අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් හමුදා භටයන් අනුස්මරණ දිනය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 11, 2013

typhoon-yolanda-humanitarian-aid-afp-20131110-001

1918 නොවැම්බර් නොහොත් 11 වැනි මාසයේ, 11 වැනි දිනයේ, 11 වැනි පැය පළමු ලෝක යුද්ධයේ සංග්‍රාමයන් නැවතුණා යැයි සැලකෙන්නයි. නොවැම්බර් 11 දා යනු ඇමෙරිකාවේ හමුදා භටයන් විසින් කරන ලද යුද සේවයට ගෞරව දැක්වීමට නිල වශයෙන් වෙන් වූ දිනයකි.

Veteran යන වචනය ලැබෙන්නේ ලතින් බසේ vetus නොහොත් පරණ යන අර්ථය ගෙනෙන වචනයෙනි. දීර්ඝ කාලයක් සේවාව සැපයූ හෝ යම් වෘත්තීයක අත්දැකීම් ඇති අයෙක් යන අදහස එයින් ලැබේ.

ඇමෙරිකන් යුද හමුදාවේ වෙටරන් යනුවෙන් සැලකෙන්නේ කවුදැයි යන්න ගැන අවසන් තීරණය දෙන්නේ Department of Veterans Affairs යන ආණ්ඩු ආයතනයයි. ෆෙඩරල් නීතිය අනුව ඇමෙරිකාවේ යුද හමුදාවක active duty සඳහා ගිය ඕනෑම හමුදා භටයෙක් වෙටරන් යැයි සැලකේ. ෆෙඩරල් ආඥා යටතේ දහවැනි පනත අනුව කුමන හෝ යුද නොවන වෙනත් රාජකාරී සඳහා පිටත් කර යවන ලද්දවුන් ද වෙටරන් සේ සැලකේ. ඉතින් active duty සේවයක් සපයා නැත්නම් හමුදාවේ භටයෙක් වූ පමණින් අයෙක් වෙටරන් නාමය නොලබයි. එහෙත් හමුදා පුහුණුව ලබද්දී ආබාධිත වූ නිසා හමුදාවෙන් ගෞරවනීය ලෙස අයින් වන්නට සිද්ධ වූවන් ද ඉහත ආයතනයේ විශේෂ අනුමැතියෙන් වෙටරන් නාමයට සුදුසුකම් ලබති.

යුද හමුදාවන්හි සේවය කළ පමණින් ඒ සියල්ලන්ම වීරයන් යැයි සැලකෙන්නේ නැත. සේවය සැපයූ සියල්ලන්ට ස්තූති කිරීම සඳහා නොයෙකුත් උත්සව නොයෙකුත් මට්ටම් වලින් අද රටපුරා පැවැත්වේ.

අනුස්මරණ දිනය නොහොත් Memorial Day යනු ඇමෙරිකන් හමුදා සේවයේ යෙදෙන අතර දී මිය ගියවුන්ට ගෞරව දක්වන දිනයයි. ඒ දිනය වැටෙන්නේ මැයි මාසයේ අවසාන සඳුදා දිනයටයි. එහි ආරම්භය ඇමෙරිකන් සිවිල් යුද්ධයෙන් පසුව යුනියන් හමුදාවේ සහ කොන්ෆෙඩරට් හමුදාවේ මියගිය සොල්දාදුවන් අනුස්මරණය සඳහා පටන් ගත්තකි.

හෙට අනිද්දා ඇෆගනිස්ථානයෙන් සේවය නිමා කර පිටත් වූ පසු මගෙ මල්ලිව “වෙටරන්” යන නාමයෙන් හැඳින්විය හැකියි.

යුද බිමට පමණක් නොව ඇමෙරිකන් හමුදා භටයන් වෙනත් හදිසි ආපදා තත්වයන් වල දී ද ලෝක ජනතාවගේ සහායට යති. ටයිපූන් එකක් කඩා වැදී මිලියන දෙකක් පමණ අවතැන් කර ඇති, එක පළාතක පමණක් දස දහසක් මිනිසුන් මරණයට පත් කරන ලද පිලිපීනයට ඇමෙරිකන් හමුදාවේ මරීන් කණ්ඩායම් C-130 ගුවන් යානා වලින් සහනාධාර සමඟින් ගොඩවැදී දැනටමත් මානුෂීය මෙහෙයුම් පටන් ගෙන සිටිති.

ස්වභාවික ව්‍යසනයක දී ක්ෂණික ප්‍රතිචාර ඉතා වැදගත් වූවකි. තාවකාලික නිවාස දස දහසක් අටවන්නට අමුද්‍රව්‍ය පැය 24 -48 තුල දී පිලිපීනයට ගෙන යන්නට ඇමෙරිකන් යුද හමුදාව දැනටමත් පටන් ගෙන ඇත. ලෝක කතෝලික සහනාධාර සංවිධානය, Habitat for Humanity සංවිධානය, සහ ප්‍රංශය ද කූඩාරම් හදන්නට අමුද්‍රව්‍ය වහාම යවන්නට මුදල් වලින් දායක වී සිටිති. ජපානය සහ සිංගප්පූරුව වෛද්‍ය සේවා සහ විපත් වලින් මුදවා ගැනීමට පුහුණුව තිබෙන කණ්ඩායම් පිලිපීනයට පිටත් කර ඇත්හ. චීනය සහ පිලිපීනය පසුගිය දවස්වල ආරවුල් කිහිපයක නිරත වුවත් ඩොලර් ලක්ෂයක් මුදල් යවන්නට චීනය කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ක්‍රියාකාරී සේවයේ යෙදුන හමුදා භටයන් අනුස්මරණ දිනයේ ඔවුන් දුන් සේවයට ස්තූති කිරීමේ උත්සව දකින්නට ලැබුණාට ඔවුන් ස්වභාවික ආපදා වල දී ඇමෙරිකාවේ මෙන්ම සෙසු රටවල අසරණයන්ට සරණ වූ අවස්ථා වලට ස්තූතියක් දැක්වීම දකින්නට නැත.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Pradeep Jayatunga said, on නොවැම්බර් 11, 2013 at 11:53 ප.ව.

    Can you become a veteran by being sent for foreign training as soon as you join and after the return appointed as Aide-de-camp to your dad?

    • arunishapiro said, on නොවැම්බර් 12, 2013 at 10:11 පෙ.ව.

      Pradeep Jayatunga,
      //ඇමෙරිකන් යුද හමුදාවේ වෙටරන් යනුවෙන් සැලකෙන්නේ කවුදැයි යන්න ගැන අවසන් තීරණය දෙන්නේ Department of Veterans Affairs යන ආණ්ඩු ආයතනයයි.// කෙටි උත්තරය ඔව්. උදාහරණයක්: ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් පුහුණුව ලැබුවා මිසෙක යුද්ධයකට ගිහින් නැහැයි කියා චන්දෙ ඉල්ලන කාලයේ දී ඔහු වෙටරන් යැයි සැලකේද යන්න පුවත්පත් වලින් සෑහෙන්න කතාබහට ලක්වුනා. පසුව ඔහු පුහුණුව ලැබූ කාලය සැලකුනේ active duty වසර දෙකක් යැයි ඒ කාලේ තීරණය වෙච්ච විස්තර මාධ්‍යයට නිකුත් කරනු ලැබුවා. ඒත් ඉතින් අවාසනාවක මහත, ජනාධිපති ඔබාමා තනතුරේ සිටිය දී ම ඔබාමා සෞඛ්‍ය පනත නිසා තියෙන සෞඛ්‍ය රක්ෂණ කිසිත් වෙනසකට ලක් නොවේ යැයි ප්‍රසිද්ධියේ හැම තැනකම කිව්වත් ඒ පැත්තේ අය ඔබාමා බොරු කිව්වා යැයි තවමත් පිළිගන්නට අකමැතියි.

  2. magenama said, on නොවැම්බර් 12, 2013 at 2:46 පෙ.ව.

    අක්කාගේ මල්ලි යුද්ධෙට ගිහින් කියලා මම දැනගෙන හිටියේ නෑනේ.එයාට පරිස්සමින් ආපසු එන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  3. wicharaka විචාරක said, on නොවැම්බර් 13, 2013 at 1:32 ප.ව.

    ලෝකයේ කොතැනක හිටියත්, කුමන අභියෝගයකට මුහුණ දුන්නත්, ලෝකයා මොනවා කිව්වත්, සොල්දාදුවාගේ හදවත ගැන දන්නේ තවත් සොල්දාදුවකුම පමණයි.

    • arunishapiro said, on නොවැම්බර් 13, 2013 at 5:13 ප.ව.

      wicharaka විචාරක,

      ඔව්.

      ඒ වගේම ගුරුවරයාගේ හදවත දන්නේ, ලේඛකයාගේ හදවත දන්නේ සහ වෛද්‍යවරයෙකුගේ හදවත දන්නේ ද එම වෘත්තියේ යෙදෙන තවත් අයෙකුම පමණයි කියන්නත් පුළුවන්.

      ඒ වගේම ළදරු පාසැල් ගුරුවරයා සහ විශ්ව විද්‍යාල ගුරුවරයා අතර වෙනසක්, පුවත්පත් ලේඛකයා සහ බ්ලොග් ලියන්නා අතර වෙනසක්, බෙහෙත් සීට්ටු ලියන සහ සැත්කම් කරන වෛද්‍යවරයන් අතර වෙනසක් යනාදියත් දන්නේ ඒවායේම නියැළෙන අය යැයි ද කියන්නත් පුළුවන්.

      ඒත් අපි හැමෝම මිනිස් නිසා අපි මිනිස් ස්වභාවයත් දන්නවා යැයි කියන්නත් පුළුවන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: