අරුණි ශපීරෝ‍ වෙතින්

වෙඩිබෙහෙත් කුමන්ත්‍රණය දා පැවැත්වෙන ඇමෙරිකන් මැතිවරණ

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 5, 2013

වෙඩිබෙහෙත් කුමන්ත්‍රණය 1605 නොවැම්බර් 5 දිනයේ දී ඉංග්‍රීසි ජාතික කතෝලික භක්තියකයන් පිරිසක් එංගලන්තයේ ඉංග්‍රීසි සහ ස්කොට් යන දෙගොල්ලන්ගේම රජු වූ පළමුවැනි ජේම්ස් ඝාතනය සඳහා ගත් අසාර්ථක උත්සාහයකි. ඉංග්‍රීසි පාර්ලිමේන්තුවේ සභා වාරය ආරම්භයත් සමඟ සාමි මන්ත්‍රණ මණ්ඩලය (house of lords) පුපුරවා හැරීම වෙඩිබෙහෙත් කුමන්ත්‍රණයේ (Gunpowder plot) අරමුණක් විය. රජු සහ සාමි මන්ත්‍රණ සභාව ඝාතනයෙන් පසු කතෝලික රාජ්‍ය නායකයෙක් ලෙසින් රජුගේ දියණිය, එලිසබෙත් ස්ටුවර්ට් කුමරිය පත් කරගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය.

ගයි ෆෝක්ස් (Guy Fawkes) ස්පාඤ්ඤ නෙදර්ලන්තයේ වසර දහයක හමුදා අත්දැකීම් වලින් පිරිපුන් අයෙකි. සාමි මන්ත්‍රණ මණ්ඩලය රැස්වෙන සභා ගර්භය යටින් වෙඩිබෙහෙත් සියල්ල පුපුරවා හරින වගකීම ඔහු අත විය. එහෙත් ඔත්තුවක් ලැබී බැරල් 36 ක වෙඩිබෙහෙත් සමඟින් නොවැම්බර් 4 වැනිදා රාත්‍රියේ දී ගයි ෆෝක්ස්ව අල්ලා ගන්නා ලදි. කුමන්ත්‍රණය අසාර්ථක වීමෙන් පසුව හටගත් කලබලයක දී කුමන්ත්‍රණයේ නායකයා රොබට් කේට්ස්බි වෙඩි පහරකින් මිය ගියේය. 1606 ජනවාරි 27 වැනිදා ගයි ෆෝක්ස් ඇතුළු රාජ්‍ය ද්‍රෝහීන් අට දෙනෙක්ට මරණය නියම විය.

නොවැම්බර් 5 වැනිදා ගයි ෆෝක්ස් සේ හැදූ පඹයෙක් ගිනි තබා අනතුරුව මල්වෙඩි උත්සවයක් පැවැත්වීම එංගලන්තයෙන් ආරම්භ වෙන්නේ එයින් පසුවයි.

Guy Moore ලියන සහ David Lloyd අඳින චිත්‍ර වලින් හැදෙන graphic නවකතාව V for Vendetta නමින් 1982 සිට 1989 දක්වා කාලයේ දී ය. නැටලි පෝර්ට්මන් රඟපාන ඒ නමින් ම වූ බ්‍රිතාන්‍ය චිත්‍රපටිය නිකුත් වූයේ 2006 දී ය. ෆැසිස්ට් පක්ෂයක් විසින් පොලිස් බලයෙන් රට පාලනය කරන අනාගත එක්සත් රාජධානියක ඇනාකිස්ට් විප්ලවකරුවා V නම් වෙයි. ඔහු ගයි ෆෝක්ස් මුහුණකින් වෙස්වළා ගෙන ආණ්ඩුව පෙරළන්නටත් රට අරාජික කර මිනිසුන්ට තමන් පාලනය කරගන්නට ඉඩ දෙන්නටත් විප්ලවීය ක්‍රියා පටිපාටියක් ගෙන යයි.

ලොව බහුතරයක් අද ජන උද්ඝෝෂණ වල දී V for Vandetta චිත්‍රපටියේ ගයි ෆෝක්ස් වෙස් මූණ පළඳිනවා දකින්නට හැකියි.

එහෙත් ඔවුන් ඉල්ලා සිටිනුයේ කුමක් ද?

ප්‍රජාතන්ත්‍රවාදය අගයන ඔවුන් ඉල්ලන්නේ අරයාගෙන් අරගෙන මෙයාට බෙදා දෙන බලය ද? බලයේ ඉන්නා මේ පාලකයා ඉවත් කර තමන් ඉල්ලන ආකාරයට බෙදන්න හැකි යැයි කියන අර පාලකයාට ඒ බලය දෙන්න කියා ද?

නැත්නම් V මෙන් ආණ්ඩුව මුළුමනින් සුන්නත් දූලි කර, රට අරාජික කර, මිනිසුන්ට තම තමන් පාලනය කරගන්නට යැයි කියා ද?

වෙඩිබෙහෙත් කුමන්ත්‍රණය සමරන දිනයේ ප්‍රාන්ත කිහිපයක පමණක් පැවැත්වෙන ඇමෙරිකන් මැතිවරණය දැනටමත් රටේ වැසියන් සිය ව්‍යවස්ථාව නොදන්නාකම දැඩි සේ පෙන්වන්නකි. බලයේ ඉන්නා තැනැත්තා කවුරු වුවත් රටවැසියාගේ අයිතීන් ආරක්ෂා කරන ලොව එකම හා අනගි වූ ඇමෙරිකන් ව්‍යවස්ථාව වෙනුවට පාලන බලය ලද්දා අනුව නීති රෙගුලාසි තීරණය වෙන යුගයක් වර්තමානයේ පවතී.

ලිබටේරියන් යනු ආචාර ධාර්මික වූවකි. එය අයිතීන් ගැන සැලකිල්ල දක්වන්නකි. තම ජීවිතයට හා තම ශ්‍රමයෙන් නිපැයෙන නිෂ්පාදනයට තමන්ට අයිතියක් ඇතැයි කියන්නකි. ප්‍රචණ්ඩත්වයෙන් තොරව කැමැත්තෙන් එකිනෙකා හා කරන ගණුදෙනු ආරක්ෂා කරන්නකි. ආණ්ඩුවේ කාර්ය භාරය ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතැබීම පමණකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයෙන් අනුන්ගේ නිෂ්පාදනයට තමන්ට අයිතියක් කියන්නට ඇති හැකියාව නිසා එයට නොහැකි වන සේ සැකසුණ අනගි ව්‍යවස්ථාව බැහැරකට දමා, අද ආණ්ඩුව ලවා ප්‍රචණ්ඩත්වය පතුරුවන්නට රටවැසියා මැතිවරණය අවියක් කරගෙන සිටියි.

ඔටුන්න පැළඳ ඉන්නා අයව මරා වෙන අයෙකුට ඔටුන්න පළඳවන්න හැදූ සත්‍ය ගයි ෆෝක්ස් පිළිබිඹු කරන වෙස් මූණක් පැළඳගත්තාට, V for Vendetta ප්‍රබන්ධයේ V යෙදුනේ අරාජික සමාජයක් වෙනුවෙන් වූ අරගලයකයි. අරාජික සමාජයක අයිතීන් හෝ ආචාර ධර්ම නැත. අරාජිකවාදය යන දේශපාලන සංකල්පය යනු රජයට එරෙහි අදහස් සඳහා පෙනී සිටින්නක් පමණි.

අරාජිකවාදියා ගෙන් වෙනස් ලිබටේරියන්වාදියා ලෙවියතන් රකුසෙක් විය නොදී මාට්ටු කරගෙන තැබිය හැකි ලෙසින් අවම නීති තුලින් සකස් වී තිබෙන සීමිත ආණ්ඩුවක අවශ්‍යතාවය දකින්නෙකි. අනුන්ගේ ශ්‍රමය කුමන ආකාරයක හෝ ප්‍රචණ්ඩත්වයකින් උදුරා ගන්නට සැලසුම් නොහදන, තම ශ්‍රමයෙන් නිපැදවෙන නිෂ්පාදන කැමැත්තෙන් ලබාගන්නට කැමති අය සමඟ පමණක් ගණුදෙනු කරන අය වීරයන් සේ දකින ලිබටේරියන්වාදියාට ගයි ෆෝක්ස් හෝ V යනාදීන් වීරයන් නොවෙති.

The fifth of November දා යන සිරස්තලයෙන් මේ ඉංග්‍රීසි ජන කවිය 1870 ගණන් වල දී බිහි වූවකි.
Remember, remember!
The fifth of November,
The Gunpowder treason and plot;
I know of no reason
Why the Gunpowder treason
Should ever be forgot!
Guy Fawkes and his companions
Did the scheme contrive,
To blow the King and Parliament
All up alive.
Threescore barrels, laid below,
To prove old England’s overthrow.
But, by God’s providence, him they catch,
With a dark lantern, lighting a match!
A stick and a stake
For King James’s sake!
If you won’t give me one,
I’ll take two,
The better for me,
And the worse for you.
A rope, a rope, to hang the Pope,
A penn’orth of cheese to choke him,
A pint of beer to wash it down,
And a jolly good fire to burn him.
Holloa, boys! holloa, boys! make the bells ring!
Holloa, boys! holloa boys! God save the King!
Hip, hip, hooor-r-r-ray!*

*Habing, B. (2006, November 3). The Fifth of November – English Folk Verse. Retrieved from http://www.potw.org/archive/potw405.html

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on නොවැම්බර් 6, 2013 at 12:24 පෙ.ව.

    නිදහස වැරදි විදිහට භුක්ති විඳිනා විදිහ දැක ඒකාධිපතිවාදය යෝජනා කිරීමක් වගේ දෙයක් ඒක.Avengers සිනමාපටයේදි “ලෝකී” ලෝකයට සාමය ගේන්න ගියා වගේ,කාම්බෝජයේ පොල්පොට් කරපු දෙය වගේ,උගන්ඩාවේ ඉඩි අමීන් (පටන් ගත්තේ මිල්ටන් ඔබෝටේ )නිදහසේ නාමයෙන් සුද්දට එරෙහිව කළ ව්‍යාපාරය තමන්ගේ බලයට පාවිච්චි කළා වගේ,දෙවන ලෝක සංග්‍රාමය සමගාමී කාලයේදී හිට්ලර් මුන් ඔක්කොම හොරු කියලා තමන් ඒකාධිපතියා වුනා වගේ,එතකොට ප්‍රංශයේ රොබෙස්පියරි,මේක දිගටම යනවා.

    • arunishapiro said, on නොවැම්බර් 6, 2013 at 8:59 පෙ.ව.

      magenama,

      ඔව්. හරියටම හරි.

      මෙහෙම හිතන චින්තනය: මිනිස්සු නරකයි. ඒ නිසා මිනිස්සුන්ව පාලනයට ආණ්ඩුවක් අවශ්‍යයයි. ඒ ආණ්ඩුවේ මුලසුන ගන්න ශක්තිමත් පාලකයෙක් අවශ්‍යයයි.

      බහුතරයකට අමතක වෙන්නේ එහි දී ආණ්ඩුවක් ද හැදෙන්නේ මිනිස්සු වෙතින් බවයි. පාලකයා යනු ද මිනිසෙක් බවයි.

      ඒකාධිපතිවාදය බිහිවෙන හැටි අගනා ලෙසින් පැහැදිලි කළේ ෆ්‍රෙඩ්රික් හයෙක්. පහුගිය දවසක ආයෙත් කියෙව්ව පොතක්. The Road to Serfdom. මෙන්න මම ඒ ගැන දාපු සටහනක්.

  2. Pradeep Jayatunga said, on නොවැම්බර් 6, 2013 at 5:47 පෙ.ව.

    “බලයේ ඉන්නා තැනැත්තා කවුරු වුවත් රටවැසියාගේ අයිතීන් ආරක්ෂා කරන ලොව එකම හා අනගි වූ ඇමෙරිකන් ව්‍යවස්ථාව”
    Yes it is one of the best but why do you say it’s the “එකම” ? How about the French constitution? Do rights of the French citizens depend on the person in power? Also, how about other west European constitutions? I’m not disputing your claim but just seeking a clarification.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: