අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබ දන්නේ මොනවා ද?

Posted in Uncategorized by arunishapiro on අගෝස්තු 21, 2013

Morning-Moos

ඔබ දන්නවා යැයි හිතනවාට වඩා ගොඩක් දේවල් ඔබ දන්නවා. ඔබේ නම කුමක්දැයි සහ ඔබේ දෙමව්පියන්ගේ නම් මොනවාදැයි ඔබ දන්නවා ඇති. මේ සටහන කියවද්දී වාඩිවෙලා ද නැත්නම් දිගාවෙලා ඉන්නවා දැයි ඔබ දන්නවා ඇති. මොන රටේ ද තමන් ඉන්නේ කියා සහ ඒ රටේ ජනාධිපති කවුදැයි කියාත් ඔබ දන්නවා ඇති.

තව අපි දන්න දේවල් … දොඩම් ගෙඩියක ලෙලි අරින්න, එහි රහ මොන වගේ දැයි දන්නවා වගේ ම, ටින් එකක් ඇරගන්න හැටි සහ වසවිෂ කිරිපිටි නැති තේ කෝප්පයක් හදා ගන්න හැටි එහෙමත් දැන් ඔබ දන්නවා ඇති!!! 😀 😀

ඒ වගේ ම මට මෙන් ම ඔබට ද තමන් නොදන්නේ මොනවා ගැන ද යන්නත් දැනුමක් ඇත.

දන්නෙ නැති සමහර දේවල් අපිට තනිවම හොයාගන්න පුළුවන්. සීනි බෝතලේ සීනි තියේදැයි දන්නෙ නැති එක්කෙනාට කඩේ යන්න කළින් කුස්සියට ගිහින් ඒක දිහා බලලා දැනගන්න පුළුවන්. ඒ වගේ ම බොහෝ තොරතුරු ඉංග්‍රීසියෙන් පහසුවෙන් සහ සිංහලෙන් ටිකක් අපහසුවෙන් අද අන්තර්ජාලයෙන් හොයාගන්නත් පුළුවන්. නොදන්න දෙයක් අපිට කාගෙන් හරි අහලා දැනගන්නත් පුළුවන්. සටහනේ ගූගල් ඉමේජස් පින්තූර වර්තමාන ඇමෙරිකන් වෙළඳපොලේ මිල දී ගතහැකි කිරිමෝරු ප්‍රෝටීන් අඩංගු සහ අඩංගු නොවන එළකිරි කිරිපිටි අතරින් කිහිපයකි.
Unknown-3 Unknown-2 Unknown-7 Unknown-9 Unknown-23 Unknown-13 Unknown-14 Unknown-19 Unknown-11 Unknown-6 Unknown-8 Unknown-24 Unknown-18 Unknown-15 Unknown-16 Unknown-17
ලතින් බසින් scepticus යැයි ද, ග්‍රීක බසින් skeptikos යැයි ද අර්ථයෙන් හැදෙන සංශයවාදියෙක් නොහොත් ස්කෙප්ටික් (sceptic) යැයි හඳුන්වන්නේ පිළිගත් විශ්වාස වල තථ්‍යතාවය (authenticity) නිතරම සැක කරන හැදියාව ඇති අයට. තමන්ට හමුවෙන මිනිස්සු විතරක් නෙමෙයි තමන්ට දැන ගන්නට ලැබෙන අදහස් පවා සැකයට භාජනය කිරීම ඒ අයගෙ සාමාන්‍ය හැදියාව. ඒ වගේ ම දර්ශනය විෂයයේ දී සංශයවාදියෙක් කියන්නෙ ආගමික සත්‍යයන් සැක කරන අයට, විශේෂයෙන් ම ක්‍රිස්තියානි ධර්මය.

ලෝකයේ වාර්තාගත මුල් ම සංශයවාදියා හැටියට හැඳින්වෙන්නෙ පීරෝ (Pyrrho). ලොව පවතින දේවල් ගැන සත්‍යය දැනුමක් කොහෙත්ම ලබාගත නොහැකියි කියන එයාගේ දර්ශනය ඉදිරිපත් වුනේ ක්‍රි. පූ. 1 වැනි සියවසේ දී. එතැන් පටන් විවිධ දාර්ශනිකයන් දැනුම යන සංකල්පය පැහැදිලි කරන වෑයම් වල නිරත වූවත් ක්‍රි. ව. 17 වැනි සියවසේ දී “මම සිතමි, එබැවින් මම පවතිමි,” යැයි කියමින් රෙනෙ ඩෙකාට් සත්‍යය දැනුමක් ඇති වූවක පැවැත්මක් තිබෙන බව දාර්ශනිකව, තර්කානුකූලව පෙන්වන්නට සමත් වූ මුල්ම දාර්ශනිකයා.

පළමු දර්ශනයේ භාවනා කෘතියෙන් ඩෙකාට් ඉදිරිපත් කරන්නේ මෙතෙක් පිළිගත් ඥාන විභාගය පදනම් කඩා බිඳ දමා අළුතින් සැකිල්ලක් ගොඩ නඟනා ආකාරයයි. ඔහු ගැන සහ ඔහු ඉදිරිපත් කරන ලද කාතිසියානු සැකය ගැන ඉහත දමා ඇති ඔහුගේ නමේ සබැඳියෙන් ගොස් සිංහල විකිපීඩියා සටහනින් කියවන්නට පුළුවන්. ඒක කවුද සිංහල විකිපීඩියාවට එකතු කරලා තියෙන්නෙ, කොයි කාලේ එහෙම ද කියල දැනගන්නත් ඕනෑ නම් යම් කෙනෙකුට ඒ සටහනේ උඩ දකුණෙ සංස්කරණය සහ ඉතිහාසය නරඹන්න එහෙමත් පුළුවන්!!!

දර්ශනය හදාරන පංතියක දී සිද්ධ වෙන “ඔබ දන්නේ මොනවා ද?” යන ප්‍රශ්නය මහමගට බැස්සම වෙනස් ස්වරූපයක් ගන්නව. පාරේ දී අපිට හමුවෙනවා “අරහෙ යන හැටි ඔයා දන්නවා ද?” කියලා අහන අය. 😀 ඒත් අපිට වැඩිය මුණගැහෙන්නෙ නැහැ “ඔයා හරියටම දන්නෙ කොහොම ද ඔයා ඉන්නෙ මහපාරේ බව?” කියලා අහන අය. සංශයවාදය හෝ දර්ශනය ගැන ළැදියාවක් තියෙන අය නම් මහපාරේදීත් ඕවා තමා කතාබහ කරන්නෙ!!!!!!

සාමාන්‍ය ජීවිතයේ දී ප්‍රශ්නයක් අහද්දී එහි දී දාර්ශනික තාර්කික විශ්ලේෂණයක් නෙමෙයි කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ. කවුරු හරි ඇහැව්වොත්, අර්ථ ශාස්ත්‍රය හෝ මනෝවිශ්ලේෂණය යනු විද්‍යාවක් ද කියලා, එහි දී එයා බලාපොරොත්තු වෙන්නෙ යම් ශක්තිමත් පදනමක් මත ඒවායේ පැහැදිලි කිරීම් ගොඩනැඟිලා තියෙනවා ද යන්නයි. ආර්ථිකය සහ මනෝවිද්‍යාව වැඩ කරන්නේ කොහොම ද කියන මත ඒ දැනුම බිහිවූවා ද එහෙම නැත්නම් අවුල් න්‍යාය තුලින් එන හුදු අනුමාන කල්පනාවන් විතරක් බිහි වී තිබෙන්නක් ද යන්න දැනගන්නටයි එහෙම අහන්නෙ.

ඒත් ඒවා අහන්න ඕනෑ වැදගත් ප්‍රශ්න. මොකද, කාට ද වැඩියෙන් පඩියක් ලැබෙන්නෙ? මොන වෑයම් වලට ද වැඩියෙන් මිනිස් වෙහෙසක් වැය වෙන්නේ යනාදිය තීරණය වෙන්නෙ මේවාට දෙන සහ ලැබෙන උත්තර අනුව.

ඒත්, ඥාන විභාගය ගැන කිසිත් දැනීමක් නැතිව, ඒ කියන්නෙ ඥානයේ ව්‍යුහය (structure of knowledge), ඥාන විභාගයේ හැකියාවන් සහ නොහැකියාවන් මොනවා දැයි දැනීමක් නැත්නම්, සාමාන්‍ය ජීවිතයේ දී පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න වලට උත්තර හොයන්න හැකියාවක් මිනිසාට ලැබෙන්නෙ නැහැ.

රටක නීති පද්ධතියකට පුළුවන් නිර්මාණවාදීන්ගේ විද්‍යාව (creationist science) යනු විද්‍යාවක් ද නැද්ද යන්න ගැන නීතිමය තීන්දුවක් දෙන්න. ඊට පස්සෙ ඒවා පාසැල් අධ්‍යාපනයෙන් හදාරන්නට ඉඩක් ලබා දෙනවා ද නැද්ද යන්න ගැන නීති හදන්න. නමුත් එහි දී ද අවශ්‍යයයි සාම්ප්‍රදායික ජීවවිද්‍යාවේ සහ පරිනාමවාද ඉතිහාසයේ යන ක්ෂේත්‍රයන් හි ඥානය (knowledge) යන්න සැලකිල්ලට පාත්‍ර වෙලා තියෙන්නේ කෙසේදැයි විමසා බලන්නට. ඒකට තමයි ඥාන විභාගය අවශ්‍ය වෙන්නෙ.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. Amarasinghe Sujatha said, on අගෝස්තු 21, 2013 at 8:23 පෙ.ව.

    1990 Perrier කියන වතුර වල බෙන්සින් තිබුනාය කියා වෙළඳ පොලෙන් ඒවා ඉවත් කරගනු ලැබුවා. එදත් බය උනා. නමුත් එහි අපට ලැබෙන ජලය ගැන තත්ව සහතික අදාල ආයතන වලින් ලැබුනා. අද ජල කරාමෙන් එනවතුර උතුරවා නිවා ෆිල්ටර් කර බොන මම එහි තියෙන්නේ මොනවා දැයි තවමත් දන්නේ නැහැ.

    ලංකාවේ බොහෝ විට ආහාර පානවල මොනවා තියෙනවාදැයි අපි දන්නේ නැහැ. හලාල් ද නැද්ද කියලා නං දන්නවා. වැඩිපුර කට්ටිය පහුගිය කාලෙ හෙව්වෙ එව්වනෙ.

    • Amarasinghe Sujatha said, on අගෝස්තු 21, 2013 at 8:25 පෙ.ව.

      සැකයෙන් හිතා සොයා බැලීම වරදක්ද?

      • arunishapiro said, on අගෝස්තු 21, 2013 at 8:28 පෙ.ව.

        Sujatha,

        අපොයි නැහැ නංගි .. නරක වැඩියෙන් සැක කරන්න ඕනෑ දේවල් ඉහ මුදුනින් පිළිගෙන අඩුවෙන් සැක කළ යුතු දේවල් සැක කරන්න කාලය සහ මුදල් වැඩියෙන් නාස්තියයි.

    • arunishapiro said, on අගෝස්තු 21, 2013 at 8:27 පෙ.ව.

      Sujatha,

      වෙළඳපොලෙන් ඉවත් කරන බඩුවල දිග ලැයිස්තු කොච්චර තියෙනවා ද? ඒවා අඩු වුනොත් තමයි බය වෙන්න ඕනෑ!!!!!

      මෙහෙ නම් යුදෙව් කෝෂර් සහ මුස්ලිම් හලාල් බඩු අනිත් බඩු වලට වඩා ගණන් ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙන නිසයි.

  2. amalpasanna said, on අගෝස්තු 21, 2013 at 10:50 පෙ.ව.

    //යුදෙව් කෝෂර් සහ මුස්ලිම් හලාල් බඩු අනිත් බඩු වලට වඩා ගණන්//
    සමාන්‍ය බඩු වලට වඩා සාපේක්ෂව ‍බොහෝ මිල අධිකද?

    • arunishapiro said, on අගෝස්තු 21, 2013 at 11:27 පෙ.ව.

      amalpasanna,

      ඔව්, ඒවා ගන්න අය සාපේක්ෂව අඩු නිසාත්, ඒවා ඒ ඒ ආගමික නීති වලට අනුකූලව හදන විට ඒ හා සමානව හදන අනෙක් බඩු වලට වඩා වැයක් යන නිසා ඔව් මිල ගණන් අධික යැයි ඒවායේ පාරිභෝජකයන් කියනවා.

  3. mppgunasinghe said, on අගෝස්තු 21, 2013 at 12:45 ප.ව.

    සිංහලෙන් අමාරුවෙන් සොයාගන්න හැකි, එහෙත් ජීවිතයට අවශ්‍ය දැනුම් සම්භාරයක ස්වල්පයක් හෝ ඔපබන් එක්වෙනවා. කීවෙනි වරට ද මන්දා නැවතත් ස්තුතියි අරුනිසපීරෝ

  4. amalpasanna said, on අගෝස්තු 22, 2013 at 4:07 පෙ.ව.

    දර්ශනය තියෙන්නෙ ආගමට වඩා ඉදිරියෙන් කියල 3mana.com එකේ තියනව.
    [audio src="http://3mana.com/media/audio/2013_05_06/heg_10-1.mp3" /]

    මේක ඇත්තද?
    මට හොදට පැහැදිලි කරගන්න පුලුවන් ලිපියක් තියන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?

    • arunishapiro said, on අගෝස්තු 22, 2013 at 7:37 පෙ.ව.

      amalpasanna,

      දර්ශනය සහ ආගම යනුවෙන් අදහස් කරන්නේ වෙනස් වූ අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට දරන උත්සාහයන් කරා යෑමක්. අයෙක් හඳට යන්න සහ තවත් අයෙක් අඟහරු ලෝකෙට යන්න හදන විට එක උත්සාහයක් අනෙකට වඩා ඉදිරියෙන් හෝ පසුපසින් ඇතැයි කියන්නේ කොහොම ද?

  5. amalpasanna said, on අගෝස්තු 22, 2013 at 9:00 පෙ.ව.

    ඇත්තටම මට එච්චර දැනුමක් නෑ අර දේෂණයෙ තමයි එහෙම කියුවෙ. මම දර්ශනය ගැන ඉගනගන්න උත්සහ කරනව ඒක ඇහුවොත් ඔබටත් කියන දේ තේරෙයි එකෙ කියන්නෙ වෙන තේරුමක්ද දන්නෙත් නෑ. රේවි. මට තේරුනු දෙයයි මම ඔබෙන් ඇහුවෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: