අරුණි ශපීරෝ‍ වෙතින්

ඉල්ලීම් 21 කින් ඉල්ලන්නේ කාගේ බූදලේ ද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 12, 2013

2

අයෙක් වෙළඳ ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ එහි අයිතිකරුවා වූ තමන්ට සහ එයට ආයෝජනය කරන යම් කොටස් ලාභීන් ඇත්නම් ඔවුන්ට ද ලාභ උපයනු සඳහා ය. වෙළඳ ව්‍යාපාරයක් කරගෙන යෑමේ අරමුණ ලාබයක් සෙවීමයි. ලාබයක් නැත්නම් වෛද්‍ය උපදෙස් වැනි අත්‍යාවශ්‍ය සේවාවක් එම වෙළඳ ව්‍යාපාරයෙන් සැපයුනත් එය තව දුරටත් පවත්වාගෙන යා නොහැකිය.

තවත් විදියකින් කිව්වොත්, වෙළඳපොලට සපයන හෝ සමාජය බෙදාහරින ඕනෑම භාණ්ඩයක හෝ සේවාවක වැය කවුරු හෝ දැරිය යුතුයි. සාධාරණ ක්‍රමය නම් එය කැමැත්තෙන් මිල දී ගන්නා අය එහි වැය දැරීමයි. අසාධාරණ ක්‍රමය නම් ආණ්ඩුවක් විසින්, කුමන භාණ්ඩ වෙළඳපොලේ තිබිය යුතු ද, මිල දී ගන්නා අය ඒවා කොපමණ මිලකට මිල දී ගත යුතුද හා කුමන කල්ලියකට කොපමණක් නොමිලේ බෙදා දිය යුතුදැයි තීරණය කිරීමයි.

වෙළඳපොලේ ඇති විච්චූර්ණ භාණ්ඩ දැක ඒවා මිල දී ගන්නට වත්කමක් නැතිකමෙන් අයෙක් තුල ඊර්ෂ්‍යාවක් උපදී. මෙම මිනිස් ස්වභාවයෙන් ප්‍රයෝජන ගන්නා තක්කඩියන් එයාව රවටන්නේ ඒවා මිල දී ගැනීමට වත්කමක් නැත්තේ සමාජයේ පවතින අසාධාරණ ක්‍රමයක් නිසා කියාය. එයට පිළියම නොහොත් සාධාරණව බෙදන්න ආණ්ඩුව දන්නවා යැයි කියන මුලාවෙන් වෙළඳපොල භාණ්ඩ හා සේවා රිසි වූවාව රවටා තැබෙයි.

සාධාරණව යැයි කියමින් බෙදා දෙන්නට ප්‍රතිපත්ති හදන රටවල් කිසිදා සාර්ථක නොවූහ. ඉතිහාසය පුරා ඒ ඒ රටවල දේශපාලන පංති කොතරම් අසාධාරණ ලෙසින් කටයුතු කළා දැයි ඒ සමාජයේ වැසියන් වෙතින් වසන් කරන ලදි.

එසේ වසන් නොකර, එහෙත් ආණ්ඩුව සාධාරණ ලෙසකින් බෙදන්නට දන්නවා යැයි මුලාවූ ජනතාව වාසය කරන රටවල ලාබ සොයන්නා ගෙන් බදු මුදල් බලහත්කාරයෙන් එකතු කරගන්නා ආණ්ඩුවේ බලයේ සිටින උදවිය ඒ මුදල් තමන් කැමති පරිදි වියදම් කරන්නට කටයුතු සම්පාදනය කරති.

නූගත් ජනතාව මුලා කර තිබෙන්නේ ඒ මුදල් තමනට ලැබිය යුතු මුදල් සේ දකින්නටය. නූගත් ජනතාව මුලා කර තිබෙන්නේ අනෙකාගේ වෙහෙසෙන් සොයන ලද ලාබයට තමන්ට අයිතියක් ඇතැයි කියන්නටය. දුප්පතුන් සංඛ්‍යාව හැමදාම ලොව ධනවතුන්ට වඩා වැඩි නිසා, එම දුප්පතුන් විසින් ගෙවන ලද බදු ද ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ වැදගත් කොටසක් බව නොදකින්නට නූගත් ජනතාව මුලා කර ඇත.

කවුද මෙහෙම නූගත් ජනතාව මුලා කර තිබෙන්නෙ?

සමාජ සාධාරණත්වයකින් බෙදන හැකියාව යම් පිරිසකට ඇතැයි සිතන අයයි. එසේම ඒ බෙදන හැකියාව තමන් අතට අල්ලා ගැනීමට ගිජු බලතණ්හාධිකයන් සහ ඒ බලතණ්හාධිකයන්ට හේත්තු වී අල්ලෙන් පල්ලෙන් වැටෙන දෙයක් භුක්ති විඳින්නට කැමති සෙසු ගැත්තන් වෙති.

යම් වෙළඳ ව්‍යාපාරිකයෙක් සූක්ෂම ලෙසින් සම්පත් පරිහරණයට නොදන්නේ නම් නිදහස් වෙළඳපොලක දී ඔහු ඉක්මණින් බංකොළොත් වෙයි. එවිට සම්පත් සූක්ෂම අන්දමෙන් භාවිතා කරන්නට දන්නා ව්‍යාපාරිකයා ලාබ සොයමින් වැඩි කාලයක් ව්‍යාපාරයේ රැඳෙන්නට අවස්ථාව ලබයි.

ධනේශ්වර ක්‍රමය රටේ සම්පත් සූරා කනවා යැයි මුලාවෙන් ආණ්ඩුවේ බලය අල්ලා ගත්තවුන් රටේ ගස් කපා රාජ්‍ය සේවකයන්ගේ පඩි නඩි ගෙවන්නට සිද්ධ වූවා යැයි කියනවා ඇහෙද්දී නූගත් ජනතාව එහි දොස් කියන්නේ නැත. ආණ්ඩුව කරනවා නම් සාධාරණ හේතුවක් ඇතැයි ද පුද්ගලික ව්‍යාපාරිකයෙක් කරනවා නම් පමණක් සම්පත් විනාශයක් යැයි නූගතා තව දුරටත් සිතයි.

රටේ බහුතරයක් ආණ්ඩුවේ සේවකයන් වෙද්දී, ආණ්ඩුවේ පරිපාලන නිලධාරීන් ජනතාවට බෙදා දෙන වැඩ සටහන් වල නියැළෙන්නේ තම පුද්ගලික වත්කම පරදුවට තබා ගන්නා අවදානම් වලින් නොවන බව ඔවුනට කියා දෙන්නට කෙනෙක් නැත. එහි දී මේ ඉන්න කට්ටිය ගෙදර යවන්නට පාරට බැස ඉල්ලීම් හඬගාන උද්ඝෝෂණ සාර්ථක වුවහොත් යළි ලැබෙන්නේ ද එවැනිම තම පුද්ගලික වත්කම් පරදුවට තබන අවදානම් ගන්නා පරිපාලන නිලධාරීන් නොවන බව ජනතාව සිතන්නට නොදනිති.

මහපාරට බැස උද්ඝෝෂණයෙන් දීමනා වැඩි කරන්න යැයි ඉල්ලන බහුතරය එසේ බෙදන්නට මුදල් ලැබෙන්නේ කොහෙන්දැයි නොදන්නවුන්ය. ඇති අයෙකු වෙතින් කෙළින්ම උදුරා නොගන්නා ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ඇති අයගෙන් උදුරා ගෙන එයින් සොච්චමක් තමා සමඟ බෙදා ගන්න කියායි.

ලාබ සොයනවාට ගරහන අය ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරගෙන යන්නට නොහැකි බව ද නොදනිති. ලාබ සොයන ව්‍යාපාර නැති වෙද්දී ඕනෑම ආණ්ඩුවකට බෙදා දෙන්නට හැකි වත්කම් ද නැති වී යන බව නොදකිති.

මේ ආණ්ඩුව එළවා වෙන ආණ්ඩුවක් ගෙන්වා ගත් කළ සියල්ල හරි යාවී යැයි සිතන අය, වෙළඳ ව්‍යාපාරිකයා සහ පාරිභෝගිකයා යන දෙන්නාගෙන් බැහැරක ඉන්නා පිරිසකට වැඩි සාධාරණත්වයකින් බෙදා දෙන ක්‍රමයක් තීරණය කරත හැකියැයි තවමත් මුලාවී සිටිති.

ඔබේ වේතනය ගෙවන්නේ කවුද?

එය කැමැත්තෙන් මිල දී ගතහැකි භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගත් අය වෙතින් ලැබුණ මුදල් වලින් එකතු වූවක් ද?

නැත්නම් අනාගත පරම්පරා ණය කරමින් ගන්නා ලද ණය ද?

මහජනතාවගේ යැයි කියන එහෙත් මහජනතාවට කැමති පරිදි කපන්න නොහැකි ගස් කපා ලැබූ මුදල් වැනි, මහජනතාවගේ යැයි කියන එහෙත් මහජනතාවට කැමති පරිදි විකුණන්නට නොහැකි රටේ ඉඩම් විකුණා වැනි, පාලන බලය අල්ලාගත්තවුන් රිසි පරිදි රටේ සම්පත් විකුණාගත් මුදල් වලින් ද?

එහෙත් නැත්නම් වෙහෙසන ජනතාව වෙතින් උදුරා ගත් බදු මුදලින් බෙදන ලද්දක් ද?

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on දෙසැම්බර් 13, 2013 at 3:35 පෙ.ව.

    මෙහේ තියෙන්නෙ Mihin Lanka ,එයාර් ලංකා,මත්තල එයාර් පෝට්,හම්බන්තොට
    වරාය,ලංවිම,තෙල් සංස්තාව,වගේ මුදලට වඩා ජනතාව ගැන හිතන සේවාවල්නෙ. ඒවයෙ
    ලොක්කොන්ගෙ පුත්ගලික ධන පරිත්‍යාග වලින් ඒව පවත්වාගෙන යන්නෙ. නැතුව
    නූගත්,දුප්පත්,අහින්සක ජනතාවගෙ බදු වලින් නෙවේ. 1948-2005 ණය ඇ‍ඩො බිලියන
    1.5. 2005-2013 ණය ඇ‍ඩො බිලියන 4.5. එකතුව ඇ‍ඩො බිලියන 6.5 අපි ඕව
    ගෙවන්නෙ නෑ කාබන් වලට හිලවු කරනව. සිම්පල් නේ?
    90% නූගත්,දුප්පත්,අහින්සක ජනතාවගෙ නූපන් දරු පැටවු ගැන හරිම කණගාටුයි.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2013 at 9:57 පෙ.ව.

      amalpasanna,

      රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව වාමාංශික සංවිධාන පෙරට ඒම ජනතාව තවත් මුලා කරන්න දරන උත්සාහයක්. අද පවතින්නේ ආණ්ඩුව බෙදා දෙන්න දන්නවා යැයි කියන ක්‍රමය ක්‍රියාත්මක වීමයි. එහෙම කරන්න දන්නා ජගතෙක් නැහැයි කියා පෙන්වා දෙනවා වෙනුවට රතු සහෝදරයන් ඉල්ලන්නේ බෙදා දෙන බලය තමන් අතට දෙන්න කියා පමණයි.

  2. Sarathchandra Rabel said, on දෙසැම්බර් 14, 2013 at 1:14 ප.ව.

    Nice article, I have criticism of some of the points you try to devalue in socialism, In this world all people are not born with many skills and talents, eg. Most people lack enterpruner skills or any other skills, my question is what’s wrong with if the state claim taxes from affluent class and use that money for welfare of those unpriviledge category of the society


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: