අරුණි ශපීරෝ‍ වෙතින්

බාස්කට්බෝල් ආරම්භය ඇමෙරිකාවේ මෙසේ සිදුවිය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 13, 2013

naismith

වර්තමානයේ ලෝක මට්ටමෙන් තරඟ වදින බාස්කට්බෝල් ක්‍රීඩාව ආරම්භ වූයේ ද ඇමෙරිකාවේ. ඒත් අනිත් රටවලත් එය සෙල්ලම් කරන අය ඉන්න නිසා වෙන්නැති ඇමෙරිකන් ෆුට්බෝල් වලට අකමැත්ත ප්‍රකාශ කරන අය හිටියට බාස්කට්බෝල් ගැන කිසිත් නරකක් නොකියන්නෙ. European Federation of American Football (EFAF) සමඟින් ඇමෙරිකන් ෆුට්බෝල් යුරෝපීය රටවල් වල දී ජනප්‍රිය වෙද්දී ඇමෙරිකන් ෆුට්බෝල් ගැන නරක කීම අඩුවේවි ද?!!!

බාස්කට්බෝල් හි ආරම්භය 1891 දී. මැසචූසෙට්ස් ප්‍රාන්තයේ ස්ප්‍රින්ෆීල්ඩ් නගරයේ YMCA පාසැලක තරුණ පිරිමි සඳහා වූ ශාරීරික ව්‍යායාම් පංතියක් බාරව හිටියේ ජේම්ස් නේස්මිත් (James Naismith) නම් ගුරුවරයා. දරුණු සීතල සුළං හමා යන හේමන්තයේ එළිමහනේ ක්‍රීඩා කළ නොහැකි නිසා මේ මගෝඩි තරුණයන් ආම්බාන් කරන්න නේස්මිත්ට නියම වුනා ක්‍රීඩාවක් නිර්මාණය කරන්න.

නේස්මිත් පුංචි කාලේ හැදුනෙ වැඩුනෙ කැනඩාවේ. රග්බි සෙල්ලමේ අය ක්‍රීඩාගාරයක් ඇතුලතක රග්බි බෝලය පෙට්ටි වලට විසි කරමින් කරපු සෙල්ලම් එහෙම ඔහුගේ මතකයේ තිබුණ. එයා මුලින් හිතුවේ පෙට්ටි බිත්ති වලට තියලා ඇන ගහලා ඒවට බෝල විසිකරන ක්‍රීඩාවක් හදන්න. ඒත් ඒකට හරියන පෙට්ටියක් හොයාගන්න බැරිවුනාම ඔහු කළේ පීච් ගෙඩි එකතු කරන කූඩ දෙකක් ජිම් එකේ බැල්කනියේ සවිකරවා ගෙන එයට බෝලයක් විසිකරන ක්‍රීඩාවක් හැදීම. පා පන්දු හෙවත් සොකර් සෙල්ලම් කරන බෝලයක් තමයි එහි දී පාවිච්චි වෙන්නෙ.

100 Years of Hoops (1991) පොත ලියන Alexander Wolf කියන්නෙ බාස්කට්බෝල් ක්‍රීඩාව සඳහා නීති හදන්න නේස්මිත්ට ගියේ පැයක් පමණයි කියල. සරල රීති වලින් පටන් ගත්ත නිසාම මේ හේමන්තයේ දී කරන ක්‍රීඩාවේ ජනප්‍රියත්වය හැම අත පැතිරැණා යැයි එක මතයක්. බාස්කට්බෝල් ක්‍රීඩාවේ ජනප්‍රියත්වය අද ඇමෙරිකාව තුල අඩුවෙලා තියෙන්නෙ එහි වර්තමාන රීති වැඩි වී ඇතැයි නිසා යන්න තවත් මතයක්.

පීච් කූඩ වලට වැටෙන බෝල පහසුවෙන් අරගන්න තමයි පසුව ඒකට පතුල කැපූ දැලක් පසු කාලයක දී එකතුවෙන්නෙ.

වෘත්තීමය වශයෙන් බාස්කට්බෝල් ලීගයක් හැදෙන්නෙ 1898 දී. තමන් ඉන්න පළාතේ දී ම සෙල්ලම් කරද්දී එක තරඟයකට ඩොලර් 2.50 ක් ඔවුනට ගෙවීමක් වශයෙන් ලැබුණු අතර වෙන පළාත් වලට ගිහින් සෙල්ලම් කරද්දී ඩොලර් 1.25 ක ගෙවීමක් ලැබිලා. අද තමන් ඉන්න හෝ පිට ගියා කියල වේතන වෙනස් වෙන්නෙ නැහැ. වෘත්තීය බාස්කට්බෝල් ක්‍රීඩකයන්ගේ වේතන මෙහෙමයි. බොහෝ ඇමෙරිකන් ක්‍රීඩකයන් ඔවුන්ගේ වෘත්තීමය ක්‍රීඩාවෙන් ලබන ආදායම විතරක් නෙමෙයි වෙළඳ අනුග්‍රහයන් සඳහා ලබන ආදායම් ගැනත් පුවත්පත් වලින් විස්තර දැනගන්නට ලැබීම මෙහෙ සිරිතක්.

සෑම ඇමෙරිකන් වෘත්තීය බාස්කට්බෝල් පිලකම වගේ විදේශික ක්‍රීඩකයෙක් ඉන්නවා කියන්න පුළුවන්. සුප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙක් වූ ප්‍රංශ ජාතික යානික් නෝවා ගේ පුතා වූ ජොඅකිම් නෝවා වෘත්තීය වශයෙන් බාස්කට්බෝල් ක්‍රීඩාවේ යෙදුනේ චිකාගෝ බුල්ස් කියන කණ්ඩායමේ. චීන ජාතික යාඕ මින් වැනි අය ඇමෙරිකාවේ වෘත්තීමය වශයෙන් සෙල්ලම් කරමින් වේතන සහ වෙළඳ අනුග්‍රහයෙන් ආදායම් ලබාගෙන ඔලිම්පික් තරඟ වල දී තම තම රටවල කණ්ඩායම් සමඟ තරඟ වැදීම සඳහා ගිය අය.

ඒත් තවමත් ඇමෙරිකන් ෆුට්බෝල් වල ඔස්ට්‍රේලියාවෙන් ආපු ජෙසී විලියම්ස් වගේ විදේශික ක්‍රීඩයෙක් ඉන්නේ කලාතුරකින් පමණයි. සමහර විට ඇමෙරිකන් ෆුට්බෝල් ගැන ඇති අප්‍රසාදය විදේශිකයන්ට එහි ක්‍රීඩකයන් වීමට හැකි තරඟකාරී ස්වභාවය නිසාම වෙන්නත් පුළුවනි. මිදි තිත්තයිලුනෙ!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Pradeep Jayatunga said, on නොවැම්බර් 13, 2013 at 11:41 ප.ව.

    Are there Asian (Indian subcontinent) origin players are in professional Baseball, Basketball and American Football? BTW, what’s the politically correct term for that origin in US? Asian American is generally Chinese/Korean/Japanese/Filipino/Vietnamese/Thai, right?

  2. Lakmal Kandevidane said, on නොවැම්බර් 14, 2013 at 3:59 ප.ව.

    //මිශ්‍ර වාර්ගිකයන් වෙද්දී දරුවා කුමන වර්ගයේදැයි කියන්නට උත්සාහ කරන අයගේ නිර්දේශය වන්නේ අම්මාගේ වර්ගය සඳහන් කරන්නට කියාය.//

    ඒ කියන්නේ දැන් බටහිරි රටවල් වල මව මූලිකවන සමාජ ක්‍රමයකට නැඹුරුවක් ඇතිවෙමින් තියනවා කියන එකද.

    • arunishapiro said, on නොවැම්බර් 14, 2013 at 4:12 ප.ව.

      Lakmal Kandevidane,

      මව මූලික වනවාට වඩා ගැහැණිය මූලික වෙන විදියට වර්තමාන සමාජය හැඩ ගැසෙනවා කියන්න පුළුවන්. පිරිමියාගේ අණසක යටතේ ජීවත්වන්නට අකැමති වූ කාන්තා විමුක්තිය අගයන අය අද ආණ්ඩුවේ අණසක යටතේ ඉන්න කැමැත්තෙන් එකතුවෙනවා. 😦

      හැබැයි අම්මාගේ ජනවර්ගය සඳහන් කරන්නට යැයි කියන්නට හේතුව නම් තාත්තා කවුදැයි නොදත්ත ද අම්මා කවුදැයි හරියටම දන්න නිසයි. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: