අරුණි ශපීරෝ‍ වෙතින්

අවංක මිනිසුන් හිඟ වී යද්දී අපි JFK ඝාතනයේ 50 වැනි සංවත්සරය සමරමු

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 22, 2013

1461254_251344661682875_65324898_n

අද ජෝන් එෆ්. කෙනඩි ඝාතනයේ 50 වැනි සංවත්සරයයි. එය කුමන්ත්‍රණයක් බවට න්‍යායන් බොහොමයකි. ඒවා අතරින් එකක් වූ ඝාතනයට හේතුව ඔහු ෆෙඩරල් බැංකුවට විරුද්ධ වූ නිසා යැයි යන්න මුලාවකි. Was he assassinated because he opposed the Fed? සබැඳියෙන් කැමති අයට මුලාව හෙළි කිරීම ඉංග්‍රීසියෙන් කියවත හැකියි.

Tom Woods සිය බ්ලොගයෙන් පෙන්වා දෙන්නේ ෆෙඩරල් බැංකුවට එරෙහි වූ ජනාධිපතිවරයෙක් කියූ කියමන් හැටියට සලකන කිහිපයක අසත්‍යතාවයයි. ඇමෙරිකන් දේශපාලනඥයන් අතර මහ බැංකු සංකල්පයට එරෙහි වූවන් සිටිය දී මේ ව්‍යාජ කියමන් දැක්වීම ගැන ටොම් වුඩ්ස්ගේ මතය වනුයේ ඒ සියළු කියමන් “පුද්ගලික බැංකු” පස්සේ එළවන කියමන් වන නිසා බවයි. එයින් පුද්ගලික බැංකු බලය අඩුකර ආණ්ඩුවේ බලය වැඩිකරන්නට අවශ්‍ය යැයි හැඟීමක් ලැබෙන නිසා බවයි.

ඇමෙරිකන් ජනතාව වෙනුවෙන් පෙනී සිටි අවංක ජනාධිපතිවරු සෙවීම දුෂ්කර වූවකි. සම්පූර්ණ බලය සම්පූර්ණ දූෂිතයෙකු බිහිකරයි, යන මිනිස් ස්වභාවය දැන සිටි ආදීපීතෘවරුන් ඇමෙරිකන් ආණ්ඩුවේ බලය තුන් කොටසකට බෙදී යන ලෙසින් විමධ්‍යගත කළේ ඒ හේතුවෙනි.

ඇමෙරිකාවේ මහ බැංකුවක් පිහිටුවන්නට පෙර සිටි ජනාධිපති වොෂිංටන් මෙසේ කියන ලදි: “ඉහළින්ම ලංසුව තබන්නා ඉදිරියේ දී නොසැලී ඉන්නට සද්ගුණයක් ඇත්තේ ඉතා ස්වල්පයකට පමණි.”

ක්‍රමවත් අධ්‍යාපනයක් නොලැබූ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ජෝර්ජ් වොෂිංටන් තැබූ සටහන් වල ඉංග්‍රීසි අක්ෂර වින්‍යාස වැරදි බොහොමයකි. කළින් කලට කොංග්‍රස් පුස්තකාලයේ වොෂිංටන් ලියැවිලි ගොණුවේ ඇති සටහන් පිරික්සා බලා දැනුමැත්තන් වාද කරමින් අක්ෂර වින්‍යාස වරද නිවරද කරති.

අදහස් හා ඒවායේ ඵලවිපාක යන අංශයෙන් The Freeman හි Lawrence W. Reed ලියූ සටහනක් කියවන්නට ලැබුණි. පහත අදහස් එම ලිපියෙනි.

පුද්ගලයෙකුගේ චරිතය යනු ඔහු කරන තෝරාගැනීම් වල එකතුවකි. ඔබේ උස, ජාතිය හෝ වෙනත් ශාරීරික ලක්ෂණයක් තෝරා ගැනීමට අවස්ථාවක් ඔබට ලැබුනේ නැත. එහෙත් හරි වැරැද්දක් දකිද්දී ඔබට ඔබේ චරිතය තවත් හොඳින් ගොඩනඟා ගන්නට තෝරා ගැනීමේ අවස්ථාව ලැබේ. කතාබහේ දී දක්වන ශීලාචාර බව, හැසිරීම සහ අනෙකුත් අය සමඟ ගණුදෙනු කරන ආකාරය අනුව ඔබේ චරිතය තවත් නිර්වචනය වෙයි.

ගැටුම් සහ දූෂණ වලින් පිරී ගිය ලෝකයක ඉහළ චරිතයෙන් වූ මිනිසුන් හිඟ වෙති. ඒකීය පුද්ගලයාගේ නිදහස හැම විටම රඳන්නේ සහ වැඩි වර්ධනය වෙන්නේ ගරු කරත හැකි, අවංක හා මනා හැදියාවෙන් යුතු පුද්ගලයන් වෙන්නට කැමති අය වැඩිවෙද්දීය. අනුන් පාවා දී ස්වයං තෘප්තියක් හොයන හැදියාව පැතිර යද්දී සත්‍යයට පිටුපාන මිනිසා ම්ලේච්ඡ ගති ස්වභාවයක් ගනියි. බොරුව, වංචාව සහ හොරකම දිහා ඇසක් ගසා මමත් එය හඳුනනවා කියන හැදියාව පැතිර ගිහින් එවැනි හැදියාවන් ප්‍රතික්ෂේප කිරීම නැවතී යයි.

ඉතින් එසේ ලියූ ලෝරන්ස් රීඩ් එම සටහන අවසන් කළේ ඔහු දැන සිටි ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකු ගැන සඳහන් කරමිනි.

ෆිලිබස්ටර් නොහොත් සැමගේ අවධානය යොමු කිරීම සඳහා තීරණයක් ගන්නට ඉඩ නොදී යම් කාරණයක් දිගින් දිගට ඇදගෙන යෑම ඇමෙරිකන් කොංග්‍රසයේ උපක්‍රමයකි. එවැනි උත්සාහයන්හි මෑතක දී රෑන්ඩ් පෝල් සහ ටෙඩ් කෲස් යෙදුනහ. 2005 දී සෙනෙට් සභිකයෙක් වූ බරක් ඔබාමා මේ ෆිලිබස්ටර් නවතන්නට රිපබ්ලිකන් පක්ෂය ගත් උත්සාහය ගැන පැවසුවේ මෙසේය: “මෙම ෆිලිබස්ටර් ක්‍රමය අවාසනාවන්ත අරමුණු සඳහා යොදා ගනු ඇතැයි මම දකිමි. එහෙත්, ඒ වගේම ආදීපීතෘවරුන් විසින් ෆිලිබස්ටර් ක්‍රමය පිහිටුවේ බහුතරයේ ප්‍රජාපීඩනයෙන් සුළුතරය ආරක්ෂා කරන්නට බවත් මම දනිමි -ඒ ආරක්ෂාව, යම් වෙනස්කම් වලට භාජනය වී, වසර 200 ක් පුරා පැවතුනකි.”

2005 දී එසේ කියූ සෙනෙට් සභිකයා අද බහුතරයේ ප්‍රජාපීඩකයෙක් ලෙසින් කටයුතු කරමින් ෆිලිබස්ටර් නවතන nuclear option අනුමත කර ඇත. ඔහු තමන් බහුතරයේ යැයි කියද්දී, තමනට නීති වෙනස් කරන්නට බලයක් ඇතැයි කියද්දී, සුළුතරය නියෝජනය කරනවුන්ද කොංග්‍රසයට යවා ඇත්තේ ඇමෙරිකන් ජනතාව ඔවුනට චන්දය දුන් නිසා බව සැලකීම බැහැරකට දමා ඇත. ඔව්, 2005 දී ඔහු කී පරිදිම අද ඔහු බහුතරයේ බලයෙන් සුළුතරයේ හඬ යටපත් කරන ඇත.

එසේ කළ නොහැකි ලෙසින් හැදුනු බලය බෙදී යන්නට හැදුන තවමත් ලොවෙන් එකම එක වූ ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැන් සෙමෙන් සෙමෙන් කප්පාදුවට ලක්වෙයි.

ඔබාමා මෙසේ කියන්නේ “තමන් කැමති නම් තම සෞඛ්‍ය රක්ෂණය තමනට තියාගනු හැකියි,” කීම බැහැරකට ලා නීති හදා ඇති බව ඇමෙරිකන් ජනතාවට ඔප්පු වී යන කාලයකයි. එහෙත් නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් පෝෂණය වූ බහුතරය තවමත් මුලාවට හේතුව අවබෝධ කරගන්නට සමත් වී ඇතැයි මෙයින් අදහස් නොවේ.

නිදහස් මාධ්‍යයක් ඇමෙරිකාවේ තිබිය දී, නොමිලේ බෙදන ලද නිදහස් නොවූ අධ්‍යාපනයෙන් පෝෂණය වූවන් ඒ නිදහස් මාධ්‍යයේ බහුතරයයි. ඒ හෙයින් සෙනෙට් සභික ඔබාමාගේ ඉහත 2005 කියමන අහන්නට ලැබෙන්නේ ප්‍රධාන මාධ්‍යයේ ඉඳහිට තැනක පමණි.

අද ඇමෙරිකන් ජනතාව අතර වේගයෙන් හිඟ වෙමින් පවතින්නේ මුදල් වලටත් වඩා පුද්ගලික චරිතයයි (personal character). ඇමෙරිකාවේ මුල් ශතකයේ ශක්තිමත් පුද්ගලික චරිත වලට මුල් තැනක් දීම හේතුවෙන් think tank, policy research සහ ආර්ථික විද්‍යා දැනුම බෙදීමේ අවශ්‍යතාවයක් සිද්ධ නොවූ බව පෙන්වා දෙන්නේ The Freeman හි ය. ආණ්ඩුව මාර්ගයෙන් වෙන අයෙකුගෙන් උදුරා තමන්ට යමක් ලබා ගැනීමට, නුදුරැ කාලීන වාසි සඳහා අනාගතය උකස් කිරීම යනාදිය ඔවුන් දැක්කේ වැරදි, සියල්ල අකැප, සහ වංක චරිත ලක්ෂණ හැටියටයි.

නිදහස් සමාජයක් සඳහා ආර්ථිකය වැඩ කරන්නේ කෙසේද යන්න ගැන දැනුමක් සේම හොඳ චරිතයක් යනු කුමක් දැයි පිළිබඳ වැටහීමක් ද නැතිවම බැරිය.

1986 දී ලෝරන්ස් රීඩ් නම් නිදහස වෙනුවෙන් කැප වූ ජීවිතයක් ගෙවන්නා, කොමියුනිස්ට් පාලනයේ වූ පෝලන්තයේ නිදහස වෙනුවෙන් සටන් කරන අය හමුවන්නට ගියේය. එහි දී ඔහු සිරගෙදරින් නිදහස ලැබූ කොමියුනිස්ට් විරෝධීන් දෙදෙනෙක්ව හමු විය. හොර රහසේ රේඩියෝ වැඩ සටහනක් කරන ඔවුන් රාජ්‍ය පාලනයේ වූ මාධ්‍යය වෙතින් නොකියන තොරතුරු බෙදා හැරීමේ නියැළුනහ. මිනිත්තු අටක් දහයක් අතර විසුරුවා හැරීමකින් පසුව ඔවුන් රාත්‍රිය පුරා තැනින් තැන ස්ථාන මාරු කරමින් එය ඉටු කළහ.

“මිනිසුන් මෙයට සවන් දෙනවා යැයි ඔබ දන්නේ කොහොම ද?” යැයි ලෝරන්ස් ඔවුන් වෙතින් විමසුවේය.

“එක දවසක් අපි රේඩියෝවෙන් කිව්වා මිනිස්සුන්ට, පෝලන්තයේ නිදහස ගැන විශ්වාසයක් ඇත්නම් ලයිට් නිව නිවා පත්තු කරන්නට කියා. අපි ජනේලය ළඟට ගිහින් බැලුවා. පැය ගාණක් යන්න මුළු වෝසාව් නගරයේම ලයිට් නිවි නිවී පත්තු වුනා.”

ඔවුන් කොමියුනිස්ට් ආධිපත්‍යයෙන් නිදහස ලැබූහ. පහත ඇත්තේ ඒ කතාවෙන් උද්දාම වී හදනා ලද ගීතයකි.

ඇමෙරිකාවේ ජනතාවට තවම නම් මෙසේ ලයිට් නිව නිවා පත්තු කරන්නට අවස්ථාව උදා වී නැත. එහෙත් නිදහස යනු නිති අවධානයෙන් සිට පණ මෙන් රැක නොගත්තොත් නොසිතූ ලෙසින් වහා අහිමි විය හැකි බව ජීවත්වන මිනිසා අමතක නොකළ යුත්තකි.

“මිනිසුන් වැඩියෙන්ම ඊර්ෂ්‍යා කරන තනතුරු අතරින් ඉහළම වූව, එනම් අවංක මිනිසෙකුගේ චරිතය, එය පවත්වා ගන්නට මට සෑම විටම ශක්තිය සහ සද්ගුණය තිබේවි කියා මම පතමි,” -ජෝර්ජ් වොෂිංටන්

–“I hope I shall always possess firmness and virtue enough to maintain what I consider the most enviable of all titles, the character of an Honest Man” –George Washington

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on නොවැම්බර් 24, 2013 at 11:34 ප.ව.

    සරලව කිව්වොත් කියනකොට එහෙමයි,කෙරෙන කොට මෙහෙමයි.

    • arunishapiro said, on දෙසැම්බර් 5, 2013 at 8:30 පෙ.ව.

      magenama,

      ඔව් //කියනකොට එහෙමයි,කෙරෙන කොට මෙහෙමයි// වගේම ඔහෙත් එහෙමයි, මෙහෙත් එහෙමයි.

      බලාගෙන යද්දී, සමාජවාදී ලෙස උජාරුවෙන් කතා කරන සමහර යුරෝපීයයන් වැඩ කරද්දී හෙන ධනවාදී. ඉතින් එහෙම යුරෝපීයයන් ද, කියන්නෙ එකක් කරන්නෙ වෙන එකක්.

  2. Pradeep Jayatunga said, on නොවැම්බර් 28, 2013 at 3:45 පෙ.ව.

    There’s nowhere like the US for conspiracy theorists eh?

  3. Pathum Herath said, on දෙසැම්බර් 1, 2013 at 2:16 පෙ.ව.

    මම Big Fish ෆිල්ම් එක බැලුවා… ඒක නියමයි…මටම හරි යනවා … බොහොම ස්තුතියි ෆිල්ම් එක ගැන කිව්වට.. මේ පොස්ට් එකට අදාළ නැති කමෙන්ට් එකක් .. 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: