අරුණි ශපීරෝ‍ වෙතින්

විභාග අසමත් එලේනා රසායන විද්‍යාඥයෙක් වූ හැටි

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 15, 2013

1186173_614660558564479_1059523860_n

මේවා නොමිලේ දෙන නිදහස් අධ්‍යාපනයෙන් දැනගන්න ලැබෙන්නෙ නැති දේවල්. මේවා ලංකාවේ සිංහල පත්තර වලින් ද කියවන්න ලැබෙන්නෙ නැති තොරතුරු. හැබැයි මේ පින්තූරයේ කියනවා වගේ කියවන හැකියාව තිබිලා වැඩක් නැහැ අයෙක් කියවන්නෙ නැත්නම්. මොකද එතකොට එවැනි අයෙක් කියවන්න බැරි අයෙක් හා සමාන වෙනවා.

මේ සටහන රුමේනියාවේ කොමියුනිස්ට් නායක නිකොලායි චව්ශෙස්කූ ගේ බිරිඳ සහ රුමේනියාවේ නියෝජ්‍ය අගමැතිව සිටි එලේනා චව්ශෙස්කූ ගැන.

වයස 15 දී ප්‍රාථමික පාසැල් අධ්‍යාපනය නිමා කරන එලේනාට සමත් ලකුණක් තිබුනේ මැහුම් පංතියට පමණි.

1937 දී ඇය රුමේනියාවේ කොමියුනිස්ට් පක්ෂයට බැඳෙයි.

1939 දී ඇය නිකොලායි චව්ශෙස්කූ හමුවී 1947 දී ඔහු සමඟ විවාහ වෙයි.

“රටේ අම්මා,” යැයි මාධ්‍යවේදීන් ලවා කියවා ගන්නා ඇය, තමන්ව රූපවාහිනියේ හෝ ඡායාරූප වල පෙනී සිටිය යුත්තේ කෙසේද යන්නත් තීරණය කරන ලද තැනැත්තියකි. ඇයගේ කැමැත්ත නොකරන මාධ්‍යවේදීන්ට ටික දවසකට පඩිය කැපෙන, කාර්යාලයේ පහත් රස්සාවල් කරන්නට වෙන යනාදී දඬුවම් ලැබුණි.

1957 දී ඇය ජාතික රසායන පර්යේෂණ ආයතනයේ (ICECHIM) හි පර්යේෂක විද්‍යාඥයෙක් වූවාය. බුකරෙස්ට් හි මධ්‍යම රසායන පර්යේෂණ ආයතනයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම්වරියක් ලෙසින් 1960 ගණන් මුල දී නිලයක් හොබවන ලද ඇය 1965 දී තම සැමියා පක්ෂ නායකත්වයට පිවිසීමත් සමඟ ආයතනයේ අධ්‍යක්ෂකවරයා විය. ඒ වසරේ දී ම අළුතින් පිහිටුවන ලද ජාතික විද්‍යාත්මක පර්යේෂණ කවුන්සිලයේ තෝරා පත්වන සාමාජිකත්වය ද ඇයට ලැබේ. 1966 සැප්තැම්බරයේ දී ඇයට විද්‍යාව සඳහා පළමු පංතියේ සම්මානයක් ප්‍රදානය වෙයි.

බහුඅවයව රසායන ක්ෂේත්‍රය නොහොත් polymer chemistry සඳහා ඇයට විද්‍යාත්මක කුසලතා දැක්වීම වෙනුවෙන් ගෞරවනීය සම්මාන ගණනාවක් ප්‍රදානය වෙන්නේ ඇයගේ සැමියා රුමේනියාවේ පාලනයේ යෙදෙනා කාලයේ දී ය.

මැහුම් පංතියකට පමණක් හොඳ ලකුණු ගන්නට සමත් වූ ඇය බුකරෙස්ට් විශ්ව විද්‍යාලයෙන් polymer chemistry සඳහා PhD උපාධියක් ලබාගන්නේ ඉහළ ලකුණු දක්වන summa cum laude සහිතව සහ 100 කාන්තාවන් අතර පළමුවැන්නා වීමෙන්.

1971 දී ඇය සමාජ-ආර්ථික අනාවැකි කියන මධ්‍යම කමිටුවේ සාමාජිකාවක් වෙයි. ඒ කාලේ රුමේනියාව යුරෝපයේ ආශ්චර්යය වෙනවා කියලා කියන්නැති!!!!

රුමේනියාවේ කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ සම්පූර්ණ සාමාජිකත්වය ලබාගන්නා ඇය 1980 දී රටේ ප්‍රථම වරට පිහිටුවන තනතුරක් වූ නියෝජ්‍ය අගමැති තනතුරට පත්වෙයි.

නිදහස් අධ්‍යාපනය ලොවට දායාද කළේ වාමාංශිකයන් යැයි රුමේනියාවේ අයත් රැවටිලා ඉන්න ඇති!!!!!!

නිදහස් අධ්‍යාපනය කියන්නෙ තමන් කැමති අයට විතරක් අධ්‍යාපනයට අවස්ථා දෙන එක විතරක් නෙමෙයි, තමන් කැමති අය ඉල්ලන උපාධි සහතික දීමත් අඩංගු යැයි සිතාගෙන ඉන්නැති!!!!!!

ඒත් ඉතින් සත්‍යයෙන් නිදහස් අධ්‍යාපනය තියෙන ධනවාදී රටවල් වල අනාථව උපදින දරුවන් පවා තම රටේ සෙසු රසායන විද්‍යාඥයන්ගේ ගෞරවයට විතරක් නෙමෙයි, පිටරටින් ඇවිත් මෙහෙ පදිංචි වෙලා පර්යේෂණ වල යෙදුනමත් මුළු ලෝකයේ ම ගෞරවයට පාත්‍ර වෙනවා.

හැබැයි කියවන්න හැකියාවක් තිබුණත් නොකියවන අය කියවන්න බැරි අය හා සමාන නිසා ඒවා දන්නෙ නැතිව ඇති!!!!!

බටහිර රටවල තියෙන ලොව පිළිගත් අධ්‍යාපනික ආයතන ඇයගේ අධ්‍යාපනික සහතික බාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදි. එහෙත් ඒවා හැමදාම බටහිරට ඇඟිල්ල දිගු කොට තම රටේ හැම අඩුපාඩුවක්ම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යැයි කියමින් රුමේනියානු මිනිසුන් ද නිකම් සිටියා වෙන්නට ඇති.

ජනතා හදවත් දන්නවා යැයි සිතන ජනමාධ්‍යයන් ද ඇයව “රටේ අම්මා” යැයි මවා පාන බොරු ලියමින් සත්‍යය තතු හෙළි නොකර නිහඬ වී තම කුස පුරවාගෙන වෘත්තීමය වගකීම බැහැරලා ඉන්නට ඇති.

රුමේනියන් රසායන විද්‍යාඥයෙක් වූ කොස්ටින් ඩී. නෙනිටෙස්කූ විරෝධතාවයක් එල්ල කරද්දී ඇය තම නිබන්ධනය වෙනත් රුමේනියන් විශ්ව විද්‍යාලයක අයට පෙන්වා සාර්ථකත්වය ලබාගත් බව පෙන්විය!!!!

ඇයගේ විද්‍යාත්මක රචනා වෙනත් අය ලවා ලියවා ගන්නා ලද බව පසුව හෙළිවුණි.

කොමියුනිස්ට් ලෝකයේ කඩා වැටීමත් සමඟ රුමේනියාවේ විප්ලවයෙන් පසුව තමයි මේ කොමියුනිස්ට්කාරයන්ව එළවා ගන්න ලැබෙන්නෙ. පැනලා දුවද්දී අල්ලා ගත් ඔවුන් දෙන්නාටම වෙඩි තබා මරන ලදි.

ඉතින්, වාමාංශික යැයි කියන්නේ මේ වගේ අදහස් තියෙන අයට. තමන් එහෙම නැහැයි කිව්වට එහෙම අදහස් තියෙනවා නම් වාමාංශිකයෙක් නොවේ යැයි තමන්ට කියාගන්න බැහැ.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Man said, on අගෝස්තු 15, 2013 at 5:45 පෙ.ව.

    Agree, in practical communism is not better than capitalism…

  2. රාජ් said, on අගෝස්තු 15, 2013 at 5:51 පෙ.ව.

    මෙහෙත් ඉන්නව ඔයවගේ විද්‍යාඥඥයෝ

  3. mppgunasinghe said, on අගෝස්තු 15, 2013 at 5:59 පෙ.ව.

    සිතන්නට මග පෙන්වන පුංචි, එහෙත් ඉතාම වටිනා ලිපියක් !

  4. amalpasanna said, on අගෝස්තු 15, 2013 at 8:21 පෙ.ව.

    කොමියුනිස්ට් කියන වචනෙත් මට අරහං. ඒත් චීනෙ කොමියුනිස්ට් නේද? නැගී එන බලවතාලු, ලග දිම ලෝක බලවතා වෙනවයි කියන්නෙ.

    • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 8:14 පෙ.ව.

      amalpasanna,

      ගොඩක් ස්තූතියි ගොඩක් ප්‍රශ්න අහනවාට. බොහොමයකට උත්තර දැනටමත් තැන් තැන් වල දීලා තියෙනවා. සබැඳි අමුණන්න හැකි තරමින් උත්සාහ කරන්නම්.

      මෙන්න චීනයට ලෝක බලවතෙක් වෙන්න බැරි හේතුව: රතු ධනවාදය. ඒත් ඔවුන් කවදා හෝ දිනයක හේතුව කුමක් දැයි වටහා ගත්තොත් ඔවුන්ට බලවත් ආර්ථිකයක් ගොඩනඟා ගත හැකියාව ලැබේවි.

  5. hallow rusta said, on අගෝස්තු 15, 2013 at 9:52 පෙ.ව.

    අනුන්ගේ චින්තන තමන්ගේ චින්තන ලෙස ප්‍රකාශයට පත් කරන අයත්, මාධ්‍ය ආයතන හරහා රටේ තාත්තලා. බාප්පලා මෙන්ම රජ, සිටු, මැති හා කුමාරයන් ලෙස කියවා ගන්නා අයත් විශේෂයෙන් මැතිවරණ කාලවල ‍තාප්ප බිත්ති ගණනේ කිසි ලෙසකින් තමන්ට නොගැලපෙන අන්වර්ථ සන්නිවේදනය කරන්නවුන් – ගැලවුම් කරුවන් දැක ඇතත් කිසිදා විභාග අසමත් එලේනා රසායන විද්‍යාඥවරියක් වූ හැටි ගැන අසා නොතිබුනෙමි. 😀 ස්තූතියි.

  6. A.Fernando said, on අගෝස්තු 15, 2013 at 1:51 ප.ව.

    e-net පහසුකම් තිබු කාමරයක සිට නීති විද්්‍යාලයෙ අවසන් විභාගයට ලියා, ලංකා ඉතිහාසයේ වාර්තාගත ලකුණු ප්‍රමාණයක් ලබාගත් නාමල් රාජපක්ෂත් වාමාංශිකයෙක්ද? ඔය වගෙ ලෙඩ්ඩුන්ව වාමාංශිකයින්ට ලඝුකරන්න බැහැ නේද?

  7. ananda said, on අගෝස්තු 15, 2013 at 11:54 ප.ව.

    මෙහෙ නම් ඔහොම වෙන්නේ නෑ නේද

  8. Ramal said, on අගෝස්තු 16, 2013 at 8:07 පෙ.ව.

    න්යායට එරෙහිව චරිත කතා.ඉතා අනගි සොයා ගැනීමක්. ඔබ මාක්ස් වාදයට විරුද්ද නම් කල යුත්තේ එහි වැරදි සොයා පෙන්වා දීමයි .නැතුව චරිත කතා පල කිරීම නොවෙයි.ඔබට පශ්චාත් උපාදි තියා මූලික උපාදියක් වත් නැති පාටයි

    • arunishapiro said, on අගෝස්තු 16, 2013 at 4:42 ප.ව.

      Ramal,

      කියවන්නට දන්නවා වුනාට වැඩක් නැහැ කියවන්නෙ නැත්නම්. එලේනාට වගේ PhD උපාධි තිබුණත් වැඩක් නැහැ ඉගෙන ගෙන නැත්නම්.

      කාල් මාක්ස්ගේ ශ්‍රමයේ අගය කියන න්‍යාය:
      බඩුවක් හදන්න ගිය වෙහෙස (ශ්‍රමය) නිසා බඩුවේ අගය ලැබෙනවා යැයි මාක්ස් හිතුව. ඒකට ඒ බඩුව හදන්න සහ ඒක හදන්න යොදාගත්ත අනිත් බඩු හදන්නත් ගිය වෙහෙස.

      ඒත් කොහොම ද අපි මෙච්චර වෙහෙසක් ගියා කියන එක මනින්නෙ?

      අපිට පුළුවන් වැඩේ ඉවර කරන්න ගිය කාලය මැන බලන්න. ඒත් පැය හයක් ගඩොලක් අරන් තව ගඩොලකට ගැහැව්වට ඒ වැඩෙන් ඇති ඵලයක් තියෙනවා ද? ඊට වඩා පැයෙන් ගහන තාප්පයක අගේ වැඩි නැද්ද?

      අනෙක, ගඩොල් දෙකක් එකට ගැහැව්වා කියල ඇති ඵලයක් තියෙනවා ද? කොලිටිය නැත්නම් “ගුණත්වය” සහ “අගය” දෙකකම එක සමාන අදහසක් ගෙනෙන වචන නොවේ.

      ඉතින් ඒ නිසා මාක්ස්ගෙ න්‍යාය පුනර්වාචනයක්! බඩුවක අගය තීරණය වෙන්නෙ ශ්‍රමයක අගයෙනි. අපි කොහොම ද ශ්‍රමයේ අගය මනින්නේ? බඩුවේ අගය මැනීමෙනි. බඩුවක අගය තීරණය වෙන්නේ බඩුවක අගය අනුවයි.

      ඉතින් කොහොම ද බඩුවක අගය තීරණය කරන්නේ?

      පිළිතුර සරලයි. බඩුවක අගයක් යනු එය අයිතිකර ගන්නට උවමනා/මිල දී ගන්නට උවමනා අයට එහි ඇති අගයයි. බඩුවක අගය සෑම විටම විෂයමූලික වූවක් ම පමණි.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on අගෝස්තු 17, 2013 at 11:05 ප.ව.

        ++++++++++++ මේක වම්මු නොදන්නවා නොවෙයි අරුණි නොදන්නවා වගේ ඉන්නවා. පව් නේ ඒ අයගේ ජිවන මාර්ගය තමයි වම. මේ පක්ෂ වල ස්ථර දෙකක් තියනවා නායකයෝ ඉන්නවා අනුගාමිකයෝ ඉන්නවා පහල අනුගාමිකයෝ ටික මේ නායකයෝ කියන බොරු ඇදහීමක් වගේ විශ්වාශ කරනවා. නායකයෝ මේ අරුණි කියන සත්‍ය හිත යටින් දන්නවා නමුත් ඒ අය යැපෙන්නේ මේ පක්ෂ වල අරමුදල් වලින් ඉතින් බොරුව දිගටම ගෙනියනවා. අනුගාමිකයෝ ටික සල්ලි එකතු කරලා ශ්‍රේෂ්ඨ අරමුණක් වෙනුවෙන් ජීවිතය කැප කරපු නායක ස්ථරය නඩත්තු කරනවා. ඕක තමයි ලංකාවේ වම කියන්නේ.

        • arunishapiro said, on අගෝස්තු 18, 2013 at 8:20 පෙ.ව.

          Uditha,

          මෙහෙත් යුනියන් නායකයන් ඔය විදිය තමයි, සේවකයන් බිල්ලට දී තමන් රජවරු වීම. උද්ඝෝෂණ කරත හැකි යුනියන් බලයෙන් තම තමන්ගෙ පඩි වැඩි කර කර සිටිය දී, මංකොල්ලයෙන් නැතිව වෙහෙසන තරමට උපයන්න ලැබෙන පළාත් හොයා ගෙන මිනිස්සු ගිය නිසා, දැන් ඩීට්‍රොයිට් නගරය බංකොළොත්. ඇමෙරිකාවේ අයට එහෙම යන්න බංකොළොත් නැති ප්‍රාන්ත තියෙනවා. ඒත් මංකොල්ලයට අකමැති, තම වෙහෙසෙන් තම ජීවිකාව උපයන්න කැමති ලංකාවේ මිනිස්සුන්ට බෝට්ටුවකින් පැනලා යන්නත් තහනම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: