අරුණි ශපීරෝ‍ වෙතින්

ෆුට්බෝල් කතා ටිකක් – ඇමෙරිකන් ෆුට්බෝල් නෙමෙයි සොකර් ගැන

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 14, 2013

පාපන්දු තරඟයක් කියද්දී මිනිත්තු 45 ක් සෙල්ලම් කරලා මිනිත්තු 15 ක විරාමයක් අරගෙන තව මිනිත්තු 45 ක් සෙල්ලම් කිරීම තමයි සාමාන්‍ය රීතිය. ඒත් 1894 ඉංග්‍රීසි ලීගයක සන්ඩර්ලන්ඩ් සහ ඩර්බි කවුන්ටිය අතර තරඟයක දී විනිශ්චයකරුවා එන්න ප්‍රමාද වූ නිසා වෙන විනිසුරුවෙක් ඉදිරිපත් වෙලා තරඟය පටන් ගෙන. ඔවුන් මිනිත්තු 45 ක් සෙල්ලම් කළාට පස්සෙ ප්‍රමාද වී පැමිණෙන විනිසුරුවා මිනිත්තු 90 ක් සෙල්ලම් කළ යුතු යැයි තීරණය කිරීම නිසා එය ඉතිහාසගත වෙන්නේ භාග තුනක් තිබුණ සොකර් තරඟය හැටියට. සන්ඩර්ලන්ඩ් පිලට ලැබෙන්න 11-0 ක ජයක්.

1930 දී ලෝක කුසලානයේ අවසාන පූර්ව තරඟය ආජන්ටීනාව සහ ඇමෙරිකාව අතර සිද්ධ වෙද්දී ඇමෙරිකන් පුහුණුකරුවෙක් පිටිය මැද්දට දුවගෙන ගිහින් තියෙන්නෙ විනිශ්චයකරුවා සමඟ වාද කරන්න තමන්ගෙ වෛද්‍ය උපකරණ මල්ලත් අරගෙන. ආඩපාළි කියද්දී තරහෙන් මල්ල බිමට විසිකරද්දී ඒක ඇරිලා ඒකෙ ඇතුලත තිබිච්ච ක්ලොරොෆෝම් බෝතලයකුත් ඇරිලා පුහුණුකරුවා එතැනම සිහිය නැතිව වැටිලා.

විහිළුවක් කරන්න ගිහින් කෙළවුනේ “ද බ්ලොන්ඩ් ඒන්ජල්” නොහොත් Luciano Re Cecconi නම් ඉතාලි ෆුට්බෝල් ක්‍රීඩකයාට. 1977 දී එයා යාළුවෙක්ගෙ රන් අබරණ කඩයකට ඇතුල්වෙලා මේක මංකොල්ලයක් යැයි බොරුවට බෙරිහන් දීලා තියෙනවා. සාප්පුවේ අය හොරාට වෙඩි තියලා. එය විහිළුවක් යැයි පැහැදිලි කරමින් තමයි එයා මිය යන්නෙ.

වසර පනස් ගානක් තිස්සේ මිනිස්සු ෆුට්බෝල් ගහපු පිට්ටනියක් යටින් ටොන් කාලක නිශ්ක්‍රීය නොකරන ලද ජර්මන් බෝම්බයක් හොයා ගැනෙන්නෙ 1995 දී එක්සත් රාජධානියේ ඩොසෙට් හි අයිල් ඔෆ් පොර්ට්ලන්ඩ් වලින්. ගමේ මිනිස්සු ඒක අයින් කරන්න ඉඩදීලා යන්න බැහැයි කියල හර්තාල් කරල. නිශ්ක්‍රීය කරන්න ගිය 26 වියැති Captain Mike Lobb ගේ එවැනි පළමු උත්සාහය කියල දැන සිටියත් ගම්වැසියන්ට එය විහිළුවක් වෙන්න ඇත්තෙ මෙච්චර කාලයක් මුකුත් වුනේ නැත්නම් දැන් බයවෙන්නෙ ඇයි කියලා වෙන්න ඇති.

2005 දී කෙන්ට් හි පැවතුන තරඟයක දී Dave Nicholls යන පුහුණුකරුවා පිටිය මැද ක්‍රීඩකයෙකුට සාත්තු කරද්දී එයාගෙ පොකැට්ටුවේ තිබිච්ච මොබයිල් ෆෝන් එක නාද වෙන්න පටන් අරන්. ඉන්න තැන අමතක වෙලා එයා හිතන්නෙ නැතිව ඒකට උත්තර දෙන්න ගියාම විනිශ්චයකරුවා තරඟයේ ඉතිරි කාලය පුරාම ඔහුට එයට සහභාගී වීම තහනම් කරල.

2006 දී රැමේනියාවේ බුකරෙස්ට් වලින් ඇහෙන්නෙ සොසෙජ් මස් කිලෝ 15 කට UT Arad ක්‍රීඩා සමාජය සොකර් ක්‍රීඩකයෙක් විකුණපු කතාවක්. එහෙම විකුණලා තියෙන්නෙ Marius Cioară නම් ක්‍රීඩකයාව. ඔහුට යන්න සිද්ධ වෙච්ච Regal Hornia ක්‍රීඩා සමාජයේ දී ඒ ගැන මතක් කරලා දීපු රැග් නිසා එක දවසකින් පස්සෙ ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රම ගිහින්. එක පත්තරයක තිබ්බෙ ඔහු ස්පාඤ්ඤ ගොවිපොලක ශ්‍රමිකයෙක් වූ බව. තවත් පත්තරයක තිබ්බෙ ඔහු ගොඩනැඟිලි ඉදිකරන ශ්‍රමිකයෙක් වූ බව.

2006 ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟයේ මිනිත්තු 90 අවසන් වී තිබිය දී ප්‍රංශ පිල සහ ඉතාලි පිල ලකුණු 1-1 වූ නිසා අමතර කාලයට ඔවුන් යන ලදි. ඉතාලි ක්‍රීඩකයා උසුළු විසුළු කරමින් ප්‍රංශ ක්‍රීඩකයාගේ කමිසයෙන් ඇදීම නිසා ප්‍රංශ ක්‍රීඩක Zinedine Zidane (nickname “Zizou”) සිය තට්ටයෙන් ඉතාලි ක්‍රීඩකයාට පහර දුන්නේය. සිඩේන්ව පිටියෙන් ඉවත් කරන ලදි. ඒ සිඩේන් සිය වෘත්තීමය ජීවිතයෙන් සමුගනිමින් ක්‍රීඩා කළ අවසන් තරඟය ද විය. අමතර කාලයේ දී දෙපැත්තටම ලකුණු ලබාගන්නට නොහැකි වූයෙන් තරඟය penalty shootout එකකින් තීරණය වූයේ ඉතාලි පිල 5-3 ක ජයක් ලබමිනි.

ඊයේ පෙරේදා ඊජිප්තුවේ ක්‍රීඩකයෙකු වූ Ahmed Abdel Zaher ලකුණක් දිනාගත්තට පස්සෙ ඇඟිලි හතරක් විදහා පෑම නිසා කණ්ඩායමේ තහනමකට ලක් වී දැන් එයාව වෙන පිලකට විකුණන්න ලෑස්ති වෙනවාලු. ඒ සංඥාවේ අරමුණ කයිරෝවේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට පසුගිය අගෝස්තුවේ ඝාතනය වූ ඉස්ලාමීය උද්ඝෝෂණකරුවන් මතක් කරන්නටයි. සේරම ඉස්ලාමීය බ්ලොග්කරුවන් ඔහුව ආදරයෙන් බාරගෙන. ඒත් ඒ අගෝස්තුවේ මැරිච්ච හැමෝටම ගෞරවයක් හැටියට කියලා ඔහු ඇඟ බේරගන්නට හැදුවාට ඊට ඉඩක් ලැබිලා නැහැ.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. හලෝව් රස්ටා said, on නොවැම්බර් 14, 2013 at 3:15 ප.ව.

    කුඩා වයසේ පාසැල් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා. ඉතාම සැර මිලිටරියෙන් විශ්‍රාමගිය පුහුණු කරුවෙක් අපට හිටියේ. අදටත් ආසා ඇගට දැනෙන ක්‍රීඩාවක්. ඔය ක්‍රීඩා සමාජවාද, ධනවාද පදනමකින් එහෙමත් විග්‍රහ කෙරෙනවාද? 🙂

    • arunishapiro said, on නොවැම්බර් 14, 2013 at 3:31 ප.ව.

      හලෝව් රස්ටා,

      ලංකාවේ වෘත්තීය මට්ටමෙන් ඉහළ තත්වයකට ගන්න හැකියාවක් තිබ්බ ක්‍රීඩාවක්. මම ලංකාවේ සිටි කාලයේ උනන්දුව තිබ්බ පාපන්දු ක්‍රීඩකයන් ගොඩක් හිටිය. දැන් කොහොම ද දන්නෙ නැහැ. ආණ්ඩුව යටතේ පරිපාලනය වෙමින් ඉහළ තනතුරු දරන අයගේ ඕනෑ එපාකම් අනුව සිද්ධ වෙන එක නැවතෙන තාක් කල් දියුණුවක් වෙන එකක් නැහැ.

      // ඔය ක්‍රීඩා සමාජවාද, ධනවාද පදනමකින් එහෙමත් විග්‍රහ කෙරෙනවාද?// සාමාන්‍යයෙන් ලෝකයේ සියළු වෘත්තීමය ක්‍රීඩා සමාජ අයෙකුට හෝ පිරිසකට අයිතිය ඇති ලාබ සොයන ආයතන. ඒ නිසා ධනවාදී පදනමකින් තමයි ඒවායේ මෙහෙයුම. ව්‍යතිරේකයක් ඒත් තියෙනවා: ඇමෙරිකන් ෆුට්බෝල් කණ්ඩායමක් වන ග්‍රීන් බේ පැකර්ස් යනු ඇමෙරිකාවේ තියෙන එකම ලාබ නොසොයන වෘත්තීය මට්ටමෙන් තරඟ කරන එකම ක්‍රීඩා සමාජය.

  2. magenama said, on නොවැම්බර් 15, 2013 at 1:07 පෙ.ව.

    1998 ඔක්තෝබරයේදී කොන්ගෝවේ බෙනා ට්ශාඩි හා බසන්ගා කණ්ඩායම් අතර පාපන්දු තරගයක් අතරතුරදී අකුණු ගැසීමකින් බෙනා ට්ශාඩි කණ්ඩායමේ පමණක් ක්‍රීඩකයින් 11ම මිය ගිහින්.කට්ටිය හිතලා තියෙන්නේ මායාවක් කියලලු.ඒ වුනාට මං දන්න තරමින් නම් සපත්තු වල ප්‍රශ්නයක්ලු.ඒ වාගේම ඉස්සරම ඉස්සර කාලේදි පාපන්දුවක් ඔලුවේ වැදී ‍රැවුලා බාමින් සිටි පුද්ගලයෙකු මිය ගිහින් තියෙනවා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: