අරුණි ශපීරෝ‍ වෙතින්

ඒකීය පුද්ගලයන්ට අභිමතයන් ඇත

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 18, 2013

mechanical leech

තම අභිමතය (preference) කුමක්දැයි කියන්නට ලැජ්ජාවෙන් පැකිළෙන සහ බිය අය සිටිය ද සෑම අයෙකුටම අභිමතයක් ඇත. අයිස්ක්‍රීම් නොව හැලප කන්නට තමන් කැමතියි කීම අයෙකුගේ අභිමතයකි. අභිමතයක් නැතැයි බොරුවට කියන්නා නෝක්කාඩු මුහුණින් අකමැති දැයේ නියැළෙයි!!!!

ලෝකය වැඩ කළ යුත්තේ මෙයාකාරයෙන් යැයි ඒ ඒ පුද්ගලයාට මතයන් හා ආශාවන් තිබීම මිනිස් ස්වභාවයකි. අර්ථ ශාස්ත්‍රයේ දී අභිමතය යන වචනයෙන් අදහස් වෙන්නේ ඒ ඒකීය පුද්ගලයන්ගේ හැඟීම්. මිනිසා යම් ආකාරයෙන් කටයුතු කරමින් තවත් ආකාරයකින් කටයුතු නොකරන්නට තෝරා ගනිති. එසේ කරන්නේ තම හැඟීම් අනුව ලෝකය වැඩ කළ යුත්තේ මෙසේ විය යුතුය යන අභිමතයක් ඔහුට තිබීම නිසයි.

නොදන්නාකම නිසා මිනිසාගේ විශ්වාසය (belief) වැරදි විය හැකියි. එහෙත් අයෙකු යම් ක්‍රියාවක් කරන්නට තෝරාගත් පසු තම අභිමතය කුමක් දැයි කියා තමනට වැරදුනා යැයි පසුව කියත නොහැකියි. තම අභිමතය තමන් විසින් දක්වා ඇත්තේ ඒ ක්‍රියාවේ නියැළෙන්නට තෝරාගත් අවස්ථාවේ දී ය.

19 වැනි සියවසේ යුරෝපීයයන් කූඩැල්ලන් යොදවා ලේ, සෙම්, පිත් රෝගයන් සුව කරත හැකි යැයි විශ්වාස කළහ. එසේ කළේ ඒ කාලයේ වෛද්‍යවරුන්ගේ අභිප්‍රාය එයින් ලෙඩ්ඩු සුව කරත හැකි යැයි වූ විශ්වාසය නිසයි. ලෙඩ්ඩු මරණයට පත්වෙනවාට වඩා සුවවීම ඔවුන්ගේ අභිමතය වූ නිසයි. එහෙත් එම ක්‍රියාවෙන් අභිමතය සාර්ථක නොවෙන බව වටහා ගනිද්දී, කූඩැල්ලන් ලවා අපිරිසිදු ලේ ඉවත් කරනවා වෙනුවට අපිරිසිදු ලේ උත්පාදනය කරන රෝග කාරක සොයා යන්නට බුද්ධිමතුන් සමත් වූහ!!!!

තම පරමාර්ථයන් සාක්ෂාත් කර ගැනීමට මිනිස්සු ලෝකයේ පවතින දෑ භාවිතයට ගනිති. යම් අන්තයක් (end) කරා යන්නට පාවිච්චි කරන මාර්ගය (means) ගැන කතා කරන්නේ දාර්ශනිකයන් විසිනි. අර්ථ ශාස්ත්‍රඥයන් මේ ගැන කියද්දී හඳුන්වන්නේ ඒ ඒ අයගේ අභිමතයන් තෘප්තිමත් කරගන්නට මිනිසා භාණ්ඩ සහ සේවා භාවිතා කරනවා යැයි කියාය.

අභිමතයන් යනු ඒකීය පුද්ගලයෙක් හා බැඳී පවතින්නකි. එනම්, අභිමතයන් යනු පුද්ගල නිශ්‍රිත වූවකි. පුද්ගල නිශ්‍රිත (subjective) සහ විෂයමූලික (objective) වූ අදහස් දෙකක වෙනස මතයක් (opinion) සහ පරිසිද්ධියක් (fact) අතර ඇති වෙනස හා සමාන වූවකි.

ගොඩක් අය චොකලට් අයිස්ක්‍රීම් වලට වඩා වැනිලා අයිස්ක්‍රීම් කන්නට ප්‍රිය කරති. එහෙත් වැනිලා අයිස්ක්‍රීම් වලට වඩා වැඩියෙන් අමර කන්නට කැමත්තේ චොකලට් අයිස්ක්‍රීම් වෙයි. ඉහත වාක්‍යයන් දෙක සලකා බලද්දී, අයිස්ක්‍රීම් රසයන් ගැන වූ අභිමතයන් පුද්ගල නිශ්‍රිත බවත්, අභිමතයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවත් දකින්නට හැකියි.

පරිසිද්ධියක් එසේ පුද්ගල නිශ්‍රිත නොවේ. මේ අයිස්ක්‍රීම් එක අමර කද්දී එහි කැලරි 143 ක් වෙන අතර මෙය සාමා කන්නේ නම් කැලරි 165 ක් වේ යැයි කියත නොහැකියි. අමර කන නිසා හෝ සාමා කන නිසා යැයි වූ පමණින් එකම අයිස්ක්‍රීම් එකේ ඇති කැලරි ගණනේ වෙනසක් සිද්ධ නොවේ.

මරණයට පත් නොවීම සහ සුවය ලැබීම පමණක් නොව ඇඟිල්ලක්, කන් පෙත්තක් අහිමි වී නොයෑමත් අභිමතයක් වේ නම්, Maggots and leeches: Good Medicine හි කියා ඇති ලෙසින් වර්තමානයේ, කූඩැල්ලන් පමණක් නොව ඉහඳ පණුවන් ද ලවා ප්‍රතිකාර කිරීම සාර්ථක ලෙසින් සිද්ධ වෙයි.

සිරුරේ කුඩා තැන්වල කරන සැත්කම් වල දී හදවතට රුධිරය ගෙනයන ශිරාවක් (vein) යළි සම්බන්ධ කිරීම ඉතා අසීරු වූවකි. පිළිස්සුන තුවාල සහ පිළිකා රෝග වල දී ඉවත් කරන ලද ශාරීරික අවයවයන් වලින් පසු බද්ධ කරන ලද පටක වල නව ශිරා වර්ධනයක් හැදෙන්නට ප්‍රථම එය රුධිරයෙන් කැටි ගැසී යා හැකියි. සැත්කම් වලින් හැම විටක දී ම මෙය විසඳිය නොහැකි නිසා බද්ධ කිරීම් සමහර විට අසාර්ථක වෙයි.

කූඩැල්ලන් වැඩිපුර ශ්‍රාවය වන ලේ උරා බොනවා පමණක් නොව උන්ගේ කෙළ වල පවතින රුධිරය තුනී කරන ද්‍රව්‍යයක් නිසා උන් ඇති පමණින් ලේ උරා බී වැටුණු පසුව ද රුධිර වහනය නොනැවතී සිද්ධ වී ශිරා යළි සම්බන්ධයට කාර්යක්ෂම ලෙසින් සහාය වෙයි.

මේ පත්‍රිකාර සඳහා විකුණන කූඩැල්ලන් හා ඉහඳ පණුවන් වෛද්‍ය උපකරණ (medical devices) හැටියට ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ඇත.

ඊට අමතරව සත්‍ය කූඩැල්ලන්ට අකමැති අයට මැඩිසන් විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ නේඩින් කොනර් විසින් යාන්ත්‍රික කූඩැල්ලෙක් ද (mechanical leech) නිර්මාණය කර ඇත.

ඒකීය පුද්ගලයන්ට අභිමතයන් ඇත යැයි පිළිගන්නා සමාජය ඒ අභිමතයන් තෘප්තිමත් කරගන්නට භාණ්ඩ හා සේවා නිර්මාණයේ යෙදෙති.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on සැප්තැම්බර් 24, 2013 at 8:58 පෙ.ව.

    ඒකීය පුද්ගලයන්ට අභිමතයක් ඇත යැයි පිළිගන්නා සමාජයන්ගේ අභිමයන් උදෙසා නිපදවෙන භාණ්ඩ හා සේවා අවසන අපේ අභිමතයන් බවට නිරායාසයෙන් පත්වේ, ඒ අපේ අභිමතයන් හදුනා ගන්නට අප සමාජය අසමත් වන බැවිනි, නොවෙසෙන බැවිනි. ආනයනය කරන අභිමතයන් මිස අපනයන අභිමතයන් අපට නැත.

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2013 at 6:35 පෙ.ව.

      හලෝව් රස්ටා,

      මිල පාලනය නිසා සමාජයේ ඒකීය පුද්ගලයන්ට තම අභිමතයන් පෙන්වන්නට ඉඩක් නොලැබෙද්දී තමයි එහෙම අවුලක ජීවත්වෙන්නට සිද්ධ වෙන්නෙ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: