අරුණි ශපීරෝ‍ වෙතින්

ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය පමණක් ඒකීය පුද්ගලයාව හදාරයි

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 24, 2013

cellphone

තෝරාගැනීමක් කරන්නේ මිනිසෙකු විසින් බැවින්, මිනිස් තෝරාගැනීම් මත පදනම් වූ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර පාසැලේ අර්ථ ශාස්ත්‍රඥයන් නියැළෙන්නේ ඒකීය පුද්ගලයා ක්‍රමානුකූලව හැදෑරීමේ උත්සාහයකයි.

ජනතාව විසින් නායකයා තෝරාගත්තා යැයි කියමනේ දී ඔවුන් දකිනුයේ එක් හෝ ඊට වැඩියෙන් වූ ඒකීය පුද්ගලයන් විසින් කරන ලද තෝරාගැනීමකි. බහුතර චන්දයෙන් නගරයක, පළාතක හෝ රටක ආඥාදායකයෙක් පවා තෝරාගැනීමේ දී එම තෝරාගැනීම සිද්ධ වූයේ ඒකීය පුද්ගලයන් වෙතින්.

ඒකීය පුද්ගලයෙක් කල්ලියකට අයිති යැයි කියද්දී, ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් ඔහුව කල්ලියේ එනම්, ඒකීය පුද්ගලයන් වෙතින් හැදුන එකතුවක, ඉන්නා ඒකීය පුද්ගලයෙකු ලෙස සලකයි. කල්ලියක ක්‍රියාවන් යනු එය නියෝජනය කරන ඒකීය පුද්ගලයන් විසින් කරන ලද ක්‍රියාවන් වෙති. කල්ලියක් තවත් කල්ලියකට පහර දුන්නා හෝ කල්ලියක් විසින් කාන්තාවක් දූෂණය කළා යැයි කියැවෙද්දී ඒ කල්ලියේ වූ ද, ඒ කාර්යයේ නියැළුනු ඒකීය පුද්ගලයන් විසින් කරන ලද ක්‍රියාවකි. ඕනෑම “කල්ලියක සාමාජිකත්වය” යනු මනසේ පවතින අදහසකි. සාමාජිකත්වයේ ඉන්නා මෙන්ම කටයුත්තේ යෙදෙන ලද මිනිසුන් මිසෙක ‘අදහස’ විසින් ඒ කාර්යයේ නොයෙදුන බව වටහා ගත යුතු වෙනසකි.

කල්ලියක සාමාජිකත්වය ලබා තිබෙන නිසා පුද්ගලයාට තම තෝරාගැනීමේ වගකීමෙන් බැහැර වෙන්නට ඉඩක් ඇතැයි හෝ නැතැයි අයෙක් සිතීම එයාගේ විශ්වාසයකි (belief). භෞතික ලෝකයේ අභිමතයන් වල දී තෝරාගැනීමේ වගකීම යනු සෑම අවස්ථාවක දී ම හිතන්නට හැකි ඒකීය පුද්ගලයා සතු වූවකි යන්න පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවන පරිසිද්ධියකි (fact).

සමහර විද්‍යාවන් වල දී හදාරන වස්තූන් මෙන් නොව ඒකීය පුද්ගලයාව ක්‍රමානුකූල හැදෑරීමේ දී ඇතිවන ප්‍රධානම ගැටළුව නම් මිනිසාට පර්යේෂණය ගැන හැඟීමක් තිබීමයි. පර්යේෂණයක පරීක්ෂාමාන්‍යයෙක් (subject) වෙන බව දන්නා මිනිසාව ඒ නිසා පැලෑටියක් වැඩෙන හැටි පැත්තක සිට අධ්‍යයනය කරනු ලෙසින් කළ නොහැකියි. මන්ද මිනිසා කිසිවෙක් තමන්ව නිරීක්ෂණය කරන්නේ ද එවිට තම හැසිරීම වෙනස් ලෙසින් කරත හැකි අයෙකු නිසයි.

මෙය ශ්‍රෝඩින්ගර් පූසා වැනි තත්වයක් නොවේ. මිනිසා විසින් අයෙක් තමන්ව නිරීක්ෂණය කරද්දී හෝ නොකරද්දී කරන ක්‍රියාවක ප්‍රතිඵලය ආර්ථිකයට බලපෑමක් කරයි. ක්‍රියාවේ ප්‍රතිඵලය දකින්න බැරිවෙන්න එත්තෝරේ මායෝරානා විසින් සිතුවිලි පර්යේෂණයක් කරන ලදි. ඔහු තමන්ව සුපිරි තත්වයකට ගෙන ගියේ ප්‍රතිඵලය දකින්නට/දැනගන්නට අපිට නොලැබෙන විදියට. නමුත් වෙළඳපොල ආර්ථික ගණුදෙනු තුල දී ඔහු ජීවත්ව සිටිනවා නම්, අපි නොදැක්කාට ඔහු ආර්ථික රැඟුම්කරුවෙක්.

වතුරේ පවතින හයිඩ්‍රජන් හා ඔක්සිජන් පදාර්ථ පහදා ගෙන විද්‍යාවෙන් ඒවා ගැන පැහැදිලි කරන ලෙසින් නව ආකාරයකින් හිතන්නට හැකියාව ඇති මිනිසාගේ අනාගත චර්යාව ගැන ඔහුගේ අතීතය ගැන ලබාගත් දැනුමෙන් අර්ථ ශාස්ත්‍රඥයාට සැලසුම් හැදිය නොහැකියි. එසේම ඉඩෝර, සුනාමි, ගංවතුර, භූමිකම්පා යනාදී ස්වභාව ධර්මයා වෙතින් කරන බලපෑම් ද අවිනිශ්චිත අනාගතයක ලක්ෂණයන්ය. මිනිස් ස්වභාවයේ සහ ලෝක ස්වභාවයේ අවිනිශ්චිත තත්වයන් නොසලකා සැලසුම් හදන ලද සෑම අවස්ථාවකම නොසිතූ ප්‍රතිඵල අත්විඳින්නට ලැබේ.

අතීතයේ කරන ලද වැරදි හදාගෙන අනාගතය වෙනස් කරගත හැකියාව ඇති මිනිසාගේ අනාගත චර්යාව කෙබඳු වේදැයි කියා ද, එනම් අපි දැනට අධ්‍යයනය කර නොමැත්තක් ගැන, අපි දන්නවා යැයි අපිට කිව නොහැකියි. අපිට කියන්නට පුළුවන් මෙතෙක් අධ්‍යයන කරන ලද ක්‍රියාවන් අනුව මේ මේ ප්‍රතිඵල ලැබුනා යන්න පමණි. අයෙක් ඒවා හොඳ ප්‍රතිඵල සහ තවකෙක් ඒවා නරක ප්‍රතිඵල සේ දැකීම අර්ථ ශාස්ත්‍රඥයාගේ කාර්ය භාරයට ඇතුලත් නොවේ. අර්ථ ශාස්ත්‍රඥයා කරන්නේ ක්‍රියාව ලබාදුන් ප්‍රතිඵල මෙසේ බව පෙන්වා දීම පමණකි.

මේ සීමාවන් දන්නා නිසා ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රඥයන් කරන්නේ මිනිස් ක්‍රියාවන් හි මූලික අංගය වූ මිනිස් ස්වභාවය හඳුනාගැනීමයි. සිද්ධ වූ දේ ගැන මිසෙක සිද්ධ විය හැකි දේවල් මත ගණන් නොහැදීමයි. මිනිසා යන පරිසිද්ධිය මත පදනම් කරගෙන, ක්‍රියාවන්හි නියැළෙන මිනිසාව ඒ තර්කයෙන්ම විමසා, අනේක විධ වූ මිනිස් ක්‍රියාවන් වලින් ඇතිවන ප්‍රතිඵල අවබෝධයට උත්සාහ ගැනීමයි.

පින්තූරය: ද ඉකොනොමිස්ට් සඟරාවෙන්.

Advertisements

One Response

Subscribe to comments with RSS.

  1. magenama said, on සැප්තැම්බර් 25, 2013 at 3:46 පෙ.ව.

    මේ ලියවිල්ලෙන් තරමක් ඈතට යනව වුනත් මෙහෙම දෙයකුත් මට පේනවා.දැන් අපි වෙච්ච දෙයක් ගැන හිතලා ඒ මත යම් නිගමනයකට එන එක සත්‍යවාදියි.මොකද ඒ දෙය ඇත්තටම වෙච්ච නිසා.ඒත් ඒ දෙය ඒ විදිහටම ආයි වෙයිද කියලා පොඩි සැකයකුත් තියෙනවා.ඒත් වෙන කරන්න දෙයකුත් නෑ මොකද වෙයි කියලා හිතන දේවල් ගැන හිතලා ඒක වෙන්න කලින් නිරීක්ෂනය කරන එක යම් මට්ටමක හිතලුවක් නිසා.හරියට වාහනයක පි‍ටුපස කණ්නාඩිය බලාගෙන පැදවීම හා ඇස් වහගෙන පැදවීම වගේ.(මේ උදාහරණය නම් අපි කියන්නේ ගිණුම්කරනය හා මූල්‍ය කළමනාකරනය අතර ගැටීමට)


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: