අරුණි ශපීරෝ‍ වෙතින්

වෙළඳපොල ක්‍රමයේ ක්‍රියාකාරීත්වය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 4, 2013

page208image660

වෙළඳපොල ක්‍රමය යනු පුද්ගලික දේපල අයිතියෙන් යුතු, ශ්‍රම විභජනය මත පදනම් වී සැකසුනු, භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය සිද්ධ වෙන සමාජ සබඳතාවයකි.

වෙළඳපොල ක්‍රමයේ දී නිෂ්පාදනයේ භෞතික සාධක වල අයිතිය කියන්නේ ඒකීය පුද්ගලයන්, මූලධනයට හිමිකම් කියන අය සහ ඉඩම්හිමියන්ය. කම්හල් හා වගාබිම් මෙහෙයවන්නේ ව්‍යවසායකයන් සහ ගොවියන් විසිනි.

තවත් විදියකින් කිව්වොත්, ඒකීය පුද්ගලයන් හෝ ඒකීය පුද්ගල කණ්ඩායම් විසින් තම මූලධනය හෝ තම ඉඩම්, නැතහොත් ණයට ගන්නා ලද මුදලින් හෝ කුලියට ගත් ඉඩම් වල නිෂ්පාදනයේ යෙදෙති. ධනවාදය යැයි ලේබලයක් ඇලවුනු නිදහස් ව්‍යවසායකත්වය යන්නේ පැහැදිලි ලක්ෂණය නම් එහි කටයුතු කරන සියල්ලන්ටම නිදහස් ගණුදෙනු කරත හැකියාවයි.

මූල්‍ය අයිතිකරුවෙක් වුවද, ව්‍යවසායකයෙක් වුවද, ගොවියෙක් වුවද, ඕනෑම ව්‍යවසායක උත්සාහයක අරමුණ නම් ලාබයක් සෙවීමයි. පාරිභෝගිකයා ද පවතින තත්වයට වඩා යහපත් වෙනසක් සිද්ධ නොවන්නේ නම් ගණුදෙනුවක් නොකරන්නෙකි.

නිදහස් වෙළඳපොලක දී මූල්‍ය අයිතිකරුවන්, ව්‍යවසායකයන්, සහ ගොවියන් ආර්ථිකයේ කල්ක්‍රියාව සිදුකරන නියාමකයන් වෙති. ඔවුන් ආර්ථිකය යන මාර්ගයේ එය ගෙනියන අයයි. නිදහස් වෙළඳපොලක දී ඔවුන් කිසිම විටෙක ආර්ථිකයක් යන මාර්ගය හැඩගස්වන්නට නිදහසක් ඇති අය නොවෙති. ඔවුන් සමාජයක අනිත් අයට වඩා සුපිරි තත්වයකින් ඉන්නා අය නොවෙති.

නිදහස් වෙළඳපොලක මූල්‍ය අයිතිකරුවෙක්, ව්‍යවසායකයෙක් සහ ගොවියෙක් යනු සෑම භාණ්ඩයක්ම මිල දී ගන්නා සහ යම් භාණ්ඩයක් මිල දී නොගන්නට තීරණය කරන සෑම ඒකීය පාරිභෝගිකයා වෙතින්ම හැදී ඇති වෙළඳපොල යන නියමුවාගේ අණ යටතේ වැඩ කරන්නට කොන්දේසි රහිතව බැඳී සිටින්නෙක් පමණි.

මූල්‍ය අයිතිකරුවාට හෝ ව්‍යවසායකයාට හෝ ගොවියාට නිදහස් වෙළඳපොලක දී මොනවා නිෂ්පාදනය කරනවා ද යන්න තීරණය කරන්නට ඉඩක් නොලැබේ. එය නිගමනය කරන්නේ පාරිභෝගිකයන් විසිනි. වෙළඳපොල ක්‍රමයේ දී නිෂ්පාදකයන් නිෂ්පාදනය කරන්නේ ඔවුන්ගේ පරිභෝජනයට නොව වෙළඳපොල වෙනුවෙනි. එනම්, ඔවුන් නිෂ්පාදනය කරන්නේ විකුණන්නටය. වෙළඳපොලට ඉදිරිපත් කරන නිෂ්පාදන පාරිභෝගිකයන් මිල දී නොගන්නේ නම්, එවිට නිෂ්පාදකයා විසින් යට කරන ලද ආයෝජන ඔහුට අහිමි වී යයි. එවිට ඔහුට මුදල් අලාභයක් සිද්ධ වේ. එවැනි අවස්ථාවක දී තම නිෂ්පාදන වෙනස් නොකරන නිෂ්පාදකයාට වැඩි කලක් නියාමක තත්වයක ඉන්නට ඉඩක් ලැබෙන්නේ නැත. ඔහුට වඩා හොඳින් පාරිභෝගික ඉල්ලුම සැපයූ අනෙකුත් අයව තෝරාගෙන පාරිභෝගිකයා ඔහුව බැහැර හරියි.

ඒ නිසා, නිදහස් වෙළඳපොල ක්‍රමයක දී ලොකුම ලොක්කා පාරිභෝගිකයාය. මිල දී ගැනීමෙන් සහ මිල දී ගැනීම ප්‍රතික්ෂේප කරමින් පාරිභෝගිකයා විසින් මූලධනයට අයිතියක් කිව යුත්තේ කවුදැයි තීරණය කරයි. කොපමණ ප්‍රමාණයක් කොයි අය විසින් මොන අනගිත්වයෙන් නිෂ්පාදන කළ යුතු දැයි තීරණය කරයි. පාරිභෝගිකයාගේ හැදියාව අනුව ව්‍යවසායකයාට ලාබයක් නැත්නම් අලාබයක් ලැබේ. පාරිභෝගිකයා යනු දුප්පත් මිනිසුන් ධනවත් කරන, ධනවත් මිනිසුන් දුප්පත් කරවන බලයක් සතු වූවෙකි. පාරිභෝගිකයා යනු පහසුවෙන් සතුටු කරත හැකි ලොක්කෙක් කෙනෙක් නොවේ. පාරිභෝගිකයා යනු හදිසියේම වෙනස් සිතක් පහළ වන්නෙකි. අපේක්ෂා නොකළ අන්දමින් කිසි වැදගැම්මක් නැති යමකට හදිසියේම දැඩි ආශාවක් පළ කරන්නෙකි. පාරිභෝගිකයා යනු අද කැමති දෙයකට හෙට අකමැති වෙන්නෙකි. පාරිභෝගිකයා යනු කැමැති භාණ්ඩයක් තිබිය දී වෙනත් භාණ්ඩයක් මිල දී ගන්නෙකි. අතීතයේ කොතරම් දක්ෂ ලෙසින් භාණ්ඩ සැපයුවාද කියා මේ දැන් භාණ්ඩය ගැනීමේ දී කිසිම තැකීමක් නොකරන්නෙකි. ඊයේට වඩා හොඳින් නිමැවී ඇතැයි සිතන, ලාබ යැයි සිතන භාණ්ඩයක් හමුවුන විටෙක කාලයක් තිස්සේ මිල දී ගත් භාණ්ඩය විගසින් අත්හරින්නෙකි.

නිෂ්පාදනය කරන ලද භාණ්ඩ තමන් සාධාරණ යැයි සිතන ලෙසින් බෙදා දීම ගැන පමණක් අවධානයක් යොමු කරන අය ලොව බහුලය. ඔවුන් පාරිභෝගිකයන් මිල දී ගන්නා භාණ්ඩ පමණක් නිෂ්පාදනය කරවන සහ මිල දී නොගන්නා භාණ්ඩ නිෂ්පාදනය නොකර කාර්යක්ෂම සම්පත් භාවිතය තීරණය කරවන බලය සතු ඒකීය පාරිභෝගිකයාව නොසලකා හරියි. සමස්ත පාරිභෝගිකයන්ට සාධාරණත්වයක් ගෙන ආ යුතුයි කියමින් භාණ්ඩ බෙදා දීමට දන්නා අසහාය නායකයෙක් ඇතැයි වැරදි විශ්වාසයක සිටින ඔවුන් එසේ කළ නොහැකි බව ඉතිහාසය යළි යළිත් ආර්ථික බංකොළොත් තත්වයන් වලින් ඔප්පු කර ඇතැයි පිළිනොගනිති.

ලුඩ්විග් වොන් මීසස් ලියූ Bureaucracy (1944) පොතෙන්.

පින්තූරය: Robert P. Murphy ලියූ Lessons for the Young Economist (2010) පොතෙන්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: