අරුණි ශපීරෝ‍ වෙතින්

යළි යළිත් අසාර්ථක වූ ප්‍රතිපත්තියකට “නව” ලේබලයක් ජවිපෙන්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 4, 2014

IMG_0017

ලොව මිලියන 94 ක් මරුමුවට පත් කරමින් ගෙනා අසාර්ථක ප්‍රතිපත්තියකට “නවීන සමාජවාදය” යැයි ලේබල් එකක් ඇලෙව්වාම සාර්ථක වෙයි ද?

ජවිපෙ නව ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන මගේ අදහස් රැගත් ලිපි පෙලක් මට ඉඩ ලැබෙන ආකාරයෙන් පළ කරන්නට ගන්නා උත්සාහයේ පළමු සටහනයි මේ.

ධනවාදය නම් තම වෙහෙසෙන් තමන් උපයන්න තමන් කැමති ආකාරයෙන් පරිහරණයට ඉඩ ලැබීමයි. එය නොහැකි නම් ඇත්තේ සමාජවාදයයි.

සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය අතර වැඩි වෙනසක් නැත. ඒ දෙකම එකම අරමුණක් වූ සාමූහිකවාදයක් (collectivism) වෙයි. එම සාමූහිකවාදය සාක්ෂාත් කරගන්නා ගමන් මාර්ගය සමාජවාදයේ දී සහ කොමියුනිස්ට්වාදයේ දී වෙනස්කම් දක්වයි.

1917 දක්වා සමාජවාදය (socialism) සහ කොමියුනිස්ට්වාදය (communism) යනු අතුරුමාරු කළ හැකි වදන් වූහ. එහෙත් රුසියන් විප්ලවයේ දෙවැනි ජාත්‍යන්තරය සහ තුන්වැනි ජාත්‍යන්තරය අතරමැද දී එය වෙනසකට භාජනය විය.

19 වැනි සියවස මැද දී ජර්මන් ජාතික කාල් මාක්ස් විසින් ධනකුවේරයෙක් වූ ෆ්‍රෙඩ්රික් ඒංගල්ස්ගේ ආර්ථික හා බුද්ධිමය සහායෙන් ලොවට ඉදිරිපත් කළේ ධනවාදය කියා ලේබලයක් අලවන ලද ගජබින්නයකි. පටන් ගෙන ඇතැයි හඳුනාගෙන නොතිබි කාර්මික විප්ලවය නිසා එතෙක් සාගින්නේ මිය ගිය දුප්පත් ජනතාව රැකියා ලබමින් ජීවිත සරුවත් කරගනිද්දී මාක්ස් ඒ වැඩවසම් යදම් වලින් නිදහස ලබමින් සිටියවුන්ට ලේබලයක් ඇලවූයේ පීඩිත පංතිය කියායි.

1840 ගණන් වල දී කාර්මික විප්ලවය නිසා මිනිස් ජීවිත යහපත් වෙන හැටි හඳුනාගත්තවුන් අතර සිටි ප්‍රංශ අර්ථ ශාස්ත්‍රඥයෙක් වූ ෆෙඩ්රික් බැස්ටියාට් එය කෙසේ සිද්ධ වෙන්නේ දැයි නිවැරදිව හඳුනාගත්තේය. “එකතු කරගන්නා මූලධනයට සමානුපාතිකව, මූලධනය ආයෝජනය කරන්නාට සමස්ත නිෂ්පාදනයෙන් ලැබෙන පූර්ණ කොටස ඉහළ යයි එසේම මූලධනය ආයෝජනය කරන්නාට ලැබෙන සමානුපාතික කොටස පහළ යයි. එසේම ආයෝජනය කරන එකතු කරගත් මූලධනයට සමානුපාතිකව, සම්පූර්ණ නිෂ්පාදනයෙන් ශ්‍රමිකයාට ලැබෙන පූර්ණ සහ සමානුපාතික කොටස් දෙකම ඉහළ යයි. ආයෝජනය සඳහා එකතු කරගන්නා මූලධනය අඩුවෙද්දී මෙහි අනෙක් පැත්ත සිද්ධ වේ.”

කාල් මාක්ස් ලොව සුපතල නමක් වුවත් ෆෙඩ්රික් බැස්ටියාට් කවුදැයි දන්නා අය තවමත් ලොව හිඟ වෙති. ලංකාවේ වර්තමාන තත්වය පැහැදිලි කරගන්නට සත්‍යය උවමනාවක් ඇති අයට මෙහි දකුණත අමුණා ඇති බැස්ටියාට් ලියූ නීතිය කියැවීමෙන් පුළුවනි.

1903 ලන්ඩනයේ පැවති සම්මන්ත්‍රණයක දී තරුණ රුසියානුවෙක් වූ ව්ලැඩමියර් ඉලිච් උලියානොව් නොහොත් පසුව ලෙනින් නමින් ලොව සුපතල වෙන්නා විසින් දෙවැනි ජාත්‍යන්තරයේ උපාය මාර්ගය ගැන ප්‍රශ්න කළේය. දේශපාලන ක්‍රියා මාර්ගයෙන් බලයට පත්වීම ඔහුට ඉබි ගමනකින් සිද්ධ වෙන්නක් සේ පෙනිණ. මාක්ස් කියූ ධනවාදය විසින් සිය ඇතුලතින් එන හානියෙන් මරණයට පත්වෙන තෙක් බලා සිටීමට අකමැති වූ ඔහු ප්‍රචණ්ඩත්වයෙන් ආණ්ඩුව පෙරලීමට අවශ්‍ය යැයි කීවේය. තෙවැනි ජාත්‍යන්තරය ලෙසින් රුසියාවේ කොමියුනිස්ට් පක්ෂය හැදුනේ එසේයි. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ඇතුළුව දෙවැනි ජාත්‍යන්තරයේ කැඩී ගිය අය තමන්ව සමාජවාදීන් යැයි හඳුන්වා ගත්හ.

ඉතින්, සමාජවාදීන් සහ කොමියුනිස්ට්වාදීන් අතර පටන් ගන්නේ කෙසේදැයි කියා මිසෙක වෙනත් පැහැදිලි වෙනසක් නැත. ඔවුනට ඒකීය පුද්ගලයා (individual) කිසිත් වටිනාකමකින් නොයුතුය. අනගි පරමාර්ථ පෙන්වා ඒවා සාක්ෂාත් කරගන්නට හැකි යැයි පාරට්ටු බාමින් එහෙත් සිද්ධ වෙන්නේ කෙසේදැයි නොකියමින් වෙහෙසෙන පක්ෂය පමණක් වැදගත් වෙයි. ඒකීය පුද්ගලයාට ස්වකීය වූ ඒකීය අභිමතාර්ථයන් ඇතැයි පිළිනොගන්නා වාදයක් නිවහල් මිනිසෙකු ගැන කතා කරන්නේ කෙසේද?!!!!!

2014 පෙබරවාරි පළමු මුද්‍රණයේ “අපේ දැක්ම” යනුවෙන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මාලාවේ ඇත්තේ ක්‍රි. පූ. 600 ස්පාර්ටාවේ දකින්නට ලැබෙන අදහස් නම් එය නවීන සමාජවාදයක් වෙන්නේ කොහොම ද?!!!!!! 😀

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. magenama said, on පෙබරවාරි 4, 2014 at 11:55 ප.ව.

    අලුත් බෝතලේ,පරණ වයින්.මේවා බීලා රසා……..යි කියන අයත් ඉන්නවනේ.

  2. maathalan said, on පෙබරවාරි 5, 2014 at 9:26 පෙ.ව.

    පැහැදිලිවම… ජනතාවගෙනුත් නැට්ටටම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ.. මිනිස්සු ඔය පොත් කියවන්නේ නෑ නෝනේ.. වෙනසක් උන නිසා.. මේ සැරේ පොඩ්ඩක් සලකයි.. මට උන්ත හිතිලා තියෙන්නේ.. ඕන් ඔහේ දීලා දානවා කියලා.. මොනවා කරත් උනුත් ඉන්න ඕන නිසා.. ඒත් ඉතින් කුණුවෙච්ච එළෝලුම නම් විකුණන්නේ.. කාක්කෙක්වත් එන එකක් නෑ.. දැන් කාක්කොත් කුණු නොකන කාළේ..

    • arunishapiro said, on පෙබරවාරි 5, 2014 at 4:15 ප.ව.

      maathalan,

      අනගිත්වය කුමක්දැයි නොදන්නා මිනිසා හැමදාම තමන් බේරාගන්නට නායකයෙක් සොයයි.

      බත් දෙන්නට පියෙක් නැත්නම් ජාතියේ පියෙක් හෝ වසවිස පිරි විදේශ කිරිපිටි වලින් තමන් ආරක්ෂා කරන්නට නායකයෙක් හොයයි!!!

      අනගිත්වය යනු වෙළඳපොල යැයි ද, වෙළඳපොල ක්‍රියාකාරීත්වය කිසිවකුගේ පාලනයකට නතු නොවන්නේ යැයි ද, වෙළඳපොල යනු සෑම පාරිභෝගිකයෙක්ම කැමැත්තෙන් මිල දී ගැනීම හෝ මිල දී ගැනීමෙන් කැමැත්තෙන් වැළකීම යැයි ද වටහා නොගනියි.

      අනේක විධ තවත් දැඩි රෙගුලාසි ගෙන ඒමෙන් තමන් මීට වඩා ආරක්ෂා වේයැයි විශ්වාස කරන මුලාවේ ගිලී ඉන්නා මිනිසා, ඒ රෙගුලාසි වැඩිවීම නිසාම රාක්ක වල බඩු හිඟයත්, බඩු මිල ඉහළ යෑමත් සිද්ධ වෙන බව වටහා නොගනියි.

      කාක්කෝත් කුණු නොකන කාලේ යැයි කිව්ව ද, රසැයි කියා තලු මරමින් තමන් ගිලින්නේ ද කුණු කන්දල් බව තමන් නොදනී.

      • maathalan said, on පෙබරවාරි 6, 2014 at 9:17 පෙ.ව.

        අපට නම් අවශ්‍ය නායකයෙක් නෑ. මගේ නායකයා මම ම තමා.. ඒත් මේ රටේ ඔක්කෝම මිනිස්සු එහෙම හිතන්නේ නෑ නේ.. ඒ රටේ මිනිස්සුන්ට නෙමෙයි.. ඇමරිකාවේ මිනිස්සුන්ටත් නායකයෙක් ඕනා.. කාන්ඩයක් ඉන්න තැනක ඒක අනිවාර්ය දෙයක්..

        • arunishapiro said, on පෙබරවාරි 6, 2014 at 9:30 පෙ.ව.

          maathalan,

          නායකයෙක් “අපට” අවශ්‍ය නෑ කියල පටන් අරන් “මම ම තමා..” කියාගෙන ඊ ළඟට “මේ රටේ” ඔක්කොම විතරක් නෙමෙයි කිව්වට “ඇමෙරිකාවේ මිනිස්සුන්ටත්” යනුවෙන් සමස්තයක් පෙන්වලා, අන්තිමට කාණ්ඩයක් ඉන්න තැනක ඒක අනිවාර්ය දෙයක් කියන්නා යනු වෙළඳපොල ක්‍රමය යනු කුමක්දැයි නොදන්නා බව පැහැදිලිවම පෙන්වන්නෙකි!!!!!!

          විධායක, අධිකරණය හා නීති සම්පාදක යන විමධ්‍යගත ආණ්ඩු ක්‍රමය අහෝසි කරන්නට ඇමෙරිකාවේ පුරවැසියන් කොතරම් ප්‍රසාදයක් දක්වනවා දැයි සොයා බලන්න. එවිට ඇමෙරිකාවේ පුරවැසියන් නායකයෙක් හොයනවා දැයි දැනගන්නට පුළුවනි.

          • maathalan said, on පෙබරවාරි 6, 2014 at 12:00 ප.ව.

            එහෙම එකක් අපිට නම් පේන්නේ නෑ.. ඡන්දවලට නම් මෙහේටත් වඩා කස්ටිය බැහැලා වැඩ කරනවා නම් පේනවා.. ඇත්තත් ඒකම තමයි..

            • arunishapiro said, on පෙබරවාරි 7, 2014 at 7:56 පෙ.ව.

              maathalan,

              //ඇත්තත් ඒකම තමයි..// සත්‍ය යනු ඒ ඒ පැත්තේ ඉන්නා අය දකින හැටියට වෙනස් වෙන්නක් නොවේ. මැජික්කරුවා ඇඟිල්ලෙන් පෙන්වන්න දිහා නොව සම්පූර්ණ පින්තූරය විමසන්න. පරස්පර විරෝධී ලෙසින් සහ සප්‍රමාණ නිරීක්ෂණ සේ පෙනෙන පින්තූරය අඳින ලද්දේ මායාවකින් ඔබව පටලවා තැබීමටයි. සම්පූර්ණ පින්තූරයේ මුලාව අවබෝධයට ඔබ සතු මනස පාවිච්චියෙන් පුළුවනි.

              reality


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: