අරුණි ශපීරෝ‍ වෙතින්

සාරය සහ හපය අතර වෙනස හඳුනාගන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 14, 2013

IMG_9207

නිවැරදි දේ දැනගන්නට කැමති අයට සහ නිවැරදි දේ කියා දෙන්නට කැමති අය වෙනුවෙන් නිර්මාණය කරන ලද වෙබ් අඩවියකි Bad Meteorology. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ Alistair B. Fraser එහි කියන්නේ මේ අයහපත් කාලගුණය ගැන පිටුවක් නොවේ කියාය. මෙය බුද්ධිමය ව්‍යවසනය ගැන වූවක් කියාය. එහි කාලගුණ විද්‍යාව, රසායන විද්‍යාව සහ තාරකා විද්‍යාව යනාදියෙහි දකින්නට හැකි වරද නිවරද පෙන්වන සබැඳි පිටු ඇත.

එම අඩවියේ වැදගත් ලක්ෂණයක් නම් ඉතා කෙටියෙන් යමක් පහදා දීමයි.

“සරලව කියන එනම් යමක සාරය පමණක් දක්වන්නක්, සහ පමණ ඉක්මවා සරල කොට දැක්වෙන්නක් එනම් එහි සාරය නොමැතිව හපය පමණක් ගැන කියන, යන දෙක අතර වෙනස ඔබ හඳුනාගත යුතුයි,” -ඇලිස්ටෙයාර් බී. ෆ්‍රේසර්.

විසල් ව්‍යාපාර මෙන් ම දේශපාලකයන් ද පුළුල් පරමාර්ථ ගැන කියමින් ඒවා ඉටු කරනවා යැයි පාරට්ටු බාන හැටි අපිට නිතර අහන්නට ලැබේ. එහෙත් පාරිභෝගික බඩුවක දැන්වීමක් ඇහෙද්දී මේ මොන බොරු ද කියන්නේ යැයි සිතන්නා කිසිවිටෙකත් අනාගතයේ ඉටු කරනවා යැයි පොරොන්දු දෙන දේශපාලනඥයාව වගකීමකට ලක් කරන්නේ නැත. අපි අවදානම් සහිතයි කියා යම් ලේබලයක් අලවන්න යැයි ඉල්ලා සිටින්නේ තෝරා බේරා ගන්නට හැකියාව ඇති පරිභෝජන භාණ්ඩ වලින් පමණයි. අපේ තෝරා ගැනීමක් නොමැතිව අපේ ජීවිතයේ කැමති අකමැති තීරණය කෙරෙන නීති පනවන අයට චන්දය දෙන්නට යද්දී “අවදානම් සහිතයි: මෙයා චන්ද පොරොන්දු ඉටු නොකරන්නට ඉඩ ඇත,” කියා ලේබලයකින් මතක් කිරීමට අවශ්‍ය ද?!!!!!

ලංකාවේ ලයිෆ්බෝයි රේඩියෝ සබන් දැන්වීමක කතාබහ මෙසේ සිද්ධ විය:
“අපේ ළමයි නිතර ලෙඩ වෙනවා ඇයි අපේ ළමයි දුර්වල ද?
නැහැ නැහැ ළමයි දුර්වල නිසා නෙමෙයි, දැන් විෂබීජ වැඩිවෙලා ඒ නිසයි ලයිෆ්බෝයි පාවිච්චි කරන්න ඕන.”

විද්‍යාත්මක යුගයේ දී අපි ඇති විය හැකි පරමාණු යුද්ධ ගැන නොව වැඩියෙන් බියක් දක්වන්නේ අපේ සෞඛ්‍යයට වන හානි ගැන යැයි කියන්නේ Paul Ewald ලියූ Plague Time: The New Germ Theory of Disease (2002) හි ය.

වයිරස් සහ බැක්ටීරියා වලින් සිරැරට ඇතුල් වන විෂබීජ ගැන දැනුම වැඩි කරගන්නවා නොව මිනිසාට වැඩි වශයෙන් ඇහෙන්නේ හානිකර උපදවන අයහපත් ජානු ගැන සහ අයහපත් පරිසරය ගැනයි. ලෙඩ රෝග හැදෙන හැටි සහ ඒවා සුව කරගන්නා හැටි ගැන ලොව ඇති දැනුම වර්තමානයේ වැඩි වූවත් අපි ඒ ගැන වැඩි අවධානයක් නොදක්වා හැමදාම හවසට රතු වයින් වීදුරුවක් බිව්වාම හෘදයාබාධ හැදීම අඩුකරනවා විය හැකි යැයි කියන අධ්‍යයනය ගැන අහන්නට වැඩියෙන් කැමැත්තේ යැයි ඔහු කියයි.

යම් ගැටළුවක් විසඳන්නට නොහැකියාව ඊට පාදක හේතුව නොදැන සිටීමයි. හේතු මොනවා දැයි පුළුල් ලෙසින් විභාග කරන්නට පටු චින්තනයකින් නොහැකියි.

නිරෝගී බවේ ආරක්ෂාවට අත් සේදීම වැදගත් යැයි නූතනයට සුදුසු පරණ අදහස ඉග්නැස් සෙමෙල්වයිස් කියා දුන්නේ 1840 දී ය. විෂබීජ ලොව වැඩි වී ඇතැයි බොරු කියන්නට අවශ්‍ය නැත. අත් සේදීමට ලයිෆ්බෝයි පාවිච්චිය කරන්න යැයි මතක් කරන්නට දොස්තර සෙමෙල්වයිස් ගැන හෝ විෂබීජ කන්න බලා සිටින්නේ ඔවුන්ගේ ආහාර වන අපව යැයි සත්‍යය මතක් කර දිය හැකියි!!!!

එහෙත් විෂබීජ (germs) යනු නෛසර්ගික ලෙසින් සියල්ල නරක වූ ඒවා නොවෙති.

එසේම අපිට ඒවා සියල්ල ලොවෙන් තුරන් කරන්නට ද නොහැකියි.

විෂබීජ වල අනාගතය අපේ අනාගතය ද වේ. විෂබීජ පැතිර යන්නේ නම් අපි රෝගී වී මිය යන්නට ද හැකි අතර විෂබීජ පැතිර යෑම පාලනයෙන් අපිට තරමක් දුරට නිරෝගීව ජීවත්විය හැකියාව ලැබෙයි. තරමක් දුරට කිව්වේ අහස්යානයක් ගෙදෙට්ට කඩා වැටිලා අයෙක් මැරැනාම එය විෂබීජ නිසා සිද්ධ වූවා යැයි කියන්න බැරි නිසා!!!

හඳුනාගන්නට නොහැකි වී ඇති බොහෝ රෝග වල ප්‍රභවය සහ සමහර ආසාදනයන් නිදන්ගත රෝග ලෙසින් පැවතීමට හේතුව වයිරස්, බැක්ටීරියා සහ ප්‍රොටොසොවා යැයි Paul Ewald පෙන්වා දෙයි.

පාවක ව්‍රණය (peptic ulcer) සඳහා ප්‍රතිකාරය ඇන්ටිබයොටික් යැයි 1955 දී නොව 1995 දී හඳුනාගැනීම නිසා දහස් ගණනක මිනිසුන් දුක් විඳ මිය ගියා යැයි ඉවාල්ඩ් ලියයි. කොන්ඩොම් පාවිච්චියෙන් වළක්වා ගත හැකි ලිංගිකව බෝවෙන රෝගයක් යැයි නොදැක අවාසනාව නිසා හැදුණු ලෙඩක් විදියට දකිමින් සිටියා නම් ගර්භාෂ ග්‍රීවා (cervical cancer) වලින් ඉහත රෝගයෙන් වැනි තරම් සංඛ්‍යාවක් මිය යන්නට ද තිබුණා යැයි ඔහු පෙන්වා දෙයි.

ලොව දැනටමත් පවතින විද්‍යාත්මක දැනුම මිනිසා බිය ගන්වන්නට නොව මිනිස් ජීවිත අනගි කරන්නට උදව් කරගැනීම සඳහා අපි අපේ පටු චින්තනය පුළුල් කරගත යුතුයි. එහෙත් අපට වැඩියෙන් දකින්නට ලැබෙන්නේ අනාගතයේ විය හැකි අවදානම් ගැන බිය උපදවන මැල්තීසියන් සම්ප්‍රදායයේ විද්‍යාඥයන්ය.

නීත්‍යානුකූල බලය තම අතට ගෙන සමාජය සූරා කන දේශපාලනඥයන් ගැන විරෝධයක් පැතිර යද්දී ජනතාව හුරු වී සිටින්නේ තව වැඩියෙන් නීති සහ දඬුවම් පනවන්නට හැකි බලයක් දී අයෙක් පත් කරගත්තාම ගැටළුව විසඳේවි කියාය.

පාලන බලයේ ඉන්නා අයට හේත්තු වී නීතියේ රැහැනෙන් ගැල වී යන්නට මගඩි ව්‍යාපාරිකයන්ට හැකිවෙද්දී ජනතාව හුරු වී සිටින්නේ තව නීති ගෙනෙන්නට අවසර දුන්නාම මගඩි ව්‍යාපාරිකයන් අඩුවේවි කියාය. අවංක දේශපාලනඥයන් නැතැයි සිතන හුරුවෙන් ඔවුන් අවංක ව්‍යාපාරිකයන් ද නැතැයි සිතති.

ඉතින්, බිල් ගේට්ස්ගේ අහස උසට යන ගෙවතු පයිප්පය වැනි නිර්මාණයකට වගේ ම, ඉක්මණින් golden age of medicine නොහොත් වෛද්‍ය ක්ෂේත්‍රයේ රත්තරන් යුගයකට පිවිසෙන්න බැරි හේතුවත් විද්‍යාත්මක දැනුම අපි සතු නැති නිසා නම් නෙමේ.

මහා මිනිස් ඝාතන කරන ලද අයගේ පින්තූර දමමින් ඔවුන් නිදහස් අධ්‍යාපනය ලොවට හඳුන්වා දුන් දාර්ශනිකයන් යැයි කියමින් ඉතිහාසය නොදන්නා කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පසුගියදා ගජබින්නයක් පතුරුවා හැරියේය. නිදහස් ලෙසකින් දැනුම පැතිර යෑමට යදම් වැටුනේ කොතැනක දී දැයි සඟවන්නට තව දුරටත් ඉඩක් ලොව නැත.

පටු චින්තනයෙන් ඉවත් වී පුළුල් ලෙසින් ලෝකය බලන්නට විකල්ප මාධ්‍යයන් වලින් ජනතාව දැනුවත් කිරීම දැන් ජයටම සිද්ධ වේ.

හපය හඳුනාගත් පසුවත් එය හපමින් ආතල් ගන්නා අය අත්හැර අපි අනගි සාරය සොයා යමු!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on අගෝස්තු 14, 2013 at 11:22 පෙ.ව.

    විශබීජ වැඩිවෙලාද… එහෙම නැත්නම් එදා පටන් තියෙන විශබීජ අළුතෙන් සොයා ගැනීමක්ද….?

    හපය හා සාරය ගැන අදහස් දැක්වීමට තවමත් කල් වැඩියි…..

  2. amalpasanna said, on අගෝස්තු 15, 2013 at 8:39 පෙ.ව.

    //ලංකාවේ ලයිෆ්බෝයි රේඩියෝ දැන්වීම//
    ටැලිවිසොන් එකේ යන දැන්වීම නම් ඉන්දිවෙ එකක් හඩ‍ කවලයි යන්නෙ. දැන්වීමෙ මොන හරුපයක් ගියත් ඒකේ ඉන්න උන් කට ඇරං බලං ඉන්නව.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: