අරුණි ශපීරෝ‍ වෙතින්

ලකෝටා සූ සහ මිසිසිපි චොක්ටව්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 24, 2013

IMG_6370

මිසිසිපි ප්‍රාන්තය ලෙසින් වර්තමානයේ හැඳින්වෙන ප්‍රදේශයට 1700 ගණන් වල දී යුරෝපීයයන් පිවිසෙද්දී එහි වාසය කළේ චොක්ටව් (Choctaw) නම් ඇමෙරිකන් ස්වදේශී ගෝත්‍රික ජනතාවකි. ප්‍රංශ ජාතිකයන් සමඟ වෙළඳ ගණුදෙනු වල නියැළීමෙන් සියල්ලන්ගේම තත්වය දියුණු කරගත හැකි ආකාරයක් බව චොක්ටව් ගෝත්‍රිකයන් අත්දැක සිටියහ.

වයඹ දෙස දේශ ගවේෂණයේ යෙදුනු ලුවිස් සහ ක්ලාක්ට උදව් දුන් සකාජුවියා ගැන මෙතැන සටහන් කර ඇත.

1800 තුල දී සහ 1900 මුල් කාලයේ දී රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ඇමෙරිකන් ආණ්ඩුව විසින් ස්වදේශීන්ට වඩා සුදුසු කුමන පිළිවෙත් යැයි තීරණ කරන්නට පටන් ගත්හ. වර්තමානයේ දී ඩොලර් මිලියන 634 ක් වැය කර හදන වැඩ නොකරන රජයේ සෞඛ්‍ය රක්ෂණ වෙබ් අඩවිය මෙන්ම එදත් සහනයක් ගෙනෙන්නට අරමුණු කරන ලද්දාටම වඩාත් අහිතකර වූ ඵලවිපාක ගෙන දුන් වැඩ සටහන් විය.

මිසිසිපියේ රැඳී සිටි ගෝත්‍රිකයනට ආණ්ඩුවෙන් ගෙනෙන ලද නීති පනත් අනුව වැඩ කරන්නට නියම වීම නිසා අඳගොවි ක්‍රමයට කෘෂිකර්මයෙන් ජීවිකාව ඉපැයීම ඔවුනට ඉතිරි වූ එකම මාර්ගයයි. ප්‍රතිඵලය වූයේ රටේ දුප්පත්ම ප්‍රාන්තයක් වූ එහි දුප්පත්ම පිරිස බවට ඔවුන් පත්වීමයි.

දෙනවා යැයි පොරොන්දු භාණ්ඩය ප්‍රමිතිය මදි යැයි පාරිභෝගිකයා දකිද්දී පුද්ගලික ව්‍යාපාරයක් බංකොළොත් වෙයි. ආණ්ඩුවක් විසින් දෙනවා යැයි පොරොන්දු වෙන දේවල් නොදී ඒත් අනාගතයේ දී ඊට වඩා හොඳින් දිය හැකි යැයි කරන පොරොන්දුවට මිනිසුන් හැමදා රැවටෙති.

ආණ්ඩුවකට හේත්තු නොවූ සමාගමක වරදක් සිද්ධ වුවහොත් ඔවුනට වන්දි ගෙවන්නට නැත්නම් වරදකරුට හිරගෙදරට යන්න සිද්ධ වේ. ආණ්ඩුවක් විසින් කරන ලද වරදක දී වරද කරන ලද අය තියා වැඩ සටහන හැදුවේ කවුද පවා සොයාගැනීමට නොහැකියි. වර්තමානයේ ඇමෙරිකන් ආණ්ඩුව සියළු පාසැල් දරුවන් එකම මට්ටමක මෝඩයන් කරන නොහොත් දැනුම අතින් පොදු ලක්ෂ්‍යය මිනුමකට ගෙන එන්නට වැඩ සටහන් දියත් කරයි. බෙන්ගාසියේ ඇමෙරිකන් තානාපතිවරයා මරුමුවට පත්වූයේ කාගේ වරදින් දැයි නොදන්නා, සොඛ්‍ය රක්ෂණ වෙබ් අඩවිය වැඩ නොකරන්නේ කාගේ වරද නිසාදැයි නොදන්නා ඇමෙරිකන් රජයේ එම වැඩ සටහන කාගේ නිර්මාණයක් දැයි දන්නා අයෙක් ද නැත!!!!

පුරාතනයේ පටන් රටේ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නට ගත් රාජ්‍ය උත්සාහයන් ජනතාවගේ චන්ද බලයෙන් පාලනයේ සිටීමට ගත් උත්සාහයන් විය. එදත් අදත් ව්‍යවස්ථාව දක්වමින් එම බලතණ්හාධික උත්සාහයන්ට විරෝධය දක්වන පිරිසක් සිටිති.

ඉන්දියන් කටයුතු සඳහා වූ බියුරෝවක් ෆෙඩරල් මට්ටමින් හදන ඇමෙරිකන් ආණ්ඩුව 1945 දී මිසිසිපියේ චොක්ටව් ගෝත්‍රය නිල වශයෙන් පිළිගත්හ. ඒ ඔවුන්ට සහනාධාර බෙදා දීමටයි. සහනාධාර බෙදා දීමට සිද්ධ වූයේ තමන් විසින් ගෙනා අහිතකර ප්‍රතිපත්ති නිසා බව කිසිම රජයක් කිසිම විටෙක පිළිනොගනියි. ඒ රජයට බැරි දේවල් මේ රජයට ඉටු කරන්නට හැකි යැයි පමණක් බාන පාරට්ටු මහජනතාව ගෙඩි පිටින් ගිලින්නට සූදානම් වී සිටින තාක් කල් ඕනෑම රජයකට එසේ කරමින් හෙට දෙන බියර් ගැන කියමින් බලයේ සිටිය හැකියි. 1945 ගණන් වෙද්දී චොක්ටව් අතර විරැකියාව 80% කින් පැතිර තිබුණි. 1960 වෙන තෙක්ම ෆෙඩරල් ආණ්ඩුවේ වෑයම් වලින් සිදු වූ කිසිම යහපතක් නොදකින ගෝත්‍රයේ නායකයා දරීද්‍රතාවයෙන් ගැලවෙන්නට නම් ආණ්ඩුවේ වැඩ සටහන් වලින් ඉවත් විය යුතු බව වටහා ගති.

ෆිලිප් මාටින් නම් වූ ගෝත්‍රයේ එවක නායකයා ගෝත්‍රයට බෙදන ලද ෆෙඩරල් ආණ්ඩුවේ නිවාස සහනාධාරය යොදවමින් ගෝත්‍රයේ අයිතියෙන් යුතුව ගොඩනැඟිලි ඉදිකිරීමේ ලාබ උපයන කොම්පැණියක් පිහිටුවන ලදි. 1969 දී ගෝත්‍රය Chahta Development නමින් ගෝත්‍රයේ සාමාජිකයනට අඩු වැයෙන් හා සුළු ලාබයක් තබාගෙන නිවාස හදන්නට පටන් ගත්හ. ඔවුන්ට ගොඩනැඟිලි ඉදිකිරීම් පුහුණුව වර්ධනය කරගන්නට එයින් අවස්ථාව පෑදුණි.

1970 ගණන් වල දී යුනියන් මැදිහත්වීම නිසා උතුරු ප්‍රාන්තවල කාර්මික වේතන වැඩිවෙද්දී අඩු වැයෙන් ශ්‍රමය ලබාගන්නට දකුණුට එන නිෂ්පාදන කර්මාන්ත හඳුනාගත් ගෝත්‍රික නායකයා ඇමෙරිකාවේ කොම්පැණි 500 කට පුද්ගලිකව ලියුම් ලියා කම්හල් ඉදිකරන්නට එන්න යැයි ආරාධනා කළේය.. 1971 දී පර්ල් රිවර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් නමින් චොක්ටව් භූමියේ පවතින කාර්මික උද්‍යානය නිම කරන ලදි. විශාල සමාගම් මිසිසිපියට පැමිණියහ.

වසරින් වසර දියුණුවෙන් දියුණුව ලබන චොක්ටව් ගෝත්‍රිකයන් දරීද්‍රතාවයෙන් ගොඩ ආවා පමණක් නොව යළිත් වෙළඳ ගණුදෙනු වල යෙදෙන සශ්‍රීක ජන කොට්ඨාශයක් බවට පත් වූහ.

එහෙත් බහුතර ස්වදේශී ඇමෙරිකන් ජනතාව ඔවුන්ට නියම කරන ලද භූමියන් වී ලැග සිටිති. සවුත් ඩකෝටා හි ලකෝටා සූ වසර සිය ගණනක් හැම මාසයක දී ම තවත් අලුතින් යමක් ලැබෙන ආණ්ඩුවේ දීමනා මත යැපෙති. ඔවුන් ඇමෙරිකාවේ දුප්පත්ම ජන කොට්ඨාශයකි. විරැකියාව එහි 80% ක් රජයයි. සියළු අවශ්‍යතා පිරිමසා ගන්නට ආණ්ඩුවෙන් දීමනාවක් ලැබෙන කළ ඔවුන් බීමතින් කල් ගෙවති. ඔවුන්ට සුබ සාධනය පිණිස ආණ්ඩුව යළි යළිත් ගෙනෙන්නේ තවත් පස් අවුරුදු ආර්ථික සැලැස්මකි.

ආණ්ඩුවේ සහනාධාර එපා යැයි කියූ ආමිශ් මෙන්, එයින් ගැල වී තමන් කැමති සමෘද්ධිය සොයා ගිය මිසිසිපි චොක්ටව් මෙන් නොසිතන ආණ්ඩුවේ සහනාධාරයන්හි ලැග ඉන්නා ජන කණ්ඩායම් තමන් ඒවායේ පිහිට පතන තාක් කල් තමනට ගැලවීමක් ද නොමැති බව වටහා නොගනිති.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on ඔක්තෝබර් 25, 2013 at 4:18 පෙ.ව.

    කෙටියෙන්ම කිව්වොත් ලංකාවේ පෝර සහනාධාරය වගේ.

    • arunishapiro said, on ඔක්තෝබර් 25, 2013 at 7:44 පෙ.ව.

      magenama,

      හැම සහනාධාරයක්ම අවසාන ඵලවිපාකය ඔහොම තමයි. හිතන්න මහපොළ ලැබිලා ලංකාවේ වෛද්‍ය විභාගය සමත්වෙලා ඇමෙරිකාවට ආවා නම්, එම සිසුවාට ලංකාවේ දුප්පතා ණයකර මහපොළ සහනාධාරය දීම යනු ඇමෙරිකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා දුප්පත් ලංකාවේ සම්පත් යෙදෙව්වා වෙනවා නේද?

      • magenama said, on ඔක්තෝබර් 27, 2013 at 11:43 ප.ව.

        එතනදි ටිකක් සංකීර්ණයි.මොකද ලංකාවේ මහපොළ සඳහා ‍තෝරා ගත් එනම් ඉහලම ලකුණු ගත් හෝ ආර්ථික දුෂ්කරතා ඇති පිරිසකට (යම් ආදායම් මට්ටමකට වඩා පහලින් ඇති) සහනාධාර ලබා දෙන නිසා.ඒක යම් ආකාරයකින් නැවත අය කර ගැනීමක්නම් අවශ්‍ය වෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: