අරුණි ශපීරෝ‍ වෙතින්

වැයට එකතු කර මිල හැදීම

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 16, 2013

ව්‍යවසායකයන්

බලයේ සිටින රජයට හේත්තු නොවී සාර්ථක වූ වෙළෙන්ඳන් මැදිහත්වීම් ඇති ආර්ථිකයන්හි දී දකින්නට ලැබෙන්නේ කලාතුරකින්. ව්‍යවසායකයාගේ සාර්ථකත්වය ඔහු මාසික වේතනයක් සේ ආදායමක් ඉපැයීම නොවේ. සාර්ථක ව්‍යවසායකයා යනු වෙළඳපොල අවදානම් ගන්නට තරම් හැකි වූ ආයෝජන හැකියාවක් වර්ධනය කරගත හැකිවූවෙකි.

කලාකරුවා හා ක්‍රීඩකයා තම දස්කම් පෑමෙන් උපයන ප්‍රතිලාභ ගැන වරදක් නොදකින අය බොහෝය. වරදක් කියන්නේ නම් ඒ ඔවුන්ගේ චරිතය ගැනයි. ඔවුන්ගේ හැකියාව ගැන නොවේ. ව්‍යවසායකයෙක් තම දස්කම් පෑමෙන් උපයන ප්‍රතිලාභ ඊට වඩා වෙනස් ආකාරයකින් දැකීමට සමාජයක් හුරු වී සිටිති. එහි දී වරද හැටියට දකින්නේ දස්කමයි, ඔහුගේ චරිතය නොවේ.

සෑම නිෂ්පාදකයෙක්ම තම භාණ්ඩය හෝ සේවාව එහි නිෂ්පාදනයට වැය වූ වියදමට වඩා වැඩියෙන් මුදලක් වෙළඳාමෙන් ලබා ගැනීමට වෙහෙසෙන්නෙකි. ඔහු තමනට ගිය වැය පිළිබඳ ගණුදෙනු සටහන් තබා ගනියි. බහුතර වශයෙන් තම වැයට වැඩියෙන් එකතු කර හදන ආහිතයක් (margin) භාණ්ඩයට නියම කරයි.

එහෙත් සත්‍යය වෙළඳපොල තත්වය නම්, ඒ නිෂ්පාදකයා සුපරීක්ෂාකාරීව තබාගත් වැය දත්ත සියල්ල භාණ්ඩය සැබැවින්ම වෙළඳපොලේ ගණුදෙනුවකට ලක්වෙද්දී කිසි වැදගැම්මකට නැතිව යාමයි. සැබෑ වෙළඳපොලක දී ගණුදෙනුවක මිල තීරණය වෙන්නේ තරඟකාරී බවින් යුතු අනෙකුත් ඉල්ලුම් හා සැපයුම් ද අනුවයි. එහි දී බඩුවකට තීරණය වෙන මිල ඊ ළඟට බඩුව මිල දී ගන්නා අය සලකන නව “වැයක්” (cost) වෙයි. භාණ්ඩය වෙළඳපොලට ගෙනෙන්නට නිෂ්පාදකයා කොතරම් මහන්සියක් යෙදවූවා දැයි තැකීමක් කිසිවෙක් නොකරයි.

මිල දී ගන්නට කැමති පාරිභෝගිකයෙකුට බඩුව යම් මිලකට විකුණාගත හැකි වූයේ ද, ඒ ඉල්ලුම යනු ඒ භාණ්ඩයට මිල තීරණය කරන ලද සාධකයකි. එය නිෂ්පාදකයා විසින් සැපයුමේ වැය ගණන් ඉතා සුපරීක්ෂාකාරීව සටහන් කරගත්තා වැනි හා සමාන වූ වැදගත්කමකින් යුතුයි.

නිෂ්පාදන වැය යනු වෙළඳපොලේ සැපයුම පැත්තට බලපෑම් සිද්ධ කරන්නකි. ඒ නිසා මිලට බලපෑමක් සිද්ධ කරයි. එහෙත් භාණ්ඩයක් නිෂ්පාදනයට ගිය වැය නිසා පමණක් මිල තීරණය නොවේ.

වෙළඳාමේ පවතින ඕනෑම භාණ්ඩයක් යනු ඒ නිසා එහි සම්පූර්ණ වැයේ මුළු එකතුවක් ලෙස, නැත්නම් අයෙකු විසින් ගත් වෙහෙසක ප්‍රතිඵලයක් ලෙස, විශ්වාස කිරීමට හුරු වී තිබීමෙන් ඇතිවන්නේ වෙළඳපොලක නිදහස් ගණුදෙනු ක්‍රියාවලිය ගැන වැරදි අදහසකි.

ඕනෑම ව්‍යවසායකත්ව උත්සාහයක් ගන්නා අයෙක් දැඩි උවමනාවකින් වටහා ගන්නට වෑයම් කළ යුත්තේ මෙයයි: කැමැත්තෙන් කරන වෙළඳ ගණුදෙනුවක දී ඕනෑම අවස්ථාවක ගණුදෙනුවේ දෙපැත්තේම ඉන්නා දෙදෙනා තමනට ලැබෙන්න තමන් අත්හරින්නට වඩා අගයන බවයි. එය නිෂ්පාදනයට කොතරම් වැයක් ගියා ද නොව හෝ එය ලබාගන්නට කොතරම් වැයක් තමනට සිද්ධ වූවා ද නොව, දෙදෙනාම පිළිගන්නේ ගණුදෙනුවෙන් තමනට වාසියක් වූවා කියායි.

මෙම විශ්වාසය නැත්නම් වෙළඳපොල කිසිම ගණුදෙනුවක් සිද්ධ නොවේ. මෙය ඉල්ලුම හා නිෂ්පාදන වැය යන දෙකම සැලකීමට ගෙන භාණ්ඩයේ අගයට මිලක් තීරණය කරන්නකි. විවෘත වූ තරඟකාරී වෙළඳපොලක මෙසේ මිල තීරණය වීමෙන් ව්‍යවසායකයාට තම ලාබ හා අලාබ ගණන් බලන්නට නොනැවතෙන වාර්තාවක් ලැබේ. එම ව්‍යාපාරයේ තව දුරටත් නියැළිය යුතු දැයි කියන මඟ පෙන්වීමක් ලැබේ.

ව්‍යවසායකයා ඊයේ තබාගත් වැය වාර්තා (නිෂ්පාදන වැය සහ භාණ්ඩය සැබැවින්ම විකුණන ලද මිල) සහ ලැබුණු ප්‍රතිලාභ ඔහුගේ ව්‍යවසයාක වෑයමේ කාර්යක්ෂම බව ගැන ඉඟියක් දෙයි. හෙට සිද්ධ වෙන වැය සහ ප්‍රතිලාභ ගැන ඉතාමත් ආසන්න වශයෙන් ඔහුට දැනුම්දීමක් කරන්නේ ඊයේ ලැබුණු තොරතුරු වලින්. අද ගෙවන බිල්ඩින් කුලිය හා ගන්න උපකරණයේ මිල, හදන අයට ගෙවන පඩි යනාදිය පමණක් නොව වෙළඳපොලේ දැනට පවතින අනෙකුත් අය සතු නිෂ්පාදන සාධක සමඟ ව්‍යවසායකයා සැලකිය යුත්තක් නම් හෙට ඉදිරිපත්වන දැනට නවොත්පාදනයේ යෙදෙමින් පවතින භාණ්ඩයන් ද වෙයි. අද පාවිච්චි කරන අමුද්‍රව්‍ය සමඟ හෙට ඉදිරිපත් විය හැකි ආදේශිතයන් මොනවා දැයි සසඳා බැලිය යුතුයි. අද වේතන ගෙවන අය වෙනුවට ඒ ශ්‍රමය යන්ත්‍රයකින් අඩු වැයකින් ලබාගත හැකියාව කෙසේද? හෙට වෙළඳපොලට ඉදිරිපත් වන භාණ්ඩ හා සේවා සමඟ අද දකින මිල අනුව තමනට හෙට තරඟ කරත හැකියාව කෙසේ ලැබෙනවා ද?

සැබෑ ව්‍යවසායකයන්ට යම් සහජ වූ කුසලතාවයක් මෙම සාධකයන් සැලකීමෙන් ව්‍යාපාරය පිළිබඳ තීරණ ගැනීම සඳහා පිහිටා ඇත. එය කලාකරුවාට පිහිටා ඇති, ක්‍රීඩකයාට පිහිටා ඇති වූ වැනි හැකියාවකි. තවත් සමහර අය තමන් ව්‍යවසායකයන් කියා ගනිමින් වෙහෙසෙති. එහෙත් මෙවැනි කුසලතාවයක් ලොව ඇතැයි හඳුනා නොගන්නා හෝ පිළිනොගන්නා ඔවුන් මාස් පඩිකාරයන්ටත් වඩා වැඩියෙන් වෙහෙසෙති. එසේම, තමන් මාස් පඩියට වැඩ කළේ නම් ව්‍යවසායක උත්සාහයට වැඩියෙන් පඩි ලබන්නට හැකියාව ඇති අය බව නොදකිති.

තවත් සමහරු තමන් සැබෑ ව්‍යවසායකයන් යැයි කියා ගනිමින් තමන්ට පමණක් සහනධාර ලැබෙන ලෙසකට බලයේ සිටින ආණ්ඩුවකට හේත්තු වී කටයුතු කරති. රාජ්‍ය මැදිහත්වීම් වැඩි වෙද්දී එවැනි ව්‍යවසායකයන් පමණක් වෙළඳපොලක ඉතිරි වී සැබෑ ව්‍යවසායකයන් වෙනතක යති. මෙය පහදාගත නොහැකි පාරිභෝගිකයන් වැඩි වන මිල ගණන් සහ අඩුවෙන බඩු ප්‍රමිති ගැන හූල්ලමින් සියළු ව්‍යවසායකයන්ට බැන වදිති.

සටහන The Freeman (ජනවාරි 1971) සඟරාවේ Paul L. Poirot ලියූ Cost-Plus Pricing ලිපිය ඇසුරින්.

පින්තූරය: Robert P. Murphy ලියූ Lessons for the Young Economist (2010) පොතෙන්.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: