අරුණි ශපීරෝ‍ වෙතින්

අවශ්‍යතාවන් සහ උවමනාවන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 17, 2013

PDMNNWE1BPC7I5W

අපි හුදකලා දූපත් වල ජීවත් නොවෙන නිසා අප එක් එක් අයගේ සෑම අවශ්‍යතාවන් සහ උවමනාවන් පිරිමසා ගැනීමට හැකියාව ඒ ඒ අයගේ ශ්‍රමය මත පමණක් රඳන්නේ නැත. ශ්‍රම විභජනය ලොව ඕපපාතිකව බිහි වූවක් මිස කිසියම් ප්‍රාඥයෙක් විසින් සැලසුම් කරන ලද්දක් නොවේ. ඒකීය පුද්ගලයන් ඒ ඒ අයගේ කුසලතාවයෙන් නිර්මාණය කරන භාණ්ඩයන්* සඳහා වෙළඳපොලක දී ඉඩ ලැබෙද්දී සමාජයේ සෑම පුද්ගලයෙකුටම තම ජීවන මට්ටම වැඩි දියුණු කරගන්නට ඉඩකඩක් ලැබේ.

සරල ලෙසින් පැහැදිලි කරන්නේ නම්, අයෙක් තම පරිභෝජනයට නොගන්නා කොටස වෙළඳාමෙන් අනුන්ට ලබාගන්නට අවස්ථාවක් දී ඔවුන් විසින් ඔවුන්ගේ වෙහෙසෙන් නිර්මාණය කර ඔවුන් පරිභෝජනයට නොගන්නා කොටසෙන් ටිකක් තම පරිභෝජනයට ලබා ගනියි. එහි දී රිටි හා පිහි වලට අමතරව කැති, පොරවා, මිටි සහ ඇණ වැනි ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් නිෂ්පාදනයක් සිද්ධ වේ. ප්‍රාග්ධන භාණ්ඩ වැඩියෙන් නිර්මාණය වෙද්දී ඒවා උපකාරයෙන් වැඩියෙන් පොල් කඩනවා වෙනුවට වෙනත් අවශ්‍යතා සහ උවමනාවන් පිරිමසා ගැනීමට මිනිසා ස්වභාවයෙන් යොමු වේ. එවිට ඇඳ, පුටු, අල්මාරි, ගෙවල්, ඇඳුම්, ඇඳ ඇතිරිලි හා දොර ජනේල ආවරණ යනාදී පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනය පටන් ගනියි.

ඒකීය පුද්ගලයන් කරන නිෂ්පාදනයන් වැඩිවීමෙන් සෑම අයෙකුගේ ම ජීවන මට්ටම් ඉහළ යයි.

ජීවන මට්ටම් දියුණුව නොහොත් අදට වඩා හෙට ජිවීතය හොඳින් ගෙන යෑමට හැකියාව ලැබෙන සාර්ථකත්වය රඳන්නේ අනෙක් අයට උවමනා හෝ අවශ්‍ය දේවල් නිර්මාණය කිරීම මතයි. නැතිව නිෂ්පාදනයක් බිහිවෙන අවසාන ඉලක්කයක් නැතිව ශ්‍රමය වෙහෙසීම පමණකින් නොවේ.

අයෙක් ලාබ උපයන රස්සාවක යෙදෙනවා ද නැත්නම් රටට අලාභ උපදවන රස්සාවක යෙදෙනවාද යන්න තෝරා බේරාගත හැක්කේ තම ශ්‍රමයෙන් නිපැදෙවන භාණ්ඩය කුමක් දැයි විමසා බැලීමෙනි.

අවශ්‍යතාවයක් (need) යනු ජීවිතයට නැතිව බැරි වූවකි.

උවමනාවක් (want) යනු ඔබ ලබාගන්නට කැමති දෙයකි.

පෝෂ්‍යදායක ආහාර වේලක් අවශ්‍යතාවයක් වෙද්දී අයිස් ක්‍රීම් එකක් උවමනාවකි.

අවශ්‍යතාවයන් සපුරා ගනිද්දී උවමනාවන් ද සපුරා ගන්නට හැකියාව ලැබෙන ලෙසින් අද ලෝකය දියුණු වී තිබුණත් ඒකීය පුද්ගල වෙහෙසකින් යමක් මුලින්ම නිර්මාණය වෙන බව නොපිළිගන්නා මිනිසුන් බහුතරයක් තවම සිටින නිසා තමන්ගේ උවමනාවන් තබා අවශ්‍යතාවයන් ද සපුරා ගන්නට නොලැබෙන අහිතකර ආර්ථික ප්‍රතිපත්ති වලට සියල්ලන්ම හසුවෙමින් සිටිති.

* අර්ථ ශාස්ත්‍රයේ දී ආර්ථික භාණ්ඩයක් (economic good) යනු සාමාන්‍ය ව්‍යවහාරයේ එන භාණ්ඩයක්, එය හදන්නට ගන්නා උපකරණයක් මෙන්ම භාණ්ඩයක් හැදෙන යම් කොටසක් පමණක් ද විය හැකියි. තොරතුරු සහ ප්‍රවෘත්ති ද (සේවාවන්) ආර්ථික භාණ්ඩයක් ලෙස සැලකේ. මේ ගැන තව ඉදිරියේ දී තවත් පැහැදිලි කරන්නම්.

පින්තූරය: ඇමෙරිකන් රූපවාහිනියේ Defiance (2013) නම් විද්‍යා ප්‍රබන්ධ ටෙලිනාට්‍යයේ දකින්නට ලැබෙන Need Want නමින් වූ තැබෑරුම සහ වෛශ්‍යා සේවය ලබාගත හැකි ස්ථානයයි.

Advertisements

3 Responses

Subscribe to comments with RSS.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: