ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සම, 1845 -ෆ්‍රෙඩ්රික් බැස්ටියාට්
ඉටිපන්දම්, ටේපර, ලන්තෑරුම්, යෂ්ටි, වීදි ලාම්පු යනාදිය හදන අයගේ, ඒවා නිවා දමන උපකරණ හදන අයගේ සහ සත්ව තෙල්, තෙල්, ලහටු, මධ්‍යසාරය සහ එළිය ලබා දෙන වෙනත් සියළු දේවල් හදන අයගේ පෙත්සම
[ප්‍රංශයේ ජූලි ආණ්ඩුවේ] නියෝජ්‍ය මන්ත්‍රණ සභාවේ ගෞරවනීය සාමාජිකයන් වෙතටයි.
මහත්වරුනි:
ඔබ යන්නේ නිවැරදි මාර්ගයක. භාවාත්මක න්‍යයායන් ප්‍රතික්ෂේප කරන ඔබට අඩු මිල ගැන සහ සුලභතාව ගැන ඇත්තේ සුළු තැකීමකි. ඔබ සම්පූර්ණයෙන් ම කල්පනා කරන්නේ නිෂ්පාදකයාගේ ඉරණම ගැනයි. විදේශීය තරඟයෙන් ඔහු නිදහස් කරන්නට ඔබට උවමනායි. තවත් විදියකින් කිව්වොත් ඔබට අවශ්‍ය දේශීය වෙළඳපොල දේශීය කර්මාන්ත සඳහා වෙන්කර තබා ගැනීමටයි.
අපි ඇවිත් ඉන්නේ ඔබට අසිරිමත් අවස්ථාවක් පිරිනමන්නට ඔබගේ — කුමක් නමින් ද අපි එය හඳුන්වන්නේ? ඔබේ න්‍යාය? නැහැ, න්‍යයාක් යැයි හැඳින්වීම තරම් වෙනත් රැවටිලි සහගත වූවක් නැහැ. ඔබේ ධර්මය? ඔබේ ක්‍රමය? ඔබේ ප්‍රතිපත්තිය? එහෙත් ඔබ ධර්මයන් වලට අකමැතියි., ක්‍රමයන් ගැන ඔබට බීහත්ස්‍යයක් තියෙනවා. ප්‍රතිප්ත්ති ගැන කියද්දී, දේශපාලන අර්ථ ශාස්ත්‍රයක ප්‍රතිපත්ති ඇතැයි ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒ නිසා අපි කියමු ද මේක ඔබේ පරිචය කියලා –ප්‍රතිපත්තියක් නැතිව න්‍යයායක් නැතිව යෙදෙන ඔබේ පරිචය.
අපට වැඩියෙන් ඉතා සුපිරි වූ වැඩකරන වාතාවරණයක් යටතේ නිෂ්පාදනය කරන අයෙක් නිසා හිතාගත නොහැකි තරම් ඉතා අඩු මිලකින් දේශීය වෙළඳපොල පුරා පතුරුවා හරින එළිය, හේතුවෙන් ඇති වී තිබෙන විනාශකාරී තරඟයෙන් අප දුක්විඳින්නෙමු. ඔහු පෙනෙන්නට ගත් විටම අපේ අලෙවිය නතර වේ. සියළු පාරිභෝගිකයන් ඔහු වෙතට හැරෙති. ගණනය කළ නොහැකි තරමින් විහිදී පැතිර ගිය මේ ප්‍රංශ කර්මාන්ත අංශය එවිට එක් වරම සම්පූර්ණ නිහ්චලනයකට (stagnation) මුහුණ පායි. මේ ප්‍රතිවාදියා, වෙන කිසිවෙක් නොව සූර්යයාය, ඔහු අප වෙත අනුකම්පාවකින් තොරව යුද ප්‍රකාශ කර ඇත. අපි සැක කරන්නේ ඔහුව අපි හා එරෙහි කරවන්නට කටයුතු කර ඇත්තේ ද්‍රෝහී ඇල්බියන්* විසින් යැයි කියාය. (මේ දිනවල එය අනගි රාජ්‍යතාන්ත්‍රික වූවකි!) විශේෂයෙන් ම සූර්යයා එසේ කරන්නේ අපිට නොපෙන්වන ගෞරවයක් ඔහු ඒ උද්ධච්ච දූපතට දක්වන බැවිනි.
සියළු දොර ජනේල, කවුළු, එළියේ හා ඇතුලත වූ තිර හා ආවරණ –කෙටියෙන් කිව්වොත් සියළු විවෘත ස්ථානයන් සහ සිදුරු, පළුදු, සහ ආලෝකයට අප නිවසට ගලා එන්නට හැකි සෑම විවරයක්ම වසා දමන්නට නීතියක් සම්මත කරන්න යැයි එහෙයින් අප ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි මේ රටට කරන ලද මහත් සේවය ගැන හිතා ඒ කළගුණකම් පාවා දෙන්න එපා, අසාමාන්‍ය වූ සටනක් තනියෙන් කරන්න අනාථ කරන්න එපා. මේ යහපත් කර්මාන්තයට සිද්ධ වෙන පාඩුවේ නාමයෙන් මෙම නීතිය සම්මත කරන්න.
අපේ මේ ඉල්ලීමේ වැදගත්කම බලන්නට ගෞරවනීය නියෝජ්‍ය මණ්ඩලය යහපත් වේවි යැයි අපේක්ෂා කරනවා. මෙය තහවුරු කරනු පිණිස අපි ගෙනෙන හේතු වලට සවන් නොදී ඒවා බැහැරකරන්නට එපා.
මුලින් ම, ඔබ හැකි තරම් ස්වභාවික එළියට ඉඩක් ලැබෙන සියළුම තැන් වසා දැමිය යුතුයි. එයින් කෘතීම එළියට අවශ්‍යතාවයක් නිර්මාණය කළ යුතුයි. එයින් දිරි නොලබන්නේ ප්‍රංශයේ වෙන කුමන කර්මාන්තයක් ද?
ප්‍රංශය වැඩියෙන් සත්ව තෙල් පරිභෝජනයට පටන් ගත්තාම, වැඩියෙන් ගවයන් සහ බැටළුවන් හැදේවි. එයින් අපිට සුද්ද කරන ලද ඉඩම්, මස්, වූල්, හම්, සහ විශේෂයෙන් ම කෘෂිකාර්මික ධනයේ පදනම වූ පොහොර වැඩියෙන් ලැබේවි.
ප්‍රංශය වැඩියෙන් තෙල් පරිභෝජනය කරද්දී, අපිට පොපි, ඔලිව් හා රේප්සීඩ් වගාවන් පැතිරය යන හැටි දකින්නට හැකිවේවි. මේ සරු එහෙත් පස්වල සරුබව ශුන්‍ය කරන පැලෑටි ලැබෙන්නේ ගවයන් බෝ කිරීමෙන් වැඩිවන පොහොර ඉඩම් වලට ලැබෙද්දී ම නිසා අපේ ලාබ වැඩිවේවි.
අපේ මහා දෙණියන් ලහටු සහිත ගස් වලින් පිරී යාවි. අපේ කඳුවැටි වලින් පියාඹා එන අනේක මී මැස්සන් ඒ සුවඳ වටා රොක් වේවි. එවිට දැනට නාස්ති වී යන මල් හා සුවඳ වගේ නෙමෙයි ඒවායෙන් ඵලයක් ලැබේවි. මේ විදියට, කෘෂිකර්මයේ එකම අංශයක් වත් විසල් ප්‍රසාරණයකට හසු නොවී තියෙන එකක් නැහැ.
නැව් කටයුතු වල දී ද මෙය සත්‍යයක් වේවි. තල්මස් මරන** නැව් දහස් ගණනින් රැකියාවේ යෙදෙනු ඇත. ප්‍රංශයේ ගෞරවය රකින මේ පෙත්සමට අත්සන් කරන අයගේ දේශප්‍රේමී අභිලාෂයන් සතුටු කරවත හැකි නැව් රාශියක් අපිට කෙටි කලකින් ලැබේවි.
නමුත් අපි පැරිසීයේ කර්මාන්ත වල සුවිශේෂීත්වය ගැන කුමක් කියමු ද? මෙතැන් සිට ඔබට රත්තරන් ගාන ලද, ලෝහ, පළිඟු ඉටිපන්දම් රඳවන, ලාම්පු, පොකුරු පහන් යනාදිය අද දකින කුඩා කඩ කෑලි වල දී නොව ඉඩකඩ ඇති වෙළඳ ස්ථාන වල දී දකින්නට ලැබෙනු ඇත.
වැලි වැටිවල ලහටු එකතු කරන අය දුප්පත් විය යුතු නැත. අඳුරු පතල් අඩියක කනින පතල්කරුවා දුප්පත් විය යුතු නැත. ඔවුන්ට ඉහළ පඩි ලැබී වැඩි වූ සමෘද්ධියෙන් සිටිනු ඇත.
අපේ පෙත්සමේ සාර්ථකත්වයෙන් තත්වය වැඩි දියුණු වෙන්නේ යටහත් පහත් ගිනිකූරූ වෙළෙන්ඳා සිට අන්සින් කොම්පැණියේ කොටස් අයිතිය ඇති ධනවතා දක්වා වෙයි. ඉතින් කල්පනා කර බලන්න මහත්වරුණි, මෙය එක ප්‍රංශ වැසියෙක් ගැන නොවූවකි.
අපි ඔබේ විරෝධතා බලාපොරොත්තුවෙන් සිටිමු, මහත්වරුනි; එහෙත් ඒ එකක් වත් ඔබ ගෙනෙන්නේ නිදහස් වෙළඳාම කියාදෙන පුස් ගැහිච්ච පොතකින් නෙමෙයි. අපි සටනට කැඳවනවා ආපහු ඔබ වෙත එන්නෙ නැති, ඔබේ ප්‍රතිපත්ති සියල්ල පිටුපස ඇති මූලධර්මය වෙතට එන්නේ නැති වූ අපට විරුද්ධව එක වචනයක් හෝ කියන්න කියා.
ඔබ අපිට කියාවි ද, අපි මේ ආරක්ෂාවෙන් වාසියක් ලැබුවත්, ප්‍රංශයට එයින් කිසිත් වාසියක් සිද්ධ නොවේ යැයි කියා, මොකද පාරිභෝගිකයා සියළු වැය දරා ගනිද්දී?
අපි අපේ පිළිතුර ලැහැස්ති කරගෙන සිටිමු:
පාරිභෝගිකයා ගැන සැලකිල්ලක් දැක්වීමට ඔබට තව දුරටත් අයිතියක් නැත. නිෂ්පාදකයාට වැඩි කැමැත්ත දක්වමින් ඔබ පාරිභෝගිකයාගේ කැමැත්තට විරුද්ධ වී ඔහුව බිල්ලට දෙන ලදි. ඔබ එසේ කළේ කර්මාන්තය දිරිමත් කරනු සඳහා ය. රැකියා වැඩිකරනු සඳහා ය. ඒ හේතු සඳහා ම ඔබ මෙය ද කළ යුතු වේ.
සහතිකයෙන් ම ඔබ මේ විරුද්ධතාවය බලාපොරොත්තු වූවා. නිදහස් ලෙසින් යකඩ, ගල් අඟුරු, තල, තිරිඟු, සහ රෙදිපිළි ගැන පාරිභෝගිකයාට පරදුවක් තිබෙනවා යැයි අපි කියද්දී “ඔව්, එහෙත් තහනම නිසා නිෂ්පාදකයාට පරදු ඇතැයි,” ඔබ කියනු ඇත. හොඳයි ඉතින්, පාරිභෝගිකයන්ට පරදු ඇත්නම් ස්වභාවික එළියට ඉඩක් දෙන්න එහෙනම් නිෂ්පාදකයන්ටත් එය නවත්වන්නට පරදු ඇත.
“එහෙත්,” යැයි ඔබ තව දුරටත් කියනු ඇත, “නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා යනු එකම එක්කෙනෙක්නෙ. කර්මාන්තකරුවා ආරක්ෂණයෙන් ලාබ ලබන්නේ නම්, ඔහු ගොවියාව සමෘද්ධිමත් කරනු ඇත. අනිත් පැත්තට, කෘෂිකර්මය සමෘද්ධියක් ලැබුවොත්, එයින් වෙනත් නිමි භාණ්ඩ සඳහා වෙළඳපොලක් විවෘත වනු ඇත.” හොඳයි ඉතින්, ඔබ අපට මොනොපොලියක් දෙනවා නම් දවල් කාලය ඇතලත එළිය නිෂ්පාදනයට, අපි එතකොට විශාල ප්‍රමාණයකින් සත්ව තෙල්, ගල් අඟුරු, තෙල්, ලහටු, ඉටි, මධ්‍යසාරය, රිදී, යකඩ, ලෝහ, හා පළිඟු යනාදිය අපේ කර්මාන්තය සඳහා මිල දී ගනිමු. ඊට අමතරව, අපි සහ අපේ අනෙකුත් සැපයුම්කරුවන්, දැන් ධනවත් නිසා, වැඩියෙන් පරිභෝජනය කර සමෘද්ධිය දේශීය වෙළඳපොලේ හැම අත පතුරවමු.
සූර්යයාලෝකය ස්වභාව ධර්මය විසින් දෙන ලද පරෝපකාරී ත්‍යාගයක් යැයි ඔබ කියනවා ද? එවැනි තෑගි ප්‍රතික්ෂේප කිරීම යනු ඒවා ලබාගන්නා මාර්ගය දිරිමත් කරන්නට යැයි කියමින් ධනවස්තු ප්‍රතික්ෂේප කිරීමක් නොවේ ද?
එහෙත් ඔබ මේ ස්ථාවරය ගන්නේ නම්, එවිට ඔබට ඔබේ ප්‍රතිපත්තියට මාරක පහරක් ගහන්නට සිද්ධ වේ; මතක ද, මෙතෙක් ඔබ විදේශීය භාණ්ඩ අත්හැරියේ ඒවා පරෝපකාරී තෑගි හා සමාන වූ නිසා නේද? අපේ පෙත්සම පිළිගන්නවාට වඩා වෙනත් මොනොපොලියන් අයිති වූවන්ගේ ඉල්ලීම් පිළිගැනීමට ඔබට ඇත්තේ බාගයක් හොඳ හේතුවක් පමණි. එය ඔබ පිහිටුවා ගත් ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම එකඟ වූවකි. වෙනත් අයට වඩා හොඳින් හදාගත් නිසා පමණින් අපේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම යනු මේ සමීකරණය පිළිගැනීම වෙයි: + x + = -; තවත් විදියකින් කියනවා නම්, එය අභූතයක් මත අභූතයක් පදනම් කරගැනීමකි.
ශ්‍රමය සහ ස්වභාවය එකට වැඩ කරන්නේ විචලන සමානුපාතයන් භාණ්ඩ නිෂ්පාදනයේ දී රට මත සහ දේශගුණය මත බලපායි. ස්වභාව ධර්මයෙන් ලැබෙන දේවල් නිතරම නොමිලේ ලැබෙන ඒවායි. අගයක් ඇත්තේ මිනිස් ශ්‍රමයෙන් ලැබෙන ඒවාටයි. ගෙවිය යුත්තේ එයටයි.
ලිස්බන් වලින් ගෙනෙන ලද දොඩම් ගෙඩියක් පැරීසියෙන් ගෙනෙන ලද දොඩම් ගෙඩියකට වඩා බාගයක් අඩු මිලට විකුණනවා නම්, එහෙම වෙන්නේ ලිස්බන් දොඩම් ගෙඩියට නොමිලේ ලැබෙන ස්වභාවික හිරු එළියෙන් වෙද්දී පැරීසියේ ඇති කෘතීම එළිය නිසයි. එයට වෙළඳපොලේ දී මිලක් ගෙවන්නට සිද්ධ වේ.
ඉතින්, අපිට පෘතුගාලයෙන් දොඩම් ගෙඩියක් එද්දී, අයෙක් කියන්නට පුළුවන් එය අපිට බාගයක් මිල අඩුවෙන් ලැබෙනවා කියා, තවත් විදියකින් කිව්වොත් පැරීසියේ දොඩම් වලට වඩා බාගයක් මිල අඩු කියා.
ඉතින් මෙන්න මේ පදනම, අඩක් ත්‍යාගශීලී වෙන පදනම මත තමයි ඔබත් කියන්නේ එයට ඉඩ නොදෙන්න කියා. ප්‍රංශයේ ශ්‍රමිකයන්ට කොහොම ද පුළුවන් විදේශීය ශ්‍රමිකයන්ගේ තරඟයට මුහුණු දෙන්න, පැරිස් වැසියන්ට සියල්ල කරන්න සිද්ධ වෙද්දී, විදේශිකයන්ට අඩක් පමණක් කරන්නට සිද්ධ වෙද්දී, ඉතිරිය ඔවුන්ට සූර්යයා විසින් කරදෙන නිසා, යැයි ඔබ අහන්නට පුළුවනි.
එහෙත් නිෂ්පාදනයක් මිලෙන් බාගයකින් නොමිලේ ලැබුණ නිසා තමයි ඔබ එය තරඟයෙන් ඉවත් කළේ. ඉතින් එය සම්පූර්ණයෙන් නොමිලේ වෙද්දී කොහොම ද ඔබට එය තරඟයකට ඇතුල් කරන්න හැකියාව ලැබෙන්නෙ? එක්කෝ ඔබ සංස්ථිතික නොවේ. නැත්නම් එසේ බාගයක් නොමිලේ දීම අපේ දේශීය කර්මාන්තයට අහිතකර යැයි කියා ඉවත් කරනවා නම් ඔබ සම්පූර්ණයෙන් ම නොමිලේ ලැබෙන්න වැඩි හේතු වලින් දෙගුණයකින් යුතු වූ උනන්දුවකින් ඉවත් කර දැමිය යුතුයි.
තවත් උදාහරණයක් ගන්න: යම් නිෂ්පාදනයක් –ගල් අඟුරු, තිරිඟු හෝ රෙදිපිළි– යනාදිය අපිට විදේශ වලින් ලැබෙන්නේ ඒවා අපි හදාගන්නවාට වඩා අඩු ශ්‍රමයකින් ලබා ගන්න පුළුවන් ගාණකට නම් එහි වෙනස යනු නොමිලයේ වූ ත්‍යාගයකි. මෙම තෑග්ගේ ප්‍රමාණය එහි වෙනසට සරිලන්නා වූ සමානුපාතයයි. විදේශිකයා අපෙන් හතරෙන් තුන් කාලක්, බාගයක්, කාලක් ඉල්ලද්දී අපිට එය කාලක්, බාගයක් හෝ තුන්කාලක අගයකින් විය හැකියි. සූර්යයා දානය කරන හිරු එළිය මෙන් එය සම්පූර්ණ වූවකි. වෙනත් දෙයක් ඉල්ලන්නේ නැති වූවකි. අපි ඖපචාරික ලෙසින් ප්‍රශ්නය ඉදිරිපත් කළහොත්, අපි අහන්නේ ඔබට රිසි වැයක් නැති පරිභෝජනයක වාසි ද, නැත්නම් ඔබට රිසි කරදර සහිත නිෂ්පාදනයක ඇතැයි කියන වාසි ද? ඔබ තෝරා ගැනීමක් කළ යුතුයි. ඒත් තර්කානූකූල වෙන්න; ඔබ මෙසේ අපේ ඉල්ලීම තහනම් කරන තාක් කල්, විදේශීය ගල් අඟුරු, යකඩ, තිරිඟු, සහ රෙදිපිළි වල මිල බිංදුව කරා යද්දී ඊට සමානුපාතිකව කොතරම් අසංස්ථිතික වේ ද බිංදුවක මිලෙන් වූ හිරැ එළිය දවස පුරා ලබාදීමට ඉඩ දෙන්න?
(ප්‍රංශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මේ විවෘත ලිපිය මුලින් ම ප්‍රකාශනය වූයේ 1845 දී ය.)
* ඇල්බියන් යන්න මහා බ්‍රිතාන්‍යය මීදුමෙන් වැසුණ දූපතක් යැයි කියන්නට ඉතා පුරාතනයේ භාවිතා කරන ලද නමකි.
** පැට්‍රෝලියම් නමින් ඛනිජ තෙල් සොයාගන්නට පෙර ලාම්පු තෙල් වූයේ තල්මස් තෙල්.
[…] වූවක් බව බැස්ටියාට් විසින් 1845 දී ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන් පහදා දුන් බව බොහෝ අය වටහා […]