අරුණි ශපීරෝ‍ වෙතින්

ලිප්ස්ටික් වල අවදානම් ලෝහ ඇතැයි ඇමෙරිකන් ආණ්ඩුව කියූ විට …

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 12, 2013

awesome-candy-glossy-rainbow-lips-13

ලිප්ස්ටික් වල ලෝහ අහිතකර මට්ටමකින් ඇතැයි කියමින් ඒ සොයන විමර්ශනයක් ඔබාමා රජය විසින් ආරම්භ කරන ලදි. රජයේ ආයතනයක් වූ ජාතික පරිසර සෞඛ්‍ය විද්‍යා ආයතනය යටතේ බර්ක්ලේ කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අධ්‍යයන අංශයට ඒ ගැන විද්‍යාත්මක පර්යේෂණය පවත්වන්නට රාජ්‍ය අරමුදල් ලැබිණ. එහි ලිප්ස්ටික් පරිහරණය පිළිබඳ තොරතුරු සඳහා හවුල්කර ගන්නේ “ආසියානු ඇමෙරිකන් ප්‍රජනන සාධාරණත්වය” නම් සංවිධානයේ සාමාජිකයන්ව.

ප්‍රජනන සාධාරණත්වය (reproductive justice) යැයි ඇහෙද්දී අයෙක්ට හිතෙන්නේ මේ අය දරුවන් බිහිකිරීම ගැන අවධානයක් දක්වන පිරිසක් කියාය. ලිප්ස්ටික් නිසා ඇති විය හැකි අවදානම ගැන කැක්කුමක් ඇති මේ වාමාංශිකයනට දැන් ගබ්සාව* යනු තෝරා ගැනීමක් (choice) යැයි කීම අපුල වී ඇත. එහෙම කිව්වාම සමාජයෙන් සාධාරණත්වයක් ලැබෙන්නේ නැතැයි කියමින් දැන් ගබ්සාව හැඳින්වෙන්නේ ‘ප්‍රජනන සාධාරණත්වයක්’ කියාය. ඉහත සංවිධානයේ නම “එකට ඉදිරියට” (Forward Together) යැයි පසුව වෙනස් කරගෙන ඇත. කළින් කලට නම වෙනස් කරගත්තාම කරන ක්‍රියාව වෙනස් වේ යැයි තවමත් වාමාංශික විශ්වාසයයි!!!!

බර්ක්ලේ විශ්ව විද්‍යාලය කරන ලද පර්යේෂණයෙන් හානිකර තත්වයක් ඇති කරන රසායන ඇතැයි අනාවරණය නොවීය. එහෙත් ඔවුන් අධ්‍යයනය වාර්තාවේ අනුමිතිය ලියන්නේ එහි අනතුරුදායක දේවල් තිබීම ගැන පමණක් තක්සේරු කිරීම ප්‍රමාණවත් නොවේ කියාය. අයෙක් දිනපතා පාවිච්චි කළ යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් ලිප්ස්ටික් භාවිතය නිසා සෞඛ්‍යයට අනතුරුදායක විය හැකි යැයි කියා ඊයම් පමණක් නොව අනෙක් ලෝහ සියල්ල ද තව දුරට විමර්ශනය කළ යුතු බව කියයි. බදු ගෙවන සමස්ත ජනතාව ගෙන් මංකොල්ල කන මුදල් නීතියේ බලය අතැති රජයක් විසින් නැති දෙයක් හොයන්නට නාස්ති කරන්නේ එයින් තම පක්ෂයේ අයට වාසි ලැබෙන විදියටය.

තොල් මත ගාන ආලේප යනු අලංකාරය සඳහා ම පමණක් වූවක් නොවේ. එයින් තොල් වියළී පැලී නොයන්නට ආරක්ෂාවක් ද ලැබේ.

ලිප්ස්ටික් ඉතිහාසය ඉතා පුරාතනයකට දිව යන්නකි. පුරාතන ඊජිප්තුවේ රතු තොල් henna (Lawsonia inermis) පැලෑටියෙන් ලැබුන ඩයි වලින් හදාගන්නා ලද්දකි. Fucus නම් වූ දුඹුරු ඇල්ගේ වලින් ද තොල් අලංකාර කරන රතු මුසු වූ දම්පාටක් ලබාගන්නා ලදි. වසර 20,000 කට කළින් ගල්ගුහා වල පින්තූර අඳින්නට යොදාගත් cinnabar නම් සල්ෆියඩ් ඛනිජයෙන් ද තොල් පාට කරන්නට රතු පාටක් හදාගත් නිසා එහි වූ mercury oxide වසවිෂ වී මිනිසුන් රෝගී බවට පත් වූහ.

ලෝක ඉතිහාසයේ තොල් ආලේපන භාවිත කරන ලද්දේ කාන්තාවන් පමණක් නොවේ.

යුරෝපයේ අඳුරු යුගය හෙවත් ඉස්ලාමයේ රත්තරන් යුගයේ දී මුස්ලිම් ස්පාඤ්ඤයේ අන්දලූසියා හි චිකිත්සක සහ ශල්‍ය වෛද්‍යවරයෙක් වූ ද, විලේපනවේදිනයෙක් (cosmetologist) වූ ද, Abu al-Qasim al-Zahrawi විසින් සුවඳ විලවුන් කවන ලද, විශේෂ අච්චුවල දමා රවුමට සහ ඝනට ලිප්ස්ටික් හැදීම සොයා ගන්නා ලද්දේය. මෙය වර්තමාන ලිප්ස්ටික් කූරේ ප්‍රභවය සේ සැලකේ. Al-Tasreef නමින් වෙළුම් 30 කින් යුතු වෛද්‍ය විශ්වකෝෂයක් හේ ලියන ලද්දේ ය. 12 ශ. ව. සිට 17 වැනි ශ. ව. දක්වා යුරෝපීය විශ්ව විද්‍යාලයන් බොහොමයක ප්‍රධාන වෛද්‍ය ගුරුපොත වූයේ එයයි. එහි 19 වැනි වෙළුම සම්පූර්ණයෙන් වෙන් වී තිබුනේ විලේපනවේදනයටයි.

උඩට තල්ලු වී එන කොපුවක බහාලූ මුල් ම ලිප්ස්ටික් කූර හැදෙන්නේ 1915 දී ඇමෙරිකාවේ මොරිස් ලෙවි වෙතින්. රතුපාට කුඩා කෘමියා වූ Cochineal (Dactylopius coccus) ගේ ගැහැණු සතා වෙතින් නිශ්කර්ශය කරගන්නා ස්වභාවික ඩයි වර්ගය carmine වෙයි. ඒ සාරයෙන් හැදෙන ලිප්ස්ටික් වල දුර්වලතාවය වූයේ ගෑවෙන තැනක ඇති ඩයි පැල්ලම් ඉවත් කිරීමට නොහැකියාවයි.

පහුගිය කාලයේ දී ස්ටාර්බක්ස් කොම්පැණිය තම බීම පාට සඳහා මේ කොචිනීල් කෘමීන්ගේ කාමයින් ඩයි යොදා ගැනීම නිසා හටගත් අර්බූදය ගැන මා ලියූ සටහන මෙතැනින් කියවිය හැකියි.

මාළු කොරපොතු වලින් ගන්නා ලද මුතු ඇටයක දිළිසෙන වැනි වූ ද්‍රව්‍යයක් තුලින් ලිප්ස්ටික් වල දිළිසෙන ගතිය (emollient) මුලින් නිපැද වී ඇත.

සාමාන්‍ය ලිප්ස්ටික් කූරක අඩංගු වන්නේ ඩයි 5%, ටයිටේනියම් ඩයිඔක්සයිඩ් 10%, තෙල් 40% ක්, ඉටි 20% ක්, දිළිසෙන ගතිය දෙන ද්‍රව්‍යය 25% ක් බැගිනි. හැඩයක් දෙන්නට මී ඉටි, carnauba සහ candelilla යනාදී ඉටි යොදා ගැනේ. මී ඉටි (beeswax) යනු වැඩියෙන් ම භාවිතා කරන්නයි. ඒ සඳහා යොදාගන්නා තෙල් අතර ඔලිව්, කොකෝ බටර්, එඬරු තෙල්, සහ බැටළු ලොම් වලින් නිශ්කර්ශය කරගන්නා ලැනොලින් ද භාවිතා වෙයි.

ලැනොලින් යනු සමහර අයට අසාත්මිකතා ඇති කරන්නක් යැයි සැලකුණ ද එය එසේ නොවන බවට නිශ්චිතව පහදා ගත් නිසා දැන් එය නැවතත් ප්‍රධාන අංගයක් වී ඇතත් එයට කළින් ලැබිච්ච අපකීර්තිය නිසා එය විලේපනයන් හි තියෙනවා යැයි කියන්නට කිසිවෙක් කැමති නැත.

ලිප්ස්ටික් වල පාට හැදෙන්නේ fluorescein වලින්. ලිප්ස්ටික් වල D & C රතු අංක 22 යනුවෙන් පාට හැඳින්වෙන අතර එයින් ඩී සහ සී යන අකුරු වලින් කියැවෙන්නේ පාට ලබාගත්තේ ආහාර සහ ඖෂධ ඒජන්සිය විසින් අනුමත කරන ලද Drugs and Cosmetics ලැයිස්තුවේ කුමන අංකයට අයිති රසායන සංයෝගයෙන් දැයි කියාය.

අළුත් පාට නිර්මාණයේ දී, දැන් බිහි වී තිබෙන විවිධ විෂම වූ රාජ්‍ය ආයතන වලින් අනුමත ගන්නට වසර ගණනාවක් පුරා පර්යේෂණ කරමින් පෙන්වන ප්‍රතිඵල සඳහා යන වැය නිසා පාඩු විඳින්නට සිද්ධ වෙයි. අළුත් පාට හොයනවාට වඩා වර්තමානයේ දී ලිප්ස්ටික් කර්මාන්තය නියැළෙන්නේ නැහැය කැමති සුවඳ, මයික්‍රෝබ විනාශ කරන සුරක්ෂකයන්, සන්ස්ක්‍රීන්, රසැති ෆ්ලේවර්ස් සහ ලිප්ස්ටික් ආලේපයේ දී හමට අවශ්‍ය folic acid, fluoropolymers, විටමින් E වැනි දේවල් එකතු කළ නිෂ්පාදන වෙළඳපොලට සැපයීමටයි.

මංකොල්ල කන සල්ලි ගබ්සා වලට බෙදීම නැවතෙන දවසක නැති රසායන ඇතැයි කියමින් නැවත නැවතත් හිතුමතයේ කරන පර්යේෂණ වලට සල්ලි බෙදීමත් නැවතෙනු ඇත් ද?!!!!!!!

ලිප්ස්ටික් හි ඇති රසායන ගැන වැඩිදුර තොරතුරු හොයන අයට:
ප්‍රධාන ඇමෙරිකන් බ්‍රෑන්ඩ්ස් හදන ලිප්ස්ටික් වල පිළිකා හැදෙන අවදානම් මට්ටම් වලින් පවතින ලෝහ නැත
John Emsley ලියූ Vanity, Vitality and Virility (2004)

*ඇමෙරිකන් විශ්ව විද්‍යාලයන් දෙකක ජීවවෛද්‍ය ආචාර ධර්ම උගන්වා ඇති මම, ගබ්සාව ගැන විෂය මාතෘකාවක් හැටියට දාර්ශනික විශ්ලේශණයට ලක් කරමින් පංතියේ උගන්වා ඇත. කෙටියෙන් ඒ ගැන මගේ පුද්ගලික අදහස වනුයේ ස්ත්‍රියකට ඇයගේ ශරීරය තුලින් හැදෙන ප්‍රාණයට අයිතියක් ඇති බවත්, එහි පැවැත්මට ඉඩ දෙනවා ද නැද්ද යන තීරණය ඇයගේ බවත් ය. එහෙත් එයින් තවත් කාන්තාවක් කරන තෝරාගැනීමකට මා විසින් වැය දැරිය යුතු යැයි (හෝ ප්‍රාණියෙක් නැති කරන පවට අනියම් ලෙස දායක විය යුතු යැයි) අදහස් නොවන බවයි.

********* Botulism යන්න ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නේ බොචුලිසම් කියාය, හැකි විගසින් කළින් දැමූ සටහන් වල දී එය නිවරද කරන්නෙමි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Alchemiya said, on අගෝස්තු 12, 2013 at 12:21 ප.ව.

    දැන් අරුණි අක්කා ගබ්සාවට එකඟද නැද්ද ?
    මොකද ඔතන තියෙන සිංහල තේරුම් ගන්න ටිකක් අමාරුයි…

    • arunishapiro said, on අගෝස්තු 12, 2013 at 2:15 ප.ව.

      Alchemiya,

      මෙතැන තියන සිංහල නෙමෙයි ලියලා තියෙන බොහොම තැන්වල සිංහල මල්ලිට විතරක් නෙමෙයි ගොඩක් අයට තේරුම් ගන්න ගොඩක් අමාරුයි!!!!

      ස්ත්‍රියකගේ සිරුර ඇයගේ අයිතියයි.

      ස්ත්‍රියක් තමනට පිළිසිඳගත් දරුවාව ගබ්සාවක් කරන්නේ ද යන්න තීරණය ද ඇයගේ අයිතියයි.

      තමන්ගේ ජීවිතයට අනතුරුදායක තත්වයක් ඇත්නම් තම ජීවිතය ගලවා ගැනීමට ගබ්සාවන් සිද්ධ වීම අද බොහෝ වශයෙන් අඩු වී යන කාලයකි. එහෙත් එවැනි අවස්ථාවක් ඇති වූයේ නම්, ස්ත්‍රියකට ඇයගේ ජීවිතයට අයිතියක් නැහැ දරුවා වෙනුවෙන් මිය යා යුතුයි කීමට නොහැකියි. දූෂණයකට ලක් වූවාට ඒ අපරාධකරුවාගේ දරුවාට ආදරයෙන් හදා වඩා රැක බලාගන්න යැයි කිසිවෙකුට කීමට නොහැකියි.

      නමුත් ඒ තීරණ මා වෙනත් අය වෙනුවෙන් ගත යුතු තීරණ නොව ඔවුන් තමන් වෙනුවෙන් ගත යුතු තීරණ වෙති.

      එසේම ඒ තීරණ ගන්නා අය වෙනුවෙන් මගේ මුදල් දෙනවා ද නැද්ද යන්න තීරණය මගේ අයිතිය විය යුතුයි.

      ප්‍රාණ ඝාතය තෝරාගෙන පව් කරන මිනිස්සු එයින් ගලවා ගන්නට නීතියක් ගෙනා පලියට නොහැකියි.

      ගවයන් මරන්නට කැමති සහ අකමැති අය විසින් මිනිස් කළලයේ zygote සිට කොයි මාස වලට කළින් ද පසුව ද ගබ්සාව මනා සහ නොමනා යන සංවාදයට කැමැත්තේ නම් ඒ ගැන විද්‍යාත්මක විවරණයක් ඉදිරිපත් කිරීමට මට බැරිකමක් නැත. ඒත් ඒවා ද සිංහලෙන් කිව්වත් වටහා ගන්නට හැකියාවක් ලැබේදැයි ගොඩක් සැකයි!!!

  2. amalpasanna said, on අගෝස්තු 13, 2013 at 1:39 පෙ.ව.

    TNL රෑපවාහිනියෙ එකේ තිබුනු සාකච්චාවකට ආපු කතොලික පියතුමෙක් කියුව කතොලික සබාව ගබ්සාවට තදින්ම විරුදදයි දූෂණයකට ලක් වූවත් ගබ්සා කරන්න එපා කියල. එතකොට වැඩිම කතොලිකයන් ඉන්න යුරෝපෙ රට වල කතොලික සබාව නැද්ද? යුරෝපයේ නේද ගබ්සාව වැඩිම?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: