අරුණි ශපීරෝ‍ වෙතින්

හැමෝම යන්නේ තමන්ගෙ මාර්ගයේ

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 20, 2013

IMG_9575

“වරදින්නෙ නෑ මේ පාරෙන් ගියොත්,” නැත්නම් “අනිවාර්යෙන් ගිහින් බලන්න ඕනා අර පාරේ තමයි,” යනාදිය අපිට ලැබෙන තොරතුරු වෙති. එහෙත් ගමනේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා ඇති තෝරාගැනීම් වලින් පුද්ගලයා සෑම විටෙකම තෝරාගන්නේ තම අභිමතයයි. අයෙක්ගේ පරමාර්ථය කීර්තිය වෙද්දී තවකෙකුට එය වත්කම විය හැකියි. වයසක දෙමව්පියන් බලාගැනීම, රටට සේවය, හිතේ සතුට යනාදී අනේක පරමාර්ථ සඳහා සියල්ලන්ම තම තම අභිමතයන් අනුව වෙහෙසිය හැකි මාර්ගයක යති. IMG_9572

මිනිසා තමන් කරන ක්‍රියාවකින් සොයන ප්‍රතිඵලය (end) යනු එහි අන්තය, අරමුණ (aim) හෝ පරමාර්ථයයි (goal). මේ වදන් සාමාන්‍ය කතාබහේ දී භාවිතා කරන්නේ අතරමැදක (intermediate) වූ අන්ත, අරමුණු හෝ පරමාර්ථ ගැන කියන්නටයි. ක්‍රියා කරන මිනිසා (acting man) මේ අතරමැදක වූ ඒවා සාක්ෂාත් කරගන්නට උත්සාහ කරන්නේ ඊට එහායින් වූ ඔහුගේ පරම අන්තය (ultimate end) කරා යෑමට ඒවායෙන් හැකියාවක් ලැබෙන බව විශ්වාසයෙනි. සෑම අතරමැදක වූ ක්‍රියාවක්ම සිද්ධ වන්නේ දැනට පවතින යම් නොසන්සුන් තත්වයක් නැති කරගන්නට ඒවායෙන් ඉඩක් ලැබෙන බවක් විශ්වාස කරන නිසයි.

මාර්ගයක් (means) යනු ඕනෑම අන්තයක්, අරමුණක් හෝ පරමාර්ථයක් අත්පත් කරගැනීමට හැකියාව ලැබෙන විදියයි.

විශ්වයේ පවතින්නේ දේවල් (things) පමණි. ලෝක ස්වභාවය විසින් මිනිසාට මාර්ගය දායාද කර නැත. ඉතින්, යම් අන්තයක් කරා යෑමට රිසි වූ මිනිසා තමන් තුල පවතින විචාරයෙන් සැලසුම් කර ඒ අන්තය කරා යෑමට මිනිස් ක්‍රියාව (human action) යොදවා ගන්නා දැය/දේවල් මාර්ගයක් වෙයි.

ක්‍රියාවක් ගැන හිතන්නට හැකි මිනිසා* යනු විශ්වයේ පවතින දේවල් වලින් වැඩගත හැකියාව දකින්නෙකි. ඒවායෙන් තම අන්තයන් කරා යා හැකියාව සොන්නෙකි. ක්‍රියාවේ යෙදී ඒවා මාර්ගයන් බවට පත් කර ගන්නෙකි.

මිනිස් මොළයක හටගත් අදහසකින් පසුව ක්‍රියාවක නියැළෙන්නට තෝරාගත් විට භෞතික ලෝකයේ පවතින දේවල් තම මාර්ගයන් කරගන්නට මිනිසාට හැකියාව ලැබේ.

භෞතික ලෝකයේ පවතින දේවල් මාර්ගයන් බවට හැරෙන්නේ මිනිසා විසින් ඒවාට තේරුමක් දීම සහ ක්‍රියාවක් කිරීම මඟින් ස්වභාවයේ පවතිනවාට වඩා වෙනසකට ලක් කිරීමෙන් පමණකි.

අර්ථ ශාස්ත්‍රය විසින් භෞතික ලෝකයේ පවතින වස්තු ගැන සැලකිල්ලක් දක්වන්නේ නැත. අර්ථ ශාස්ත්‍රය විසින් සැලකිල්ලට ගන්නේ භෞතික ලෝකයේ පවතින වස්තු සමඟ කරන මිනිසාගේ හැසිරීම කුමක් ද කියා ද පමණි. එනම්, අර්ථ ශාස්ත්‍රය යනු භෞතික වස්තූන් ගැන හදාරන්නක් නොව මිනිසා විසින් භෞතික වස්තූන්ට දෙන අර්ථය (meaning) සහ මිනිසා විසින් අනතුරුව කරන ක්‍රියාවන් (actions) ගැන හදාරන්නකි. භාණ්ඩ (නිෂ්පාදන, පාරිභෝගික, හුවමාරු), වස්තු සම්පත්, සහ වෙනත් ඕනෑම දෙයක් යනු මිනිස් හැසිරීම ගැන වූ මතියක් මිසෙක ස්වභාව ධර්මයේ ගුණාංගයන් නොවෙති. ඒවා ගැන කතාබහ කරන්නට කැමති අයෙක් භෞතික ලෝකය දිහා බැලීමෙන් ඵලක් සිද්ධ නොවේ. ඒවා ගැන ඔහු විමසිය යුත්තේ ක්‍රියාකාරී මිනිසා ඒවාට දෙන තේරුම කුමක් දැයි අනුවයි.

අර පාර, මේ පාර යැයි තමන් කරන නිර්දේශයන් අනගි යැයි පාරට්ටු බාන නායකයන් පිටුපස පෙළගැහෙනා අය එසේ පෙළගැසෙන්නේ ඒවා තමන්ගේ ද මාර්ගය යැයි විශ්වාසයෙන් පිළිගත් නිසයි. තවත් විදියකින් කිව්වොත් හැමෝම හඹා යන්නේ තම අභිමතයන් අනුව තම අභිප්‍රායයන් සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබෙනවා යැයි ඔවුන් විශ්වාස කරන මාර්ගයන්ය. සමහරු පමණක් එසේ නැතැයි කියමින් එසේ කරති!!!!!!!!
IMG_9574

ලුඩ්විග් වොන් මීසස් ලියූ මිනිස් ක්‍රියාකාරකම්, (Human Action: A Treatise on Economics 1949) ග්‍රන්ථය ඇසුරිනි.

* මේ ගැන පැහැදිලි කිරීමක් ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on සැප්තැම්බර් 20, 2013 at 8:21 පෙ.ව.

    ඔබේ පැහැදිලි කිරීම් සහ විග්‍රහයන් අමුතුම මාර්ගයක ගමන් ගන්නවා.ඒවා සරළයි සුගමයි. උසස් පෙළ හදාරන සිංහල දරුවන්ට ගොඩක්ප්‍රයෝජනවත්

    • arunishapiro said, on සැප්තැම්බර් 21, 2013 at 9:46 පෙ.ව.

      mppgunasinghe,

      කළින් කිව්වා වගේ මේවායෙන් කාල් මාක්ස් ප්‍රධාන කරගත් ආර්ථික විද්‍යාව හදාරන අය ගන්න විභාග පාස් වෙන්න බැහැ. හැබැයි ජීවිතයට වැදගත් කාගෙවත් දැක්ම නෙමෙයිනෙ. යමක් සත්‍යයෙන් වැඩ කරන්නෙ කොහොම දැයි දැනගැනීමයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: