අරුණි ශපීරෝ‍ වෙතින්

හුවමාරුවේ සහ වෙළඳාමේ පදනම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 3, 2013

hoppers

යමක් මිල දී ගන්නා සහ එය විකුණන්නා ඒ එකම භාණ්ඩයට දෙන්නේ අනන්‍ය (identical) අගයක් නොවේ. යම් භාණ්ඩයකට අනන්‍ය අගයක් එය ගන්නා අය දෙන්නේ නම් සහ එය සපයන අය අපේක්ෂා කරන්නේ නම් එහි දී කිසිදු ගණුදෙනුවක් සිද්ධ නොවේ. හුවමාරුවක් සිද්ධ වෙන්නේ දෙදෙනෙකු විසින් යම් භාණ්ඩයකට වෙනස් (different) අගයන් දෙනවිට පමණකි.

මුදල් නොමැති බඩු හුවමාරුවක දී වුව ද දෙදෙනෙක් එකම භාණ්ඩයට එකම අගැයුමක් නොදෙති. මට අක්කාගේ ආප්පයේ වාටිය ඉල්ලා මගෙ ආප්පයේ මැද ඇය සමඟ හුවමාරු කරගත හැකියාව ඇත්තේ ඇය ආප්පයේ මැදට ආප්පයේ වාටියට වඩා වැඩි අගයක් දෙන්නේ නම් පමණකි.

මට නොහැකි වූවක් දක්ෂ ලෙසින් කළ හැකි අයට මම මට කරගත හැකි නිෂ්පාදනයට වඩා වැඩි අගයක් දෙමි. ඒ නිසා මට හැකි සහ ලෙහෙසියෙන් කරගත හැකි නිෂ්පාදනය විකුණා මට නොහැකි හෝ දුෂ්කර වූ නිෂ්පාදනය මිල දී ගනිද්දී මම මගේ නිෂ්පාදනයට වඩා වැඩි අගයක් මිල දී ගන්නා නිෂ්පාදනයට දෙන්නෙමි.

හුවමාරුවක් කරන හෝ වෙළඳාමක් සිද්ධ වෙන පදනම යනු මිනිසා තුල පවතින විවිධත්වය නිසාම මිනිසාගේ පුද්ගලික අගැයුම් ද විවිධ වීමයි. එය අවබෝධ කරනොගන්නා අය තමන් වෙහෙසක් යෙදවූ නිසා අනුන් ද එම වෙහෙසම යොදවනවා යැයි උපකල්පනය කරති. නැතහොත් තමන්ට පහසු වූ නිසා අනුන්ට ද එසේම පහසු වූවා යැයි උපකල්පනය කරති. මිනිස් ස්වභාවයේ විවිධත්වය ගැන අවබෝධයක් නැති අය භාණ්ඩයක් නිපදවන්නා සහ මිල දී ගන්නා විසින් එයට එකම අගයක් දෙනවා යැයි උපකල්පනය කරති.

ඕනෑම වෙළඳපොලක භාණ්ඩයක් අලෙවි වෙන්නේ භාණ්ඩය මිල දී ගන්නා විසින් භාණ්ඩය විකුණන්නාට වඩා වැඩි අගයක් ඊට දෙනවිට පමණකි.

මිල ඉහළ යැයි බැන වදිමින් බඩු ගන්න ක්‍රියාව යනු අප්‍රසාදයෙන් වුවත් තමන් සතු මුදල් ප්‍රමාණයට වැඩියෙන් අගයක් මිල දී ගන්නා භාණ්ඩයට දීමයි.

අයෙක් ඒකක දහයක් දී එක ඒකකයක් මිල දී ගන්නේ නම් එයා අත්හරින්නට කැමති ඒකක දහයට දෙන අගය ලබාගන්නට කැමති එක ඒකකයට වඩා අඩුයි.

වක්‍ර ගණුදෙනුවක දී මිනිස්සු මුදල් වලින් භාණ්ඩ මිල දී ගනිද්දී මෙයාකාරයෙන් ක්‍රියා කරති. පාන් ගෙඩියක් ගන්නට රුපියල් 85 ක් අත්හරින්නා පෙන්නුම් කරන්නේ පාන් ගෙඩිය රුපියල් 85 ට වඩා අගයෙන් වැඩි බවයි.

දැන් මෙහි අනිත් පැත්ත සලකා බලමු. යමක් විකුණන්නා එම භාණ්ඩය අත්හරින්නට කැමති මුදල යනු ඔහු තම භාණ්ඩයට වඩා අගයකින් වැඩි යැයි සලකන්නයි. පාන් ගෙඩියක් රුපියල් 85 ට අත්හරින්නට එය විකුණන වෙළෙන්ඳා අකමැති නම් එවිට ඔහු පාන් විකුණනන්නේ නැත.

මෙහි දී පැහැදිලි ලෙස අවබෝධ කරගත යුත්ත නම්, දෙපැත්ත විසින් නියැළෙන කටයුත්තේ දී දෙපැත්තේ අයම එකම අගයක් ගන්නට හා දෙන්නට අරමුණු කරගත් භාණ්ඩයට දෙන්නේ නම් එවිට හුවමාරුවක් හෝ වෙළඳාමක් සිද්ධ නොවන බවයි.

ඉතින්, විවිධත්වයකින් යුතු වූ මිනිස් ස්වභාවය සහ විවිධත්වයකින් යුතු වූ ලෝක ස්වභාවය යන නෛසර්ගික වූ ලක්ෂණය සහ මිනිසුන් අතර පවතින විවිධ අගැයුම් හා විවිධ කැමැත්තන් නිසා ඕපපාතිකව එකිනෙකා සමඟ හුවමාරු කරගැනීමට සහ සමාජ සබඳතා පවත්වා ගැනීමට ස්වභාවික මාධ්‍යයක් ලෙසින් කටයුතු කරන්නේ වෙළඳපොලයි.

ගෝලීය වෙළඳපොලක සිද්ධ වෙන්නා වූ හුවමාරු කටයුතු යනු පිළිබිඹු කරන්නේ ඒකීය පුද්ගලයන් විසින් තමන් අඩුවෙන් කැමති වූවක් හෝ තත්වයක් වෙනස් කරගන්නට ඊට වඩා වැඩියෙන් කැමති වූවක් හෝ තත්වයක් අත්පත් කරගනු පිණිස හුවමාරුවට පිවිසෙන බවයි.

විවිධත්වයන් අනුව සැකසෙන වෙළඳපොල පිළිබිඹු කරන්නේ ඒකීය පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් එකිනෙකා සමඟ හුවමාරුවේ යෙදීමයි. මිල දී ගන්නා අයත් විකුණන අයත් තම යහපත වෙනුවෙන් හුවමාරුවක හා ගණුදෙනුවක යෙදෙන බවයි. පවතින තත්වයට වඩා සුබදායක වෙනසක් ගණුදෙනුව තුලින් පාදාගත හැකියාවක් නැත්නම් ඔවුන් හුවමාරුවේ හෝ ගණුදෙනුවේ නොයෙදෙන බවයි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: