අරුණි ශපීරෝ‍ වෙතින්

ව්‍යවසායකයා සහ වෙළඳපොල ආර්ථිකය

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 7, 2013

ව්‍යවසායකයන්

මේ බඩුව හරි බාලයි, අරහෙම කරන්න මෙව්වා එකක් තිබ්බා නම් කොච්චර හොඳද, යනාදිය කියන අය අපිට ඕනෑතරම් හමුවේ. එහෙත් අනුන්ට මිල දී ගත හැකි විදියට තිබෙන යමක් වෙනස් කරන්නේ හෝ අළුත් යමක් නිර්මාණය කරන්නේ ඔවුන් අතරින් එහෙමත් අයෙකි. බොහෝ අයට තමන් සොයන වෙනස අනුන්ට ද පාවිච්චියට ගතහැකි ලාබදායක ආකාරයකින් වෙනස් කරන්නට හෝ නිර්මාණයට දක්ෂකමක් නැත. වෙළඳපොල නොහොත් බඩු මිල දී ගන්නා අයගේ සහ මිල දී නොගෙන ඉන්න අයගේ ක්‍රියාවන් තුල යම් හිස්තැනක් දකින, ඒ ගැන යමක් කරනු පිණිස නව නිෂ්පාදනයක් බිහිකරන හෝ නව ව්‍යාපාරයක් අරඹන අයව ව්‍යවසායකයා යනුවෙන් හැඳින්වෙයි.

ව්‍යවසායකයා හැම විටම මූලධනයකට හිමිකම් කියන්නෙක් නොවෙයි. තම ඉතිරි කිරීම් යොදවමින් හෝ මූලධනයක් සතු අයෙක් වෙතින් ණයක් ලබාගෙන ව්‍යවසායකයා විසින් ශ්‍රමිකයන් බඳවා ගනියි. ඉඩම්, උපකරණ, අමුද්‍රව්‍ය, විදුලි බලය යනාදිය කුලියට හෝ මිල දී ගනියි. ඉන්පසු තමන් බඳවා ගත් ශ්‍රමිකයන්ට ඒ උපකරණ හා අමුද්‍රව්‍ය යනාදිය කෙසේ භාවිතා කළ යුතුද කියා උපදෙස් දෙයි. තමන් දෙන උපදෙස් අනුව වෙළඳපොලේ හිස්තැන හෝ අඩුපාඩුව පුරවන්නට නිර්මාණය වන භාණ්ඩය කැමැත්තෙන් මිල දී ගන්නා පාරිභෝගිකයන් වෙත ව්‍යවසායකයා ඉදිරිපත් කරයි.

යම් ව්‍යාපාරයක පාරිභෝගිකයෙක් වෙනත් ව්‍යාපාරයක ව්‍යවසායකයෙක් විය හැකියි. පාන් පුච්චන බේකරිය පටන් ගන්නා ව්‍යවසායකයා උදුන් හදන බාස්, මෝලේ අය හදන පිටි, සහ අත් උදව්කරුවන් සිය ව්‍යාපාරයට යොදවා ගනියි. එහි දී පාන් පුච්චන උදුන් හදන බාස් යනු ඒවා හදන ව්‍යාපාරයේ නියැළෙන්නාය. උදුන් හදන බාස්ගේ පාරිභෝගිකයන් වන්නේ බේකරිකාරයා සහ වෙනත් අවන්හල් හිමියන් වෙති.

අයභාරය (revenue) යනු මිල දී ගන්නා භාණ්ඩ හා සේවා වලට ව්‍යවසායකයාට පාරිභෝගිකයන් විසින් ගෙවන මුදල්. ශ්‍රමිකයන්ට ගෙවන පඩි, සැපයුම්කරුවන්ට ගෙවන මුදල්, ඉඩම් හිමියන්ට ගෙවන කුලී යනාදිය ව්‍යවසායකයාගේ වියදම් වෙති.

ව්‍යවසායකයා තම ගණන් මිනුම් සොයා බලද්දී අයභාරය වියදම් වලට වඩා වැඩි වෙද්දී ලාබයක් උපයා ඇතැයි කියයි. එහි අනෙත් පැත්ත දකිද්දී අලාභ ලැබුවා යැයි කියයි. අර්ථ ශාස්ත්‍රයේ දී සාමාන්‍ය ලාබය යැයි සැලකෙන මෙහි ආවස්ථික පිරිවැය (opportunity cost) ද පිළිබිඹු කරයි. යම් නිෂ්පාදනයක් සඳහා ආයෝජන කිරීමේ දී ආයෝජන කරන්නට නොලැබෙන අනෙකුත් නිෂ්පාදනයන් බොහොමයකි. එහි දී තමන් ආයෝජනය කරන්නට තෝරාගත් ව්‍යාපාරයෙන් ලාබයක් ලැබුවත් ආර්ථික ලාබයක් නොමැති අවස්ථා ඇත.

ව්‍යවසායකයා ව්‍යාපාරයේ සාමාන්‍ය ලාබය සම්පූර්ණයෙන් පරිභෝජනයට ගන්නේ යැයි සාමාන්‍ය දුර්මතයයි. සෑම ව්‍යවසායකයෙක්ම සෙසු පාරිභෝගිකයන් මෙන්ම පාරිභෝගිකයෙකි. එසේම ඔහු පරිහණයෙන් අවසන් කරන භාණ්ඩ පමණක් නොව නැවත නැවත උපයෝගී කරගත හැකි නිෂ්පාදන භාණ්ඩ වල ද පාරිභෝගිකයෙක් වීමෙන් සාමාන්‍ය පාරිභෝගිකයන්ට වඩා වැඩි පාරිභෝගිකයෙක් වෙයි. ව්‍යවසායකයා යනු ස්වභාවයෙන්ම තම ලාබයෙන් කොටසක් අනුන්ට ජීවිකාවන් උපයා ගන්නට හැකිවෙන සේ නැවත ආයෝජනය කරන්නෙකි.

පරිභෝජනය යනු මිනිසා තම අවශ්‍යතාවක් සහ උවමනාවක් තෘප්තිමත් කිරීමයි. එය මිනිසුන් අතර වැඩියෙන්ම සිද්ධ වෙන ක්‍රියාවයි. මැදිහත්වීම් නොමැති වෙළඳපොලක නිෂ්පාදනයේ පරම අරමුණ නම් පරිභෝජනයයි. මිනිස් වෑයම් ඵලදායක වෙන්නේ ඍජු සහ වක්‍ර ආකාරයෙන් පාරිභෝගිකයන්ට ප්‍රයෝජනවත් දේවල් සඳහා යෙදවෙන්නේ නම් පමණයි.

කිසිදු වෑයමක් නැතිව ලබාගත හැකියාව ඇත්තේ හුස්ම ගන්නා වායුව සහ වෙහෙසෙන් නිවාඩුවක් පමණි. අනිත් සියල්ලම ලබාගන්නට නම් හිඟයක් පැවතිය දී යමක් නිෂ්පාදනය කරගත යුතුයි. හිඟයක් පවතින්නේ ද, හිඟ දේවල් වලට වැඩි අගයක් ලැබෙන්නේ ද ඒවා මිනිස් අවශ්‍යතාවන් සහ උවමනාවන් සපුරාලන යම් නිෂ්පාදන අරමුණක් ඉටුකරන නිසාමය.

ක්‍රියාවන් සහ හුවමාරුවන් තුලින් සිද්ධ වෙන අර්ථ ශාස්ත්‍රයේ මූලික සිද්ධාන්ත පැහැදිලි කරන සති හයක පංතියක් ඔක්තෝබර් 17 වැනි දා සිට ඉංග්‍රීසියෙන් පටන් ගන්නේ මීසස් ආයතනයේ අන්තර්ජාල පාසැලෙහි ය. වැඩි විස්තර මෙතැනින්. මම මීසස් ආයතනයේ පාරිභෝගිකයෙක් පමණි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on ඔක්තෝබර් 8, 2013 at 3:39 පෙ.ව.

    අක්කේ,මාත් ව්‍යවසායකත්වය ගැන වක්‍රාකාරයෙන් කියවෙන ලිපියක් මගේ බ්ලොග් එකේ දැම්මා.ඒක අක්කගේ ලිපිය බලා ලිවූවක් එහෙම නොවන බව කරුණාවෙන් සලකන්න.ඒකේ තියෙන්නේ මානසික ශ්‍රමය පැත්තෙන් ව්‍යවසායකත්වය පැත්තට යන්න කරපු උත්සාහයක්….හොඳේ…………..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: