අරුණි ශපීරෝ‍ වෙතින්

3D ප්‍රින්ටින් මිනිසාගේ ආරක්ෂාව සහ නිදහස තහවුරු කරන්නකි

Posted in Uncategorized by arunishapiro on ඔක්තෝබර් 31, 2013

IMG_9788

ලොව සීතලෙන් වෙව්ලමින් ලෙඩ රෝග වලට ගොදුරු වෙමින් හේමන්තයක් ගෙවීම ජීවිතයත් මරණයත් අතර තීන්දුවක් දෙන්නක් වීමෙන් ගැලවෙන්නට සීත රටවල දුප්පත් ජනතාවට හැකිවූයේ කාර්මික විප්ලවයෙන් පසුවයි. බෝවෙන රෝග වලින් සහ ඉඩෝර හෝ ගංවතුර නිසා ලක්ෂ ගණනින් මරණයට ගොදුරු නොවී ඉන්නට ග්‍රීෂ්ම රටවල දුප්පත් ජනතාවට හැකියාව ලැබුනේ ද කාර්මික විප්ලවයෙන් පසුවයි.

සමහරැ තවමත් ගෙවත්තෙ වවාගන්නා දෙයක් කා බී ඉන්නට යහතින් ජීවත්විය හැකියාව ඇතැයි කියති. එදා වේල පිරිමසා ගත හැකි මට්ටමකින් පමණක් එහෙම කියන අය දිවි නොගෙවති. එසේම ඔවුන් අනිත් අයගේ මහන්සියෙන් නිපැද වී තමන් පරිහරණය කරන දේවල් නොසලකා එසේ කියන බව නොදකිති.

මහා පරිමානයෙන් භාණ්ඩ නිපැයෙන්නේ ධනවතුන් සඳහා නොවේ. මන්ද, ධනවතුන් ලොව ඉන්නේ අල්පයක් බැවිනි. මහා ජනකායකට මිල දී ගන්නට හැකිවන ආකාරයෙන් ලාබ මිලකට අනගි භාණ්ඩයක් දෙන්නට සමත් නොවන්නේ ද මහා පරිමාන වෑයමක් අසාර්ථක වෙයි. කාර්මික විප්ලවයේ දී වෙළඳපොල ක්‍රමයට ඉඩක් ලැබීම නිසා සියල්ලන් ජයගත්තේ ඊට පෙරතුවට තිබුණාට වඩා ආහාර පාන, ඇඳුම් පැළඳුම් හා නිවාස පරිහරණයට එතෙක් ඊට නොහැකි වූ මහා ජනතාවකට ලැබීම නිසයි.

විද්‍යා ප්‍රබන්ධ රචකයන් පිටපත් ගහණ යන්ත්‍ර ගැන ලියා ඇත. The Weapon Makers (1943) සහ The Weapon Shops of Isher (1951) නමින් A. E. van Vogt ලියූ විද්‍යා ප්‍රබන්ධයන් ගෙතෙන්නේ පිටතට පෙනෙන විශ්වයේ නොපෙනෙන ලෙසින් සිටිමින් පිටත පවතින මිනිස් ජනාවාස වල ප්‍රජා පීඩන පාලනයට එරෙහිව කටයුතු කරන පුද්ගලයාට ගැලපෙන සේ තුවක්කුව හදන පරහිතකාමී අවි හදන්නන්ය.

එහෙත් ‘රෙප්ලිකේටර්’ තාක්ෂණය නමින් මයික්‍රොවේව් වැනි උපකරණයකින් ගැලැක්සියේ වෙනත් කොණක වූ ආහාර පානයක් හදා ගන්නා දර්ශනයක් ප්‍රථම වරට දකින්නට ලැබුනේ ස්ටාර් ට්‍රෙක් නෙක්ස්ට් ජෙනරේෂන්ස් වැඩසටහන් වල දී.

එවැනි විකුම් පෑ නොහැකිය වුවත් 3D ප්‍රින්ටරය යනු ලොව ආර්ථික රටාව වෙනස් කරන නව කාර්මික තාක්ෂණයකි. මිලියන ගණනක් ඉලක්කයෙන් භාණ්ඩ හදනවා වෙනුවට එක අයෙකුට උවමනා වූ විට පමණක් සම්පත් භාවිතයට ගත හැකියි. ප්‍රින්ටරයක් සතු ඕනෑම අයෙකුට ඕනෑම රටක දී එයින් භාණ්ඩයක් හදා ගැනීමට හැකියි. එසේම තවත් වැදගත් ලක්ෂණයක් නම් ඒකීය පුද්ගලයාට වැඩියෙන්ම හොඳින් ගැලපෙන සේ භාණ්ඩයක ඩිසයින් එකක් සකසුරුවමින් හදාගත හැකියාවයි.

1984 දී Chuck Hull විසින් ලොව ප්‍රථම වැඩ කරන 3D ප්‍රින්ටරය නිර්මාණය කරන ලදි. අද ගෙදර පාවිච්චියට ගන්නට කැමති අයෙකුට ඩොලර් 1,300 කට පමණ අළුත්ම එකක් මිල දී ගතහැකි අතර කාර්මික නිෂ්පාදකයන් සඳහා ඩොලර් මිලියනයකින් ගත හැකි ඒවා ද වෙළඳපොලේ පවතී. පුද්ගලික පරිහරණයට කළින් පාවිච්චි කරන ලද්දක් ඩොලර් 300 කටත් ගන්නට හැකියි. ඉල්ලුම වැඩි වෙන වෙළඳපොල අනෙක් හැම භාණ්ඩයකම මෙන් මෙහි ද මිල එදාට වඩා අද අඩුවෙමින්, එදාට වඩා අද තාක්ෂණය ද දියුණුවෙන් දියුණුවට පා තබන්නකි.

ඒත් තවමත් ස්ටාර් ට්‍රෙක් හි දැක්කා මෙන් උණු තේ කෝප්පයක් හෝ උණු ආප්පයක් හදා ගත හැකි තාක්ෂණයක් ඊට නැත. සීමිත වූ ද්‍රව්‍ය මිශ්‍රණ වලින් හැදෙන ‘ලහටු’ වලින් එක තට්ටුවක් මතට අනෙක් තට්ටුව එකතු වී ඝන වී හැදෙන භාණ්ඩ පමණක් දැනට ඒවායෙන් ප්‍රින්ට් කරගත හැකියි.

මහවෙදනා මල්ලි බෙදා ගත්තු පැය විස්සක දී වර්ග අඩි 2,500 ක නිවාසයක් හදාගත හැකි ප්‍රින්ටරය ගැන විස්තරය ඉංග්‍රීසියෙන් මෙතැනින්.

තාක්ෂණයට අකමැති අය ගෙනෙන විරෝධතා බොහොමයක් අතරින් කර්මාන්තශාලා රැකියාවන් ලොවෙන් තුරන් වී යනු ඇතැයි බිය ප්‍රධාන වූවකි. එහෙත් තේකක් හදා ගන්නත් කම්මැලි අය වාසය කරන ලෝකයක තමන්ට කරගත හැකි බොහෝ දේවල් අනුන් ලවා කරවා ගන්නා අය තුරන් වී යයි සිතීම බියක් පමණි!!!!!

තවත් අය බිය වන්නේ එයින් අගනා නිර්මාණයන් බිහිවීම ලොව නැවතේවි කියාය. ස්ට්‍රැඩිවැරියස් (Stradivarius) නමින් ලොව සුපතල වූයේ ඇන්ටෝනියෝ ස්ට්‍රැඩිවැරි හා පවුලේ අය විසින් 17 වැනි 18 වැනි සියවස් හි නිමවන ලද අනගි වයලින් හා චෙලෝ සංගීත භාණ්ඩයන්ය. 1721 දී නිමැවූ සුපිරි තත්වයක තවමත් පවතින ස්ට්‍රැඩිවැරියස් වයලීනයක් ජපානයේ සුනාමිය හා භූමි කම්පාවේ විපත් ලැබූවන්ට ආධාර පිණිස බ්‍රිතාන්‍ය පවුම් මිලියන 9.8 ක වෙන්දේසි විය. 1817 සිට 2012 දක්වා ඒවායේ සහ ඒවායේ කොපි සහ වෙනත් වයලීන සියල්ල නිකුත් කරන ශබ්දයේ වෙනසක් සොයාගන්නට විශේෂඥයන් ඇතුළු බහුතර සමාජය අසමත් වී සිටිය ද ඒවායේ මිල පහළ ගිහින් නැත.

නිවසක් ප්‍රින්ට් කරගන්නට තමන්ට හැකි වූව ද, ඇමෙරිකාවේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ගෘහ නිර්මාණ ශිල්පියාගේ නිවසට ඇති ඉල්ලුම අඩු වී යන්නේ එයට අගයක් දෙන අය නැති වූ දාට පමණකි.

අගනා නිර්මාණයක් අගනා යැයි තීරණය කරන්නේ වෙළඳපොලක සියල්ලන් වෙතින් සිද්ධ වෙන ගණුදෙනු වලින් පමණකි. යම් පාලකයෙක් හෝ යම් මැරවර කණ්ඩායමක් මෙය අගනා නිර්මාණයක් යැයි කියද්දී ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය පවතින තුරු පමණක් එයට තැනක් ලැබේ. ප්‍රචණ්ඩත්වය සහ වෙළඳපොල ක්‍රියාවලිය අතර වෙනස හඳුනා ගැනීමට බහුතර ලෝකය තවමත් අසමත් වෙති.

ඒ නිසාම, තුවක්කු හදා ගන්නට 3D ප්‍රින්ටර් වලින් හැකියාව ලැබීම ගැන ද බහුතරය බිය වී සිටිති. රෙගුලාසිකාරයන් තමන්ව ආරක්ෂා කරනවාය යන මතයේ එල්බ සිටින ඔවුනට වෙළඳපොල ක්‍රියාවලියෙන් තමන්ට වැඩියෙන් නිදහස සහ වැඩියෙන් ආරක්ෂාව ලැබෙන ආකාරය ගැන පැහැදීමක් නැත.

ඉහත ‘වෙපන් ෂොප් ඔෆ් ඉශර්’ කියද්දී ලංකාවේ අය ඒ ඇමෙරිකන් අශර් (Usher) යැයි වරදවා ගත නොයුතුයි. අශර් කවුදැයි නොදන්නා අයට ළඟදීම එයා කවුදැයි කියා ද විදේශිකයන්ට රට විකුණන තම ප්‍රජා පීඩකයන් වෙතින් අහන්නට ලැබෙනු ඇත. ජිරාෆ්ලා දක්වමින් බටහිර දැනුම ආධිපත්‍යය බලයක් ගැන කතා කරන මුග්ධයන් තමන් ද රැල්ලේ යමින් එහෙත් අනේක තෝරාගැනීම් ලොව දැනටමත් මහත් සම්භාරයක් ඇතැයි සැලකීම ප්‍රතික්ශේප කරති.

විශ්වයේ ප්‍රජා පීඩකයන් සිටින තැන්වල දී පිටතට පෙනෙන ලෙසින් මතුවෙන Weapon Shop හි ලාංඡනය ලෝකයට කියන එහි පැරණි, පැරණි කතාව දකින්නට කැමති ඕනෑම අයෙකුට පෙනෙන සේ මෙසේ දිළෙයි: අවියක් මිල දී ගන්නට ඇති අයිතිය නිදහසට ඇති අයිතියයි. –The Weapon Makers, A. E. van Vogt, 17 වැනි පිටුව.

… The Weapon Shop was in a glade of green and floral vegetation; it made a restful, idyllic picture between two giant buildings. The great, universal sign of the store told its old, old story to all who cared to see:
THE RIGHT TO BUY A WEAPON IS THE RIGHT TO BE FREE

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ඔක්තෝබර් 31, 2013 at 8:49 පෙ.ව.

    මට හිතෙනවා අනිත් නිශ්පාදන එක්ක බලද්දි 3D ප්‍රින්ටර වෙළඳ පොලට එන්න ගිය කාලය වැඩියි කියලා.

    • arunishapiro said, on ඔක්තෝබර් 31, 2013 at 10:21 පෙ.ව.

      Gold fish,

      ප්‍රමාදය වසරකින් ද මන්දා? වයර්ලස් ෆෝන් තාක්ෂණය 1973 දී බිහිවෙලා 1983 දී වෙළඳපොලට හැදුනාට 2000 ගණන් වල දී තමයි බහුතරයකට භාවිත කරත හැකි ලෙසින් ලොව පැතිර යන්නෙ. GPS 1975 දී බිහිවෙලා 1994 දී fully functional වුනත් 2000 ගණන් වල දී තමයි එයත් මුළු ලෝකයේම වැඩ කරන විදියට හැදෙන්නෙ. ඉතින් 1984 දී බිහිවෙච්ච 3D ප්‍රින්ටර් 2012 දී ලෝක වෙළඳපොලට ඇවිත් තියෙනවා. රටවල් වලට ගෙන්වන නීති මිසක් පරිහරණයට ලබාගැනීමට වෙන බාධාවක් නැහැ.

  2. රාජ් -රාජ්ගෙ නවාතැන- said, on නොවැම්බර් 1, 2013 at 12:22 පෙ.ව.

    ආසා හිතෙන නිර්මාණයක්. ගෙවල් හදන ප්‍රින්ටරයකුත් දැක්ක දවසක්. අපේ කාලයේ ආවොත් ගන්නව එකක් අනිවාර්යෙන්ම 🙂

    • arunishapiro said, on නොවැම්බර් 1, 2013 at 8:27 පෙ.ව.

      රාජ්,

      ගෙවල් හදන එකේ සබැඳිය සටහනේ අමුණලා තියෙනවා.

      ලංකාවේ ප්‍රින්ටර් ස්ථානයක් තියෙනවා. http://www.yamu.lk/place/3d-concept-studio/

      ඉල්ලුමක් තියේ නම් ලංකාවේ වෙළඳපොලේ ඒවා විකිණේවි රෙගුලාසිකාරයන් ඉක්මන් වෙලා රටට ගෙන්වීම දැනටමත් තහනම් කරලා නැත්නම්.

  3. magenama said, on නොවැම්බර් 1, 2013 at 4:03 පෙ.ව.

    ඔතන ගැටලුව නිර්මාණය හා නිර්මාණශීලීත්වය කියන දෙක අතර වෙනස හරියට සමහරු දන්නේ නැති එක.3D printers නෙවෙයි මොකක් ආවත් මනුස්සයෙක්ගේ සංකල්පනාව ඒ හැමටම වඩා ඉහලයි.සොෆොක්ලීස්ගෙ,ශේක්ස්පියර්ගෙ කාලෙට වඩා අද තාක්ෂණය දියුණු වෙන්න පුලුවන්.නාට්‍ය කරුවන්ට පහසුකම් වැඩි වෙන්න පුලුවන්.ඒත් අර නිර්මාණ යට ගිහිල්ලා නෑනෙ.මං කැමති නම් රොටී වලට මං කනවා රොටී.ඔයා කැමති නම් පාන් ඔයා පාන් කන්න,කමක් නෑ කියන එක තේරුම් කරන්න හරි අමාරුයි.

    • arunishapiro said, on නොවැම්බර් 1, 2013 at 8:29 පෙ.ව.

      magenama,

      අපිට බලපෑමක් නොකර සමාජවාදීන් එයාල කැමති විදියට ජීවත් වෙනවාට අපි අකමැති නැහැ. ඒත් සමාජවාදීන්ට එහෙම ජීවත්වෙන්න බැහැ එයාලගෙ සම්පූර්ණ සැලැස්ම හැදිලා තියෙන්නෙ හැමෝවම ලවා එයාලගෙ කැමැත්ත කරවන්නට කැමැත්තෙන් බැරි නම් බලහත්කාරයෙන් හරි යොදවා ගන්නට විතරයි.

      අපොයි මම සමාජවාදියෙක් නෙමෙයි කියන අය පවා එසේ කියමින් එහෙත් අනුගමනය කරන්නේ එම හැදියාවයි.

      මොකද සමාජවාදීන් (එහෙම නෙමෙයි කියා ගත්තාට එහෙම වන ඊනියා සමාජවාදීන් ද ඇතුළුව) හිතන්නෙ හැමෝටම තියෙන මොළය ඉන්ද්‍රියයක් පමණයි කියලා, මට පමණක් වූ මගේ මිනිස් හිතේ හාස්කම් ඇතැයි ඔවුන් පිළිගන්නේ නැහැ. 😀

  4. wijayanatha said, on නොවැම්බර් 1, 2013 at 11:45 පෙ.ව.

    කිසි දිනක කොමෙන්ට් කර නැතත් ඔබේ බ්ලොග් එක මම සැමදා බලමි.බලා මගේ දැනුම දියුණු කර ගනිමි.ඔබේ බ්ලොග් එකේ මේතාක් පළවූ ලිපි වලින් මා කැමතිම එසේම ලෝකයට වැඩිම බලපෑමක් කරන ලිපිය මෙයයි.ඇත්තෙන්ම මෙය නම් ආශ්චර්යයකි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: