අරුණි ශපීරෝ‍ වෙතින්

යුක්රේනයක්, වෙනෙසියුලාවක් වෙන්නට පෙර

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2014

20140301_WWD000

නැත්නම් ලංකාවේ නැවතත් භීෂණ සමයක් ඇති වෙන්නට පෙර පුරවැසියන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන සිටිති. පීඩනයක් දැනෙද්දී මේ පුරවැසියන්ගේ විශ්වාසය තම අයිතීන් උදෙසා හඬ නඟන්නට නායකයෙක් පෙරට ආ යුතු බවයි.

මෙයා එවැනි නායකයෙක් යැයි පීඩනයට එරෙහි උද්ඝෝෂකරුවන් ටික දෙනෙක් කියද්දී ජීවිතය ආරක්ෂා වනුයේ කල්ලියට එකතු වීමෙන් පමණකි යන වර්ධනය නොවූ ගෝත්‍රික ස්වභාවය ඉස්මතු වී පීඩනය දකින පුරවැසියා පීඩනයට එරෙහි යැයි උදම් අනින පැත්ත තෝරා ගනියි.

පීඩනයේ යෙදෙන වරප්‍රසාද ලත්තවුන් තව තවත් පීඩනය තීව්‍ර කරති. මන්ද ඔවුන් පිළිගත් රාජ්‍ය බලහත්කාරය සාධාරණ, යුක්තිගරුක හා සමානාත්මතාවයෙන් යුතු වූවයි.

එහෙත් දෙපැත්තම නියැළෙන්නේ ඉටු කරන්න බැරි දෙයක් කරනු සඳහා තෝරාගන්නා නව නායකයෙක් ස්ථාපිතයට පමණි.

ඉතින් වැඩි කාලයක් නොයද්දී නව ආණ්ඩුව ද පීඩනය කෙමෙන් කෙමෙන් වැඩි කරති. අතිරික්ත අගය බිහිවෙන්නේ ශ්‍රමයෙන් යැයි පිළිගත් සමාජවාදීන් මහා පරිමාණයෙන් ශ්‍රමය වෙහෙසන්නට මහා වැඩ පිළිවෙලවල් දියත් කරති. තාප්ප තවත් උසට බඳිති!!!!!!

පීඩනය දැනෙන වරප්‍රසාද නොලත් බහුතරය යළිත් කුසු කුසු ගාමින් පටන් ගෙන අනතුරුව එය ජනඝෝෂාවක් බවට හැරෙයි. තමන්ව පීඩනයෙන් ගලවා ගන්නට හැකි නායකයෙක් යළිත් හොයයි.

තම උන්නතිය සලසා ගැනීමේ නිදහස තමනට දෙන්නට කියා ඉල්ලන්නට බැටළුවන් සේ දක්කා ගෙන යන ලද පුරවැසියෙක් ඉදිරිපත් වෙන්නේ නැත. නිදහස පසුපස හැම විටම වගකීම ලුහුබැඳ එන්නක් යැයි ඔහුගේ හෘදයසාක්ෂිය කියද්දී එය දැනී බියෙන් ගැහෙයි. මිනිස් ස්වභාවය වෙනස් කරන්නට මෙතෙක් නොහැකි වූවාට ඒ හැකියාව මහා වීර නායකයෙකුට ඇතැයි තව දුරටත් විශ්වාස කරයි.

ඉතින් සත්‍යයට මුහුණ දෙන්නට අකමැති පුරවැසියන් රටේ බහුතරය වෙද්දී, තවත් කාලයක් පුරා වගකීමෙන් තොර නිදහස නම් වහල්කම යැයි නොදකින සේ වෙනතක් බලාගෙන සිටින පුරවැසියා තව දුරටත් නිදහස කියමින් වහල් බව යදින යාචකයෙක් වෙයි.

මංකොල්ලය මොන ආකාරයෙන් කළ ද, ගුටි ඇන උදුරාගත්ත ද, නීතියක් පනවා බදු ලෙසින් ගත්ත ද, එය වරදක් බව ඒකීය පුරවැසියා තුල ඇතිවන අවබෝධයෙන් ජාතික පමණක් නොව අන්තර්ජාතික වූ ද සමගියක් උදාවේ.

එහෙත් අහෝ ඛේදයකි! ජාතික සමගිය ගැන පාරට්ටු බාන අයට උවමනා ඇති පමණින් තියෙනවා යැයි ඔවුන් තීරණය කරන කල්ලියක ගෙන් උදුරා ගෙන, නැතැයි කියා ඔවුන් තීරණය කරන කල්ලියකට බෙදා දීමේ බලය තමන් අතට ගැනීමයි.

එයට ධන සම්පත් “සාධාරණ ලෙස බෙදා ගැනීම” (share-the-wealth) වැඩ පිළිවෙල යැයි ඔවුන් ලේබලයක් ගසති.

එය “ධන සම්පත් උදුරා ගැනීමේ” (take-the-wealth) වැඩ පිළිවෙලක් බව නොදකින්නේ මේ සමාජවාදීන් හැම විටම තමනට වඩා වැඩියෙන් ඇති අයගේ ධන සම්පත් තමන්ට ද උරුම බව විශ්වාස කරන නිසයි. මේ සමාජවාදීන් නොදකින්නේ ඒ මුලාවේ එල්බ ගත්, ඔවුනට වඩා අඩුවෙන් ඇති අය මේ සමාජවාදීන්ගේ ධන සම්පත් ඒ අයට ද උරුම ඇතැයි විශ්වාස කරන බවයි!!!!

ඉතින් මෙවැනි පුරවැසියන් යුක්රේනයේ සිටිය ද, වෙනෙසියුලාවේ සිටිය ද හා ලංකාවේ සිටිය ද, තවත් කාලාන්තරයක් පුරා ඉහළ සිට පහළට නීති මගින් ක්‍රියාත්මක කරත හැකි සේ සම්පාදනය කරන ලද “ජාතික ගැටලුව විසඳීම සඳහා ප්‍රවේශය” මගින් ඉදිරිපත් කරන ලද වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමෙන් සමගිය උදාවෙන තෙක් බලා සිටිනු ඇත.

නමුත් ඒකීය පුද්ගලයෙක් වූ මම එසේ කාලය නාස්ති නොකරමි. ජාතික හා අන්තර්ජාතික ලෙස සත්‍යයෙන්ම සමගිය ගොඩනැඟුනු හැටි “මම පැන්සල” වැනි විශිෂ්ඨ කෘති වලින් අවබෝධ කරගෙන ඒ දැනුම කිසිම රටක කිසිම රටවැසියෙකුගේ සම්පත් නාස්තියකින් තොරව, පහළ සිට ඉහළට යන දැනුම බෙදන වැඩ පිළිවෙලක් තනිවම කරගෙන යමි!!!!!! 😀

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. mppgunasinghe said, on මාර්තු 4, 2014 at 11:49 ප.ව.

    ඔබේ වෑයම ඉතාම අගය කරන්නෙක්මි. සුබ පතමි


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: