අරුණි ශපීරෝ‍ වෙතින්

ආර්ථිකය යනු අපිම වෙමු

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 10, 2013

Economy

ආර්ථිකය ගැන නොයෙකුත් ප්‍රවෘත්ති අපිට නිතර අහන්නට ලැබේ. දැන් ආර්ථිකය ශක්තිමත්. මේ දිනවල ආර්ථිකයේ නැඟ යන වේගය ටිකක් අඩුවෙලා ගිහින්. ඒ ආණ්ඩුව කාලේ වගේ නෙමෙයි මේ ආණ්ඩුව කාලයේ දී දැන් ආර්ථිකය අඩපණ වෙලා, ඉතින් අපි ආර්ථිකය දියුණු කරන්න ඕනි.

අපිට ඇහෙන ප්‍රවෘත්ති වල ආර්ථිකය යමක් ලෙසින් කතාබහට ගැනෙන්නකි.

එහෙත් ආර්ථිකයක් යනු යමක් නොවේ. ආර්ථිකයක් යනු අපිම වෙමු. ආර්ථිකය යනු අපේම ජීවිත වෙති.

ආර්ථිකයක් මූර්තිමත් කරන්නේ සෑම ඒකීය පුද්ගලයෙක්ම කරන වෙහෙසකින්. අපගේ එදිනෙදා ජීවිතයේ දී අපට අවශ්‍ය වන සියළු දේවල් සඳහා නිෂ්පාදනය කරන්නට ගන්නා උත්සාහයෙන්. ඒකීය පුද්ගලයෙක් නිෂ්පාදනය කරන දැයක් සේ ම, ඒකීය පුද්ගලයන් සිය දෙනෙක් එකතු වී කොම්පැණියක් හදාගෙන එකතුවෙන් නිෂ්පාදනයක් බිහි කිරීමෙන් ද ඉටු කරන්නේ ව්‍යාපාර පාරිභෝගිකයන් සහ සමාජයේ ඒකීය පුද්ගල පාරිභෝගිකයන් වෙනුවෙන් යම් යම් දේවල් නිෂ්පාදනය කිරීමකි.

නිෂ්පාදනය යනුවෙන් අදහස් කරන්නේ නිමි භාණ්ඩයක් නිර්මාණය වෙනුවෙන් කරන සියළු කර්තව්‍යයන්ය.

ඉන්පසු අපි ඒ අප නිෂ්පාදනය කළ නිමි භාණ්ඩය නැත්නම් ඒ නිෂ්පාදනයට සහභාගී වීමෙන් අප ලද වේතන අනෙකුත් අය විසින් නිෂ්පාදනය කරන ලද දේවල් මිල දී ගැනීම සඳහා භාවිතා කරමු.

ආර්ථිකයක් යනු එයයි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Yasith said, on සැප්තැම්බර් 10, 2013 at 10:16 පෙ.ව.

    මෙන්න මේ ටිකත් සරල වචනයෙන් පැහැදිළි කරනවද ?
    1. දළ දේශීය නිශ්පාදනය
    2. ඒක පුද්ගල ආදායම
    3. රටක් තුල සංසරණය වන මුදල් ප්‍රමාණය නියතව පවත්වා ගන්න තීරණය කරන සාධක මොනවාද ?

    ස්තූතියි !

    • arunishapiro said, on සැප්තැම්බර් 11, 2013 at 9:10 පෙ.ව.

      Yasith,

      මුලින්ම මේ සටහන් ආර්ථික විද්‍යාවේ විභාගයක් පාස් වෙන්න ලියන ඒවා නෙමෙයි බව කරුණාවෙන් සලකන්න. මේවා ජීවිතය ජයගන්න අයෙකුට අවශ්‍ය ආර්ථික දැනුම. ඊ ළඟට ඕවා ගැන ඉක්මණින් ටිකක් විස්තරාත්මකව ලියන්න අදහස් කරන නිසා දැනට කෙටියෙන් ලියන්න බැහැ.

      සමාවෙන්න, biyamaprabhava1.pdf file අවුල කුමක් නිසා සිද්ධ වෙනවා දැයි මම දන්නේ නැහැ.

  2. Yasith said, on සැප්තැම්බර් 10, 2013 at 10:17 පෙ.ව.

    මෙන්න මේ biyamaprabhava1.pdf file එක page load වන වාරයක් පාසා download වෙන්නෙ ඇයි ? 😦

  3. Jay said, on සැප්තැම්බර් 11, 2013 at 12:08 පෙ.ව.

    Think this is the new series.
    Good start keep on going….

  4. mppgunasinghe said, on සැප්තැම්බර් 11, 2013 at 4:40 පෙ.ව.

    ආර්ථිකය සරල තේරුම් යන පැහැදිලි කිරීමකි. දරුවන්ට ආර්ථිකය යනු කුමක් දැයි කියා දෙන්න යන ඇතැමකු නිසා විද්වතුන්ගේ නිර්වචන කට පාඩම් කිරීමකට එහා දෙයක් සිදු වී නැති බව සිසුන් ඇගයීම් වලදී දී විඳින ලද අත්දැකීමකි. මේ පැහැදිලි කිරීම කුඩාවකුට වුවද තේරුම් ගැනීමට මග සලසන්නකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: