අරුණි ශපීරෝ‍ වෙතින්

මොකක් ද මේ නව ලිබරල්වාදය?

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 9, 2014

IMG_0017

පරණ ලිබරල්වාදය ගැන මෙම සටහන් වලින් ඔබ දැනටමත් කියවා ඇත. ඒ 17 වැනි සියවසේ දී ජෝන් ලොක් ඉදිරිපත් කළ ඒක පුද්ගල අයිතිය මූලික කරගත් 1776 දී ඇමෙරිකාව ලොවට දායද කළ විමධ්‍යගත අවම ආණ්ඩු ක්‍රමයකින් ද, 1850 ගණන් වල දී ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් හා එකඟ වෙන අර්ථ ශාස්ත්‍රඥයන් විසින් පෙන්වා දුන් සාර්ථක එකම ක්‍රමය වූ ධනවාදී නිදහස් වෙළඳපොලක් සහ ඉහත කියූ නිදහස් අදහස් හඳුනාගත් ජනතාවක් විසින් තම රටට අවම ආණ්ඩුවක් සහ නිදහස් වෙළඳපොලක් අගයන ආර්ථික ක්‍රමයක් අවශ්‍ය යැයි කියන්නයි.

නව ලිබරල් ධනවාදයට එරෙහි හා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී පාලනයට එරෙහි යැයි සටන් පාඨ එල්ලාගෙන යන බැනර් පසුගිය කාලයේ දී කොළඹ පැවති උද්ඝෝෂණ තුලින් පෙනිණ. රට නව ලිබරල් ධනවාදයට ගොදුරු වී ඇතැයි ද, ලංකාවේ පාලක දේශපාලන පක්ෂ විසින් ගෙන යන ලද මෙයින් ජනතාව ගලවා ගන්නා බවට පොරොන්දු ප්‍රකාශ කියවන්නට ලැබුණි.

අපේ දැක්ම ප්‍රකාශනය පටන් ගැන්මේ දී “මේ වන විට ශ්‍රී ලංකාව නව ලිබරල්වාදයේ ගොදුරක් බවට ද පත්ව තිබේ,” යැයි ලියා ඇත. එසේම “එහි ප්‍රතිඵලය වී ඇත්තේ, ලංකාව මේ වනවිට දැවැන්ත සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික පිරිහීමකට ලක්ව තිබීමය. ඒ තුළ සියලු ජන කොටස් පීඩාවට හා වේදනාවට ලක්ව අපේක්ෂාභංගත්වයට පත්ව සිටී,” යැයි ද ලියා ඇත. ලංකාව නිදහස ලැබූ දා පටන් නව ලිබරල්වාදයේ ගොදුරක්ව සිටියි. ඒ නිසා ඉහත දෙවැනි කොටස සැබැවින්ම එහි ප්‍රතිඵලය වෙයි.

ධනවාදය කුමක්දැයි ජනතාව වටහා ගන්නට පෙර එය විකෘති කර ලේබලයක් ගැසූ මාක්ස් අනුව යමින් “ලිබරල්වාදය” කුමක්දැයි නොදන්නා ජනතාවකට දැන් හැම වැරැද්දකටම පට්ට ගහන්න “නව ලිබරල්වාදය” නම් ලේබලයක් ලැබී ඇත. “හොබ්ස් කියන සල්ලි,” ලෝස් නැතිව බෙදන අය හමුවේ පැරණි ලිබරල්වාදීන් මහත් වෙහෙස මහන්සියකින් උපයන අපේ සල්ලි වලින් සටන් වදින්නේ අපේ අයිතීන් පමණක් නොව හිතන්නට නොහැකිවන ලෙස රවටන සෙසු ලෝක ජනතාව ද අගාධයට වැටීමෙන් මුදවා ගන්නටයි.

නිදහස් වෙළඳපොල කුමක්දැයි කියා හෝ ධනවාදය කුමක්දැයි කියා නොදන්නා අය නව ලිබරල් ධනවාදය යැයි අල්ලා ගෙන සිටින්නේ මොකක් ද?

“ජාත්‍යන්තර මූල්‍ය සමාගම්වල ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන්ගෙන් සමන්විත නව ලිබරල්වාදයේ දෘෂ්ටිවාදීන් කියන පරිදි, ප්‍රධාන තීරණ ගැනීම වෙළඳපොළට භාර කළ යුතුව ඇත,” යැයි රන්දොර අඩවියේ නව ලිබරල්වාදය, දේශපාලනය සහ සමාජය අමානුෂික වීම ගැන සිරි හෙට්ටිගේ ලියූ ලිපියේ සිංහල පරිවර්තනය කියයි.

මෙම වාක්‍යයේ සත්‍යයක් වටා අවුලක් ඔතා ඇත. එහි කියන සත්‍යය නම් ජාත්‍යන්තර මූල්‍ය සමාගම් වල ප්‍රධාන පෙළේ විධායක නිලධාරීන් නව ලිබරල්වාදීන් බවයි. එහෙත් එහි ඇති අසත්‍යය නම් ඔවුන් ප්‍රධාන තීරණ ගැනීම වෙළඳපොලට භාර දෙනවා යන්නයි. ඔවුන් එසේ නොකරති. ඔවුන් මහා පරිමාණයෙන් රාජ්‍ය මැදිහත්වන වැඩ සටහන් වැඩියෙන් දියත් කරති. ඒ සම්බන්ධයෙන් මම රන්දොරට ලියන ලද සටහන රාවය පත්‍රය උපුටා පළකරන ලද්දේ එහි අවසානයේ වෙළඳපොලට මැදිහත් වන මේ නව ලිබරල්වාදීන්ගේ නම් ගම් ඇතිව පෙන්වන වැදගත්ම කොටස කපා දමා ය!!!!!!

සිරි හෙට්ටිගේ ලිපියේ ඊ ළඟ පරිච්ඡේදයේ “ඒ, භාණ්ඩ සහ සේවාවන් නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ පරිභෝජනය කිරීම සම්බන්ධයෙන් පමණක් නොව, වෙනත් බොහෝ මානව ක්‍රියාකාරීත්වයන්ට අදාළ තීරණ ගැනීම ද සම්බන්ධයෙනි. ඒ අනුව, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රවල රාජ්‍යයේ මැදිහත් වීම ස්වේච්ඡාවෙන්ම අවම කළ යුතු බව කියැවේ.” මෙය අසත්‍යයකි, නව ලිබරල්වාදීන් එසේ කියන්නේ නැත.

නව ලිබරල්වාදය යනු කුමක් ද?

නව ලිබරල්වාදය යනු ධනවාදී ආර්ථික ක්‍රමයක් අවශ්‍ය යැයි කියමින් එහෙත් තව තවත් සමාජවාදී මැදිහත්වීම් මහා පරිමාණයෙන් වැඩි කිරීමයි. නව ලිබරල්වාදියෙකුට කදිම නිදසුන ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා ය.

ඒත් කවුද ලොව මුලින් ම නව ලිබරල්වාදයක් ගෙනාවේ?

ව්ලැඩමියර් ලෙනින්!!!

ඔව්, ලෙනින් සහෝදරයා තමයි!!!! 😀

1921 දී නව ආර්ථික පනත (Novaya Ekonomicheskaya Politika) ගෙනැල්ලා රාජ්‍ය ධනවාදයක් ස්ථාපිත කරන්නෙ ව්ලැඩිමියර් ලෙනින්. ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරන්න බැහැයි කියන Khozraschyot සංකල්පයට ඉඩක් දෙන්නට ඔවුනට සිද්ධ වුනා ආර්ථික බේරාගන්නට වෙනත් කිසිම විකල්පයක් නැති බව පෙනී යද්දී.

ඉතින් ලෝකය නව ලිබරල්වාදයකට යටත්ව ඉන්නේ කවදා පටන් ද?

1921 දී සිට මිසෙක මෑත දශකයන් හි දී නොවේ!!!!!

බෙදන අවුල් ඒ විදියටම බාරගෙන පටලවා ගෙන ඉන්නා අයට පැහැදිලි කිරීමක් මෙසේයි. නව ලිබරල්වාදය යනු ආර්ථික ක්‍රමයක් නෙමෙයි. එය ආණ්ඩු ක්‍රමයකි. ධනවාදය හෝ සමාජවාදය යනු ලොව පවතින ආර්ථික ක්‍රමයන් දෙකයි. එහි මැද්දක් නැත. ධනවාදය යනු පුද්ගල අයිතිය හා නිදහස් වෙළඳපොලට ඉඩ දීම වෙද්දී ඊට මැදිහත්වීම් වෙන සෑම අවස්ථාවක් ම එය සමාජවාදී ආර්ථික ක්‍රමයක් බවට පත්වෙයි. ධනවාදී ආර්ථික ක්‍රමයෙන් යුතු “නව සමාජවාදයක්” පවත්වාගෙන යා හැකි යැයි සිතන අසාර්ථක ආණ්ඩු ක්‍රමය නව ලිබරල්වාදය බව කවුරු හරි ජවිපෙට දැනුම් දෙන්න!!!!!!!

ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාව 1932 දී බිඳ වැටුනත් එය වටහා ගත් අය ලොව ස්වල්පයකි.

මාක්ස් ලියූ සමාජවාදී ආර්ථික ක්‍රමය කිසිසේත්ම වැඩ කරන්නේ නැත්තේ මන්දැයි වටහා ගත නොහැකිව සිටි සෝවියට් රුසියාව අකමැත්තෙන් වුව ද ධනවාදී ක්‍රමයට ඇබිත්තක් ඉඩ දුන් දා පටන් ලොව නව ලිබරල්වාදයක් පැවතිණ.

සෝවියට් රුසියාවට සමාජවාදී ආර්ථික ක්‍රමය වැඩ නොකරන්නේ මන්දැයි පහදා දුන්නේ ලුඩ්විග් වොන් මීසස් විසින් “සමාජවාදී සමූහාණ්ඩුවේ ආර්ථික ගණනය,” (Economic Calculation in the Socialist Commonwealth) යන ලිපියෙනි.

සමාජවාදී සමාජයක ආර්ථික ගණනයක් වෙළඳපොල ආර්ථිකය දී මෙන් කරත නොහැකි බව පෙන්වා දුන් පසුත් අද දක්වාම ඊට හැකියාවක් ඇතැයි සිතමින් සමාජවාදී ආර්ථික ක්‍රමය සහ ධනවාදී ආර්ථික ක්‍රමය යන දෙකම එකවර හසුරුවන්නට දන්නවා යැයි සිතමින් රාජ්‍ය ප්‍රතිපත්ති හදන අය බෙහෙවින් සිටිති.

එහෙත් ධනවාදය සමඟ මුසුකරගත් සමාජවාදය යනු අගාධයකට යන පාර කැපීම මිසෙක සාර්ථකත්වය සලසන්නක් බවට පත්කළ නොහැකි වූවක් බව බැස්ටියාට් විසින් 1845 දී ඉටිපන්දම් හදන්නන්ගේ පෙත්සමෙන් පහදා දුන් බව බොහෝ අය වටහා නොගනිති.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Sarathchandra Rabel said, on පෙබරවාරි 12, 2014 at 4:20 ප.ව.

    If you are saying socialism is a failure, how do you explain socialist china’s success ?

    • arunishapiro said, on පෙබරවාරි 12, 2014 at 5:26 ප.ව.

      Sarathchandra Rabel,

      චීනයේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයේ සාර්ථකත්වය මෙන්න:

      චීන මහජන සමූහාණ්ඩුව 1949 සිට අද දක්වා පැවතෙන්නයි. මා ඕ සේතුංගේ කොමියුනිස්ට් පක්ෂයෙන් ඇරඹුනු එය මහා පරිමාණ ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණ සැලසුම් පටන් ගත්තෙ සමාජවාදයෙන් සාර්ථකත්වයට යන්න පුළුවන් කියල. මිලියන දෙකක් විතර ඉඩම් හිමියන් මරා දැම්ම. මිලියන දෙකක් විතර චීන්නු රටෙන් පැනගත්ත. මිලියන 45 ක් මරණ සිද්ධ වුනා සාගත වලින්. සමාජවාදී රටවල් වලින් පැනලා යන්නත් මිනිස්සුන්ට තහනම් ඇයි?!!

      චීනයේ සමාජවාදී ආර්ථික ක්‍රමයේ සාර්ථකත්වය මෙන්න:

      සමාජවාදී ආර්ථික ක්‍රමයට අවුරුදු 25 ක් වෙද්දී, 1974 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යන්න සූදානම් වූ Deng Xiaoping සමන්විත දූත පිරිසට ගමන යෑම අත්හැර දාන්න සිද්ධ වෙනවා තව පොඩ්ඩෙන්. මොකද, චීන බැංකුවේ, ඒ කියන්නෙ චීන ආණ්ඩුවට අයිති සියලුම බැංකුවල, ඒ දූත පිරිසට ගුවන් ගමන් ටිකට් පත් ගන්නට වත් ප්‍රමාණවත් මුදලක් තිබ්බෙ නෑ. 1978 වෙද්දී අන්තිමට චීනයේ මුදල් අමාත්‍යාංශය යටතේ ඉතිරි වූයේ ඔවුන්ගේ People’s Bank හෙවත් මහජන බැංකුව පමණි. එවැනි දැවැන්ත රටක ඒ චීන මහජන බැංකුවේ වූයේ 80 ක් සේවකයන් පමණයි.

      සමාජවාදය අසාර්ථක යැයි වටහා ගත් නිසා නෙමෙයි, වෙන කරන්න දෙයක් නැතිවුනාම තමයි ධනවාදී ආර්ථික ක්‍රමයට චීන මහජන සමූහාණ්ඩුව හේත්තු වෙන්නෙ. “සමාජවාදී චීනයේ සාර්ථකත්වයක්” ගැන සිංහලෙන් වෙන්නැති ලියැවිලා තියෙන්නෙ!!!!!!! 😀

      කැමති නම් කියවන්න: රතු ධනවාදය
      මැන්ඩරින් චීන අභිලාෂයන්
      ලූ වෙන්චායි, hukou සැලැස්ම සහ ඔබාමාගේ පංති යුද්ධය
      චීන ජනගහණය සහ විදෙස් යක්කු
      රතු මකරා සිරගත වූවාම පමණක් තඩියන් වැජඹේ
      මහා පර්වතයක් හා සංවාදය
      විදෙස් යක්කු කුලියට ගන්නා චීන්නු

    • kumda said, on මාර්තු 23, 2015 at 7:18 පෙ.ව.

      මනස්ගාත නොකියා මුලින්ම හදාරා සිටින්න .
      සමාජවාදය හෝ කොමියුනිට්ස්වාදය මෙන්ම ධනවාදයද සමාජ ක්‍රමයකි . මේ වන විට ලොව පවතින්නේ ධනවාදී සමාජ ක්‍රමයයි . එකක් ඇතුලේ තවත් එකක් පවතින්න බෑ . සමාජවාදී සමාජ ක්‍රමය බිහිවන්නේ ධනවාදී සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව බව මතක තියා ගන්න .
      කටපාඩම් දැණුමෙන් සමාජ ක්‍රම හෝ සමාජ සංසිද්ධීන් තේරුම් ගන්න බෑ ඒකට දැණුම මත පිහිටි අවබෝදය අවශ්‍යයි . අනෙක නව ලිබරල් ධනවාදී තත්වයක් කියන්නේ ධනේෂ්වර අර්බුධයන් තුලදී එම අර්බුධයන්ගෙන් ධනපති පංතියට වන අලාභය මග හැර ගැනීම සදහා පවතින සමාජ සුභ සාධන සහ වරප්‍රසාද කප්පාදුවක් මිස සමාජවාදී මගුලක් නෙමෙයි . සමජවාදී සමාජ ක්‍රමයක් තුලදී ඇති වන සමාජ අර්බුධ දැක ගැනීමට නම් මුලින්ම මේ සමාජ ක්‍රමය පෙරළා දැමිය යුතුයි. සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩ නැගිය යුතුයි .
      ධනවාදී සමාජ ක්‍රමය ඇතුලේ සමාජවාදී රටවල් හෝ , සමාජවාදී ජීවිත නෑ . මේක තේරුම් ගන්න බැරි බබ්බු සමාජ ක්‍රමයන් ගැන විග්‍රහ නොකර සිටිය යුතුයි

  2. Viraj Perera said, on අප්‍රේල් 4, 2014 at 9:33 ප.ව.

    මම ධනවාදය සමාජවාදය ගැන නෙමේ කතා කරන්නෙ. මේ ක්‍රමය නිසා මිනිසාගේ අනාගතය විශාල අගාධයකට යමින් තියන බව පේනව. ආහාර කර්මාන්තය ඖෂධ කර්මාන්තය කලාව ක්‍රීඩාව මේ හැම තැනම තියෙන්නෙ නරුමවාදය. සංවර්ධිත රටවල් වුනත් දුප්පත් රටවල තියන තමන්ගෙ රන් ආකර වගෙ තැන්වල කම්කරුවන්ගෙ අයිතිවාසිකම් ගැන කතාකරන්නෙ නෑනෙ. කතාවක් තියනවනෙ වර්තමානයේ වෙලඳපොල සඳහා මිනිසුන් හදනවය කියල. ඉතින් වඩා හොඳ සමාජයක් සඳහා නරුමවාදය පිටුදකින්නේ කොහොමද?(නොදන්න හින්දයි අහන්නේ)

    • arunishapiro said, on අප්‍රේල් 5, 2014 at 5:54 ප.ව.

      Viraj Perera,

      ඔබ ‘නරුමවාදය’ යන නමෙන් හඳුන්වන්න පවතින්නේ ආණ්ඩුව විසින් බෙදා දෙන්නට දන්නවාය කියලා ජනතාව විසින් විශ්වාස කිරීම නිසා. යම් ජනතාවක් ඒ අන්ධ විශ්වාසයෙන් විෂම මිනිසුන් කොට්ඨාශයකට එක හා සමාන අන්දමින් බෙදන්නට ගන්නා වෑයම්/සැලසුම් සියල්ලේ ප්‍රතිඵලය ඔබ කියන නරුමවාදයයි. ඉතින් එවැනි ඕනෑම ආණ්ඩුවක් තමන් ධනවාදී යැයි කියාගන්නවා ද, සමාජවාදී යැයි කියාගන්නවා ද යන්නෙහි වෙනසක් පවතින්නේ නැහැ, ප්‍රතිඵලය ඔබ කියන නරුමවාදයයි.

      කියවා නැත්නම් කියවන්න: ඊ ළඟට දාපු පරිවර්තන සටහන: ආණ්ඩුව,
      ආණ්ඩු සමඟ නිදි වැදීමේ ව්‍යාපාරික කලාව,
      ආර්ථික මාර්ගය සහ දේශපාලන මාර්ගය

      වෙළඳපොල හැදිලා තියෙන්නෙ බඩුවක් මිල දී ගන්න සහ බඩුවක් මිල දී නොගන්න සෑම පුද්ගලයෙක්ම වෙතින්. මිනිසුන් ජීවත්වන නිසා සහ ගණුදෙනු කරන නිසා වෙළඳපොලක් තියෙනවා පමණයි. ඔබ නරුමවාදය යැයි හඳුන්වන්න පිටු දැකිය හැකි එකම ක්‍රමය කැමැත්තෙන් ගණුදෙනු කරන අයට භාණ්ඩ නිෂ්පාදනයට සහ භාණ්ඩ මිල දී ගැනීමට හැකි නිදහස් වෙළඳපොලකට ඉඩ දීමයි. එතකොට රට, රටවැසියා සහ පරිසරය ආරක්ෂා කරන්න යැයි බලයට පත්වෙන “නරුමවාදීන්ට” සියල්ලන්ම දුප්පතුන් වෙද්දී, පරිසරය විනාශ වෙද්දී සහ රට බංකොළොත් වෙද්දී, තමන්ගේ සහ තම හිතවත් අයගේ පොකැට්ටු පුරවා ගන්නට ලැබෙන හැකියාව අහිමි වෙනවා.

      සංවර්ධිත රටවල් වලින් ඇවිත් දුප්පත් රටවල රන් ආකර කනිද්දී, ඒවායේ ශ්‍රමය වෙහෙසන දුප්පත් රටවල කම්කරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නට ඉඩක් නොදෙන්නේ කවුද? සංවර්ධිත රටවල වාසය කරන පතල් අයිතිකරුවන් ද? සංවර්ධිත රටවල වාසය කරන පාලකයන් ද? සංවර්ධිත රටවල වාසය කරන පුරවැසියන් ද? උදාහරණයක් හැටියට අප්‍රිකා මහා ද්වීපයේ රටවල් තවමත් නොදියුණු වන්නේ, යුරෝපීයයන් එහි සම්පත් කොල්ලකාපු නිසා ද නැත්නම් යුරෝපීයයන් පන්නා දැමුවාට පසු අප්‍රිකානු රටවල පාලන බලය අල්ලාගත් අප්‍රිකාවේම දේශපාලනඥයන් නිසා ද?

  3. Pradeep Dissanyk said, on අප්‍රේල් 5, 2014 at 11:46 ප.ව.

    මෙවැනි අමූලික අසද්ද ලියවිල්ලක් ලියා ඔබ බලාපොරොත්තු වන්නේ කුමක්ද?එකකට එකක් කිසිම ගැලපීමකින් තොරව සිදුවීම් හා පුද්ගලනාම අමුණමින් ඔබ කරන්නේ අමන තක්කඩිකමක් විනා වෙනත් කිසිවක් නොවෙයි.මේ රවටන්නේ කාවද?

    • arunishapiro said, on අප්‍රේල් 6, 2014 at 8:05 පෙ.ව.

      Pradeep Dissanyk,

      මේ බ්ලොගයේ සෑම සටහනකත්, ලියා ඇති සියළු සටහන් වලින් ද, තමන් විසින් තම සුබ සිද්ධිය සලසා ගත යුතු යැයි කියන එකම තේමාව යටතේ ලියන ලද ඒවායි.

      ඔබ බොරු යැයි කිව්වාට යමක් අසත්‍යය වෙන්නෙ නැහැ. ඔබ රවටන්න හදන්නේ කාව ද?!!!!!

      • Pradeep Dissanyk said, on අප්‍රේල් 6, 2014 at 11:45 පෙ.ව.

        1.ඔබ ඔය කියන පුද්ගල අයිතිය පිලිබඳ මූලය ගෙන එන්නේ ජෝන් ලොක් නොව තෝමස් හොබ්ස් (1588-1679)විසින් ඔහුගේ “ලෙවිආතන්” කෘතියෙනි. එය තුල ඔහු මුල්වරට මිනිසාට තමන්ගේ ශ්‍රයමය පිලිබඳව අයිතියක් ඇත යන්න ඉදිරිපත් කරයි. ජෝන් ලොක් (1632-1704) සිදුකරන්නේ හොබ්ස් ගෙන ආ අයිතියේ භුක්තියද ශ්‍රමය යොදවන්නා සතුය යන අදහස ගෙන ඒමයි.එහිදී ලෝක් මතුකරන තර්කය නම් මිනිසා කුමන අන්දමකින් හෝ ශ්‍රමය වැයකරයිද ඔහුට ඒ සියල්ල හිමි විය යුතුය යන්නයි. (නමුත් මේ සුරතල් තර්කය ඉතා දැඩිලෙස බිඳ වැටී අවසානය. උදා:රොබට් නොසික් (1938-2002)මුහුදට තක්කාලි කෑනයක් කඩා දමා අසන්නේ, ලෝක්ට අනුව මම මුහුදට මාගේ ශ්‍රමය මුසුකල නිසා මුහුදේ අයිතිය මට ලැබේද යන්නයී. කෙසේ වුවත් ඇමෙරිකානු ව්‍යවස්තාව සඳහා ලෝක් ගේ අදහස් යොදා ගත් බව සැබෑවකි.
        *ඔබ ලිබරල් වාදයේ පියා සොයන්නේ විකිපීඩියාවෙන් හෝ ගූගල් සෙවුම් යන්ත්‍රයෙන් නම් ඔබට ජෝන් ලොක් ගෙන් එහා දැකීමට නොලැබීම ගැන පුදුම වීමට දෙයක් නැත.

        2. ඔබ මෙහිදී මතුකරන අනිත් ප්‍රශ්නය නම් සම්භාව්‍ය ලිබරල්වාදය හෝ ධනවාදය නොදන්නා මිනිසුන් නව ලිබරල් වාදය තේරුම් ගන්නේ කෙසේද යන්නයි. නමුත් මා ඔබෙන් අසන්නේ, සම්භාව්‍ය ලිබරල්වාදය හා ධනවාදය ගැන දැන ගත්යුත්තේ කුමක්ද යන්නයි.එකම දෙය නම් මෙකී මතවාදයන් දෙකම බිහිකරමිනි ඉදිරිපත්වූ දාර්ශනික මතවාද පසුගිය සියවස් කිහිපය තුල ඉතා දැඩිලෙස මතවාදීමය වශයෙන් බිඳ වැටී ඇති බවයි.මේ මතවාද කිසිවක් සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් නොව ඉතා සීමිත පිරිසකගේ ආර්ථික හා දේශපාලන ක්‍රියා කාරකම් සාදාරනීකරනය කිරීමට පමණක් ඉදිරිපත්වූ ඒවා බව කිව හැකිය. උදා:1මෝල්තස් (1736-1864) ගෙනා ජනගයනය පිලිබඳ මතවාදය.
        2.දරිද්‍රතාවය හා දැඩි සමාජීය ආර්ථික අසමානතාවයට කිසිම දින පිලිතුරු දීමට අසමත් ඇඩම් ස්මිත්ගේ (1726-1790) මතවාද.

        3.මෙහීදී මම කොටස් දෙකකින් කරුණු දක්වමි.
        3.1.ඔබ නව ලිබරල්වාදයට සපයන නරුම නිර්වචනය කුමක්ද.ඔබට අනුව නව ලිබරල්වාදය යනු ධනවාදය පවත්වාගන යමින් තවත් සමාජවාදී මැදිහත්වීම් මහා පරිමාණයෙන් සිදු කිරීමයි. එමෙන්ම ඔබට අනුව නව ලිබරල් වාදය හඳුන්වාදී ඇත්තේ රුසියාවේ ලෙනින් විසිනි.නමුත් සත්‍යනම් 1970 දශකය වනතුරු ලෝකය නවලිබරල් වාදය ගැන දැන නොසිටි බවයි.එය ඇතිකිරීමේ මූලිකත්වය ගත්තවුන් වන්නේ ඔබ කියනා ලෙනින් නොව බ්‍රිතන්‍යයේ මාග්‍රට් තැචර්,ඇමරිකාවේ රොනල්ඩ් රේගන්,චීනයේ ඩෙංග් ශිආඕපින්ං, සහ පොල් වොකර් (එ.ජ. සංධීය භාරකාරය) වැනි චරිතය(වැඩි විස්තර සඳහා ඩේවිඩ් හාර්වි (2005) පරිශීලනය කරන්න).නව ලිබරල්වාදය යනු හුදෙක්ම රාජ්‍යයේ කාර්‍ය බාරය හා වගීම පුද්ගලික ව්‍යවාසයට බාරදෙමින් රාජ්‍ය අර්ථිකයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් විනා අන්කිසිවක් නොවේ.(මේ මගේ පුද්ගලික මතයක් නොව මිශෙල් ෆූකෝ(1926 -1984) විසින් neolibraral govermentalityයන්න ගැන කරන අර්ත දැක්වීම තුලින් මා ඉදිරිපත් කරන්නකි).මෙහීදී නවලිබරල් වාදය තුලින් රාජ්‍යය සමස්තයක් ලෙස සමාජ සුබසාදනයෙන් ඉවත් කරන අතර අධාපනය, සෞඛ්‍ය සඳහා රජය මැදිහත්වීම ආර්ථික සංවර්ධනයට බාධාවක් ලෙස දකයි. එසේ නොමැතිව ධනවාදය පවත්වාගන යමින් සමාජවාදී මැදිහත් වීම වැඩිකිරීම නවලිබරල් වාදය යැයි කීම අමූලික අසත්‍යයකි.

        3.2.ඔබ ලෙනින් ගැන මතුකරන අදහස පදනම් වන්නේ ලෙනින් බලයට පත්වීමත් සමග ඉදිරිපත් කරන නිදහස් වෙලඳපොල ගැන අදහසෙනි. ඔබ වඩාත් හොඳින් සොයා බැලුවහොත් ඔබට ලෙනිනි පමනක් නොව ඔහුගේ සම්කාලීන ඇමරිකානු ජනාධිපති වුඩ් රෝවිල්සන්ද මේ අදහසම දක්වා ඇති බව පෙනී යනු ඇත.හේතුව නම් මේ රාජ්‍යයන් දෙකම අනාගත බලවතුන් ලෙස ඉසමතුවන අවධියක මුලුලෝකයම යුරෝපයේ යටත් විජිතයක් ලෙස පැවතීමයි.මේහිදී ඇමරිකාව හා රුසියාව යන රාජ්‍යයන් දෙකම තම පොදු බාධාව ලෙස පවතිනා යුරෝපීය ආධිපත්‍යයෙන් ලෝකය මුදාගත්යුතු බව අවධාරණය කරයි.එකී දේශපාලන සමාජීය අවකාශය තේරුම් නොගෙන ලෙනින් නව ලිබරල්වාද්ය හඳුන්වා දුන්නා යැයි කීම ඉතා අසාර්තක ප්‍රකාශයකි. එසෙම නව ලිබරල් වාදය නව සමාජවාදයක් ලෙස දැකීම නැට්ට පාගා ගැනීමක් විනා අන් කිසිවක් නොවේ.

        4. ධනවාදය සහ සමාජවාදය අතර මැද්දක් නැති බව ඔබ කියයි. එවිට තුන්වන අවකාශයක් හෙවත් නොබැඳිජාතීන්ද ලොව ශක්තිමත් ලෙස පැවතිබව ඔබ නොදැන සිටීම කණගාටුවට කරුණකි.

        5.ඔබ ඔබේ ලිපිතුල ෆෙඩ්‍රික් බැස්ටියාට්ට(1801-1850) ඉතා ප්‍රමුඛ තැනක් දී ඇති බව පෙනී යයි. එමෙන්ම ඔහු සමාජවාදය අසාර්ථ බව පෙන්වාදුන් බවද පුන පුනා පවසයි. සැබෑවකි බැස්ටියාට් විවේචනය කරන සමාජවාදීන් විද්‍යාත්මක සමාජවාදයේ පියාවන කාල් මාක්ස්(1818-1883) විසින්ද දැඩිව විවේචනය කර ඇත. බැස්ටියාට් සහ මාක්ස් යන දෙදෙනාම විසින් විවේචනය කරන සමාජවාදීන් වන්නේ ක්ලව්ඩ් හෙන්රි ඩී සෙන්ට් සයිමන් (1760-1825) හා මිහායිල් බකුනින් (1814-1876) වැනි අයයි.මාක්ස් ඔවුන් හඳුන්වන්නේ ‘යුතෝපියානි සමාජවාදීන්’ ලෙසය.මාක්ස් එකී සමාජවාදීන් විවේචනය කරන්නෙ ඔවුන්ට ධනවාදය පිලිබඳ කිසිදු පදනමක් නැති බව පවසමිනි.මාක්ස් තමන්ගේ මතවාදය හදුන්වාදෙමින් සමාජවාදයට විද්‍යාත්මක අර්තකතනයක් දෙන්නේ ඔහුගේ අග්‍රකෘතිය ‘දාස් කැපිටාල්’ තුලිනි.ඒ 1867දී පමණය. මේ වනවිට ඔබේ වීරයා බැස්ටියාට් මියගොස් වසර 17කට ආසන්නය.එහෙයින් ඔබ බැස්ටිටාට් යොදාගන සමාජවාදයට කරන විවේචන කිසිවක් මාක්ස්වාදයට කිසිම ලෙසකින් අදාල නොවේ.

        අරුණි, ඔබේ සමස්ත මතවාදයම වංචාවක් ලෙස මා විවේචනය කලේ මේ නිසාය.මෙහිදී ඔබේ හිතරිදවීමට හෝ ඔබව නිර්දය ලෙස විවේචනය කිරීම මාගේ උවමනාව නොවෙයි. නමුත් ඔබේ ලිපි පරිශීලනය කරන පාඨක පිරිසක් ඔබට සිටින බව මේ ලිපි කියවන විට පෙනී යන හෙයින්, ඔවුන් නොමග නොයවන ලෙස සත්‍ය කරුණු දක්වන්න නිහතමානී වන්න.

        • arunishapiro said, on අප්‍රේල් 8, 2014 at 10:46 පෙ.ව.

          Pradeep Dissanyk,

          හොබ්ස්ගේ The Leviathan (1660) කෘතිය කියවන්නට කැමති අයට “මේ ලිවියතන් රාක්ෂයා අවදි කළ සමයක් ද?” නමින් වූ සටහනට මම අමුණා ඇති. එයින් හොබ්ස් මිනිසාට ඔහුගේ ශ්‍රමයට අයිතියක් ඇත යැයි කිව්වා ද නැද්ද යන්න ගැන හොයගන්න පුළුවන්.

          ලොක් සහ හොබ්ස් දෙදෙනාම සමාජ ගිවිසුම් න්‍යායන් සහ ස්වභාවික නීති න්‍යායන් ඉදිරිපත් කළ අය වූවත් එතැනින් ඔවුන්ගේ සමානකම අවසන්. ස්වභාවික නීතිය (natural law) අනුව මිනිසා යනු ස්වභාවයෙන්ම සමාජයීය සත්වයෙක් යැයි ලොක් කියද්දී, හොබ්ස් මිනිසා ස්වභාවයෙන්ම සමාජයීය සත්වයෙක් නොවෙන බවත් ආණ්ඩුවේ බලයක් නැත්නම් සමාජයක පැවැත්මක් නැතැයි කිව්ව අයෙක්.

          ලොක්ට අනුව සමාජයක සාමාන්‍ය යනු සාමය පැවතීමයි. අපිට අනුන්ගේ දේපල වලට හෝ අනුන්ට හානියක් නොකර සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් යැයි පෙන්වා දුන්න. ලෝකයේ බොහෝ තැන්වල එහෙම මිනිස්සු ජීවත්වෙනවා! හොබ්ස් කිව්වේ මිනිසා “හොඳ” සහ “නරක” (evil) වෙනස දන්නේ නැහැ, සාමයෙන් ජීවත්වෙන්න නම් පොදු පාලකයෙකුගේ පරම බලයට නතු විය යුතුයි කියල.

          ලොක් පෙන්වා දුන් සමාජ ගිවිසුම නම්, ජීවිතයට, නිදහසට අයිතියක් අපි කියද්දී එම අයිතිය අනිත් අයටත් අපි දෙන්න එකඟ වීමයි.

          හොබ්ස් පෙන්වා දුන් සමාජ ගිවිසුම නම්, පුරවැසියා කට වහගෙන කියන දෙය කළොත් ඔබට මරණයට පැමිණවීමෙන් ගැලවෙන්නට හැකියි, ඒත් රජු (Sovereign) තීරණය කළොත් සමාජයේ යහපතට ඔබව මරණයට පත්කළ යුතු යැයි කියා එහෙම නම් ඔබව මරණයට පත්කිරීම ගිවිසුම කැඩීමක් නොවන බවයි.

          ලොක්ට අනුව සමාජ ගිවිසුම කැඩුවොත් කාට වුනත් දඬුවම් ලැබෙනවා. පුරවැසියෙක් අනෙක් පුරවැසියෙක්ගේ අයිතියක් උල්ලංඝණය කරන්නේ ද පාලකයා විසින් දඬුවම් කරයි. පාලකයා පරම බලයක් හොයන්නේ නම්, යුක්තිය පසඳාලන පරම බලය ඔහු අතට ගන්නේ නම් එවිට ඔහු පුරවැසියන්ගේ අයිතීන් හා ගැටෙන නිසා එවැනි පාලකයා සහ ඔහුගේ සේවකයන් මරා දමන්නට පුරවැසියන්ට අයිතියක් තියෙනවා විතරක් නෙමෙයි එය පුරවැසියන්ගේ වගකීමක් ද බවයි.

          හොබ්ස්ට අනුව රජු අතින් කිසිම වැරැද්දක් සිද්ධ වෙන්නෙ නැහැ. නීතිය කියන්නේ, නීතියට පටහැනි කියන්නේ, හොඳ හා නරක කියන්නේ සේරම රජුගේ ආඥාවන් නිසා ඒවා ඔහුගේ කැමැත්ත පමණයි. පුරවැසියන්ට විරෝධය පාන්න (rebel) කිසිම අයිතියක් නැහැ.

          ලොක්ට අනුව මිනිසාට ස්වභාවයෙන්ම අයිතීන් සතුයි. හොබ්ස්ට අනුව මිනිසාට අයිතීන් ලැබෙන්නෙ රජයෙන්, ජීවිතය තියාගන්න ලැබෙන අවසරයත් රජය දෙන්නක්.

          ශ්‍රම මිශ්‍රණය ගැන ලොකියන් කොන්දේසිය (Lockean Proviso) පිළිබඳව රොබට් නෝසික් දැක්වූයේ මෙයයි: Why does mixing one’s labor with something make one the owner of it? .. [W]hy mixing what I own with what I don’t own a way of loosing what I own rather than a way of gaining what I don’t? If I own a can of tomato juice and spill it in the sea so that its molecules (made radioactive, so I can check this) mingle evenly with throughout the sea, do I thereby come to own the sea, or have I foolishly dissipated my tomato juice?

          නෝසික් අසන ප්‍රශ්නයට උත්තරය නම් (නෝස්ක් ද එයින් බලාපොරොත්තු වූව) එය මෝඩකම නිසා මිශ්‍ර කළ බවයි.

          මෙහි දී දේපල අයිති කර ගැනීමේ ක්‍රමයක් හැටියට ශ්‍රමය මිශ්‍ර (labor-mixing) කිරීම ගැන වූ සම්පූර්ණ ලොකියන් මතිය නෝසික් විසින් සැක සහිත යැයි කියා නැත. එසේම, අයෙක් තමනට අයිති නොවෙන සම්පත් ලබාගත්තාම අනෙකුත් අයට අයුක්තියක් සිද්ධ වේ යැයි මේ ලොකියන් කොන්දේසියෙන් උල්ලංඝණය වෙනවා යැයි නෝසික් විසින් කියා ද නැත.

          ශ්‍රම මිශ්‍රණ සිද්ධාන්තය පසුපස ඇති ප්‍රධාන අදහස නම්, එයින් සම්පතක් පැහැදිලිවම වෙනස්වෙන බවයි. ඒ සම්පත control කරත හැකියාව ලැබෙන බවයි. ඉඩමක ගෙයක් හැදුවාම අයිති වෙන්නේ ඒ ගෙදර හදන ඉඩම පමණි. ඒ අසල මිටියාවත හා කඳුවැටියක් ඇත්නම් ඒවා අයිති නොවේ. ඒවා අයිති කරගන්නට නම් විශේෂයෙන් යමක් කරන්නට සිද්ධ වේ. ලොකියන් ශ්‍රම මිශ්‍රණ කොන්දේසියෙන් පෙන්වන්නේ වෙන අයෙකුට අයිති නැති වූවක් ඊට මුලින්ම අයිතිය කියන්නට යමක් කරන ලද නිසා ඔහුට අයිතිවෙනවා යන මූලික අදහස පමණි. බොහෝ දෙනෙකුට මෙහි පළමුවැනි කොටස පමණක් වැටහේ. එනම් මුලින්ම සොයාගත් නිසා එයට අයිතිය කීම. එහෙත් ඒ මුලින්ම සොයාගත් නිසා පමණින් නොව එයට අයිතිය කියන්නට යමක් කරන්නට සිද්ධ වූවා යන කොටස වැටහෙන්නේ නැත.

          ජෝසෆ් ස්ටාලින් පටන් ෆිඩෙල් කැස්ත්‍රෝ, හියුගෝ චෑවෙස් සහ වර්තමානයේ ව්ලැඩමියර් පූටින් ද රටක් තම පාලනය යටතට ගත්තාම පමණක් අයිතිය ලැබේ යැයි වටහා ගත් අයයි. යමක් දේපල අයිතියක් වෙන්නට නම් මුලින් ම දිව ගිහින් එය මගේ යැයි අල්ලා ගත්තාට මදි. ඒ දැයෙහි අගය පවත්වා ගෙන යන්නට ද යමක් කළ යුතුයි. නැත්නම් මුහුදට දැම්ම තක්කාලි යුෂ කෑන් එකක් බඳුයි!!!

          ඉතින්, රොබට් නෝසික් විසින් තක්කාලි යුෂ කෑන් එකක් මුහුදට හළා ලොක්ගේ තර්කයක් බිඳ දැම්මා නොව සිද්ධ කලේ ලොක් ගෙනා කොන්දේසි තවත් තීව්‍ර සේ ගොඩනඟන්නට සහාය දීමයි. කැමති අයට පුළුවන් කියවන්න: Natural Rights, Liberalism, from Locke to Nozick: Vol 22, Part 1. edited by Ellen Frankel Paul, Fred D. Miller, Jr. Jeffrey Paul. (2005)

          රොබට් නෝසික්ගේ ලිබටේරියන් උතෝපියාව

          2. බිඳ වැටී ඇත්තේ ධනවාදය හෝ සම්භව්‍ය ලිබරල්වාදය නොවේ, ධනවාදය අසාර්ථක යැයි කියන මිථ්‍යාවයි 1932 දී බිඳ වැටුනේ. පළමු කොටස, දෙවැනි කොටස, තෙවැනි කොටස.

          තෝමස් මැල්තස් ගෙනා මතවාදයන් නිශ්ප්‍රභා කරන ලද දියුණු ලෝකයේ උදාහරණ මේ අඩවියේ ඕනෑ තරම් පළ වී ඇත. කැමැති අයට හොයාගන්නට පුළුවන්!!!!

          දරීද්‍රතාවය නම් මිනිසා උපදින ස්වභාවික තත්වයයි. විෂම මිනිසුන් සමානාත්මතාවයට පත් කරන්නට තවමත් වෙහෙසන අය සිටීම නම් මිනිස් වර්ගයාගේ අභාග්‍යයක් මිස වෙන කුමක් ද?

          3.1 ධනවාදය පවත්වා ගෙන යමින් සමාජවාදී මැදිහත් වීම් කළ ද, සමාජවාදී යැයි කියාගෙන ධනවාදයට ඉඩදීම ද නරුමවාදයයි. මන්ද දුවන්න කියා ඉඩ දී ඉන් කරන්නේ දුවන්නාගේ කකුල් බැඳ තිබීමයි. කොයි රටේ කවුරු කළත් එය අසාර්ථක ක්‍රමයකි.

          Michel Foucault, Jacques Derrida, Jean-François Lyotard, Richard Rorty, Luce Irigaray යනාදීන් දක්වා ඇත්තේ නව ලිබරල්වාදය කියා කුමන් අදහස් දැයි ඒවා ප්‍රිය කරන අයට මෙතැනින් ඒවා ගැන දැනගත හැකියි: Explaining Postmodernism: Skepticism and Socialism from Rousseau to Foucault ලියා ඇත්තේ Stephen R.C. Hicks (2005). මම වැදගත් යැයි සිතන දේවල් ලියනවා මිසෙක අනිත් අය වැදගත් යැයි හිතන දේවල් මා ලවා ලියවන්නට ජගතෙක් නැති බව කියමි.

          //4. ධනවාදය සහ සමාජවාදය අතර මැද්දක් නැති බව ඔබ කියයි. එවිට තුන්වන අවකාශයක් හෙවත් නොබැඳිජාතීන්ද ලොව ශක්තිමත් ලෙස පැවතිබව ඔබ නොදැන සිටීම කණගාටුවට කරුණකි.// ශක්තිමත් නොබැඳිජාතීන් ඉන්න කොහෙද?!!!!! ස්වීඩනය කියන්න නම් එපා මේවා නොකියවා!!!! The Sweden Myth, Stagnating Socialist Sweden, What the Hell is Really Going on in Sweden?

          5. සමාජවාදය අසාර්ථක බව පෙන්වා දී ඇත්තේ ලුඩ්විග් වොන් මීසස්, ෆෙඩ්රික් හයෙක් යනාදීන් විසිනි. ෆෙඩ්රික් බැස්ටියාට් පෙන්වා දුන්නේ ආණ්ඩුව යන්න අසාර්ථක බවයි. දාස් කපිතාල් හි ආර්ථික න්‍යායන් නිශ්ප්‍රභා කරන ලද්දේ ඉයුජින් බොයිම්-බැව්රෙක් විසින් Karl Marx and the Close of His System (1896), capital and interest (1884), The Positive Theory of Capital (1891) යන පොත් ත්‍රිත්වයෙනි. මේ සටහනේ ප්‍රතිචාර කියවන්න.

          • Pradeep Dissanyk said, on අප්‍රේල් 11, 2014 at 6:20 පෙ.ව.

            අරුණි, ඔබ පිලිතුරු දෙන්න මිසක් මම ලියපු දේ හරියට කියවන්න උත්සාහයක් අරන් නැති බව තමයි පේන්නේ. සමාවෙන්න ඔබ වංචාවක් කරනව කිව්වට.ඇත්තටම ඔබ කාවවත් රවට්ටනව නෙමෙයි.ඔබ කියවපු, දැකපු හෝ අහපු කරුණු කීපයක් තුල ඔබම හිරවෙලයි ඉන්නෙ.හොඳයි මම මේ සතිඅන්තෙ තවත් පැහැදිලිකරල දෙන්නම්.

            • arunishapiro said, on අප්‍රේල් 11, 2014 at 8:38 පෙ.ව.

              Pradeep Dissanyk,

              ලියන දෙයක් කියවා තමනට කැමති විදියට හිතාගන්න එක වෙනස් කරන්න බැරි වූවක්. ඔබ හිතනවා නම් මම රැවටිලා හෝ හිරවෙලා ඉන්නවා කියල එය ඔබටත් වෙනස් කරන්න බැරි වූවක්. ඉතින් තව පැහැදිලි කරන්න සති අන්තයේ කාලය නාස්ති කරගන්න එපා!!!

  4. kumda said, on මාර්තු 23, 2015 at 7:21 පෙ.ව.

    මනස්ගාත නොකියා මුලින්ම හදාරා සිටින්න .
    සමාජවාදය හෝ කොමියුනිට්ස්වාදය මෙන්ම ධනවාදයද සමාජ ක්‍රමයකි . මේ වන විට ලොව පවතින්නේ ධනවාදී සමාජ ක්‍රමයයි . එකක් ඇතුලේ තවත් එකක් පවතින්න බෑ . සමාජවාදී සමාජ ක්‍රමය බිහිවන්නේ ධනවාදී සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසුව බව මතක තියා ගන්න .
    කටපාඩම් දැණුමෙන් සමාජ ක්‍රම හෝ සමාජ සංසිද්ධීන් තේරුම් ගන්න බෑ ඒකට දැණුම මත පිහිටි අවබෝදය අවශ්‍යයි . අනෙක නව ලිබරල් ධනවාදී තත්වයක් කියන්නේ ධනේෂ්වර අර්බුධයන් තුලදී එම අර්බුධයන්ගෙන් ධනපති පංතියට වන අලාභය මග හැර ගැනීම සදහා පවතින සමාජ සුභ සාධන සහ වරප්‍රසාද කප්පාදුවක් මිස සමාජවාදී මගුලක් නෙමෙයි . සමජවාදී සමාජ ක්‍රමයක් තුලදී ඇති වන සමාජ අර්බුධ දැක ගැනීමට නම් මුලින්ම මේ සමාජ ක්‍රමය පෙරළා දැමිය යුතුයි. සමාජවාදී සමාජ ක්‍රමයක් ගොඩ නැගිය යුතුයි .
    ධනවාදී සමාජ ක්‍රමය ඇතුලේ සමාජවාදී රටවල් හෝ , සමාජවාදී ජීවිත නෑ . මේක තේරුම් ගන්න බැරි බබ්බු සමාජ ක්‍රමයන් ගැන විග්‍රහ නොකර සිටිය යුතුයි

  5. K.A.D Saman Jayawardhana said, on පෙබරවාරි 13, 2017 at 12:07 ප.ව.

    @kumada suprir ah oyage wadan

    • arunishapiro said, on පෙබරවාරි 13, 2017 at 12:30 ප.ව.

      තම හිතට සතුටක් දැනෙන මතයේ එල්බ සිටියාට යථාර්ථයෙන් ගැලවෙන්නට නොහැකියි. Kumda කියනවා සමාජවාදී සමාජ ක්‍රමය බිහිවෙන්නේ ධනවාදී සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසුවයි කියා. ඉතින් එහෙම උත්සාහයක් ගත් චෑවේස්ගේ වෙනිසියුලාව අද පත්වී ඇති ඛේදනීය තත්වයෙන් ගැලවෙන්නේ චෑවෙස්ට බැරිවුනා කියල ද? අනෙක් රටවල තෙල් මිල ගණන් බහිද්දී වෙනිසියුලාවට විතරක් බැරිවුනා කියල ද? නැත්නම් සමාජවාදී සමාජ ක්‍රමයට බැරිවුනා කියල ද? යැයි හිතට එකඟව විචාරය කර බලන්න.

      සමාජවාදී ක්‍රමයක් වෙනිසියුලාවෙත් තිබුණේ නැහැ කියල නම් ගැලවෙන්න බැහැ. ධනවාදී ක්‍රමයට යාන්තමින් හෝ ඉඩ ලැබෙද්දී ඒ සමාජයේ සියල්ලන්ගේම ජීවිත යහපත් වෙද්දී, සමාජවාදී ක්‍රමය යාන්තමෙන් හෝ ක්‍රියාත්මක වෙද්දී ඒ සමාජයේ දුප්පතුන්ම තමයි වැඩියෙන්ම පීඩා විඳින්නේ.

      https://arunishapiro.wordpress.com/2016/06/23/දුර්ජනයන්ට-මං-පාදා-දීම/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: