අරුණි ශපීරෝ‍ වෙතින්

බැටළුවන්ගේ චන්ද දිනාගත් ඩේව් විල්සන්

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 19, 2013

IeWFFrl

බැටළුවා යනු ස්වභාවයෙන් රැලක ගමන් කරන, මිනිසාගේ උවමනා පිරිමසා ගනු පිණිස හීලෑ කරගත් සත්වයෙකි. කතන්දර වල සත්තු සතුටුවීම සහ කතාබහ කිරීම නිරූපනය වූවාට සැබෑ ලෝකයේ සත්වයන්ට මිනිස් හිතක ඇති තාර්කික හැකියාව නැත. බැටළු රැල පිටින්ම ඝාතකාගාරයට දක්කා ගෙන යා හැකියාව ඇත්තේ රැලේ එකෙකුට වඩා වෙනස් ලෙසකට තර්ක කරන හැකියාවක් උන්ට නොමැති නිසයි.

අතීතයේ දැනුම හා අත්දැකීම් තුලින් අනාගතය ගැන අනුමානයන් ඇති කරගන්නට තාර්කික හැකියාවක් මිනිස් සිතකට ඇත. එහෙත් ඒ අනගි ලක්ෂණය පාවිච්චියට ගන්නා අය ලොව අල්පයකි.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමක් ඇමෙරිකාවේ සුහද සංචාරයක යෙදුනා යැයි කියද්දී ඒ ගැන මූලාශ්‍රයක් ඉල්ලන්නේ තමන් දරා සිටින මතයට විරුද්ධ තොරතුරක් විශ්වාස කරනු නොහැකි නිසා පමණයි. එසේ ඉල්ලන දත්ත, මූලාශ්‍ර සහ සබැඳි කොතරම් දුන්නත් තමන් එල්බ සිටින මිථ්‍යාවන් තව දුරටත් වපුරමින් වෙහෙසෙන්නේ තමන් අකමැති සත්‍යය හෙළිකරන්නාව හාස්‍යයට ලක් කරන්නටයි. පාන් නැත්නම් බ්‍රියෝෂ් කාපල්ලා යැයි ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට් කියා නැතැයි කිව්ව ද ඒත් අපි අහලා තියෙන්නෙ මෙහෙමයි නිසා ඒ මදැයි කියයි. මයොනීස් නෙමෙයි මැයොනේස් කිව්වාම එංගලන්තයේ නම් එහෙම තමයි කියා එහෙ පදිංචිය ඇත්තෙක් කියද්දී මෙන්න කේම්බ්‍රිජ් ශබ්දකෝෂයේ උච්චාරණය එය එසේ නොවේ යැයි පෙන්වා දුන්න ද ඵලක් නැත. තව දුරටත් තමන් කැමති මුලාව වපුරමින් සිටිති.

තමන් ජීවත් වූ හැමදාම සංවර්ධනය වෙන්නට හදන ආර්ථිකය හැර දමා අවුත් දියුණු රටවල් වාසස්ථානය කරගන්නා ක්ෂාමා සැවාන්ට් වැනි මේ අය මාක්ස්වාදය වෙනුවෙන් කාලාන්තරයක් තිස්සේ පෙනී සිටි තම රටවල් දියුණු නොවූයේ මන්දැයි හෝ මාක්ස්වාදයෙන් දියුණු වූ එක රටක් හෝ පෙන්විය නොහැක්කේ මන්දැයි කල්පනා කරන්නට මොළය පාවිච්චි කරන්නේ නැත.

මාක්ස්වාදය කුමක්දැයි තමන් දන්නවා යැයි සිතාගෙන සිටින ඔවුන් අතර පිරිසක් ඊට බැන වදිමින් ධනවාදය කුමක්දැයි තමන් දන්නවා යැයි සිතාගෙන සිටින අයයි. ඒවා ඉගෙන ගෙන ඇත්තේ දත්ත හා මූලාශ්‍ර නොසොයා රැලක යන බැටළුවන් වැනි අනුකරණයෙනි.

බැටළුවන් දක්කාගෙන යන්නට ඒ සඳහා විශේෂයෙන් පුහුණු කරගන්නා ලද ස්වභාවික ගතිගුණ හිමි බල්ලාව බැටළුවන් හදා වඩන මිනිසා සහාය කරගනියි. දේශපාලකයන්ගේ බලය වැඩි කරන්නට මහජනතාව දක්කාගෙන යන්නට සහාය වෙන්නේ ඒ සඳහා පුහුණුව ලැබූ, හිතන්නට හැකි මොළය පාවිච්චියට නොගන්නා ගුරුවරු වෙති. බල්ලා බැටළු මස් කෑල්ලට මිනිසා කියන පරිදි වැඩ කරනවා සේ මේ ගුරුවරු ද දේශපාලකයන් තමන් වෙත විසි කරන සුළු වාසි වෙනුවෙන් වෙහෙසෙති.

ඉතින් මෙය, නොමිලේ දෙන ලද නිදහස් නොවූ අධ්‍යාපනය ලත් මිනිස් බැටළුවන් චන්දය ප්‍රකාශ කළ අවස්ථාවක් ගැන සටහනකි.

බෲස් ඔස්ටින් ටෙක්සාස් හි හූස්ටන් නගරයේ වසර 24 ක් තිස්සේ හූස්ටන් කොමියුනිටි කොලෙජ් හි භාරකාර මණ්ඩලයේ පාලන බලයේ සිටියෙකි. ඔහු කළු ඇමෙරිකන් විය. ඩෙමොක්‍රැටික් පාක්ෂිකයෙකි. තමන් සමරිසියෙක් යැයි ප්‍රසිද්ධියේ කියූවෙකි. ඔහුව වසර 24 ක් පුරා පාලන බලයට තෝරා පත්කර ගත්තේ බහුතර වශයෙන් කළු සහ ඩෙමොක්‍රැටික් පාක්ෂික වූ ඇමෙරිකන් ජනතාව වාසය කරන චන්ද දිස්ත්‍රික්කයකිනි.

ඔහුට එදිරිව චන්දය ඉල්ලුවේ ඩේව් විල්සන් නැමැත්තාය. ඔහු නගරාධිපති තනතුරට වරක් චන්දය ඉල්ලා පැරදුන අයෙකි. ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙකි. ඔහු සමරිසි විරෝධියෙකි. ඔහු සුදු ඇමෙරිකන් විය.

චන්ද 26 කින් ඔස්ටින් පරදවා විල්සන් ජයගත්තේ මෙහෙමයි.

අන්තර්ජාලයෙන් ලබාගත් සතුටින් සිනහා වෙන කළු ඇමෙරිකන් අයගේ පින්තූර වලින් දැන්වීම් හදන ඔහු ඒවායේ කොතැනක වත් තම ඡායාරූපය පළ නොකළේය. ඒවායේ දැම්මේ “අපේ අසල්වැසියා හා මිතුරා වන ඩේව් විල්සන්ට චන්දය දෙන්න,” කියා පමණි. තැපැල් මඟින් යවන ලද පත්‍රිකා වල “රොන් විල්සන් අනුමත කරයි,” යනුවෙන් ද සඳහන් වුණි. රොන් විල්සන් නමින් ඩේව් විල්සන්ගේ ඥාති සහෝදරයෙක් අයෝවා ප්‍රාන්තයේ ජීවත් වෙයි. විල්සන් චන්දය ඉල්ලූ පළාතේ හිටපු ඩෙමොක්‍රැටික් පාක්ෂික කළු ඇමෙරිකන් ප්‍රාන්ත සභිකයෙක් ද රොන් විල්සන් නම් විය.

හමේ පාට සහ පක්ෂයේ නියෝජනය නිසා චන්දය පහසුවෙන් ලබා වසර 24 ක් පුරා පාලන බලයේ සිටිය බෲස් ඔස්ටින් තමනට අභියෝගයක් ඇතැයි අපේක්ෂා කළේ නැත.

තමන් හැදූ වැඩූ මිනිස් බැටළුවන් දුන් මනාප නිසාම චන්දය පැරදුන බව මේ සටහන් කියවන කී දෙනෙක් අවබෝධ කරගනිවී දැයි ඒත් සැකයි!!!!!!!

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Charmie Guruge said, on නොවැම්බර් 19, 2013 at 7:57 පෙ.ව.

    ජිමී කිමෙල් රූපවාහිනී නිවේදකයා නම් ඕකට කිව්වේ Vanilla Ice offensive කියලා. පොල් පිත්තක්ට පාට තවරලා ඈදුම් අන්දලා ජන්දෙ ඉල්ලුවත් දිනන සිද්ධි ලොකෙටම පොදු ධර්මතාවක් වගේ

    • arunishapiro said, on නොවැම්බර් 19, 2013 at 3:06 ප.ව.

      Charmie Guruge,

      කොයි රටේ වාසය කරනවා ද, මොන ඉතිහාසයක් තිබුණා ද කියලා මිනිස් ස්වභාවය වෙනස් වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් ඕක පිළිගන්නවයි මිනිස් ස්වභාවයක් ඇතැයි පිළිනොගෙන ඒත් මිනිසා ජීවත්වෙන හැටි වෙනස් කරන්න අසාර්ථක සැලසුම් හැමදාම හදන අය?

  2. සමන් said, on නොවැම්බර් 19, 2013 at 2:28 ප.ව.

    //අතීතයේ දැනුම හා අත්දැකීම් තුලින් අනාගතය ගැන අනුමානයන් ඇති කරගන්නට තාර්කික හැකියාවක් මිනිස් සිතකට ඇත. එහෙත් ඒ අනගි ලක්ෂණය පාවිච්චියට ගන්නා අය ලොව අල්පයකි. //ජාතීන් ගෙ භෙතික දියුනුව, ඒ ඒ ජාතීන් තම ජාතිකත්වය තුලින් නිර්මානය කරගත් සමාජ දේශපාලනික ආකෘතිය තුල සිදුවෙයි.ඇමරිකානුවා, ඇමරිකන් ක්‍රමයෙන්ද, ජර්මානුවා ජර්මන් ක්‍රමයෙන්ද, ජපනා ජපන් ක්‍රමයෙන්ද තම ජිවිතය පවත්වා ගනී.සිංගප්පූරු ජාතිකයා තමන් පිට පටවන ලද ආර්ථිකයට අනුගත්ව ජීවිතය පවත්වා ගනී.ලංකික සමජය කිසිදා මාක්ස්වාදය අනුමත කල සමාජයක් නොවේ. කිසිදා රුසියානු වර්ගයෙ විප්ලවයක් හෝ මාක්ස්වාදයක් මේහාට හරියන්නේ නැ. එවා කර තියාගෙන යන හනමිටි කාරයන් ටිකක් උඩ පැන්නත්.ධනවාදය හා ලිබරල් වාදය ගැන කියන්න තියෙන්නෙත් එච්චරයි. මේ රටෙ තියෙන්න ඕනෙ මෙ රටෙ ඇතිඋන මෙ රටෙ මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් වලට හරියන ආර්ථික සමජ දෙශපාලනික ක්‍රමයක්.කොච්චර වැරදි තිබුන්ත් මහින්ද , රටේ cultural subconscious එක ඉල්ලා සිටින දෙ දෙන කෙනයි. රනිල්ව ප්‍රතික්ෂේප වෙන්නෙත්, ප්‍රෙමදාස දිනුවෙත්, ඒ හේතුව නිසයි.

    • arunishapiro said, on නොවැම්බර් 19, 2013 at 2:52 ප.ව.

      සමන්,

      ඔයත් අයිති වෙන්නෙ මාක්ස්වාදය කුමක්දැයි තමන් දන්නවා යැයි හිතාගෙන ඉන්න පිරිසට. සමහර විට ඔයත් නොමිලේ ලැබිච්ච නිදහස් නොවූ අධ්‍යාපනයෙන් දැනුම එකතු කරගන්න අයෙක් වෙන්නත් ඇති. ඒ මොකද තනිවම හිතන්න පුළුවන් කෙනෙක් වූවා නම් ඔහොම ප්‍රතිචාරයක් දාන්න කළින් ඉතිහාසය ගැන පොඩ්ඩක් හරි සොයා බලනවා.

      යුරෝපීයයන් මාක්ස්වාදය අත්හදා බැලූ හැටි ගැන ඉක්මණින් ලියන්නම්. දැනට මේවා කියවන්න: බැටළු සමක් පොරවා ගත් වෘකයා වූ ෆේබියන් සමාජය
      යුරෝපීය සමාජවාදය ආරම්භයේ දී කඩා වැටිච්ච හැටි
      ආර්ථික කෙරුවාවෙන් දේශපාලකයන් පලවා හැරි ලුඩ්විග් වොන් මීසස්

      1918 ඔක්තෝබර් 29 දා ජර්මනියේ නාවිකයන්, සොල්දාදුවන් සහ ශ්‍රමිකයන් විසින් කම්කරුවන්ගේ සහ සොල්දාදුවන්ගේ කවුන්සියලක් (Arbeiter und Soldatenräte) පිහිටුවා ගත්ත. ඔවුන්ගේ මොඩල් එක වුනේ සෝවියට් සහ 1917 රුසියන් විප්ලවයයි. රට පුරා නගර වල හමුදා සහ සිවිල් බලය අල්ලා ගන්න ඔවුන් සමත් වුනා. හිට්ලර් ස්ටාලින් ගිවිසුම් ගැන එහෙම අහලා නැතිව ඇති.

      ලංකාවේ නිදහස් ව්‍යාපාරය හැදුනෙ කොහොමදැයි දන්නවා ද? 1935 දී ලංකා සම සමාජ පක්ෂය කොයි අදහස් වලින් යුතු වූවා ද? එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, විවියන් ගුණවර්ධන සමඟ ඩී. ඇස්. සේනානායකගේ බෑනෙක් වූ, ඩඩ්ලි සේනානායකගේ මස්සිනා කෙනෙක් වූ එඩ්මන් සමරක්කොඩි ගැන මොන අදහස් වලින් යුතු වූ අයදැයි දන්නවා ද? මැදමූලන රාපක්ෂ වලව්වේ දොන් අල්වින් රාජපක්ෂ මොන අදහස් වලින් යුතු වූවෙක් දැයි දන්නවා ද?

      ආයෙත් මාක්ස්වාදය කුමක්දැයි තමන් දන්නවා යැයි බොහෝ පිරිසක් එහි අදහස් මොනවා දැයි දන්නේ නැත. මාක්ස්වාදය ගැන විස්තර සහිතව ලියන්න අදහස් කරන නිසා 😀 දැනට මෙපමණයි.

  3. සමන් said, on නොවැම්බර් 19, 2013 at 2:38 ප.ව.

    ධනවාදය පවා ජාතික්ත්වය සභ්‍යත්ව විඤානයක් ඇසුරුකර උපන් සමාජ ආර්ථික ආකෘතියක්.මේ කෘතියේ ඒ ගැන යම් අදහස්ක් දෙනවා. අරුණිට පුලුවන් නම් මේ ගැන අදහසක් දකවන්න,,,http://en.wikipedia.org/wiki/The_Protestant_Ethic_and_the_Spirit_of_Capitalism

    • arunishapiro said, on නොවැම්බර් 19, 2013 at 2:54 ප.ව.

      සමන්,

      ධනවාදය යැයි ලේබල් එකක් ඇලෙව්වෙ එය කුමන ක්‍රමයක් යැයි ලෝකය හඳුනාගන්නට කළින් එහි ස්වභාවය විකෘති කර ඉදිරිපත් කරපු කාල් මාක්ස්. මේක මැක්ස් වෙබර් දෙන අර්ථ කතනය. ධනවාදය ගැන මම ලියා තියෙනවා ඕන තරම්. ඉතින් වෙබර්ගේ අර්ථ කතනය විචාරය කරන්නට කළින් ලැබිය යුතු පසුබිම් දැනුම මෙය කියවන බහුතරයකට නැති නිසා මේවා ගැන පස්සෙ විස්තර ඇතිව ලියන්නම්..

  4. magenama said, on නොවැම්බර් 20, 2013 at 6:31 පෙ.ව.

    උපක්‍රමය අනික් පැත්ත ගැහුවා නම් මොකද වෙන්නේ?

  5. magenama said, on නොවැම්බර් 20, 2013 at 11:58 ප.ව.

    මම කිව්වේ ප්‍රචාරක උපක්‍රමය ගැන,මේ වැඩේ නිකං ප්‍රෝඩාවක් කියලා මිනිස්සු දැන ගත්තනං ‍රැල්ල අනික් පැත්තට හරවන්න තිබුනා.

    • arunishapiro said, on නොවැම්බර් 22, 2013 at 8:24 පෙ.ව.

      magenama,

      රැල්ලක් කියන්න බැහැ චන්ද ටිකකින්නෙ දිනුවේ. අනෙක කළු ජනතාව අතර සමරිසි බවට පක්ෂ අය අඩුයි. ඔවුන් අතර බහුතරය ඊට අකමැතියි. ඒත් ඒ විරෝධතාවයට වඩා එයා රිපබ්ලිකන් සහ සුදු මිනිහෙක් යැයි දැනගත්තා නම් අනික් එක්කෙනා පහසුවෙන් දිනන බව හැබැයි. නමුත් සත්‍යය සොයන චන්දදායකයන් නොව ඔවුන් හමේ පාටට හා පැත්තට චන්දය දෙන අය නිසා නොහොත් බහුතරය නියෝජනය කරනවුන් නිසා එහෙම අවබෝධයක් ලබාගන්න කිසිදාක උත්සාහ නොකරන බවට කදිම නිදසුනක්. ඒ කියන්නෙ අනාගතයේ හැමදාම රැවටීම් වලට හසුනොවී සිටිය හැකියාව ඔවුනට ලැබේවි යැයි අපේක්ෂා කරන්නට බැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: