අරුණි ශපීරෝ‍ වෙතින්

විදේශ ආධාර හා සංක්‍රමණික ප්‍රතිපත්ති වෙනස් කරන්න යන ටෝනි ඇබට්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 9, 2013

tony-abbott_0

ඔස්ට්‍රේලියාව අගමැතිවරණයක් පැවැත්වූයේ ලෝක මාධ්‍ය විසින් සිරියාවට ගහන්න ඕනෑ යැයි නොබෙල් සාම තෑග්ග දිනූ බරක් ඔබාමා කියන කතා වලින් පිරී තිබිය දී ය. දක්ෂිණාංශ දේශපාලන පැතිවාදී වූ ටෝනි ඇබට් වසර හයක් පාලනයේ සිටි වමට බර වූ කම්කරු පක්ෂය පරදවා ජයග්‍රහණය ලැබීය. ඔස්ට්‍රේලියාවේ නියෝජිත සභාවේ ද දිනුම් පැත්තට හවුල් වෙන කල්ලිය කියා සිටියේ තමන් ජයග්‍රහණය කළොත් විදේශ ආධාර වැඩි නොකරමින් ඔස්ට්‍රේලියන් ඩොලර් බිලියන 4.5 ක් පමණ ඉතිරි කරගන්නට තමනට සැලසුමක් ඇතැයි කියාය. පරාජය වූ කම්කරු ආණ්ඩුව ප්‍රතිඥා දී සිටියේ රටේ දළ ජාතික ආදායමෙන් විදේශ ආධාර වලට වැය කරන කොටස 0.5% කින් වැඩි කරන බවකි.

ඇමෙරිකාවට දැන් ඇල් ජසීරා නිව්ස් නාලිකාව ද එකතු වී ඇත. ඉහත තොරතුරු එයින්. සීඑන්එන් සහ ෆොක්ස් නිව්ස් වලට වඩා වෙනස් වූ මානයකින් ප්‍රවෘත්ති දෙන ඇල් ජසීරා ඔබාමා සිරියාවට ගහන්න අවශ්‍ය හේතු දක්වද්දී නිව් යෝර්ක් නගරයේ කොටස් වෙළඳපොල ඒ ආරංචියත් සමඟ බැස්සා යැයි ද වාර්තා කළේය!!!!

සිරියාවට ගහන්න හදන ඔබාමාට ඔබ සපෝට් කරනවා දැයි බීබීසී රේඩියෝ සේවයෙන් ඇසූ විට ටෝනි ඇබට් කියා සිටියේ අපිට ඊට වඩා වැදගත් ළඟපාතක තියෙන ප්‍රශ්නයක් විසඳා ගන්නට සිද්ධ වෙලා කියාය. ඒ ඉන්දුනීසියාවේ සිට ඔස්ට්‍රේලියාවට බෝට්ටු වලින් එන්න හදන එරෙට් අලුත් සංක්‍රමණිකයන් වෙන්න කැමති අය ගැනයි. බලය ලත් විගස ඉන්දුනීසියාව බලා යෑම ඔහුගේ පළමු නිල විදේශ ගමන විය හැකියි.

රටක ආර්ථිකයක් නංවාලීමේ වගකීම සහ කාර්ය භාරය ඇත්තේ කා අතදැයි වටහා ගන්නට බැරිවීම වර්තමානයේ ලොව පවතින බරපතල අවුලකි. ලෝක ආණ්ඩු විසින් තම දේශපාලන ප්‍රතිපත්ති සකසා ඇත්තේ පුරවැසියන්ගේ යහපත පිණිස යැයි සිතන මිනිසුන් දේශපාලන ප්‍රතිපත්ති සැකසී ඇත්තේ පාලන බලය අල්ලා ගැනීම සඳහා බව නොදකිති. තමන් පමණක් අති උදාර චේතනා වලින් යුතු යැයි සිතන මිනිසුන් තමන් ගරහන අදහස් වල තමන්ම නියැළෙන බව නොදනිති.

විශ්ව විද්‍යාල උපාධි තිබුණ ද මේ කියන්නේ කුමක් ගැනදැයි අවබෝධයට හැකියාව ඇත්තේ ඉතා සුලු පිරිසකට ය. ඔටුනු පැළඳි ලෝකයේ රජ්ජුරුවන්ගේ හිස ගසා රජු එළවා දැමුවත් රට පාලනය කරන නායකයා සහ බලය ලබන ආණ්ඩුව යනු පුරවැසියාගේ අභිවෘද්ධිය සඳහා කැප වූවන් යන්න විශ්වාසයෙන් ජනතාව තවමත් වාසය කරති.

වාමාංශික නායකයන්ගේ අති උදාර පාරට්ටු බෑම් වලට වශී වී සිට රටේ භාණ්ඩාගාරය හිස් වී යද්දී, ආර්ථිකය දියුණු නොවෙන්නේ මන්දැයි පහදා ගනු බැරි කළ රටේ පුරවැසියන් දක්ෂිණාංශික නායකයන් පත් කරගනිති. එහෙත් වැරැද්ද ඇත්තේ කොතැනදැයි දකින්නට නොහැකි නිසා එය නිවැරදි කරගන්නට ද නොහැකියි. එවිට ආයෙත් කාලයක් ගියාම වාමාංශික නායකයෙක් පත්කරගනියි.

වාමාංශික සහ දක්ෂිණාංශ යන දේශපාලන පැතිවාදයෙන් නොව ඕනෑම රටක ආර්ථිකයක් වැඩ කරන්නේ සහ නොකරන්නේ කෙසේදැයි දිහා බලන්නට ගන්නා උත්සාහයක් ලෙසින් සටහන් පෙළක් මෙතැන් සිට පටන් ගනිමි. මම තවත් අළුත් ඇඩ්වෙන්චර් එකක් පටන් ගෙන ඇති නිසා ඉදිරියේ දී මේ අඩවියේ දමන සටහන් කෙටි වෙනු ඇත. එසේම මගේ අඩවියේ පළ වන්නට අවසර දෙන ප්‍රතිචාර වලට පවා උත්තර සැපයීම ද ප්‍රමාද විය හැකියි.

ආර්ථිකයක් වැඩ කරන හැටි දැනගන්නට කැමති අයට සහ ඒ වෙනුවෙන් දිග ගමනක් යන්නට කැමති අයට මා හා එක්වෙන්න යැයි මෙයින් ආරාධනා කරමි!!!

පින්තූරය: Google Images

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 9, 2013 at 9:48 පෙ.ව.

    ඔබ තුමිය නිහඬව සිටින්නේ මන්දැයි සිතමින් සිටියෙමි. නැවත ඉක්මණින් වගේ දක්නට ලැබීම වාසනාවකි.

  2. wicharaka විචාරක said, on සැප්තැම්බර් 9, 2013 at 11:43 පෙ.ව.

    1. ඊජිප්තුව මොකද අල් ජසීරාවට හිරිහැර කරන්නේ.

    2. අල් ජසීරාවේ දිනපතා ප්‍රවෘත්ති බලනකොට පෙනෙන්නේ ඇමරිකාව මේ දැන් සිරියාවට ගහයි කියලා බලා ඉන්නවා වගේ. මොකද ඒ?

    3. ටෝනි ඇබට් බහුතරය ගන්න බලපෑ ප්‍රධාන සාධක මොනවාද?

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on සැප්තැම්බර් 9, 2013 at 9:40 ප.ව.

    අලුත් ඇඩ්වෙන්චර් එකට සුභ පතමි. මමත් නිවාඩුවක් ගත්තා මාස තුනක ආයිත් වැඩට බහිනවා මගේ ආර්ථිකය ගොඩ දාගන්න ඇඩ්වෙන්චර් එක. ජයවේවා අරුණි.

  4. ineshwickramaraja said, on සැප්තැම්බර් 10, 2013 at 3:03 පෙ.ව.

    ”ආර්ථිකයක් වැඩ කරන හැටි දැනගන්නට කැමති අයට සහ ඒ වෙනුවෙන් දිග ගමනක් යන්නට කැමති අයට”—–නො ඉවසිල්ලෙන් බලාගෙන හිදිමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: