අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස් හුවමාරු සමඟ බැඳී පවතින අභිමතයන්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 19, 2013

IMG_5422

අභිමතයක් (preference) හැම විටෙකම මිනිසෙක් කරන හුවමාරුවක් සමඟ බැඳී පවතින්නක්. ඒ නිසා අභිමතයන් වලින් අරමුණු දක්වන්නේ ශ්‍රේණිගත (ranking) ආකාරයකට. අමර විසින් වැනිලා අයිස්ක්‍රීම් වලට වඩා චොකලට් අයිස්ක්‍රීම් කන්න ප්‍රිය බවක් දක්වන්නේ නම්, ඔහුගේ ක්‍රියාව පෙන්නුම් කරන්නේ එම අරමුණ වෙයි.

මෙහි දී වැනිලා රසට වඩා චොකලට් රසට අමර කොපමණ තරමක අභිමතයක් දක්වන්නේ ද යන්න අපිට තීරණය කළ නොහැකියි. චොකලට් අයිස්ක්‍රීම් එක මිල දී ගැනීමෙන් අර්ථ ශාස්ත්‍රයේ දී දැනගන්නට ලැබෙන්නේ වැනිලා රසයට වඩා ඔහු චොකලට් රසයට ප්‍රිය කළ බව පමණකි.

එදිනෙදා කතාබහේ දී අයෙක් “අරකට පොඩ්ඩක් වැඩියෙන් මම මේකට කැමතියි,” කියනවා අහන්නට ලැබේ. එහෙත් අර්ථ ශාස්ත්‍රයේ දී අයෙක් පොඩ්ඩක් අඩුවෙන් කැමති වූව කුමක් දැයි දැනගැනීමෙන් ඵලක් නැත. අර්ථ ශාස්ත්‍රය සැලකිල්ලට ගන්නේ යමක් තෝරාගැනීමෙන්, අභිමතය කුමකට පෙන්වා ඇත්ද කියා පමණි.

වෙළඳපොලක දී භාණ්ඩයක මිල තීරණය වෙන අන්දම වටහා ගැනීමට නම් මේ කාරණය හරිහැටියට වටහා ගැනීම ඉතා වැදගත්.

ආණ්ඩුවක් විසින් භාණ්ඩ වල මිල තීරණ කරන වෙළඳපොලක ජීවත්වෙන අයට භාණ්ඩයක මිල තීරණය කෙසේ සිද්ධ වන්නේ දැයි වටහා ගැනීම ඉතා අසීරු වූවකි. එහෙත් එසේ නොවන රටවල් වලට සංක්‍රමණය වෙද්දී, එම රටවල චන්ද ප්‍රකාශ කරන අයිතිය ලබද්දී, තමන් වැඩි ලාබ සොයා ආපු විදේශයේ දී ඊට හැකියාවක් තමනට ලැබුනේ කෙසේදැයි නොදැන සිටියොත් වෙන්නේ සියල්ලන්ම දුප්පත් ලෝකයක් කරා ගමන් කිරීමයි.

සෑම ක්‍රියාවක්ම කරනා පුද්ගලයෙක් සිටියි. අයෙක් කරන ක්‍රියාව ඔහුගේ අභිමතය දක්වයි. අභිමතයක් දක්වමින් අයෙක් යමක් කරද්දී හේ යම් අරමුණක් සාක්ෂාත් කරගන්නට උත්සාහයේ යෙදෙන්නෙකි.

අභිමතයන් පුද්ගල නිශ්‍රිත යැයි කියද්දී, ඒවා ඒ ඒ පුද්ගලයන්ට විශේෂිත වූ යැයි කියද්දී, ඒවා අත්පොළසන් ගසා පිළිගැනීමක් හෝ ඒවා ගරහමින් ප්‍රතික්ෂේප කිරීමක් සිද්ධ කරන විනිශ්චයක් අර්ථ ශාස්ත්‍රයේ දී සිද්ධ නොවේ. අර්ථ ශාස්ත්‍රය සලකන්නේ මිනිසුන් ඒ ඒ අයට අනුව පවතින අභිමතයන් වලින් යුතු පුද්ගලයන් කියා පමණකි.

රටක ආර්ථිකය සංවර්ධනය වෙන්නේ තම තමන්ගේ ඒ ඒ අභිමතයන් වලින් තෘප්තිමත් කරගන්නට හදන අරමුණු සඳහා ඉඩක් තමනට ඇතැයි ක්‍රියාකරන මිනිසා විශ්වාස කරන්නේ නම් පමණකි. අභිමතයන් තෘප්තිමත් කරගන්නට ඉඩකඩ නොමැති වාතාවරණයක මිනිසුන් තම ශ්‍රමය වෙහෙසිය යුත්තේ කුමන අරමුණු සඳහා දැයි පහදා ගන්නට නොදනිති. එහෙයින් ඵලදායීත්වයක් නොලැබ නිකරුණේ ශ්‍රමය වැය කරති.

වෙළඳපොලක් පෙන්වන්නේ සත්‍ය මිනිසුන්ගේ අවශ්‍යතාවන් සහ උවමනාවන් ගැනයි.

අනුන්ට හොඳ මොනවා දැයි තීරණය කරන්නට වෙහෙසෙන අය ලොව බොහෝ වුවත් අනුන්ගේ අභිමතය කුමක් දැයි දන්නා ජගතකේ ලොව නැත. එසේ දන්නවා යැයි සිතන අය විසින් අනුන් සඳහා තෝරාගැනීම් නියම කිරීමේ නියැළෙති. වෙන අයගේ මහන්සිය උදුරාගෙන තම අභිමතය ඇති අයට බෙදන අය බවට නීති වෙනස් කරගෙන පත්වෙති. අද ඉදි කරන යමක් හෙට කඩා අනිද්දාට යළි එය ඉදිකරන වැනි උත්සාහයන් වල නැවත නැවත යෙදෙති. එසේ ක්‍රියාකරන මිනිසා ආර්ථිකය බංකොළොත් අගාධයට ඇදගෙන යයි. ඔවුන් දේශපාලන බලය තමන් සතුව තබාගැනීමේ දීර්ඝ කාලීන අරමුණින් ඊට හැකියාව ලැබෙනවා යැයි දකින අභිමතයන් අනුව කෙටි කාලීන සැලසුම් හදනා අයයි.

නමුත් වෙළඳපොල විසින් පිරිසක් තව පිරිසක් මංකොල්ල කනවා ද නැත්නම් එකිනෙකාගේ සහයෝගයෙන් හුවමාරු කරනවා ද යන්න තැකීමට ගන්නේ නැත. වෙළඳපොල කරන්නේ එකිනෙකාගේ අභිමතයන් තෘප්තිමත් කරගන්නට හැකිවෙද්දී ඉහළ යන ආර්ථිකය සහ ටික දෙනෙකුගේ අභිමතයන් තෘප්තිමත් වෙද්දී පහළ යන ආර්ථිකය පිළිබිඹු කිරීම පමණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: