අරුණි ශපීරෝ‍ වෙතින්

කොටස් වෙළඳපොලක් වැඩ කරන්නේ කොහොම ද?

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 12, 2013

IMG_9527

මෙම සටහන කොටස් වෙළඳපොල ආයෝජනය කරන හැටි පිළිබඳ උපදෙස් නොවන බව කරුණාවෙන් සලකන්න.

මිනිස්සු බහුතරයක් හිතන විදියට නෙමෙයි රටක ආර්ථිකයක් වැඩ කරන්නෙ. ඒ වගේ ම මිනිස්සු බහුතරයක් හිතන විදියට නෙමෙයි කොටස් වෙළඳපොලක් ද වැඩ කරන්නෙ. ඒත් ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්න පිරිස අතර බොහොමයක් කොටස් වෙළඳපොල ආයෝජන කරන්න හරි කැමතියි.

රටක ආර්ථිකයක් නැඟලා යනවා කියල ඒ රටේ කොටස් වෙළඳපොල විසින් පිළිබිඹු කරනවා යන්න පොදුවේ පිළිගන්නා විශ්වාසයක්. ඒ විශ්වාසය හැදිලා තියෙන්නෙ, ආර්ථිකයක් දියුණු වෙද්දී ඒ නිසා සමාගම් වැඩියෙන් මුදල් උපයනවා, එතකොට ඒ සමාගම්වල නෛසර්ගික අගයන් අනුව වෙළඳපොල කොටස් හි අගයන් ඉහළ යනවා යැයි ජනතාව හිතන නිසයි. එහෙම හිතන්න අයෙක් පෙළඹෙන්නෙ තවත් වැරදි අදහසක් අල්ලාගෙන ඉන්න නිසයි. ඒ වැරදි අදහස තමයි පාරිභෝගික විශ්වාසය සහ පාරිභෝගික වියදම් යන දෙක යම් ආර්ථිකය වර්ධනය පෙන්නුම් කරනවා යන්න පිළිගෙන සිටීම.

ඉතින් එහෙම හිතන අය වෙළඳපොල කොටස් කඩා වැටීම දකින්නේ පාරිභෝගික විශ්වාසය වැටිලා, ව්‍යාපාර ගැන විශ්වාසය වැටිලා, දැන් පාරිභෝගිකයා වියදම් කරන එක අඩුවෙලා ගිහින් නිසා ඇතිවන ප්‍රතිඵලයක් හැටියට. උද්ධමනය, තෙල් මිල ඉහළ යෑම, ඉහළ පොලී අනුපාත යනාදියත් ඒ වගේම හරියට කිසිම හේතුවක් සොයාගන්න නැතිවත් හිටපු ගමන් වෙළඳපොල කොටස් පහත යෑම දැක්කමත් එය දකින්නේ ද ව්‍යාපාර ලාභ අඩුවෙලා විරැකියාව වැඩිවෙන හැටියට. තවත් විදියකට කිව්වොත් ආර්ථිකයක් දුර්වල වෙන හේතුවට දක්වන පොදු මතය තමයි සමාගම් වල ආදායම් අඩුවෙන එක සහ හිතපු තරම් නැත්නම් අනාවැකි කියපු තරම් ආදායම් හොයන්න බැරිවෙලා යැයි ඔවුන් කීම නිසා සමාගමේ නෛසර්ගික අගයන් අඩුවෙලා වෙළඳපොල කොටස් ද පහළ යෑම.

ඒත් ආර්ථිකයක් වැඩ කරන හැටි ගැන සත්‍යයෙන් දැනගන්න කැමති නම් වගේ ම කොටස් වෙළඳපොල ද ඉහළ පහළ යන හැටි සත්‍යය ලෙසින් දැනගන්න කැමති අයෙකුට එය ලේසියෙන් ඔය ඉහළින් පැහැදිලි කරපු වගේ අදහස් වල එල්බ ගෙන සිටීම ප්‍රමාණවත් නැහැ.

කෙටියෙන් කිව්වොත්, දීර්ඝ කාලීන වශයෙන් කොටස් වෙළඳපොල කොටස් වගේ ම ඕනෑම වෙළඳපොලක ඉහළ යෑම සහ පහළ යෑම සිද්ධ කරන එකම සත්‍යය බලය යනු රටක ඇති මුදල් ප්‍රමාණය කොතරම් වෙනස් වෙනවා ද සහ ආර්ථිකයක් කොතරම් වියදම් කරනවා ද යන සාධක දෙකයි.

දීර්ඝ කාලීනව කොටස් ඉහළ යෑමට නම් කොටස් වෙළඳපොලේ වැඩියෙන් මුදල් ආයෝජන කරන්නට හැකියාව තිබිය යුතුයි.

ඕනෑම ආර්ථිකයක ඕනෑම හේතුවක් නිසා ඕනෑම අයෙකුට එයා කැමති නිෂ්පාදනයක හෝ ශ්‍රමයක නියැළෙන්නට ඉඩකඩ ඇහිරෙන සෑම අවස්ථාවක දී ම ඒ ආර්ථිකයේ මුදල් ප්‍රමාණය අඩුවෙන්නට එය සාධකයක්. එවිට මොන කූටෝපායයන් කළත් ඒ ආර්ථිකයේ කොටස් වෙළඳපොලක් දීර්ඝ කාලීනව ඉහළ යෑමක් සිද්ධ වෙන්නෙ නැහැ.

ක්‍රි. පූ. 4 දී පුරාතන ග්‍රීසිය වගේ ම ක්‍රි. ව. 2 දී රෝම අධිරාජ්‍යය ද යම්තාක් දුරටකට නිදහස් වෙළඳපොලකට අවස්ථාව ලැබුවා. එවක වූ සංවර්ධනය 1600 ගණන් වල දී බ්‍රිතාන්‍යයෙන් පටන් ගත් කාර්මික විප්ලවය හා සමාන තත්වයකට එන්නට සමත් වුවත් යුද්ධ, පංති භේද, බදු බර, උද්ධමනය හා අනේක නීති රෙගුලාසි පිහිටුවා ගැනීම නිසා සංවර්ධනය නැවතුනා විතරක් නෙමෙයි ඒ ශිෂ්ඨාචාරයන් ද පරිහානියට පත්වුනා. බොහෝ වැසියන්ට නිෂ්පාදනය කරන්න හා පරිභෝජනය කරන්න දිනපතා පාවිච්චියට අවශ්‍ය දේවල් පවා නොමැති වූ කාලයක් ඉන්පසු උදාවුනේ. ඔවුන්ගේ ජීවන මට්ටම් යළි නැඟ එන්නේ වසර දාහක් ගියාට පස්සෙ.

අද සංවර්ධිත රටවල් මුහුණ පා සිටින්නේ නැවතත් හටගෙන තිබෙන මහා පරිහානියක් ඉදිරියේ. මෙතෙක් කාලයක් නිදහස් වෙළඳපොල කප්පාදු කරමින් ගෙන ගිය අහිතකර ප්‍රතිපත්ති වල ඵලවිපාක අත්දකින ජනතාව තම නොදැනුවත්කම නිසා නොසිතූ ප්‍රතිඵල අත්විඳිමින් එහෙත් ලෝකයම පරිහානිය කරා දවසින් දවසට සහ මාසයෙන් මාසයට පා තබමින් ඉන්නෙ. එහෙම ක්‍රම ක්‍රමයෙන් සිද්ධ වෙන බහින කලාව පහසුවෙන් දකින්නට හැකියාවක් බහුතරයකට නැහැ. හරියට උණුසුම් වතුරේ ඉන්නා ගෙම්බන්ට වගේ.

අද පවතින රෙගුලාසි නිසා ජනතාවට මුදල් ඉතිරි කරන්න, මූලධනයක් හදාගන්න සුදුසු වාතාවරණයක් නැහැ. ඒ නිසා ඒ ඉතිරි කිරිම් වලින් බිහිවෙන උත්සාහයන් -කම්හල්, මැෂින්, උපකරණ, පරිගණක- වගේ දේවල් තුලින් ජනතාවට වත්කම් නිර්මාණය කරන්න හැකියාවක් ලැබෙන්නේ ද නැහැ. වෙනසක් නොවුනොත් ලෝකය යන්නේ ආර්ථික අගාධයකට .. අගලක වගේ නෙමෙයි අගාධයක පතුලක් නැහැ!!!!!

ආණ්ඩුවේ රෙගුලාසි අඩුවෙද්දී සහ ආණ්ඩුවේ වැය අඩුවෙද්දී ජනතාවගේ කැමැත්තන්ට ඉඩ ලැබී ජනතාව විසින් (නිෂ්පාදන සහ පරිභෝජනය තුලින්) ආර්ථිකය තුල වත්කම වැඩි කරනවා. එවිට ඕනෑම රටක ආර්ථිකයක මුදල් ප්‍රමාණය ද වැඩිවෙනවා.* එහි දී බඩු මිල පහළ යාමත් ජනතාව අත ගැවසෙන මුදල් වැඩි වීමත් නිසා ඔවුනට කොටස් වෙළඳපොලේ ආයෝජනයන් සඳහා ද මුදල් තිබෙනවා.

ආර්ථිකයක් සහ කොටස් වෙළඳපොලක් සත්‍යයෙන් වැඩ කරන අන්දම දන්නා අය අවපාත කාලයන් හි ආර්ථිකයට තවත් දුර්වල වී යන්නට ඉඩ දෙනවා. මන්ද එසේ ඉඩදිය යුතු නිසා. එවිට පමණයි අනවශ්‍ය ලෙසින් පිම්බිලා ඇති ආණ්ඩුවල හුළං බැහැලා අනවශ්‍ය ලෙසින් ප්‍රසාරණය වී ඇති කොටස් වෙළඳපොල ආපහු ශක්තිමත් පදනමකට ගෙන්වා ගත හැකියාව පවතින්නේ.

* මේ ගැන නිවැරදි පැහැදිලි කිරීම් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on සැප්තැම්බර් 24, 2013 at 8:28 පෙ.ව.

    බුල් බෙයා මැද අපි එකතැන 🙂

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2013 at 6:20 පෙ.ව.

      හලෝව් රස්ටා,

      එකතැන ඉන්නවත් ලැබෙන්නෙ නැහැ, ආණ්ඩු හිතුමතයට මුදල් අච්චු ගහද්දී/බිල්පත් විකුණද්දී මුදලේ අගය බැහැලා මුකුත් නොකරම රටවැසියාගේ වත්කම අඩුවෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: