අරුණි ශපීරෝ‍ වෙතින්

විස්සට අඩු වයසේ ඉන්නා දක්ෂයන්ට අවස්ථාවක්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 29, 2013

පහුගිය දිනයක පුබුදු දිනේෂ් අනුරුද්ධ චිත්‍රානන්ද කපුගේ දරුවා ඔහු නිර්මාණය කළ “නියන රහින යන්ත්‍රය” නොහොත් “පුබුදු සරුකෙත” වෙනුවෙන් ලෝක නව නිපැයුම් තරඟාවලියේ දී හොඳම නව නිර්මාණකරුවා හැටියට තේරුණු බව පුවත්පත් වලින් කියවන්නට ලැබිණ.

තවත් එවැනි උත්සාහයන් හි යෙදෙන අයට මෙන්න තම නිර්මාණය ගැන ලෝකෙට කියන්න අවස්ථාවක්.

වයස අවුරුදු විස්සට අඩු 20-25 අතර පිරිසකට පිරිනැමෙන තීල් ශිෂ්‍යත්වයට ලෝකයේ ඕනෑම භූමි පෙදෙසක වාසය කරන අයෙකුට ඉල්ලුම් කළ හැකියි. විද්‍යාත්මක පර්යේෂණ අදහසක්, නව කොම්පැණියක් ආරම්භ කරන්නට හෝ සමාජ මෙහෙයුමක් වෙනුවෙන් ඩොලර් ලක්ෂයක් වසර දෙකක කාලයක දී මාස්පතා ගෙවනු ලබයි.

එහි කැපී පෙනෙන කොන්දේසියක් නම්, ශිෂ්‍යත්වය ලබන වසර දෙකක කාලයේ දී විශ්ව විද්‍යාලයක පූර්වකාලීන පාඨමාලා හැදෑරීමේ නියුතු විය නොහැකියාවයි. ඒ හැරෙන්නට ඒ තෑග්ග ලොව කොතැනක දී වියදම් කරනවා දැයි තැකීමක් සිද්ධ නොවේ. ශිෂ්‍යත්වලාභීන්ට ඔවුන් නියැළෙන ක්ෂේත්‍රවල ප්‍රභූ පිරිසක් වෙතින් මාර්ගෝපදේශ ලබාගන්නට අවස්ථාව ඔවුන් හදා දෙන නිසා ඊට කැමති නම් කැලිෆෝර්නියාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ පළාතේ පදිංචියට වසර දෙකක කාලයකට යා යුතුයි.

වැඩි විස්තර:
Thiel Fellowship

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. Lakmal Kandevidane said, on ඔක්තෝබර් 29, 2013 at 1:24 ප.ව.

    හොද අවස්ථාවක් ගැන හොද ඔත්තුවක්

    • arunishapiro said, on ඔක්තෝබර් 30, 2013 at 6:44 පෙ.ව.

      Lakmal Kandevidane,

      ඔව් අටම් මල්ලි දන්න උත්සාහවන්තයන්ට කියන්න. මේක වාර්ෂිකව ප්‍රදානය වෙන එකක්.

      අර දරුවාගේ ජයග්‍රහණය ගැන ලංකාවේ පත්තර වල සිරස්තල ගියේ “රටවල් හැත්තෑ හයක මොළකාරයන් දණ ගස්සවා …” කියල!!! එහෙම කියන්නෙ නැතිව අපේ දක්ෂයාට අනිත් දක්ෂයන් අතර බැබළෙන්න පුළුවන් අවස්ථාවක් සඳහා එවනවා කියනවා නම් වඩා හොඳයි. මොකද, මෙවැනි කටයුතු වල දී සිද්ධ වෙන්නෙ කවුරුත් කාවවත් දණගස්සන්න උත්සාහ කිරීමක් නෙවෙයි. නිර්මාණශීලිත්වයේ ඉහළින්ම ඉන්න දක්ෂයාට ඒ දිනයේ දී සුදුසු තැන ලබා දීම පමණයි. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: