අරුණි ශපීරෝ‍ වෙතින්

හොළවන්න පුළුවන් යටි හක්ක විතරයි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 13, 2013

North Pole Lake

මිනිසෙකුට හොළවන්න පුළුවන් යටි හක්ක විතරයි. හරක්ට නම් උඩ හක්ක සහ යටි හක්ක දෙකම හොළවමින් වමාරා කන්න පුළුවන්. මේක විද්‍යාත්මක සත්‍යයක්. අයෙකුට එහෙම නැහැයි කියන්න ඕන වෙච්ච පළියට එහෙම වෙන්නෙ නැති එකක්!!!!

ඇසෝසියේටඩ් ප්‍රෙස් සහ ඩිස්කවරි චැනල් යන ලොව ප්‍රසිද්ධ මාධ්‍යයන් කරන ලද ගජබින්න දෙසා බෑමක් පසුගියදා මහජනතාවට අහුවුනා. අඩෝ ඇයි බොරුවක් කියන්නේ, යැයි මහජනතාව අහද්දී එය බොරුවක් බව පිළිගත්තාය කියන එකටත් ප්‍රසිද්ධියක් ලැබුණ. ඒ සුද්දන්ගේ රටවල්!!!!!!!

උත්තර ධ්‍රැවයේ පරිසර නිරීක්ෂණාගාරය මඟින් උත්තර ධ්‍රැවයේ පිහිටුවා ගත් කාලගුණික බෝයාවක රඳවන වයිඩ් ඈන්ගල් කැමරා කාචයකින් දකින්නට ලැබුනේ අයිස් කුට්ටි දිය වී ගිහින් බව ඇසෝසියේටඩ් ප්‍රෙස් සමාගම වාර්තා කරන ලදි. අයිස් කුට්ටි පෙනෙන පින්තූරය 2013 ජූනි 7 වැනිදා ගන්නා ලද්දක් බව ද, අසාමාන වූ උණුසුම් කාලගුණය නිසා නොගැඹුරු දියෙන් හැදිච්ච පොකුණක් දැක ගන්නට ලැබී තිබෙන බව පින්තූරය සමඟ 2013 ජූලි 25 වැනිදා වාර්තා වුණි. තව දුරටත් එහි කියා සිටියේ ජූලි මාසය උත්තර ධ්‍රැවයේ සාමාන්‍යයෙන්ම උණුසුම් මාසය වන බව සහ විද්‍යාඥයන් කියන පරිදි මේ වර්ෂයන් හි දී උෂ්ණත්වය අංශක 2-5 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිහින් ඇති බවයි.

සත්‍ය ගවේෂණය නුහුරු වූ අය, හාපෝයි උත්තර ධ්‍රැවය මෙහෙම දියවෙලා යද්දී එහෙනම් පෘතුවියේ ඉතිරි කොටස් වතුරෙන් යටවෙලා යන්න වැඩි දවසක් යන්නෙ නැහැයි කියමින් තමන් ද බිය වී අනුන්ව ද බිය ගැන්වීමේ යෙදුනහ.

එහෙත් සත්‍ය ගවේෂණය හුරු වූවන් පෙන්වා දුන්නේ සෑම වසරකම පාහේ උත්තර ධ්‍රැවයේ මෙවැනි ‘පොකුණු’ දැකීම යනු සාමාන්‍යයක් බවයි. එය ගෝලීය උෂණත්වය ඉහළ යෑම නිසා නොව සෑම ගිම්හානයකම සිද්ධ වෙන ක්‍රියාවලියක් බවයි.

අනෙක ඒ වාර්තාවේ පෙන්වන නිරීක්ෂණාගාරය උත්තර ධ්‍රැවයෙන් සැතපුම් සිය ගණනක් ඈතකට පාවී ගොස් තිබුණු බවත් ඔවුන් පෙන්වා දුන්හ. එය රඳවා ඇති අයිස් කුට්ටිය එසේ පාවී යාම ද ගිම්හාන මාස වල දී ස්වභාවයෙන් එහෙම සිද්ධ වෙන්නකි.

වැරැද්ද පෙන්වා ඔප්පු කරන ලද පසුව AP තම කතාව අයින් කරගත් බව ලෝකයට දන්වන ලදි.

ඩිස්කවරි චැනල් යනු ලෝකයේ පරිසරයට සහ එහි වාසය කරන ප්‍රාණීන්ට ආදරයක් ඇති අයගේ ජනාදරයට පත් වූ නාලිකවකි. එහෙත් පසුගිය දා මෝර සතිය (shark week) ආරම්භ කරමින් එම නාලිකාව වාර්තාකරණයක නාමයෙන් බෙදා හැරියේ ගජබින්නයකි. මෙග්ලඩොන්: ජීවත් වන මාරක මෝරා යන නමින් බෙදා හරින ලද ඒ වැඩසටහන අප්‍රිකාවේ මුහුදු වෙරළක බෝට්ටු මුහුදුබත් වූ වාර්තාවකින් පටන් ගැනුණි.

මෙහි නාටකකරණය (dramatization) අඩංගු යැයි එය පටන් ගනිද්දී ම තිරයේ දිස්වේ.

නාටකකරණයෙන් සිද්ධ වෙන වාර්තාකරණයක් (documentary) යනු ප්‍රබන්ධයක් සේ කැමති ආකාරයට ගොතන්නට පුළුවන් වූවක් නොව ඇති සත්‍යයක් මත පදනම් වී ආවේගයන් ජනිත කරවන ලෙසකින් ඉදිරිපත් වෙන්නකි.

මෙහි වාර්තා වෙන කිසිම ආයතනයක් සමඟ අපේ සම්බන්ධයක් නැත යැයි තිරයේ දිස්වේ.

එයින් ඔවුන් සැඟවූයේ මෙම වාර්තාකරණය ආරම්භයේ දී ම පෙන්වන බෝට්ටුව ගිලුනා යැයි කියූ ගජබින්නයයි. ඒ ගැන සත්‍යය වාර්තාවක් කිසිම කෙනෙකුට සොයාගත නොහැකි විය. මෙග්ලඩොන් මෝරා නිසා බෝට්ටුව ගිලීම ගැන පෙන්වන ලද සියළු මාධ්‍ය වාර්තා සේයා රූ ගොතන ලද ප්‍රබන්ධ වූහ.

නැෂනල් ජෝග්‍රෆික් පෙන්වා දෙන්නේ ද වසර මිලියන ගණනකට එපිටතක දී මෙග්ලඩොන් නම් විසල් මෝරා වඳ වී ගිය බවයි.

වාර්ෂිකව මෝර සතියක් පෙන්වන මෙම නාලිකාවේ මෙවර “මෙග්ලඩොන්” වැඩ සටහන මිලියන 4.8 ක පිරිසක්, එනම් වැඩියෙන්ම පිරිසක් නරඹා ඇති වැඩ සටහන විය.

වැඩ සටහන අවසන් වූයේ මෙග්ලඩොන් මෝරා සත්‍යයෙන් ම ඉන්නවා ද නැද්ද යන්නට කිසිත් පැහැදිලි සාක්ෂියක් නොපෙන්වමිනි.

මිනිස්සු මෝඩ වීම නැවැත්වීමට නීතියකින් නොහැකියි. බොරු කියන මිනිස්සු නවත්තන්නට ද නීති පැනවීමෙන් නොහැක. අපිට හැකියාව ඇත්තේ අයෙක් බොරුවක් කියූ පසු එය බොරුවක් යැයි ඔප්පු කර පෙන්වීමට පමණි. එහෙත් එවිට ද තව දුරටත් බොරුව විශ්වාස කරමින් ඉන්නට සතුටු අය ද සිටිති.

බොරු කියන අයව නවතන්නට නීතියක් පැනවීමෙන් වෙනස් කළ නොහැකි සේ ම බොරු විශ්වාස කරන අයව වෙනස් කරන්නට ද නීතියක් පැනවීමෙන් නොහැකියි.

ඉතින් බොරු කියන අය සහ බොරු නොකියන අය සිටින ලෝකයක, කැමති අයට කැමැති අයව තෝරා බේරා ගන්නට හැකියාවක් ලැබෙන එකම ක්‍රමය නම් තෝරා ගැනීමට අවහිරයක් නීතිය මඟින් නොපැවෙන කළ පමණි!!!! 😀

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on අගෝස්තු 13, 2013 at 6:08 පෙ.ව.

    පොඩි කාලෙ පුටුවක වාඩිවෙලා මේසයට නිකට තියාගෙන මොනවදෝ කන්න හදපු දවසක තමයි මම තේරුම් ගත්තෙ යටි හනුව විතරයි හොලවන්න පුළුවන් කියල. 🙂

  2. hallow rusta said, on අගෝස්තු 13, 2013 at 9:47 පෙ.ව.

    බොරු අල්ලන යන්ත්‍ර – සරල සොෆ්ට්වෙයා එකක් විදිහට මීළගට වෙළදපොළට ආවොත්. යටි හනුව දඩුඅඩුවකට සවිකොට උඩු හනුව හොලවන්නට පුළුවන් බව කීවොත්…

  3. hallow rusta said, on අගෝස්තු 13, 2013 at 10:42 පෙ.ව.

    ඔබතුමිය නිවැරදියි. මොනදේ හරි අලුත්ම දේ ගන්න අපේ අය හරි ආසවෙන් බලන් ඉන්නවා.. විද්‍යාවෙන් මිත්‍යාවට ගෙනියන්න පහසුයි, මිත්‍යාවෙන් විද්‍යාවට ගෙනියනවට වඩා. විද්‍යාත්මක ක්‍රමයම දෙපැත්ත කැපෙන පිහියක් නොවේද?

    • arunishapiro said, on අගෝස්තු 13, 2013 at 6:20 ප.ව.

      hallow rusta,

      //විද්‍යාවෙන් මිත්‍යාවට ගෙනියන්න පහසුයි, මිත්‍යාවෙන් විද්‍යාවට ගෙනියනවට වඩා.// එහෙම ප්‍රවාහයක් තමයි පේන්න තියෙන්නෙ.

      //විද්‍යාත්මක ක්‍රමයම දෙපැත්ත කැපෙන පිහියක් නොවේද?// නැහැ විද්‍යාව එහෙම පාවිච්චි කරන්න බැහැ කියන එක මගේ මතය. ප්‍රධාන හේතු දෙකක් නිසා.
      1. මිනිසා යනු සත්‍යය විචාරයට හැකියාවක් තිබෙන්නෙක් නිසාම මේ තරම් කාලයක් ලොව වඳ වී නොයන්නට සමත් වූවෙක්.
      2. අයෙක් වාසි තකා කටින් මොන බොරු කිව්වත් හිත තමා වැරදි යැයි කියන එක අහගෙන ඉන්නට 24/7 සිද්ධ වෙන නිසා ගොඩක් අය හිතට එකඟව ජීවත්වෙන්න වැඩියෙන් කැමතියි.

      • hallow rusta said, on අගෝස්තු 13, 2013 at 11:42 ප.ව.

        භෞතිකත්ව පදනමෙන් කෙරෙන පරීක්ෂණ, නිරීක්ෂන, නිගමන මත සත්‍ය සෙවීමත් ඒ පදනම මත හිතට එකගව ජීවත් වීමත් යනු …. නිවැරදිම ක්‍රමවේදයක්ද?

  4. වැව් ඉස්මත්ත said, on අගෝස්තු 14, 2013 at 1:38 පෙ.ව.

    මම දැන් තමයි බැලුවෙ ඇත්තටම උඩු හක්ක හොල්ලන්ඩ බැරිද කියල

  5. amalpasanna said, on අගෝස්තු 14, 2013 at 2:50 පෙ.ව.

    *මෙගෙත් ගජබින්න එහෙත් හෙම වෙන්ටැ?

    *උත්තර හා දක්ෂිණ ධ්‍රැව වල අයිස් යට විශාල වශයෙන් මීතේන් වායුව තියනව කියන්නෙ ඇත්තද? අයිස් දියවලා මීතේන් වායුව උඩට ඇවිත් ජීවීන්ට හානිවෙයි කියල මට ලිපියක කියවන්න ලැබුන.

    • arunishapiro said, on අගෝස්තු 14, 2013 at 2:39 ප.ව.

      amalpasanna,

      *ඔහෙ ඉන්නෙත් මිනිස්සු නොවැ. තව පරිනාමය වුනාට පස්සෙ වැරද්දක් වුනා කියලත් පිළිගනීවි.

      *මේක හොයාගෙන ආවා. මෙතේන් තියෙනවා ඒත් කලබල වෙන්න දෙයක් නැහැ කියල තමයි විද්‍යාත්මක මතය.

      • amalpasanna said, on අගෝස්තු 15, 2013 at 1:20 පෙ.ව.

        //තව පරිනාමය// බුද්ධිමය පරිනාමය ගැන වෙන්න ඕන කියන්නෙ?
        කලබල වුනා කියල මොනව කරන්නද ස්භාවදර්මය නවත්තන්න පුලුවද.

        • arunishapiro said, on අගෝස්තු 15, 2013 at 4:47 පෙ.ව.

          amalpasanna,

          බුද්ධි පරිනාමය ගැන තමයි. හැබැයි ඒක නම් මිනිස් ස්වභාවයේ දැනටමත් පිහිටා ඇති දෙයක් භාවිතයට නොගැනීම නිසා පමණක් නොවෙන දෙයක්. සංවර්ධිත රටවල අයගේ මොළ පරිනාමය වී සහ දියුණු වෙමින් පවතින රටවල අයගේ මොළ පරිනාමය නොවී තිබෙන්නෙ .. හරියට මේවා කොච්චර ලිව්වත් ඵලක් නැහැ අයෙක් කියවා අවබෝධයක් ගත්තෙ නැත්නම්.

          හරියට පොත් කියවන්න දැනගෙන හිටියට ඵලක් නැහැ පොත් කියවන්නෙ නැති කෙනා පොත් කියවන්න නොදන්නා අය හා සමානයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: