අරුණි ශපීරෝ‍ වෙතින්

ක්‍රියාවක් ගැන හිතන්නට හැකි මිනිසා

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 21, 2013

real-human-brain-660x438[1]

ආර්ථිකය ගැන සලකන අර්ථ ශාස්ත්‍රඥයාට මිනිස් සිතුම් පැතුම් ගැන දැනගන්නට අවශ්‍යතාවයක් නැත. ආර්ථිකයට වැදගත් මිනිසා විසින් කරන ලද ක්‍රියාව පමණකි. මිනිසාගේ සිතුම් පැතුම් සැලකිල්ලට ගැනීම අවශ්‍ය යැයි සිතා ඒ අනුව ගොඩනඟන ලද ආර්ථික පද්ධතිය 1920 ගණන් වල දී ම ලොව බංකොළොත් වූවත් තවමත් මිනිස් ක්‍රියාව කුමක්දැයි නොසලකා හදන්නට ගන්නා එවැනි බංකොළොත් උත්සාහයන් නිතර පාහේ දකින්නට ලැබේ.

අනාගතය අවිනිශ්චිත වූවකි යන්න ‘ක්‍රියාව’ යන්නේ පැවැත්ම වෙතින්ම කියාපාන්නකි. අනාගතය මෙසේ වේවි යැයි කිසිත් සැකයක් නැතිව තිතට දන්නේ නම් කෙනෙකුට කිසිදු ක්‍රියාවක නියැළෙන්නට නොහැකියි. සිද්ධ වෙන්නට යන්නේ කුමක් දැයි නිශ්චිතවම අයෙක් දන්නේ නම්, එයට කිසිම ලෙසකින් වෙනසක් කරත නොහැකි නම්, එවිට යමක් කරන්නට උත්සාහයක් ගැනීමේ ඵලය කුමක් ද?!!!!

අනාගතය වෙනස් කරගන්නට මම කරන ක්‍රියාවකින් හැකියාව ඇත්නම්, එයින් කියැවෙන්නේ එවිට අනාගතය නිශ්චිත වූවක් නොවේ කියායි.

කළින් කරන ලද ක්‍රියාවන් ගැන පසුතැවිලි වෙන්නට සිද්ධ වූවත්, එයින් යම් අවස්ථාවක යම් තෝරාගැනීමක් කරන්නට හැකි වූවා යන්න අවලංගු වී යන්නේ නැත. ඊයේ දවල් පමණ ඉක්මවා බඩජාරිකමට කෑ ආහාර නිසා අද විඳවන්නට සිද්ධ වුනත් පුද්ගලයා ඩිංගක් රස බලනවාට වඩා බඩ පැලෙන්න කෑම ප්‍රියකරන ලද්දෙකි.

හසුරුවා ගත නොහැකි ආවේගශීලීත්වයට අවනතයෙන් සමහරු තමනට අහිතකර වූ යම් තෝරාගැනීම් කරති. ආවේගය පහ වී ගිහින් සංසුන්ව කල්පනා කරද්දී එය පාඩු ලැබූ හෝ නොමනා පාහර වැඩක් යැයි එවැන්නාට සිතෙන්නට ද පුළුවන.

රග්බි තරඟයක දී ප්‍රතිවාදීන්ට පහර දීම, අනියම් අයෙක් නිකම් දෙන නිසා ගන්නා විවාහකයන් සිටීම, කල්ලියක මානසිකත්වයෙන් යැයි කියමින් පුද්ගලයෙක් දූෂණය (දූෂණයට ලක්වෙන්නේ කාන්තාවන් පමණක් නොවේ) සහ හිංසා අපරාධ කිරීම යනාදියේ දී ඒකීය පුද්ගලයා සතු වූ තෝරාගැනීමේ ශක්තිය නැති වූවා යැයි සැලකිය නොහැකියි.

දැඩි ආවේගශීලීත්වය එහිදී සාධකයක් වුවද එහෙත් අභිමතය යනු පුද්ගලයාගේ තෝරාගැනීමකි. ආවේගයන් සෑම මිනිසෙකුටම ඇත. සමහරු තම ආවේගයන්ට නතුවෙද්දී අනෙක් අය සිතට එන හැම ආවේගයකටම අවනත නොවී සිටිති. ක්‍රීඩා තරඟයක දී ප්‍රතිවාදි පිලේ අයට පහර නොදෙන අය සිටින බැවින්, පමණ ඉක්මවා බඩජාරිකමට ආහාර ගිල නොදමන අය ඉන්නා බැවින්, අනියම් සබඳතා පවත්වන්නට හැකියාව තිබුණ ද එසේ නොකර සිටින අය ඉන්නා බැවින්, ආවේගයන් වලින් උද්දීපනය වූ අවස්ථාවක කල්ලියක සිටියත් දූෂණයට හෝ හිංසා අපරාධයට සහභාගී නොවන අය සිටින බැවින්, එසේ මිනිසාට සිටීමේ හැකියාවක් ඇත. එයින් පිළිබිඹු වන්නේ එවැනි අවස්ථාවල දී වුවද ඒකීය පුද්ගලයාට තෝරාගත හැකියාව තිබෙන බවයි.

එහෙත් සමහරු තෝරාගැනීමේ වගකීම තම අත වූවක් බව ප්‍රතික්ෂේප කරන්නට සමාවට නොයෙකුත් කරුණු පෙන්වති. පසුගිය දිනෙක උගතෙක් යැයි සැලකෙන සිංහලයෙක් ” බිරිඳ මැදපෙරදිග ගිය ලාංකීය සැමියන් දියණියන් ඇඳට ගන්නේද විකල්ප නැති විටය,” යැයි ලියා තියෙනවා දැක්කෙමි. අහෝ, බිරින්ඳෑලා නැති දියණියන් ඇඳට ගන්නේ ද නැති සැමියෙනි, ඔබට විකල්ප නැතැයි කියා ඔබ සිතුවා ද?!!!!!!!!!! 😀

අයෙකුට හිතෙන “දත් දොස්තර වෙත යෑමට මම අකමැතියි,” වැනි සිතුවිල්ලක් සැලකිල්ලට ගනිමු. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ දී අපිට අහන්නට ලැබෙන්නකි. තෝරාගැනීමක් ඇත්නම් දත් දොස්තරගේ පුටුවේ වාඩිවෙනවාට වැඩියෙන් මුහුදේ නාන්නට යෑම අයෙකුගේ අභිමතය යැයි අයෙක් කියනු ඇත. එහෙත් අර්ථ ශාස්ත්‍රය අයෙක් කියන්න සැලකිල්ලට ගන්නේ නැත. අයෙක් කරන ක්‍රියාව පමණක් සැලකිල්ලට ගනිද්දී පුද්ගලයා අකමැත්තෙන් වුවත් කරන ක්‍රියාව නම් දත් දොස්තරවරයා වෙත යෑම බව පෙනේ. මෙය පහදා ගන්නා උත්සාහයේ දී අවබෝධ කරගන්නට ලැබෙන්නේ ලැබෙන සතුටක් තෝරා නොගෙන වේදනාවක් දැනෙන තෝරා ගැනීමක් කර ඇත්තේ එයාගේ සත්‍ය වූ අභිමතය මුහුදේ නාන්න යනවාට වඩා දත් නරක් වීම වළක්වා ගැනීම බවයි.

රටේ ආර්ථිකයක් එහි වැසියන්ගේ සිතුම් පැතුම් ගැන තැකීමක් නොකරයි. රටවැසියන්ගේ සිතුම් පැතුම් වලින් සිද්ධ කරන ක්‍රියාවෙන් ඇතිවෙන ප්‍රතිඵලයන් පමණක් රටේ ආර්ථිකය දක්වයි.

ක්‍රියාවක් ගැන හිතන්නට නොහැකි මිනිසා, නැතහොත් මිනිස් සිතක පවතින සිතීමේ ශක්තිය නොමැති වූ අවස්ථාවන් හැටියට ගැනෙන්නේ අතදරුවන් හැටියට වැඩෙන කාලය, අනතුරක දී සිහිනැති වී යන්නට පෙර, මහළුවියේ ස්මරණය ගිලිහී ගිය පසුව, ඇල්සයිමර්ස් වැනි රෝගයක් පවතින විට, දැඩි මොළ අබාධයකින් පෙළෙන වැනි මිනිසාට සත්‍යයෙන්ම තෝරාගැනීම් කරන්නට නොහැකි විට දී පමණකි. මේ අය ආර්ථික රැඟුම්කරුවන් (economic actors) හැටියට සැලකෙන්නේ නැත. ඔවුන් වෙනුවෙන් ආර්ථික තීරණ ගන්නා වෙනත් අය ඉන්නා නිසා එවැනි තත්වයන්හි පසුවන අය ගැන පැහැදිලි කරන්නට අර්ථ ශාස්ත්‍රය වෑයමක් ගන්නේ නැත.

ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ Gene Callahan ලියූ Economics for Real People (2002) ඇසුරිනි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. jagath pathirana said, on සැප්තැම්බර් 23, 2013 at 9:44 පෙ.ව.

    ඔයාගේ ලිපියේ භයානක පනිවිඩයක් හැංගිලා තියෙනවා
    //ක්‍රියාවක් ගැන හිතන්නට නොහැකි මිනිසා, නැතහොත් මිනිස් සිතක පවතින සිතීමේ ශක්තිය නොමැති වූ අවස්ථාවන් හැටියට ගැනෙන්නේ අතදරුවන් හැටියට වැඩෙන කාලය,
    මේ මතය පාවිච්චි කරලා දරුවෙක් ඉපදිලා යම් කාලයක් ඇතුලත මරා දැමීමට නීතියෙන් අවසරදෙන්න පුලුවන්
    හරියටම ඹයාගේ බැල්ලිට වගේ එහෙමත් නැත්නම් ගබ්සා කරනවා වගේ
    ඊට පස්සේ ඔය මතවාදේ ජීව විද්‍යා ආචාරධර්මයක් හැටියට වෛද්‍ය පීඨවල උගන්වයි
    ඔය බයෝ කරන එවුන් උගත් මෝඩයෝ පිරිසක් උං උපාධි ගත්ත දා ඉඳන් උම්බෑ කියන්න ගනියි

    • arunishapiro said, on සැප්තැම්බර් 24, 2013 at 6:59 පෙ.ව.

      jagath pathirana,

      ඔයාගේ ප්‍රතිචාරයේ ඊට වඩා භයානක පණිවිඩයක් හැංගිලා තියෙනවා. අදහසක් කිව්වොත් ඒකෙන් කියා නැති වෙනත් අදහසක් ක්‍රියාවට නංවයි කියන භීතිය නිසා කිසිම අදහසක් ප්‍රකාශය වැළැක්විය යුතුයි කියන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: