අරුණි ශපීරෝ‍ වෙතින්

හැකි තරම් ඈතට වට්ටක්කා විසිකරන උත්සවය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 6, 2013

IMG_9843

ගිය සතියෙ සිකුරාදා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බ්‍රිජ්විල් නගරයේ අස්වැන්න නෙළාගත් තිරිඟු වතුයායකට මම ගියේ වට්ටක්කා විසිකරන උත්සවයක් බලන්න. දවස් තුනක් පුරා පැවතිච්ච උත්සවයේ දී අඩි 4,694.68 ක් Adult Air Cannon අංශයෙන් විසිකරලා අළුතින් පිහිට වූ ලෝක වාර්තාව එදා මම දැක්ක විසිවෙච්ච වට්ටක්කා ගෙඩි අතරින් එකක්. වට්ටක්කා ගෙඩිය යන්ත්‍රයෙන් පිටවෙන හැටි සහ එය අහසේ පාවෙලා යනවා දැක්කාට එය වැටුන තැන පෙනුනෙ නැහැ. දුරදක්නයක් අරන් ගියා නම් හොඳයි කියලා හිතුන.

punkin chunkin වෙබ් අඩවියට අනුව 1986 ගණන් වල දී යාළුවෝ කාණ්ඩයක් වට්ටක්කා විසි කිරීම ගැන විනෝදයට කතාබහ වෙලා. සල්ස්බරි විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා සිසුවන් පිරිසක් වට්ටක්කා කොච්චර ඈතකට විසි කරන්න පුළුවන් දැයි සොයපු උත්සාහයක් ගැන පත්තරයක හෝ රූපවාහිනියක ගිය වාර්තාවක් ගැනත් ඔවුන් කතාවෙලා. ඉතින් එතැන හිටපු එක් කෙනෙක් අනික් අයට අභියෝග කරලා එයාට වැඩියෙන්ම ඈතකට වට්ටක්කා ගෙඩියක් විසිකරන්න පුළුවන් කියල.

ඔවුන් අනතුරුව පැවැත්වූ තරඟයේ වැඩියෙන්ම ඈතකට වට්ටක්කා ගෙඩියක් විසි කරන්න සමත් වෙලා තියෙන්නෙ අඩි 126 කට.

දැන් ඒවා විසිකරන තරඟ අංශයන් බොහොමයක්. ඒ ඒ අංශයේ නීති රීති අනුව විසිකරන්න යන්ත්‍ර හදන අය සෑහෙන විනෝදයක් ඒවා නිර්මාණයෙන් ලබන බවක් දකින්නට ලැබුණ.

IMG_9790 IMG_9818 IMG_9808 IMG_9846 IMG_9847 IMG_9849

යහළුවන් කිහිප දෙනෙක් අතර පටන් ගත් තරඟය දැන් සෙනඟ විසිදාහකට වඩා ඇදී එන, ඩොලර් ලක්ෂයක පමණ ටිකට් අලෙවි වන, කණ්ඩායම් 72 ක් පමණ තරඟ කරන උත්සවයක්. උත්සවයෙන් ලැබෙන ආදායමෙන් ඩොලර් 70,000 ක් පමණ ඔවුන් පළාතේ විවිධ සේවා සමිති සංගම් වලට තෑගි කරන්නටත් සමත් වෙනවා.

සාර්ථක උත්සවයක් යනු එහෙම යම් පිරිසක් ගන්නා වෑයමකින්, ඔවුන්ගේ මුදල් පරදුවට තබා, ඔවුන් විසින් ගන්නා අවදානමකින් වැඩි දියුණු වී හැමෝටම සෙත සැලසෙන්නක්. පාඩු ලබනවා නම් පුද්ගලික අංශයේ උත්සවයක් නැවත නැවත දිගටම පවත්වාගෙන යෑමක් නෑ. ආණ්ඩු විසින් අනේක උත්සව පවත්වා බලය අල්ලාගෙන ඉන්නා අයගේ උජාරුව පෙන්වද්දී ඒවා ගැන සතුටු වෙන මහජනතාව අතර ඒ බරපැණ දරන්නේ තමන්ම බව නොදන්නා අය වැඩියි. රටක් ණය වෙද්දී සහ බංකොළොත් කරද්දී අපිට රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් හා රටේ සම්පත් කොච්චරක් පාලකයන් අතින් කාබාසිනියා වූවාදැයි හරියටම දැනගන්නට ලැබෙන්නෙ ඉතා කලාතුරකින්.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. සපතේරු උන්නැහේ said, on නොවැම්බර් 6, 2013 at 8:32 පෙ.ව.

    // ආණ්ඩු විසින් අනේක උත්සව පවත්වා බලය අල්ලාගෙන ඉන්නා අයගේ උජාරුව පෙන්වද්දී ඒවා ගැන සතුටු වෙන මහජනතාව අතර ඒ බරපැණ දරන්නේ තමන්ම බව නොදන්නා අය වැඩියි. //

    දන්නා අයටත් බලෙන් සම්මාදම් වන්නට සිදුවීම පෙර කරුමයක් වත්ද.. 😦

    • arunishapiro said, on නොවැම්බර් 6, 2013 at 9:16 පෙ.ව.

      සපතේරු උන්නැහේ,

      කොහෙද ඉතින් මේ අගාරික, නිර්ආගමික කියාගන්න අය ඇවිත් විද්‍යාවේ එහෙම පෙර ආත්මයක් නැහැයි කියලා එහෙම හරි හිත හදාගන්න හදන මිනිහටත් හිනා වෙනවානේ!!!!! 😀

  2. Pradeep Jayatunga said, on නොවැම්බර් 7, 2013 at 12:27 පෙ.ව.

    “ජනතාවගේ මුදල් හා රටේ සම්පත් කොච්චරක් පාලකයන් අතින් කාබාසිනියා වූවාදැයි”
    For the rulers/politicians it is not really “කාබාසිනියා” but an investment for their own future. Most of the SL voters love a show; for them bigger the show, better the development! For the survival and success of the politicians the show is more important than productive work; they are not stupid but the voters are, and the stupid understands and appreciates only stupidity, right? :=)
    Our politicians have realized that the cliché for justice need not be entirely and exactly applied to development. Development need not really be done (at least not to the extent that it could be done) but it sure should manifestly and undoubtedly be seen to be done – that is if you wanna be re-elected!! Remember Roman games? We are just fine-tuning the concept!

    • arunishapiro said, on නොවැම්බර් 7, 2013 at 10:33 ප.ව.

      Pradeep Jayatunga,

      එය ඔවුන්ගේ අනාගතයට වුවද කරන ආයෝජනයක් නොවී ඔවුන්ගේ පවුල් ද කාබාසිනියා වෙන හැටි ගැනත් ලියන්න ඕන. අර ප්‍රංශ සහ ඇමෙරිකන් ආණ්ඩු ගැන වෙනස ලිව්වට පස්සෙ. දක්ෂ මිනිස්සුන්ට සම්පත් හසුරවන්නට හැකියාව ලැබේ නම් සහ ව්‍යාපාර කරන්න දන්නා අයට (උරුමයෙන් ධනය හිමි වූ ජේම්ස් පැකර්ලා ගැන නෙමෙයි මේ කියන්නෙ) ආයෝජනයට අවහිර නොවන්නේ නම් පාලකයන්ට සහ දේශපාලනඥයන්ට ඔවුන්ගේ අනාගත සඳහා දැනට වඩා හොඳින් ආයෝජනයට පහසුවෙන් හැකියාවක් ලැබේ. ඒත් බිස්නස් යනු කුමන හෝ මගඩියකින් මුදල් සෙවීම යැයි මිථ්‍යා විශ්වාසයක එල්බ සිටින අයට එය පැහැදිලි කර දීම පහසු නැත. අද මෙහෙත් යන්නෙ එහෙම තත්වයකට යැයි දැකීම කණගාටුවක්.

      නොදන්නා අයට කියා දෙන්නට හැමදා උත්සාහ කරමි. එහෙත් ඔව්, මෝඩ තකතිරුවන් නම් අවබෝධ කරගන්නේ සහ අගය කරන්නේ මෝඩ තකතිරු අදහස් පමණි.

      රෝම අධිරාජ්‍යයත් කඩා වැටුනු බව අමතක නොකළ යුත්තක්.

  3. magenama said, on නොවැම්බර් 7, 2013 at 12:49 පෙ.ව.

    වට්ටක්කා ගෙඩිය ඔලුවට පාත් වෙන්නෙ නැත්නම් ඕන එකක්.ඔය පැත්තේ පොල් හැදෙනවනම් අවුරුදු කීපයකින් වටේටම පොල් ගස් හැදෙයි,වීසි කරපුවා හොයා ගන්න බැරිව.

    • arunishapiro said, on නොවැම්බර් 7, 2013 at 10:35 ප.ව.

      magenama,

      enter at your own risk කියලා හැම තැනම ගහලා තිබ්බත් වට්ටක්කා වැදිලා නඩු යන අයත් ඉන්නවා!!!

      මේ පැත්තෙ පොල් ගස් තිබ්බට ඒවයෙ පොල් ගෙඩි හැදෙන්නෙ නැහැ.

  4. silentsahan said, on නොවැම්බර් 7, 2013 at 4:48 පෙ.ව.

    කිලෝමීටර් එකකටත් වඩා වැඩි දුරකට විදලනේ ….මන් ගූගල් + ගිණුම වහලා දාපු නිසා මට මේකේ කමෙන්ට් කරන්න හරි අපහසුයි දැන්… බ්ලොගර් ගිණුම මගින් කමෙන්ට් කල හැකි ක්‍රමයක් තියේද අරුණි අක්කේ …..?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: