අරුණි ශපීරෝ‍ වෙතින්

හිඟය නිසා ඇතිවන ගැටුම්

Posted in Uncategorized by arunishapiro on සැප්තැම්බර් 25, 2013

IMG_9220

හිතන පතන හැම සම්පතක්ම ක්ෂණයෙන් පහළ වෙන දිව්‍යලෝකයක නොව අප ජීවත්වෙන්නේ හිඟය පවතින ලෝකයකයි. තමන් වෙනුවෙන් තමන් නිපදවා ගන්නා, ස්වභාව ධර්මයා සමඟ පමණක් ගණුදෙනු කරන්නා, පවා හිඟයට මුහුණ දෙන්නෙකි.

හුදකලා දූපතේ දිනපතා පොල් පහක් අහුලාගෙන කන පුද්ගලයාට ඒ සඳහා ගතවෙන පැය ගණන යනු ස්වභාව ධර්මය දී ඇති සේවා නියුක්ති කොන්දේසි වෙයි.

තම නිවසේ නැති භාණ්ඩ වෙනත් නිවසක, තම ගමේ නැති භාණ්ඩ වෙනත් ගමක, තම රටේ නැති භාණ්ඩ වෙනත් රටවල පවතිනවා පුද්ගලයාට දකින්නට හැකියි. එකක් තෝරාගනිද්දී අනෙක් තෝරාගැනීම් අහිමි වී යන හැටි ඔහු දකියි. කාලයේ හිඟයක් උපන් දා පටන් පවතින බව ඔහුට දැකිය හැකියි.

ඒ නිසා හුවමාරු ක්‍රමයකින් ලබන්නට කැමති, තමනට නැති දේවල් සඳහා තමන් අත්හරින්නට කැමති දේවල් දී ගණුදෙනු කිරීම ඕපපාතිකව ලොව බිහිවුණි. එය කිසිම ප්‍රාඥයෙක් විසින් සැලසුම් කරන ලද්දක් නොවේ.

තමන් හුවමාරු කරන භාණ්ඩ දිහා බලා ඒවායේ සාපේක්ෂ වැය අනුව ඔහුට වැඩියෙන්ම ලාබදායක යැයි සිතෙන භාණ්ඩය තෝරාගැනීම සමාජයක වාසය කරන පුද්ගලයාගේ අභිමතයයි. හැමෝම කරන්නේ එයයි. එනම්, මිනිස් අවශ්‍යතාවන් සහ උවමනාවන් තෘප්තිමත් කරගැනීම පිණිස වූ භෞතික වස්තු ගැන තමන්ගේ සිතුවිලි අනුව අගැයුම් ඉදිරිපත් කිරීමයි. දේශගුණය හෝ දූපතක් වීම වැනි ස්වභාව ධර්මය විසින් පනවා ඇති බාධක වලින් ද, දෙදෙනෙකුට එකම දෙයක් අවශ්‍ය සහ උවමනා වෙද්දී ඔවුන් දෙදෙනාටම එකවර එය අත්පත් කරගත නොහැකි නිසා ද නොහොත් හිඟය නිසා ගැටුම් හටගනී.

හිඟයක් නිසා සමාජයක ගැටුම් හටගනිද්දී ඒවා නිරාකරණයට ලොව බිහි වී ඇති ආර්ථික සංස්ථාවන් තුනකි: වෙළඳපොල ක්‍රමය නොහොත් ධනවාදය, සමාජවාදය සහ මිශ්‍ර ආර්ථිකයයි.

ධනවාදී ආර්ථික ක්‍රමයේ මූලික පදනම දේපල අයිතියයි. දේපල බිහිවූයේ නීති නිසා නොව දේපල නිසා නීති පවතින බව පැහැදිලි කර දුන්නේ ෆෙඩ්රික් බැස්ටියාට් විසිනි. වෙළඳපොල ක්‍රමයේ දී භාණ්ඩ හා සේවා අයිතිය ඇත්තේ ඒකීය පුද්ගලයන්ටය. ධනවාදී ක්‍රමයේ දී පොල් ගෙඩියක් දැක්ක නිසා ඊට අයිතියක් කීමට නොහැකියි. පුද්ගලයෙක් එය අයිති කරගත යුතුයි. නැත්නම් ඔහුට කළින් අයිතියක් කියන අයගෙන් ලැබෙන අවසරයෙන් අයිතිය කිව හැකියි.

සමාජවාදී ආර්ථික ක්‍රමයේ ආණ්ඩුව විසින් සියළු භාණ්ඩ වලට අයිතියක් කියයි. එහෙත් ලොව ක්‍රියාත්මක වූ සමාජවාදී ආර්ථික ක්‍රම වල දී වැඩි කාලයක් ඒ විදියට පවත්වාගෙන යා නොහැකි බව දැකීමෙන් පසු නිෂ්පාදන භාණ්ඩ වල අයිතිය පමණක් ආණ්ඩුවට තබාගන්නා ලදි. සුපිරි සමාජවාදයක දී රජය විසින් තමනට අයිති සම්පත් මෙහෙය වන්නේ එකමුතු, මධ්‍යම සැලසුමකින් යුතු වූ ආර්ථික අරමුණක් සාක්ෂාත් කරගන්නට. සංවිධානයක් නොමැති වෙළඳපොල ක්‍රමකට වඩා මෙය කාර්යක්ෂම වූවක් යැයි සමාජවාදීන් උපකල්පනය කරන ලදහ.

එහෙත් සමාජවාදී ආර්ථික ක්‍රමයේ දී දිරිගැන්වීම පිළිබඳ ගැටළුවක් පැන නැඟේ. තම පුද්ගලික උත්සාහයන් වලින් පෙන්වන දක්ෂකම් වලට ලැබෙන පුද්ගලික වාසියක් දකින්නට නොලැබෙන විට මිනිස් ස්වභාවය වූයේ මහන්සි වී වැඩ නොකිරීමයි. “සෑම අයෙක් තමනට හැකි විලසකින්, සෑම අයෙක්ම තමන්ගේ අවශ්‍යතාවය පරිදි,” කියමින් සමාජවාදී ආණ්ඩුව විසින් එවිට උත්සාහ කළොත්, හැම විටම ලැබුනේ නිපැයුම් ඉතා වේගයෙන් අඩු වී යාමයි.

සමාජවාදී ආර්ථික ක්‍රමයේ දී ගණනය පිළිබඳ ගැටළුවක් ද පවතී. යම් නිපැයුමකට යොදවන මිනිස් ශ්‍රමයේ කාලය සහ විවිධ සම්පත් සඳහා ලැබෙන වෙළඳපොල මිල ගණන් නොදැන සමාජවාදී රජයක පරිපාලකයන්ට ඒ මිනිස් සහ ස්වභාවික සම්පත් කාර්යකෂ්ම භාවිතා කරනවා දැයි දැනගන්නට ක්‍රමයක් නැත. පුරවැසියන්ගේ අභිමතයන් වූ වෙනත් භාණ්ඩ හෝ සේවා සඳහා සම්පත් යොදවිය හැකි වුවත්, මාර්ගෝපදේශයක් ලබන්නට ඔවුනට වෙළඳපොල මිලෙන් ලැබෙන ප්‍රතිචාරය නොමැත.

වෙළඳපොල ක්‍රමයට ආණ්ඩුව විසින් ක්‍රියාකාරී ලෙස මැදිහත්වීම් වීම මිශ්‍ර ආර්ථික ක්‍රමයේ දී දකින්නට හැකියි. ඔවුන් එසේ කරන්නේ වෙළඳපොල ක්‍රමයේ ඇතැයි ඔවුන් ‘චෝදනා කරන අඩුපාඩු’ මඟහරවා ගන්නට අවශ්‍ය යැයි කියමිනි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. muthunayake said, on සැප්තැම්බර් 25, 2013 at 6:57 පෙ.ව.

    මේ අරුනිගේ බොලොග් එකට ඉතින් කමෙන්ට් දාලා වැඩක් නැ මකන නිසා , අති ධනවදී අරුණි ගේ සමාජවදී පාලනයක් සහිත බොලගයට කමෙන්ට් දමන්නේ මගේ E මේලයට එන ලිපිය දැක්කහම ඉතින් නොලිය බැනේ ඔං මම කොමෙන්‍ටුව පියවර දෙකකින් දානව මේක මකන්න අනිකත් ඔනිනම් මැකුවැහැකි .

  2. muthunayake said, on සැප්තැම්බර් 25, 2013 at 7:15 පෙ.ව.

    ඔබගේ ලිපිය හොදයි නමුත් හරිම පක්ෂපතියි, අර නුතන බටහිර ක්‍රමයට අනුව ෆෙයා වෙන්න ඔනිනේ. හරෙකෙක් මරල කැවත් ෆෙයා ට්‍රඩේ වෙන්න ඔනිනේ.

    මේකයි ලොකේ හැම මිනිහටම තරගෙන් දිනන්න බැ. ඒකනේ ඇමරිකවේ 18.6 මිලියන ගෙවල් වහල තියෙද්දී , හොම්ලස්ල මිලියන ගානක් පාරවල් ගානේ ඉන්නේ.

    ලොකේ හැම මිනිහෙක්ම ඉපදෙන්නේ දුවන්න නෙවෙයි. සමාජවාදි ක්‍රමය තුලත් දුවන එකා නිධාරියෙක් වෙලා හරි සැප ගන්නව.

    මම කියන්නේ ඇමරිකානු බිමේ ඉපදිලා කන්න , ඉන්න නැතුව ඉන්න අහින්සක මිනිස්සු ඉදීදී , අපේ රටේ වැඩකරන මිනිස්සුන්ගේ සාරය උරාබිල නිදහස් අධ්යාපනය අරගෙන එක දවසක් වත් රටට වැඩ නොකර ග්‍රින් කාඩ් අරගෙන ඇමරිකාවේ වැඩ කරන උන් අයිති වෙන්නේ මොන ආර්ථික වාදයටද,

    මටනම් තේරෙන්නැ ඔය කියන ධනවදේ තුලින් මිනිස්සු මිනිසාට මොකද කරන්නේ කියල. බල්ලෙකුට දවසට දහස් ගනන් වියදම් කරද්දී , හාමතේ මිනිස්සු මැරෙනව.

    සවාභාවික නිතිය අනුව හැමම දක්ශ නැ, නමුත් දක්ෂ කමින් මිනිස්සු පාගන්න බැ.

    මම ආසම චරිතයක් තමා
    John Edgar Hoover (January 1, 1895 – May 2, 1972) was the first Director of the Federal Bureau of Investigation (FBI)
    ඇමරිකාවේ හිටපු තක්කඩි මට්‍ටුකල මේ නිලදාරියා

    • arunishapiro said, on සැප්තැම්බර් 25, 2013 at 7:52 පෙ.ව.

      muthunayake,

      පුද්ගල අයිතිය මත ක්‍රියාත්මක වෙන නිදහස් වෙළඳපොලක් කියන්නෙ, නැත්නම් ධනවාදය කියන්නෙ කෙනෙක් ඇවිත් ඇඟේ ගහන නිසා බාල බඩු බාරගන්න සිද්ධ වෙන තැනක් යැයි පටලවා ගන්න එපා.

      හැමදාම ඇවිත් කළින් උත්තර දීලා තියෙන ප්‍රශ්න නැවත නැවතත් ලියා යෑම මගේ පාඨකයන්ගේ කාලේ නාස්ති කිරීමක්.

      සාධාරණත්වය කියන්නේ අයෙක් තම මහන්සියෙන් කරන නිෂ්පාදනයක් තවෙකෙකුට උදුරාගත නොහැකියාව. මගේ මතය මගේ පක්ෂපාතීත්වය අනුව මගේ බ්ලොග් අඩවියේ ඉදිරිපත් කිරීම මගේ මහන්සියෙන් මම කරන නිෂ්පාදනයක්. අනිත් අයට ඒ ඒ අයගේ තැන්වල ඒ අය කැමති ඕන මත දාන්න ඉඩකඩක් මම අහුරලා නැහැ.

      මේ ලෝකෙ හැම මිනිහාටම තරඟයෙන් දිනන්න පුළුවන් යැයි මම හෝ කිසිම සත්‍ය ධනවාදියෙක් කියන්නේ නැහැ. ඒත් වෙහෙසන අයට ඉඩ දුන්නම වෙහෙසෙන එකට කැමති නැති අයටත් සැප වැඩිවෙනවා. හැමෝගෙන්ම වැඩ එක විදියකට ගන්න පුළුවන් යැයි පාරට්ටු බාන සමාජවාදීන් නිසා වැඩිපුර ජනතාවක් නම් ජීවිතයෙන් පැරදිලා තියෙනවා. සෝවියට් රුසියාවේ මිලියන 20; චීනයේ මිලියන 65; වියට්නාමයේ මිලියනයක්; උතුරු කොරියාවේ මිලියන 2; කාම්බෝජයේ මිලියන 2; නැගෙනහිර යුරෝපයේ මිලියන 1; ලතින් ඇමෙරිකාවේ එක්ලක්ෂ පනස්දාහක්; මාක්ස්වාදී-ලෙනින්වාදී වූ ඉතියෝපියා සහ මොසැම්බික් ඇතුළු අප්‍රිකා රටවල මිලියන 1.7; ඇෆගනිස්ථානයේ මිලියන 1.5. ඒ ගණන් දිහා බලද්දී යුරෝපයේ ධනවතුන්ටත් වඩා සැපෙන් ඇමෙරිකාවේ ඉන්න දුප්පත් අය ගැන දුක ලංකාවේ අයෙක්ට!!!!

      මිනිසාගේ අයිතීන් උල්ලංඝනයට බලහත්කාරකම් නීති ගෙනෙන අයව ඔයාලා වගේ අයට වීරයන් වීම පුදුමයක් නොවේ.

      • Uditha Meegahathenna said, on සැප්තැම්බර් 26, 2013 at 1:06 පෙ.ව.

        //ඇමරිකානු බිමේ ඉපදිලා කන්න , ඉන්න නැතුව ඉන්න අහින්සක මිනිස්සු ඉදීදී????????????// අපේ පැත්තේ ඇමරිකාවේ නම් ආහාර මුද්ද්රෙන් කන අයත් ලංකාවේ සල්ලි කාරයන්ට වඩා හොඳට කනවා… ඇමරිකාවේ කවුරු හරි ගෙවල් නැතිව හරි පාරේ හිඟමනේ හරි ඉන්නේ නැති හින්ද නොවෙයි ඒක ඒ මනුස්සයන්ගේ තෝරා ගැනීම නිසා. මෙහේ නගරාධිපතිට තියන ගැටලුව ඔහු දවසක් කිව්වේ මෙහෙම we can’t force homeless people into shelter against their free will.

        • arunishapiro said, on සැප්තැම්බර් 27, 2013 at 8:08 පෙ.ව.

          Uditha Meegahathenna,

          ඕවා දාලා වැඩක් නැහැ උදිත මල්ලි මිථ්‍යාවේ එල්බ ඉන්න මිනිසා කැමති එයාගෙ මුලාවෙන් සතුටු වෙන්න. ලංකාවේ අයට බනින්නෙ මොනාට ද ඔබාමාකෙයාර් ගැන සත්‍ය තොරතුරු ඉදිරියේ අපේ ඔබාමා අසත්‍ය වපුරන හැටි දැක්කම!!!! විකිපීඩියාවේ ඇමෙරිකාවේ දරීද්‍රතාවය ගැන සබැඳි එවනවා ඒවා හරියට කියවන්නෙ නැතිව. ආණ්ඩුවෙන් දෙන සහනාධාර කිසිවක් ගණන් නොකර දරීද්‍රතා මට්ටම් හදනවා කියල ඒවායේ පැහැදිලිවම ලියලා තිබුණත් මේ අයට ඕනෑ වෙහෙස වෙන මිනිහාගේ පිටට තවත් බර පටවලා සුබ සාධන වලින් ජිවත්වෙන්න ලැජ්ජාවක් නැති හිඟන්නෝ සහ ණයට ජීවත්වෙන අය ලෝකෙ වැඩි කරන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: