අරුණි ශපීරෝ‍ වෙතින්

සියළු පාපයන්හි ප්‍රභවය මුදල් නම් මුදල් වල ප්‍රභවය කුමක් ද?

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 8, 2013

042110_front පින්තූරය අද පටන් ව්‍යවහාරයට ලැබෙන නව මුහුණුවරකින් නිකුත් කරන ලද ඩොලර් සීයේ මුදල් නෝට්ටුවයි. අද ඇමෙරිකන් ආණ්ඩුව වැසී තැබෙන අටවැනි දිනයයි. රජය විසින් තීරණය කරන ලද අත්‍යාවශ්‍ය සේවාවන්හි යෙදෙන අය අතර මුදල් අච්චු ගසන්නන් ද නොකඩවා සේවයේ යෙදෙති.

බයිබලයේ දැක්වෙන පරිදි සාන්ත පෝල් විසින් තිමතිට ලියන්නේ “මුදල් වලට ඇති ආදරය තමයි සියළු පාපයන්හි ප්‍රභවය,” කියායි. සියළු පාපයන්හි ප්‍රභවය මුදල් නම් මුදල් වල ප්‍රභවය කුමක් ද? මුදල් යනු යම්කිසි රජෙක් හෝ රදළ පංතියක් විසින් ඉදිරිපත් කරන ලද්දක් නොව නන් දෙසින් ඕපපාතිකව හටගත්තකි.

මුදල් යනු හුවමාරුව සඳහා යොදාගන්නා උපකරණයක් පමණක් යැයි “ඇට්ලස් හැකිළුණි” නමින් 1957 දී අයින් රූන්ඩ් විසින් ලියූ අනගි ප්‍රබන්ධයේ ෆ්‍රැන්සිස්කෝ ඩ’ඇනකෝනියා චරිතයෙන් ඇය මුදල් පිළිබඳ පහත අදහස් ඉදිරිපත් කර ඇත. ඉංග්‍රීසියෙන් මෙතැනින්: The Meaning of Money by Ayn Rand

භාණ්ඩ නිෂ්පාදනය නොවන්නේ නම් සහ මිනිසුන්ට භාණ්ඩ නිෂ්පාදනයට නොහැකි නම් මුදල් වලට පැවැත්මක් නැත. එකිනෙකා සමඟ වෙළඳාම තුලින් ගණුදෙනු කරන්නට කැමති මිනිසා ඒ ගණුදෙනු භාණ්ඩ වලට දෙන අගැයුම් පෙන්නුම් කරන භෞතික හැඩය මුදල් යන්නයි.

මුදල් වලින් පිළිබිඹු වන්නේ එකිනෙකා සමඟ ගණුදෙනු කරන්නට කැමති මිනිසුන් ඒ භාණ්ඩ සහ සේවාවන් සඳහා තමන් විසින් අගැයුම් දෙමින් වෙළඳාම් කටයුතු කළ යුතුය යන සිද්ධාන්තයයි. මුදල් යනු නිකමුන් සඳහා වූ උපකරණයක් නොවේ. හඬා වැලපී කඳුළු පෙන්වා ලබාගන්නා දැයට, මංකොල්ලයෙන් ලබාගන්නා දැයට, මුදල් අවශ්‍ය නොවේ. මුදල් යන්න පැවතෙන්නේ මිනිසුන් නිෂ්පාදනයේ යෙදෙන නිසයි. සියළු පාපයන්හි ප්‍රභවය මුදල් යැයි ඔබ සලකන්නේ නම් එවිට මිනිසුන් නිෂ්පාදනයේ යෙදී සිටීම පාපයක් ද?

ඔබේ වෑයම වෙනුවෙන් වෙන අයෙක් ඔබට ගෙවන මුදල් ඔබ පිළිගනිද්දී, ඔබ එය පිළිගන්නේ එම මුදල් අනෙකුත් අයගේ වෑයම් වලින් ඉදිරිපත්වෙන නිෂ්පාදන ගැනීම සඳහා හුවමාරු කරගත හැකි යැයි ඔබට සත්‍ය විශ්වාසයක් ඇත්නම් පමණි.

මුදල් වලට අගයක් ගෙනෙන්නේ අඳෝනා කියන හෝ මංකොල්ල කන අය නොවේ. මහා සාගර පිරෙන්නට කඳුළු ගැලුවත්, ලෝකයේ තිබෙන සියළු තුවක්කු එල්ල කරත් සාක්කුවේ තියන මුදල් නෝට්ටුවෙන් හෙට කුසගිනි පුරවා ගන්නට අවශ්‍ය කෑම වේලගත හැකියාව උත්පාදනය කරනු නොහැකියි. ඒ මුදල් නෝට්ටුව පෙනී සිටින්නේ නිෂ්පාදනය කරන මිනිසුන්ගේ ජවය මත ඔබට තබාගත හැකි ගෞරවනීය වූ අභිමානයකි. ලෝකයේ යම් මිනිසුන් කොට්ඨාශයක් විසින් මුදල් යන්නේ ප්‍රභවය වූ ආචාර ධාර්මික සිද්ධාන්තය කඩ නොකරන බව ගැන ඔබට බලාපොරොත්තුවක් තබාගත හැකි යැයි මතක් කරදෙන්නේ ඔබේ පසුම්බියයි.

නිෂ්පාදනයේ ප්‍රභවය දිහා ඔබ බැලුවා ද?

ඉලෙක්ට්‍රික් ජෙනරේටයක් දිහා බලන්න. හිතන්න බැරි මෘගයන් පිරිසක් කය වෙහෙසා පමණක් එය නිර්මාණය කළා දැයි ඔබ සිතනවා ද? වගා කරන්න දන්නා අයගේ දැනුම ආධාරයට නොගෙන ආහාර පිණිස පැලයක් වවන්නට උත්සාහ කරන්න. කය වෙහෙසා පමණක් ඔබේ ආහාර සොයාගන්නට උත්සාහ කරද්දී මහපොළවේ බිහිවුනු සියළු සම්පත් නිෂ්පාදනය කරන ලද සියළු භාණ්ඩ වල ප්‍රභවය මිනිස් මනස යැයි ඔබට අවබෝධ වේවි.

ඔබ කියන්නේ මුදල් යනු ශක්තිමත් අය විසින් දුර්වලයන් සූරාකමින් හොයන බව ද?

ශක්තිමත් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? තුවක්කු හා මාංශ පේශී වල ශක්තිමත් බවෙන් නිෂ්පාදන බිහිකළ නොහැකියි. නිෂ්පාදන බිහිවෙන්නේ මිනිසාට හිතන්න හැකියාව ඇතිවිටයි. එහෙම නම් මෝටර් එන්ජිමක් නිර්මාණය කරන්නා එය ඉටුකළේ එය නිර්මාණය කළ නොහැකි අය සූරාකමින් ද?

මුදල් යනු මෝඩයන් සූරාකමින් ඥානවන්තයන් විසින් බිහිකරන්නක් ද? නැත්නම් දක්ෂතාවයන් තියෙන අය විසින් අදක්ෂයන් සූරාකමින් ද? අභිමතාර්ථයන් ඉෂ්ට කරගන්නට වෙහෙස වන අය කම්මැලියන් සූරාකමින් ද?

කොල්ලකෑමට හෝ හිඟාකෑමට පෙර බිහිවෙන මුදල් යනු සෑම අවංක මිනිසෙකුගේ ම වෑයමෙන් ඔහුගේ හැකියාවේ තරමට බිහිවෙන්නයි. අවංක මිනිසා යනු තමන් නිෂ්පාදනය කළාට වඩා තමන්ට පරිභෝජනය කළ නොහැකි බව දන්නා මිනිසායි.

මුදල් මාර්ගයෙන් ගණුදෙනු කිරීම යනු මිනිසුන් අතර හොඳහිත පෙන්වන්නක් පමණකි. පුද්ගලයෙකු සතු මුදල් අයිතිය පෙන්වන්නේ සෑම මිනිසාම ඔහුගේ මනසේ සහ ඔහුගේ වෑයම් අයිතිකරුවා බවයි. මුදල් පවතින නිසා පමණක් ඔබට ඔබේ වෙහෙසේ අගය මේ තරම් යැයි කියන්නට බලයක් ඉබේ ලැබෙන්නේ නැත. ඔබට අවස්ථාව ලැබෙන්නේ ඔබ සතු මුදල් සඳහා වෙනත් පුද්ගලයෙක් ඔහුගේ වෑයමෙන් කොච්චරක් ස්වකැමැත්තෙන් දෙන්න ඉදිරිපත් වෙනවා ද යන්න පමණයි.

මුදල් යනු සද්ගුණයේ නිෂ්පාදනයකි. එහෙත් මුදල් වලින් සද්ගුණයක් ලබාගත නොහැක. ඔබේ පාපයන් වලින් ගැලවෙන්නට මුදල් දීමෙන් නොහැක. උපයා නොගත්තක් මුදල් වලින් ලැබෙන්නේ නැත.

මුදල් වලට ඇති ළැදියාව සියළු පාපයන්හි ප්‍රභවය යැයි ඔබ කියනවා ද?

යමකට ළැදියාවක් දැක්වීම යනු එහි ස්වභාවය හඳුනාගැනීම සහ ඊට දක්වන ආදරයයි. මුදල් වලට ළැදියාවක් දක්වන්නා යනු තමන් තුල පවතින හොඳම බලයෙන් ඒ මුදල් නිර්මාණය වූ බව දකින්නාය. හොඳම මිනිසුන් අතරින් ලැබෙන වෑයම සමඟින් ඔබේ වෑයම හුවමාරු කරගන්නට ලැබෙන යතුර යනු මුදල් බව දැන සිටීම එහි ස්වභාවය හඳුනාගැනීමයි.

මුදල් වලට ගරහන අය එය නින්දිත ලෙසින් ලබාගත්තවුන්ය. මුදල් වලට ගෞරවයක් දක්වන අය එය උපයාගත්තවුන්ය.

මුදල් පාපයක් යැයි කියන අය වෙතින් ජීවිතය බේරාගෙන පළා යන්න. එම වදන මංකොල්ලකරුවෙක් එනවා යැයි දැනුම් දෙන ලාදුරැ රෝගියෙකුගේ නලා නාදයකි. මහපොළවේ මිනිසුන් එකිනෙකා සමඟින් ජීවත් වෙන තාක් කාල්, ඔවුනට එකිනෙකා සමඟ ගණුදෙනු කිරීමට සිද්ධ වෙන තාක් කල්, මුදල් යනු ඔවුනට නැතිවම බැරි වූවකි. මුදල් අත්හැරියොත් එවිට පාවිච්චියට ගැනෙන්නේ තුවක්කු කටකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 9, 2013 at 9:53 පෙ.ව.

    මුදල් නොමැතිව ජලය නොමැති බව දන්නා පිපාසයට මුදල් සොයයි. මුදල් නොමැතිව ජලය ඇති බව දන්නා පිපාසයට ජලය සොයයි. මුදල් ඇතත් ජලය ඇතත් පිපාසය නැත්තා කිසිවක් නොසොයයි. මුදල් නැතත් ජලය ඇති තැනැත්තාද පිපාසයට කිසිවක් නොසොයයි. ජලය නැතත් මුදල් ඇත්තාද පිපාසයට ජලය සොයයි. මුදල් නැතත් ජලය ඇතිව සිටීම වඩා හොද යයි මේ අනුව මට සිතේ. මූලික වැදගත් දේ සිට සියල්ල හැමවිට සන්තකයේ නොවන බැවින් මුදල් අතැතිව සිටීමත් අවශ්‍යම යැයි අනතුරුව මට සිතේ. මුදල් ඇත්නම් සියල්ල තිබේ හෝ ලැබේ යයි මම නොසිතමි. පරම ධනය මුදලින් ලබාගත නොහැකි බව අසා වටහා තේරුම් ගෙන ඇත්තෙමි. අප සිටින්නා වූ සීමාවෙන් එහා පෙට්ටියේ කට මා දුටු බව මට විශ්වාසයි. 😀

    • Sajeewa Wickremasinghe said, on ඔක්තෝබර් 18, 2013 at 10:04 පෙ.ව.

      Hi Rasta, Im sorry but think you have just spent words. In today society everything depend on money, even your breath ! If think to live without money it is like breathing without air…….or instead of water if goes to swim in air. Some can lecture it or can keep meeting…..but even then – we need money. That is the bitter truth. In my younger days I thought of a society without or very less money. When grew…..aha, everything seem to be a hoax “MONEYLESS CULTURE” !!!! Yes, money is not everything but money is the everything.
      Whatever it is we have to travel down stream……one of a billionth may be able to travel upstream. One final bitter truth….to live without money you must need money.

      Have a wonderful evening.

  2. හලෝව් රස්ටා said, on ඔක්තෝබර් 18, 2013 at 1:50 ප.ව.

    Don’t worry sajeewa, please re-read and get the full meaning of my comment. 🙂 මූලික වැදගත් දේ සිට සියල්ල හැමවිට සන්තකයේ නොවන බැවින් මුදල් අතැතිව සිටීමත් අවශ්‍යම යැයි අනතුරුව මට සිතේ.- අ ව ශ්‍ය ම යැයි –

    • Sajeewa Wickremasinghe said, on ඔක්තෝබර් 19, 2013 at 4:13 පෙ.ව.

      Hi Rasta,

      The main thing is the way, the culture we are living in. As a buddhist by born, I know there were ways to live without money. But keep remember that was a long time ago…..only a history. Yes it is a history. And of course someone can live without the money but not him or herself yet their second generation. Even for that you have to train that 2nd generation from born, from mothers’ womb.

      And my dear Rasta, you know these followers of Rasta…they hate money. Once I lived a country where those followers of Rasta lived. Their relegion / culture / life….or whatever it was, bound into Rasta way. But even then they were in need of so called money.

      Thanks and like to have more new ideas.to explore the life, just type few more words whenever you have time.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: