අරුණි ශපීරෝ‍ වෙතින්

මකර රජදහනේ මකරා වෙනුවෙන්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 28, 2013

මකර රජදහන සිංහලෙන් ලියන බ්ලොග් අතරින් මුල් කාලයේ සිට මම කියවන්න ගිය තැනක්. අනෙක් කියවන බොහෝ බ්ලොග් වල මෙන් එහි ද ඉතා කලාතුරකින් විතරයි ප්‍රතිචාරයක් දැම්මෙ.

කාලයක් යද්දි පාඨකයන් ටිකෙන් ටික ලේඛකයා කවුදැයි හඳුනාගන්නවා. සමහර විට ලියැවිල්ල හොඳ වුනාට ලියන පුද්ගලයාව හඳුනාගත්තම එයා අපුල නිසා කියැවීම අත්හැරලා දාන බ්ලොග් තියෙනවා.

මකරා ගැන වැඩි තොරතුරු වලින් හිතට දැනුනේ මෙහෙම තරුණයෙක් සිංහලෙන් බ්ලොග් ලියන එක සිංහලෙන් කියවන අයට මහත් වාසියක් කියල. ඒ ඔහු බ්ලොගයේ ලියන සාර ධර්ම ගැන නිසා හෝ සිංහල භාෂාව හැසිරවීමේ නිපුණතාවය නිසා හෝ මකර රජදහනෙන් බෙදා දෙන දැනුම නිසා හෝ නොවේ. සැහැල්ලු සිතකින් කියවන්නාට විනෝදයක් ලබාදෙන්නට ලොව නන් දෙසින් අනේක විධ මාතෘකා වලින් ලියපු සටහන් එකතු කරපු මකරා ඒ සියළු සටහන් යටින් දිවෙන ඔහුගේ පුද්ගලික වූ ජීවිතයේ උත්සාහයන් වලින් ගත් අත්දැකීම් වලින් බිඳක් සිංහල කියවන්නාට නොදැනීම ලබාදුන්නා යැයි මට සිතෙන්නෙ. ඒක අනගි හැකියාවක්.

මකරා මේ දිනවල අසරණ වෙලා. Chronic fatigue Syndrome කියන්නේ ඊට පදනම් වූ වෛද්‍ය හේතු හරි හැටියට පැහැදිලි කළ නොහැකි තත්වයක් තිබිය දී හටගන්නා ඉතා සංකීර්ණ වූ ආබාධිත තත්වයක්. ශාරීරික හා මානසික කටයුතු නිසා මහන්සිය තවත් වැඩිවෙනවා. ඒත් වැඩියෙන් රෙස්ට් කළා කියල ඒක සුව වෙන්නෙත් නැහැ. මේක හැදෙන හේතු ගැන තියරි මහ ලොකු ගණනාවක් තිබුණට දැනට වෛද්‍ය මතය එය හැදෙන්නට හේතුව කිසිවෙක් නොදන්නා වූවක් යන්නයි.

ඉතින් මේ සටහන දාන්න හිතුනෙ මම පුද්ගලිකව නොහඳුනන තරුණ මකරා වෙනුවෙන් යමක් කරන්නට හැකියාවක් ඇත්දැයි සිංහල බ්ලොග් පාඨකයන් වෙතින් අහන්න. ඔහුව පුද්ගලිකව දන්න හඳුනන අය බලන්න පෝලිමේ ගිහින් මකරාව තවත් වෙහෙස නොකරාවි යැයි උදක්ම බලාපොරොත්තු වෙමි. දැනට වැඩියෙන්ම අවශ්‍ය වෙලා තියෙන්නෙ නාගරික පරිසරයක ඔහුට නවාතැනක් හොයා ගැනීම. ඒ කියන්නෙ නවාතැනේ සිට ඉතා කෙටි දුරක දී ටවුමකට ඇවිදලා ගිහින් එන්න හැකියාව තියෙන තැනක්. ඒ නවාතැනේ ගාස්තු ගෙවන්න දායක වෙන්න කැමති අයට ලංකාවේ ඒ සඳහා බැංකු ගිණුමක් අරඹන්න අයෙක් සිටී නම් ඒකත් මකරාට කරන ලොකු උදව්වක්. කවුරු හරි එවැනි කටයුත්තකට අතදානවා නම් කරුණාකරලා අන්තර්ජාලයෙන් අනෙක් අයවත් දැනුවත් කරන්න යැයි ඉල්ලා සිටිමි.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. silentsahan said, on ඔක්තෝබර් 28, 2013 at 6:02 පෙ.ව.

    අරුණි අක්කේ නිකන් යන්තමට වත් ” ඔය ලෙඩේ සහන් මල්ලි මෙන්න මෙහෙම එකක්නේ ” කියලා පැහැදිළි කිරීමක් කරන්න බැරිද …? මොකද ඇහුවෙත් අද ඔහොම දෙයක් ගැන…

    අරුණි අක්කා මෙහෙම දෙයක් දාපු එක හොඳයි.. මොකද මේකේ ඉන්නවා සමහරු පොටෝ වලට විතරයි අඬන්නේ .. ඇත්තටම මිනිහෙක්ට දෙයක් වෙලා තියෙද්දී බර බර පොත් වල පිටු පෙරලනවා..

    අරුණි අක්කා දැක්කද යශෝදා කියලා ළමයෙක්ගේ සිදුවීම …? ඒකටත් පුළුවන් උද්දව්වක් කරන්න බලන්න.. ලක්ෂ ගණන් නෙවේ.. රුපියල් 100 දැම්මත් කමක් නැහැ.. අපිට පුළුවන් හැටියටනේ…

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2013 at 6:25 පෙ.ව.

      silentsahan,

      මා ඒ ලෙඩේ ගැන සටහනේ සඳහන් කරාට වැඩියමක් නොදනිමි. ඒ නිසයි සහන් මල්ලි ඒක මෙන්න මෙහෙමයි කියලා කියන්න බැරි.

      • silentsahan said, on ඔක්තෝබර් 28, 2013 at 6:38 පෙ.ව.

        මන් හිතන්නේ අපි ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු සමග කතා කරන එක තමයි සුදුසු..මේ කියන හැටියට මට පේන්නේ ඔහු ඉන්නේ ඇඳක් උඩ.. අපි ගිහින් ” හලෝ මචන් ” කිව්වට වැඩක් නැති මට්ටමට ඇවිත් වගේ.. ( තේරෙනවනේ මන් මේ කියන දේ )

        දුරකථන අංකයක් තියේ නම් එවන්න බලන්න ..මන් හරි හොයලා බලන්නම් ගිහින්…

  2. Dulip Sikurajapathy said, on ඔක්තෝබර් 28, 2013 at 6:21 පෙ.ව.

    කල හැකි යමක් කරන්න දැනට ලබාගෙන තියන මෙඩිකල් රිපෝට්ස් ටික ඉල්ල පනිවිඩයක් යැවුව ඒකට තාම ප්‍රතිචාරයක් නෑ. මම දන්න විදියට මකරව ගමේ ඉදල (රාගල නේද) කොලඹට එක්කන් එනව කියන්නෙත් ගොඩක් අමාරු වැඩක්.

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2013 at 6:27 පෙ.ව.

      Dulip Sikurajapathy,

      දුරකතනයකින් මකරාව සම්බන්ධ කරගන්නට ද නොහැකි තත්වයක ඉන්නේ. ඔව් රාගල තමයි, ඒත් ලිපිනය නොදනිමි. ඔව් ශාරීරිකව ඉතා දුර්වල වෙලා ඉන්න බවත් දැනගන්න ලැබුණා.

  3. harshani nakandala said, on ඔක්තෝබර් 28, 2013 at 9:46 පෙ.ව.

    මම නොදන්නා නිසයි අහන්නෙ. චානකට නවාතැනක් සොයන්නේ කොළඹින්ද එහෙම නත්නම් ඔහුගේ නිවසට ආසන්නවද? මම දන්නා විදිහට ඔහුගෙ සහෝදර සහෝදරියො, දෙමව්පියො ඔහු ගැන හොඳින්ම සොයා බලනවා. ඒත් ඒකම චානකට කරදරයක් විදිහටයි දැනෙන්නෙ. මුදල් ගැටලු ගැන නම් දන්නේ නැහැ. ඔබතුමිය මුල්වෙලා මේ කටයුත්තට මුල පිරුව එක හරිම හොඳයි. මේ සියලුදේ චානකගේ භාරකරුවන් දැනුවත්ව සිදුවෙනවා නම් තමයි හොඳ. මොකද නිතර අසනීප වෙන චානකව තනියම නවාතනක තියන්න ඒගොල්ලො කැමතිද? චානකට උදව් අත්‍යවශ්යයි. ගැටළුව අපි උදව් කරන එකට ඒ ගෙදර අය කැමතිද?

    • arunishapiro said, on ඔක්තෝබර් 28, 2013 at 10:53 පෙ.ව.

      harshani,

      ඔව්, සැබැවින්ම ඔහුගේ බාරකරුවන් දැනුවත්ව කරන යමක් සිද්ධ විය යුතුයි. මම ලංකාවේ නෙමෙයි ඉන්නෙ. ඒ නිසා යම් ක්‍රියා මාර්ගයක් හදන්න කැමති අය එකතු වෙලා තම තමනට හැකි ආකාරයෙන් සොයා බලා කළ හැකි දේවල් වෙනුවෙන් ඉදිරිපත් වේ යන අදහසින් මේ සටහන දැම්මෙ. මුදල් ගැටළු ඇත්දැයි මා දන්නේ නැහැ. ඒත් මොන වැඩක් කරතත් ඒකට සල්ලිත් ඕනිනේ. ඉතින් යම් අරමුදලක් පටන් ගන්නවා නම් රටෙන් පිටත ඉන්න අපිටත් දායක වෙන්න පුළුවන්. ඇවිදින්නට යන්න හැකි ටවුමක් අසල නවාතැනක් ගැන අදහස එයාගෙ. එයාලගෙ ගෙවල් ළඟපාතක එහෙම තැනක් තිබේදැයි මා දන්නේ නැහැ. නවාතැනක අදහස ඔහු වෙතින් ලැබුණ බැවින් ඔහුට උදව් අතව්‍යශ්‍යම අවස්ථාවක් බවට කිසිත් සැකයක් නැහැ.

  4. සපතේරු උන්නැහේ said, on ඔක්තෝබර් 28, 2013 at 4:34 ප.ව.

    අරුණි අක්කා, අපේ බ්ලොග් හිතවතුන් යම් වැඩපිලිවෙලක් දියත් කර අපටත් හැකි පමනින් යම් උදව්වක් වෙන්න අවස්ථාවක් ඇතිවුනොත් කරුණාකර නැවත මෙහි හෝ මූණු පොතේ හෝ දැනුම් දීමක් කරන්න…

    මේ රෝග තත්වය ගැන මම ඩොක්ටර් කෙනෙකුගෙන් අසා බැලුවා… එහෙත් මේක විශේෂ තත්වයක් නිසා වැඩි යමක් දැනගන්න බැරි වුණත්.. සාමාන්‍ය බාසාවෙන් අවබෝධ කරගතහැකි තොරතුරු සහිත ලින්කුවක් ලැබුණා… මෙහි රෝගියා තමන්ම කෙසේ පාවිච්චි විය යුතුද වැනි ප්‍රයෝජනවත් තොරතුරු සහිතයි…

    Chronic Fatigue Syndrome

  5. marayagehorawa said, on ඔක්තෝබර් 31, 2013 at 5:30 පෙ.ව.

    අරුණි අක්කට මකරා කතා කලාද..? නැත්තනම් වෙන කවුරු හරි මාර්ගයෙන් මේ තොරතුරු ටික දැනගත්තද..? එහෙම කෙනෙක් ඉන්නවනම් අපිට පුළුවන් වෙයි ඒ කෙනා සම්බන්ධ කරගෙන වැඩි විස්තරයක් හොයා ගන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: