අරුණි ශපීරෝ‍ වෙතින්

අල්පකාලික ස්නැප්චැට්

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 30, 2013

140px-Snapchat_logo

ස්නැප්චැට් (Snapchat) යනු ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාල සිසුවන් කිහිප දෙනෙක් නිර්මාණය කරන ලද පින්තූර පණිවිඩ යවන ඇප් එකකි. මේ ඇප් එක භාවිතයෙන් තමන් ගන්නා ඡායාරූප වලට හෝ විඩියෝවකට අකුරු සහ කුරුටු එකතු කරමින් තමන්ගේ යාළු ලැයිස්තුවේ කැමති අයට “ස්නැප්ස්” යවත හැකියි. එය වයස අවුරුදු 13 න් ඉහළ අයට පමණක් නොමිලේ ලබාගත හැකි ඇප් එකකි. වයස 13 න් පහළ අයට Snapkidz නමින් ඡායාරූප ගන්නට, අකුරු හා කුරුටු එකතු කරන්නට හැකි සීමිත වූවක් හදා ඇත. අනෙකුත් අය බෙදාගන්නට හැකියාව ඔවුනට නැත.

වර්තමානයේ දී තත්පර 1 ත් 10 ත් ඇතුලත අල්ප කාලයකට පණිවිඩය සීමා කළ හැකියි. පණිවිඩය ලැබුණු අය තම ස්මාට් ෆෝන් හෝ ටැබ්ලට් වැනි උපකරණයෙන් එය දැක බලාගත් පසුව එය නැවත නැවත බලන්නට නොහැකි සේ මැකී යයි. පණිවිඩය ලබන්නා එය විවෘත කර බැලුවේ නැත්නම් දවස් 30 ක කාලයක් එය ස්නැප්චැට්හි server එකේ රැඳී සිටියි. එහි සටහනක් උපකරණයේ රැඳී නොපවතියි.

ඡායාරූප (snaps) වලට වඩා වෙනස් වූ මේ ඇප් එකෙන් හදත හැකි තත්පර 20 ක් පමණ දීර්ඝ විය හැකි කතන්දර (stories) පැය 24 ක කාලය ඇතුලත තම උපකරණයෙන් නැවත නැවත නරඹන්නට හැකියාව ලැබෙන්නයි. එහෙත් කතන්දරයක ඇති පින්තූර පණිවිඩය ලැබුණ පසු විවෘත කර බැලුවේ නැත්නම් පැය 24 ක කාලයකින් පසුව server එකෙන් මකා දැමෙයි.

හැම දෙයක්ම පස්සට කල් දාන අයට සරිලන ඇප් එකක් නම් නෙමෙයි!!!

තම පණිවුඩ ගැන සටහනක් රැඳෙනවාට අකමැති අයට මෙය අපූරු අවස්ථාවකි. අම්මලාගේ උකුසු ඇස් වලට අසු නොවෙන්නට කැමති තරුණ තරුණියන්ට පමණක් නොව විශේෂයෙන්ම ඔබාමා ආණ්ඩුවේ උකුසු ඇස් වලින් ගැලවෙන්නට කැමති ඇන්ගලා මෙයකර්ල් වැනි අයටත් සරිලන අනගි ඇප් එකකි!!!

keep-calm-and-snapchat-me-41-1

Advertisements

3 Responses

Subscribe to comments with RSS.

  1. Charmie Guruge said, on ඔක්තෝබර් 30, 2013 at 7:04 පෙ.ව.

    මැකුනු ස්නැප්චැට් ෆොටෝස් නැවත ලබා ගත හැකි ඇප්ස්ද තිබේ 😀

  2. sonduru sitha said, on ජූලි 1, 2015 at 1:40 පෙ.ව.

    Adai danne. Thank you Aruni Akka


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: