 at 11:37 පෙ.ව.

                      හැබැයි ඉතින් පැහැදිලි එක දෙයක් තියනවා, ඒ ගොල්ල කියන තරම් එයාලගෙ කම්හල් ඉස්තරම් නැති බව. ඔච්චර පරීක්ෂණ කරනවනම් ඕක පිටවෙන්න කලින් අහුවෙන්න ඕනෙ නේ.

                      හරියට අර රජ්ජුරුවන්ට හකුරු හදන හැටි කිව්ව වගේ තමයි.

                      හැබැයි ලන්කාවෙ පෙන්නන පිටි කිරි දැන්වීම් වල කියන පරික්ෂණ 300 ටම අහු නොවී ඔය කියන බැක්ටීරියාව ආව නම් අපිට ඔය කියන පරීකෂණ ගැන කොහොමත් විශ්වාස කරන්න බෑ.

                    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 12:26 ප.ව.

                      Nemesis,

                      ලොකු ගණිත සූත්‍ර නෙමෙයි ජීවත්වෙන්නට හැකි ගණිත දැනුමක් ද නැති වග පෙන්නෙ. එහෙම නැත්නම් ලියලා තියෙන දෙයක් කියවන්නෙ නැතිකම.

                      ඊට පස්සෙ මේවා හැමෝටම පෙන්න දැම්මෙ නැතිවුනාම අරුණිට උත්තර දෙන්න බැරි ප්‍රශ්න ඇහුවම එයා දාන්නෙ නැහැ කියලා ආතල් ගන්නවා.

                      සටහනේ කියා ඇති පරිදි, දිනයක දී කිරිපිටි කිලෝග්‍රෑම් 60 ක් බිව්වොත් පමණයි යුරෝපියන් ස්ටෑන්ඩර්ඩ් වල දී සම්මත පරිදි ආරක්ෂාවෙන් පිටට යන සීමාවට පවා ළං වෙන්නට හැකි වෙන්නේ.

                      ලංකාවේ විකුණන එක කිලෝග්‍රෑමයක් තියෙන ඇන්කර් පෙට්ටි හැටක තියෙන කිරිපිටි දවසකට පානය කරන එක කෙනෙක් ඉන්නවා ද?!!!!!!!!!

                      එහෙම මිනිස්සු ලොව නැත්නම් ඒ අය බොන තරමට වඩා තරමක් බීම නිසා වසවිෂ වේදැයි ගණන් බැලිය යුත්තේ ඇයි?

                    • Nemesis said, on අගෝස්තු 8, 2013 at 1:26 ප.ව.

                      මට නොතේරෙන්නෙ දවසට කිරි පිටි 60Kg ක් බොන එක නෙමේ. එයාල කියන සුපිරි කම්හල් වල හදපු කිරි පිටි වල බැක්ටීරියාව අඩන්ගුයි කියල හොයා ගන්න මෙච්චර කල් ගියේ මොකද කියලයි.

                      http://www.just-food.com/news/botulism-scare-prompts-china-ban-on-fonterra-products_id124028.aspx

                      “While the product was manufactured 15 months ago, Fonterra only became aware that the ingredient contained unacceptable levels of the bacteria on 31 July. The company had noted “high levels” – that were nonetheless within the permitted thresholds – in March of this year, when the ingredient began to be shipped for use in consumer products, a source told just-food. Further tests were then conducted.”

                    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 2:18 ප.ව.

                      Nemesis,

                      මම හිතුවේ ඔයා මේ ලංකාවේ ITI වාර්තා ගෙනැත් ඒවා ගැන අහපු නිසා DCD ගැන අහනවා කියල. මොකද ඒවයෙ විභාග කරලා තිබුනෙ DCD විතරයිනෙ.

                      “විය හැකි” දෙයක් ගැන වෙන්න කළින් ටෙස්ට් කරලා රිසල්ට් ගන්නෙ කොහොම ද කියලා හොයාගත්තම ලෝකෙටම කියලා දීලා ඔයාට නොබෙල් තෑග්ගක් දිනාගන්න පුළුවන් වේවි. 😀

                      ලංකා පාලකයන්ගේ අක්‍රමිකතා නිසා සත්‍යයෙන් ජීවිත අහිමි වෙලා තියෙන රටක් වූ ලංකාවේ අයට ලෝකයේ වෙනත් නම් කරන ලද රටවල ‘බොටුලයිනා ගැන බිය පැතිර යාම’ ගැන ඔච්චර කැක්කුමක් ඇයි? බොටුලයිනා තියෙනවා විය හැකි යැයි බියක් පැතිර ඇති ෆොන්ටෙරා කිරිපිටි තොගය නිසා මේ වෙනත් රටවල් වල මිනිස්සු කිසිම කෙනෙක් මැරිලත් නැහැ, කිසිම කෙනෙක් රෝගී වෙලාත් නැහැ. ඒත් ඒ පිටිකිරි නිසා “බියක් පැතිර යැවීමක්” ගැන සෑහෙන්න අමාරුයි ලංකාවේ සමහර අයට, පිටරටින් ඇහෙන “විය හැකි” දෙයක් ගැන බයවෙන අයට, තමන්ගෙ රටේ මැරෙන මිනිස්සු ගැන ඔහොම කෑ ගහන්න බැරි T56 වලට බය නිසාලු!!!!

                      බොටුලිනම් රසායනය කලවම් වූවා යැයි සැක කරන කම්හලේ හදපු WPC80 තොග ගිය ඔස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, සවුදි අරාබිය, තායිලන්තය, වියට්නාමය, හොන්ග් කොන්ග් යනාදී රටවලට පමණක් විකුණන ලද බව කියන්නේ නවසීලන්ත රජයයි.

                      “විය හැකි වූවකින්” දැනට කිසිවෙකුට හානියක් සිද්ධ වී නැති බව ලෝක වාර්තා කියෙව්වාම දැනගන්න පුළුවන්.

                      ඔබ අමුණන වාර්තාව ලියන අය //world’s largest dairy exporter confirmed a batch// යැයි පෙන්වන්නට මූලාශ්‍රයක් අමුණලා තියෙනවා ද? එයා කොයි නවසීලන්ත ආණ්ඩුවේ නිලධාරියාගේ ද, නැත්නම් කොයි ෆොන්ටෙරා සමාගමේ නිලධාරියාගේ නම ද සඳහන් කරලා තියෙන්නෙ?

                      ෆොන්ටෙරා සමාගම සහ නවසීලන්ත ආණ්ඩුව කියා ඇත්තේ potential contamination එකක් ගැනයි. potential යන වචනයේ අර්ථය “විය හැකි” යන්නයි.
                      Products known to be potentially affected are confined to three batches of whey protein concentrate (38 metric tonnes in total) manufactured at one Fonterra plant in New Zealand.

                      දැන් වැරද්ද මොකක් ද යැයි අවබෝධ වෙලා වෙන්නැති ඔන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ධර්ම වන්නිනායක විසින් රොයිටර් සේවයට කියා තියෙනවා රේගුවට නවසීලන්ත කිරි නිෂ්පාදන නවත්වන්න කිව්වේ බොටුලයිනා බිය පැතිර යාම නිසා කියලා. ඉතින් හෙට අනිද්දා වෙද්දී ලංකාව ඒ විය හැකි තොග ආවේ නැහැයි කියලා ඕක ආපහු කඩ රාක්ක වලට දාවි. ලෝකෙටම පේන්න අනාගත්තෙ මම නෙමෙයි පාඨලී චම්පික රණවක මහත්තයා කියල කිසිම කෙනෙක් ඒ වුනාට කියන එකක් නැහැ!!!!! ඇයි ඔහෙ ඉන්න උදවිය T56 වලට බයයිනෙ!!!! 😀

      • Nemesis said, on අගෝස්තු 8, 2013 at 10:34 පෙ.ව.

        මෙතන තියනවා වාර්ථාව, කියවල බලල අදහසක් දාන්න.

        http://lankacnews.com/sinhala/main-news/98957/

        • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 10:41 පෙ.ව.

          Nemesis,

          ඇයි ඔබ මේ ප්‍රතිචාරය දමන සටහන සම්පූර්ණයෙන් කියව්වෙ නැද්ද?

          ඊට පස්සෙ ඒ සටහනේ විචාරක අහන ප්‍රශ්නයකට දාපු මේ පිළිතුරත් කියවන්න: https://arunishapiro.wordpress.com/2013/08/07/හැමෝම-එසේ-හිතනවා-නිසා-එය-න/#comment-13492

          ධනවාදය යනු තමන්ට උවමනා පරිදි නිර්වචනය කරමින් හදාගෙන එය විවේචනය කළ කාල් මාක්ස් සේ චම්පික රණවක ඇමතිතුමා ද තමන්ට උවමනා විදියට DCD පෙන්වන වාර්තාවක් හදා ගත්තට එය සත්‍යයක් යැයි ලෝකයේ පිළිගැනීමට පාත්‍ර වූ සත්‍ය විද්‍යාඥයන් බාර ගන්නේ නැතිකම හැමදාම ගේන අධිරාජ්‍යයවාදී කාඩ් එකෙන් දිනන්න බැරි තර්කයක්. එය ලෝකෙටම පෙන්වන්නේ ලංකාවේ මැරවර දේශපාලනයේ බලය පමණයි. එයින් සිද්ධ වන්නේ වෙඩි උණ්ඩයට බිය වී සිටින ලංකාවේ සත්‍ය විද්‍යාඥයන්ගේ පුද්ගලික ගෞරවයට ද මහත් කැළලකි.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on අගෝස්තු 8, 2013 at 12:36 පෙ.ව.

    මේ මා මාතලන් ගේ මේ සම්බන්ද ලිපියට ඔබට අවලාද නගමින් දැමූ කොමෙන්ට් එකට.දුන් පිළිතුරයි.
    /ඔබේ මොළය හා අයිතිය භාවිතා කරන්න!//
    /ගැමියෝ කියන්නේ නිකං නෙමෙයිනේ..//
    ගැමියන්ට ඇත්තේ ගැමි මොලයකි ගැමියන්ට අයිතීන් ගැන දැනුමක් නැත. මෙම ගැටලුව ගැන ලාංකිකයන් බලන්නේ තම කොදෙව් ගැමි මොලයෙනි. මෙවැනි කොම්පැනියක් අත් වැරදීමකින් මිස උවමනාවෙන් විෂ සහිත පිටිකිරි නිෂ්පාදනය කරනවා යැයි සිතීම ගැමි මුග්ධත්වයයි එසේ කිරීම තම ව්‍යාපාරය සියදිවි නසා ගැනීමකට ලක්කර ගැනීමක් බව ලංකාවේ මෝඩ වම්මු නොදැන හිටියාට මේ ධනපති කොම්පැනි අයිතිකරුවන් දනී. මෙවැනි සිදුවීමකදී එම අදාළ තොගය recall කිරීම සාමාන්‍ය දෙයකි.මෙතැනදී toyota වැනි ජපන් සමාගමක් උදාහරණයට ගන්න සමහර විට යම් තාක්ෂණික ආබාධ සහිත වාහන වෙළඳපොලට නිකුත්කර ඇති බව පසුව හදුනාගෙන එම වසරේ එම වාහන තොගය recall කරයි,මේවා ලාංකික ගැමි මෝඩ වම්මුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ටොයෝටා කොම්පැනිය ලාභ ගැනීම සඳහා මිනිසුන් මැරීමට බ්‍රේක් කැඩෙන වාහන වෙළඳපොලට නිකුත් කිරීමක් විය යුතුය. මෙම ප්‍රශ්නයේදී කල යුත්තේ අදාළ කිරිපිටි තොගය වෙළඳ පොලෙන් ඉවත් කිරීමයි. බහු ජාතික සමාගම් වලට එරෙහිව ඔවුන් අපට වස දෙනවා යැයි කීම මෝඩ ගැමි වම්මුන්ගේ ආතල් එකක් පමණි.

    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 1:08 පෙ.ව.

      Uditha,

      ගැමියන් කියලා එක ගොඩේ දාලා අයිතීන් ගැන දන්න, මේවා ගැන හිතන්න හොඳට පුළුවන් යැයි මම හඳුනන ගැමි අයටත් නිග්‍රහ කරන්න එපා උදිත. 🙂

      මේක recall එක ගැනත් නෙමෙයි. මොකද ලංකාවට එවපු කිසිම කිරි ආහාරයක් එහෙම recall එකකට ලක්වූයේ නැහැ.

      මේක පිටරටවල අය බොරු කියනවා කියමින් තමන් කිසිම පැකිළීමක් නැතිව ගජබින්න ඇද බෑම ගැනයි!!! GMOA නිලධාරීන් ඇතුළු තහනමට එකඟ වූ සියල්ලන් විසින් සිය තනතුරු වලින් ඉල්ලා අස්විය යුතුයි ඔවුන්ට ලැජ්ජාවක් කියා දෙයක් තියෙනවා නම්. මොකද විශ්වාසී රස්සාවන් කරන ඔවුන් තමන් ගන්නා තීරණයන් වල දී දැනසිටි යුතු දේවල් නොදැන සිටීම යනු තම වගකීම් පැහැර හැර තිබීමක්.

      රුසියාවයි චීනයයි ගහන කෙප්ප තමන්ටත් කියලා බේරිලා ඉන්න පුළුවන් කියල හිතන මේ මිලියන විස්සයි ගානක ජනතාවක් ඉන්න බංකොළොත් පුංචි ලංකාව යනු ගෝලීය වෙළඳපොලක විශ්වාසය දිනා ගන්නට ඉතා දැඩි වෙහෙසක් ගත යුතු වූවක් කියා දන්නෙ නැති මැරවර පාලකයන් නිසා රටක් අනාථ වෙනවා. ඒ මැරවරයන්ගෙ සාක්කු පුරවමින් උඩගෙඩි දෙන අය මරන්නෙ තමන්ගෙම රටේ ජනතාව.

  4. සමන් said, on අගෝස්තු 8, 2013 at 3:30 පෙ.ව.

    //නවසීලන්තය කරන කිරිපිටි පර්යේෂණ වල දී පෙනී යන්නේ ඉතා ඇබිත්තන් (minute) ප්‍රමාණ වලින් DCD කිරි නිෂ්පාදන වල දැකිය හැකි බවයි. එය මිනිස් පරිහරණයේ දී කිසිත් හානියක් නොවන ප්‍රමාණ යැයි නවසීලන්ත ආණ්ඩුව තහවුරු කර ඇත. //

    කාරුණාකර මූලාශය දක්වන්න..:) 🙂 🙂 ස්තුතියි.

    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 7:16 පෙ.ව.

      සමන්,

      //ඩයසයිනඩයිමයිඩ් (DCD) කෘෂිකර්මයේ දී යොදාගන්නා රසායනයකි.// යන සටහනේ ඇති වාක්‍යයේ “ඩයසයිනඩයිමයිඩ් (DCD)” යන්නට අමුණා ඇත්තේ අවශ්‍ය මූලාශ්‍රයයි. එතැනට ගියාම එහි දී ඇති http://www.mpi.govt.nz සබැඳියෙන් නවසීලන්ත ආණ්ඩුවේ Ministry of Primary Industries වෙත යා හැකියි. එම MPI රාජ්‍ය ආයතනයේ අඩවියේ දී Industry requirements, Policy & law, Science & risk, Recalls & warnings යනාදී උප සිරස්තල යටතේ food safety ගැන තොරතුරු අතර මා සටහනේ දැමූ විස්තර සොයාගත හැකියි.

      මෙන්න නවසීලන්ත පුවත්පතකින් නවසීලන්ත ආණ්ඩුව විසින් මහජනතාවට වැටහෙන පරිදි එය තහවුරු කරන cross reference එකක්:

      “The Ministry of Primary Industries has moved to reassure overseas consumers that New Zealand milk is safe after a Sri Lankan government minister warned it could be contaminated with radioactive chemicals.

      Sri Lanka’s Agriculture Minister, Mahinda Yapa Abeywardena, urged people in the country to refrain from drinking imported powdered milk from New Zealand as it could also contain the toxic agricultural substance dicyandiamide (DCD).

      Sri Lanka’s Atomic Energy Authority claimed in Colombo’s Sunday Times it had faced pressure from New Zealand officials to suspend testing of New Zealand milk powder samples.

      Yesterday, Ministry for Primary Industries deputy director-general Carol Barnao said the ministry considered sampling of every consignment of New Zealand milk powder for radioactivity to be unnecessary.

      “In light of the scientific evidence and the history of compliance by New Zealand, MPI sought the suspension of routine testing for radiation in New Zealand milk powders, or a significant reduction in the frequency,” she said.

      Ms Barnao said the ministry already provided an official assurance that the level of radioactivity in New Zealand animal products is negligible, with levels consistently below 1 unit per kg.

      Sri Lanka had never found non-compliance despite testing New Zealand products for more than a decade, and no other country required every consignment to be tested, she said.

      Voluntary testing by the ministry and the dairy industry had been conducted on more than 2000 samples for DCD.

      “Even the highest tested levels of DCD residue discovered were many times below unsafe levels,” Ms Barnao said.

      New Zealand’s trading partners, including Sri Lanka, were informed about the presence of low levels of DCD in some milk powder products in January.

      She said no country had rejected any New Zealand product on the basis of DCD and most trading partners had “formally accepted” assurances about the safety of dairy products.

      A statement released by the New Zealand High Commission in New Delhi yesterday also said there was no need for consumers in Sri Lanka to be concerned.

      “Extensive research has shown no food safety risk at the levels of DCD detected. It is of very low toxicity, and even with extremely high doses it has been difficult to identify any adverse effects,” the statement said.

      No dairy products had been withdrawn from sale “because they are all safe for consumers”.

      Sri Lanka is New Zealand’s fifth-largest market for milk powder and Fonterra has exported products to the country for over three decades, according to New Zealand Trade and Enterprise.

      The DCD concern was also raised last year by China, where 90 per cent of imported milk powder is from New Zealand.

      The Chinese Government requested a recall of 5 per cent of the brands affected by DCD “to end the crisis”, after New Zealand said less than 5 per cent of farms here used DCD and assured China that milk products sold there were safe.

      NZ and Sri Lanka

      * 98 per cent per cent of New Zealand’s exports to Sri Lanka are dairy products.

      * Exports were worth $308 million for the year to March 2011.

      * Sri Lanka is New Zealand’s fifth-largest market for milk powder.”

  5. Koluwa said, on අගෝස්තු 8, 2013 at 3:28 ප.ව.

    I read the ITI method used to analyse DCD today(HPLC coupled with UV/Vis) which is obsolete.The best method is HPLC coupled with LC/MS.Although ITI claims their labs are accredited I seriously doubt their accreditation.I personally know that they do not follow the proper methodolgy.(Example-Installation/Operation/and Performance Qualification of instruments,Using standard reference materials,Carrying out system suitability Checks and spike recoveries,using method validation etc.).It is better off to ask from GOD NAATHA rather relying on ITI results.

    • arunishapiro said, on අගෝස්තු 8, 2013 at 3:36 ප.ව.

      Koluwa,

      tests don’t matter anymore, all intentions were achieved by all those involved in the Sri Lankan power struggle. DCD issue was never a real issue.

      • සමන් said, on අගෝස්තු 9, 2013 at 12:25 පෙ.ව.

        //මෙහෙම දෙපැත්තක ඉඳන් අරයා බොරු කියනවා කියද්දී, මම ගෙනයන පුද්ගලික ප්‍රතිපත්තිය මෙයයි: බොරු කියා හෙළි වූ ඉතිහාසය වැඩියෙන් තියෙන්නේ කාට දැයි කල්පනා කිරිම … නවසීලන්ත ආණ්ඩුවට ද? ලංකාවේ ආණ්ඩුවට ද?!!!!//

        මෙකද අරුනිගේ විද්‍යාත්මක චින්තනය????

        • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 12:45 පෙ.ව.

          සමන්,

          සමහර අයට තාර්කික සත්‍යය වැටහෙන්නෙ නැහැ සමහර අයට විද්‍යාත්මක චින්තනය වැටහෙන්නෙ නැහැ. ඇයි හැම විටම පුද්ගලික ප්‍රතිපත්තියක් හැදෙන්න ඕනෑ මහජනතාව රවටන ප්‍රෝඩාව මත පදනම් වෙලා විතර ද?

          • සමන් said, on අගෝස්තු 9, 2013 at 2:34 පෙ.ව.

            ITI වැරදියි , ලංකාවෙ නොවෙන අය හරි කියන කියන පූරව නිගමනයෙ ඔච්චර තදින් එල්බගෙන ඉන්නෙ මොන තර්කයක් මතද? ඇයි ITI හරි වෙන්න බැරි? එක්කෙනෙක් කියනවා A වස කියලා. 10 කියනවා..වස නෙමේ කියලා. 10 දෙනා හරි නම් සහ එක්කෙනා වැරදි නම් ප්‍රශ්නයක් නැනෙ. නමුත් 1 කෙනා හරිනම් තමා ප්‍රශ්නෙ. ඉතින් ඒ සදහා පූර්ව ආර්ක්ශන ක්‍රියාගත්තාම මොකද?

            ඔයා වගේ ලිබටෙරියානු චින්තකයෙක් උනත් අන් මත ඉවසන්නේ නැතිව තමන්ගෙ එකම හරි යැයි සිතීම කනගාටුයි. සමහර විට ඔයා මගේ මේ ප්‍රතිචාරය පල නොකරයි එකට කමක් නැ. මොකද මේක ඔයගෙ බ්ලොග් ඒක නේ.එත් ඒ නිදහස දෙන්න ඔයා සූදානම් නැ කියන්නේ ඔයත් සම්පුර්නයෙන්ම ඔයා පෙනී සිටින මතවාදය පිලිගන්නේ නැකියන එකයි. ඔයා ඔයාගෙ අදහස් ප්‍රතික්ෂෙප වෙන ආකාරයෙ මත පල නොකරන බව මම දන්නවා.. මේ ලගදි මුතුනායක ගේ සහ අද ලසන්තගෙ, සති කීපයකට කලින් මගේ ප්‍රතිචාරයක් ඔයා පල කලේ නැ. අයෙත්, මේක ඔයගේ බ්ලොග් එක, ඔයගෙ නිදහස.:)

            තමන්ගෙ අදහස් නිර්භීතව ලියන ඒ වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් යැයි පැහදීමක් තිබුනා..හැබයි දැන්නම් සැකයක් තියනවා…(ලංකාවෙ අය ලංකාවෙම කිරි බොන්න ඕනි කියන කෙනෙක් නෙමෙ මම )…:):)

            • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 2:41 පෙ.ව.

              සමන්,

              ITI වැරදි යැයි ඔප්පු වී ඇත්තේ විද්‍යාත්මක සත්‍යයන් ඇසුරින්. ඒක ලංකාවේ මිනිස්සු හරි ද වෙනත් රටක මිනිස්සු හරි ද හෝ අරුණි හරි ද යන එකක් ගැන නොවෙයි.

              ලිබටේරියන්වාදී චින්තකයෙක් වීම යනු අනුන් ඔවුන් කැමති නොදන්නාකමේ ලැග සිටිමින් සතුටු වීමට පාර නොකපන අයෙක්. නිර්භීත යැයි කියමින් තමන් කැමති නූගත් අදහස් ඕනෑ තරම් බෙදා හදාගන්න, මම එහෙම තැන් වලට ඇවිත් ප්‍රතිචාර දමන්න කොච්චර වෙහෙසනවා දැයි සොයා බලන්න.

              ලිබටේරියන්වාදයේ කොතැනක වත් අනුන්ට ඇවිත් තම නිවහන කැත කරලා යන්න නිදහසක් හෝ අයිතියක් දිය යුතු යැයි කියලා නැහැ.

  6. ලසන්ත said, on අගෝස්තු 9, 2013 at 12:39 පෙ.ව.

    මේකත් අහන්නකෝ.. එළකිරි වෙනුවට ඌරු තෙල් බොන හරක් මේකත් අහන්නකෝ..
    මේ සම්බන්ධයෙන් අදහස් පල කරන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කලේ බහුජාතික සමාගම තම නිෂ්පාදනවල ඞීසීඞී විෂ ඇති බව දැන් පිළිගෙන ඇති බවයි. ඔවුන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කල යුතු යයිද පැවසූ ඒ මහතා ෆොන්ටෙරා සමාගම ආහාරවලට විෂ වර්ග එක් කිරීම සම්බන්ධයෙන් පෙර වැරදිකරුවෙක් යයිද කීවේය.
    http://vocaroo.com/i/s0MZgfD8JZCo

    • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 12:49 පෙ.ව.

      ලසන්ත,

      මේ හෙළයන්ට ජාතිද්‍රෝහියෙක් වෙන්න එපා ඕවා පෙන්නලා දීලා. ප්ලේටෝගේ දාර්ශනික රජවරු අදහන එයාලට ගුහාවකට වෙලා එයාලගේ මිත්‍යා දෘශ්ටියේ එල්බ සිටීම ඇත්ත දැනගන්නවාට වඩා මාර ආතල්.

      • ලසන්ත said, on අගෝස්තු 9, 2013 at 1:01 පෙ.ව.

        නෑ අරුණි. මම “එළකිරි වෙනුවට ඌරු තෙල් බොන හරක්” කිව්වෙ ෆොන්ටෙරා බොන අයට. මොකද ෆොන්ටෙරා “වේ ප්‍රෝටීන්” අයින් කරලා ඔය එක එක තෙල් දාන නිසා.

        • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 1:05 පෙ.ව.

          ලසන්ත,

          ඔයා දාලා තියෙන ලින්ක් එකක එහෙම කියලා නැහැනෙ. Whey protein කියන්නෙ ගවයන්ගේ කිරි වලින් හදන චීස් වල අතුරු නිෂ්පාදනයක්. අහලා නැද්ද ලිට්ල් මිස් මෆට් ගැන; eating her curds and whey කියලා. ඒවා කිරි ආහාර.

          ඌරු තෙල් වලින් හදනවා නම් සවුදි අරාබියට විකුණන්නෙ කොහොම ද?

          අනික ඌරු තෙල් වලින් හදලා තියෙනවා කිව්වොත් දැන් කොහොම ද මෙච්චර දවසක් ගවයන් කන තණකොළ කාලා DCD එකතුවුනා කියන්නෙත්!!!!

          • ලසන්ත said, on අගෝස්තු 9, 2013 at 1:17 පෙ.ව.

            කිරි මේදය ඉවත කරලා සත්තව තෙල් දානවා කියලා තමා තියෙන්නෙ..Whey protein නෙමෙයි තමා. කොහොම උනත් ඒක ෆොන්ටෙරා පිලී අරන් තියෙනවා අපෙ වගෙ දුප්පත් රට වලට ඔය මිලට කිරි මේදය තියෙන කිරි දෙන්න බෑ කියලා…ඒක නිසා බාහිරව සත්ව තෙල් හා අනං මනං එකතු කරනවා කියලා..අපි මොටද ඕවා බොන්නේ. මෙහේ හොඳ කිරි තියා ගෙන නේද?

            • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 1:28 පෙ.ව.

              ලසන්ත,

              සත්ව තෙල් යනු ඌරු තෙල් පමණක් විදියට පෙන්නීම ප්‍රෝඩාවකි!!! ඇයි බොරු කියන්න අවශ්‍ය?!!!! ලංකාවේ හදන කිරි හොඳ යැයි හිතන කෙනෙක්ට ඒවා පමණක් බීමට තහනමක් කවුද දාලා තියෙන්නෙ?

              ඊ ළඟට පරිසර ආරක්ෂක ආයතනය (EPA) ලවා කිරි (milk) යනු තෙල් (oil) හැටියට වර්ගීකරණය කරගත්තට එය තෙල් වෙන්නෙ නැහැ. තමන්ට උවමනා පරිදි නිර්වචනයක් හදාගත්ත පමණින් යමක නෛසර්ගික පැවැත්ම වෙනස් කරන්න බැහැ.

              වර්තමානයේ දී කිරි මේදය යනු අහක විසිකරන චීස් කුඩු කරලා හදපු එකක් නෙමෙයි. එයට එකතු කරන පෝෂණ පදාර්ථ සත්‍ය විද්‍යාඥයන් විසින් සොයා බලා ඒවායේ වැදගත්කමක් තියෙනවා කියල පිළිගත්තු ඒවයි. මම දාන සබැඳියේ තියෙන්න මේ විද්‍යාඥයාගේ දැක්ම: Tunick, M.H. 2008. Whey Protein Production and Utilization. In: Onwulata, C.I., Huth, P.J., editors. Whey Processing, Functionality and Health Benefits. Ames, IA: Blackwell Publishing and IFT Press. p. 169-184.

              • ලසන්ත said, on අගෝස්තු 9, 2013 at 1:52 පෙ.ව.

                ඔයාට නම් මොකද..ඔයාගෙ නිර්වචනත් ඔයාට ඕන හැටියට.. මගෙත් එහෙමයි. වස වගේම අපේ ගෙවුම් ශේෂය ගැන හිතුවත් ලංකාවෙ දෙයක් බොන එක තමා හොඳ. නැත්නම් ඔය පිටට යන සල්ලි පියවන්න තව අම්මලා ටිකක් මැද පෙරදිගට විකුණන්න තමා වෙන්නේ. ඔයා මේ නිදි මරාගෙන ෆොන්ටරා වෙනුවෙන් ලියන්නේ ඇයි කියලා මම මේ කලපනා කළේ.

                • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 1:55 පෙ.ව.

                  ලසන්ත,

                  ඔප්පු කරන ලද විද්‍යාත්මක සත්‍යයක් යනු තමන් කැමති විදියට හදා ගන්න නිර්වචනයක් නොවේ.

                  //වස වගේම අපේ ගෙවුම් ශේෂය ගැන හිතුවත් ලංකාවෙ දෙයක් බොන එක තමා හොඳ.// මෙය ඔබ අර්ථ ශාස්ත්‍රය නොදන්නාකම නිසා විශ්වාස කරන තවත් දුර්තමයකි.

                  //ඔයා මේ නිදි මරාගෙන ෆොන්ටරා වෙනුවෙන් ලියන්නේ ඇයි කියලා මම මේ කලපනා කළේ.// සමහරු මට ෆොන්ටෙරා වල කොටස් වෙළඳපොල අයිතියක් තියෙනවා බව දැක්කා වගේ ගජබින්න ලියනවා .. ඔයා දන්නෙ කොහොම ද මම ඉන්න තැන මේ වෙලාවේ දහවල් කාලය ද රාත්‍රී කාලය ද කියා? වර්ඩ්ප්‍රේස් වල Timezone තමන්ට උවමනා තැනක් දක්වන පරිදි දාන්න පුළුවන්.

  7. අමල් ප්‍රසන්න said, on අගෝස්තු 9, 2013 at 8:04 පෙ.ව.

    //රුසියාවයි චීනයයි ගහන කෙප්ප//
    ඒ කියන්නෙ රුසියාවයි චීනයයි නවසීලන්ත කිරි නිෂ්පාදන ආනායනය තාවකාලිකව අත්හිටව්ව කියන්නෙ බොරුද?

    මේ තමයි මගේ පලවෙනි කමෙන්ට් එක
    අරුණි කියවන්න ආස කෙනෙක නිසා මගේ රෝගය ගැන තියන මේ විස්තරෙත් පුලුවන් උනොත් බලන්න.
    http://en.wikipedia.org/wiki/Duchenne_muscular_dystrophy
    ‍මොකද හිතෙන්නෙ කියල මට මේල් කකරන්න.
    prasannaisp@gmail.com

    • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 8:42 පෙ.ව.

      අමල් ප්‍රසන්න,

      චීනයේ බොරුව මේ වසරේ ජනවාරි අග දී චීනය ට එවන ලද කිරිපිටිවල DCD ඇතැයි චෝදනා කරද්දී එය නොමැති බව ෆොන්ටෙරා විසින් විද්‍යාත්මක සාක්ෂි ඔප්පු කිරීමෙන් පසුව පිළිගෙන අනතුරුව පරිසරයේ ස්වභාවයෙන් ම පවතින බොටුලයිනා උවදුරය ෆොන්ටෙරා කිරිපිටි වල “විය හැකි” පැවසීමයි. “විය හැකි” තොග ආපසු ගෙන්වා ගෙන ඒවා ලොව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයකින් පරීක්ෂා නොකර ඒ ගැන තීන්දුවක් ෆොන්ටෙරා සමාගමට දිය නොහැකියි. ඒ නිසා ඔවුන්ට ඒ තොග ආපසු ගෙන්වා ගැනීමට (recall) සිද්ධ වූවා. එහෙයින් එම බොරු චෝදනාව යටතේ කිරිපිටි ආනයන සියල්ල නවතා දමන්න චීනයට හැකිවුණි. චීනය යනු ෆොන්ටෙරා කිරිපිටිවල විශාල වෙළඳපොල නිසා එය චීනයට කරත හැකි වූ වෙළඳ ගුණ්ඩුවක් හැටියට යොදා ගත් කෙප්පයකි.

      රුසියාවේ බොරුව නම් තම රටට එවන ලද ෆොන්ටෙරා කිරිපිටිවල DCD හෝ බොටුලයිනා අවදානමක් දකින්නට නොහැකිව තිබිය දී, චීනය කියන නිසා පැතිර ගිය “බොටුලයිනා අවදානයක් තිබිය හැකි,” කතාව නිසා (නැවතත්, රුසියාව එම විය හැකි තොග ලැබුණු රටක් ද නොවේ) තම රටේ එය තහනම් කිරීමයි.

      රුසියාව සහ චීනය කිව්වෙ කෙප්පයක් (lie); අවදානමක් තිබිය හැකි නිසා නවතා දැමීම.

      ලංකාව කිව්ව ගජබින්නයක් (whopper). සත්‍යයෙන් ම DCD තියෙනවා කියමින් නවතා දැමීම.

      ඔබට ඇති DMD ගැන මගේ කණගාටුව. මෙහෙ වාසය කරන වයස 41 ක් වූ DMD ඇති අයෙක් බ්ලොග් එකක් ලිව්වා. දැන් ඒක නැහැ. එයාගෙ යෙහෙළියක් මේ එයා ගැන දාලා තියෙන විස්තරයක්: http://waringis.com/scott-sands/

  8. අමල් ප්‍රසන්න said, on අගෝස්තු 9, 2013 at 9:15 පෙ.ව.

    අවදානමක් තියනවනම් ‍ගෙන්වීම තාවකාලිකව නවත්තන එක මොන රටත් කරන දෙයක් නේද?
    මේ වැඩෙන් ලංකාවට තියන එකම දේ තමයි අපේ රටේ හදනවයි කියන කිරිපිටි වෙලදදාමට යම් කිසි හොදක් වෙන එක. හැබයි ඒවත් 100% ම අවදානමක් නෑ කියලනම් මම නම් දන්නෙ නැහැ.

    • arunishapiro said, on අගෝස්තු 9, 2013 at 9:30 පෙ.ව.

      අමල් ප්‍රසන්න,

      “අවදානමක් විය හැකි,” යන්න “අවදානමක් තිබෙනවා,” යන්න නෙමෙයි. ඒ නිසයි අවංක විද්‍යාඥයන්ට නිර්භීත වෙන්න පුළුවන් T56 නැති රටවල එවැනි තහනම් දැකිය නොහැකි වූයේ. අවදානමක් විය යැයි සැක කරන ලද තොග සියල්ල එවැන්නක් තිබෙනවා ද යන්න සොයාගන්න ආපහු කැඳවන්නට (recall) අවසර දී එවැනි රටවල් අනෙක් ෆොන්ටෙරා නිෂ්පාදන හිතුමතයකට තහනම් කළේ නැහැ.

      //මේ වැඩෙන් ලංකාවට තියන එකම දේ තමයි අපේ රටේ හදනවයි කියන කිරිපිටි වෙලදදාමට යම් කිසි හොදක් වෙන එක.// මේක අර්ථ ශාස්ත්‍ර දැනුමක් නොමැති අය ජාත්‍යාලයෙන් කියමින් ජාතියට කරන සැබෑ හතුරුකමක්. කියවන්න: මම පැන්සල

      //100% ම අවදානමක් නෑ// කියන්න පුළුවන් කිසිවක් මේ ලෝකයේ නැහැ. ඒක ලෝකයේ සත්‍යය ස්වභාවයයි.

  9. අමල් ප්‍රසන්න said, on අගෝස්තු 10, 2013 at 2:30 පෙ.ව.

    //T56 නැති රටවල// අමතක කරන්න එපා ‍මොන රටෙත් යම්කිසි කාලයක් තිබුන T56 රජ කරපු (ගොඩක් රටවල තාම තියනව). ඒත් මවු රටෙන් වෙනරටකට ගිහින් මවු රට ගැන ඇහැකැක් ඇරල බලන්නෙ නැති කාලෙ මේ වගේ ධනාත්මක විවේචනයක් කරන ඔබ ගැන මට සතුටුයි.

  10. Nandasiri Wanninayaka said, on අගෝස්තු 28, 2013 at 11:42 පෙ.ව.

    අවසානයේ ෆොන්ටෙරා ගැන ඔබ කියූ දේ සත්‍ය වීගෙන එන හැඩයි. එත් මට තවමත් තියෙන ප්‍රශ්නේ කිරිවල මේදය ඉවත් කරගෙන වෙනත් ආදේශක එකතු කරනවයි කියන කතාවට ෆොන්ටෙරා උත්තර නොදෙන්නේ ඇයි?

    • arunishapiro said, on අගෝස්තු 28, 2013 at 11:56 පෙ.ව.

      Nandasiri,

      එය ඔවුන් කරන නිසා වෙන්නැති. කෙටියෙන් ඒ ගැන මෙහෙම කියන්න පුළුවන්: විටමින්/වයිටමින් සහ ඛනිජ වර්ග ස්වභාවික ආහාර වලින් සිරුරට ගැනීමට ආහාර ලබාගත නොහැකි වීම පමණක් නිසා නොව සිරුරක ස්වභාවය නිසා ද ගන්නා ආහාර වලින් නොලැබෙන අයට ඒවා විද්‍යාගාරයක හැදූ ආකාරයෙන් සිරුරට පහසුවෙන් දීමට හැකියි. ස්වභාවික වූ පමණින් හොඳ යැයි ද විද්‍යාගාරයක හැදූ පමණින් නරක යැයි ද රසායන යනු මොනවා දැයි දන්නා අය ද විශ්වාස කරන අසත්‍යයකි. ඉතින් මේදයේ අහිතකර වූ කොටස් ඉවත් කර මිනිස් සිරුරට හිතකර වඩාත් අවශ්‍ය වූ කොටස් එකතු කර සාමාන්‍ය මෙටබොලික් පද්ධතියක වර්ධනයට හා සෞඛ්‍යයට පහසුව පිණිස ආහාර කැලරි ඉදිරිපත් කිරීම අස්වාභාවික යැයි දකින අයට එය කෙසේ පැහැදිලි කරන්නේ ද?!!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: