අරුණි ශපීරෝ‍ වෙතින්

චිත්‍රපටිය කරළියට ගෙනෙන්නට හඳයා කරළියෙන් අරමුදල් සෙවීම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 16, 2014

ලංකාවේ අයට නව ආකාරයකට හිතන්න යමක් අශෝක හඳගම ඉදිරිපත් කරන මුල් වතාව මෙය නෙමෙයි.

නිර්මාණයක් බිහිකරන්න කරළියෙන් අරමුදල් සෙවීම ලෝකයේ අලුත් දෙයක් නෙමෙයි. 1884 දී ඇමෙරිකාවට ප්‍රංශයෙන් තෑගි ලැබිච්ච නිදහසේ ප්‍රතිමාව තියන පාදස්තලය හදන කමිටුවට ඒක ඉවරයක් කරගන්න සල්ලි මදිවුණා. නිව් යෝර්ක් නගරයේ පුවත්පත් හිමියා වූ ජෝසෆ් පුලිට්සර් එයාගෙ පත්තරෙන් ඇමෙරිකන් ජනතාවගෙන් ඒ සඳහා සල්ලි ඉල්ලුවාම මාසය හයක දී ඩොලර් ලක්ෂයකට වඩා ගාණක් ඔවුනට එකතු කරගන්නට ලැබුණ. වැඩියෙන් පිරිසක් දුන්නෙ ඩොලරයක් නැත්නම් ඊට අඩුවෙන්.

අන්තර්ජාලය හරහා ලෝකයේ රට රටවල වාසය කරන අය වෙතින් අරමුදල් ලබාගත හැකියාව නම් ලැබුනේ මෑතක දී. ස්ටාර් සිටිසන් නමින් පිටසක්වල යුද වදින විඩියෝ ගේම් එකට සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ 2012 ඔක්තෝබර් 10 වැනිදා මේ බ්ලොග් ලියන වර්ඩ්ප්‍රෙස් වලින් ලැබෙන කරළිය අරමුදල් සොයන ඉග්නිෂන්ඩෙක් කියන ප්ලග් ඉන් එකෙන්. සතියක් යද්දි ඔවුන් කික්ස්ටාටර් නමින් පවතින එවැනි යාන්ත්‍රණය ද සහායට ගත්ත. 2012 නොවැම්බර් 17 වෙද්දී ඔවුන් බලාපොරොත්තු වූ අරමුණ ඉක්මවා යමින් ඉග්නිෂන්ඩෙක් වලින් $4,104,189.00 ක් ද, ඔක්තෝබර් 19 සිට නොවැම්බර් 19 දක්වා සහායට ගත්ත කික්ස්ටාටර් වලින් $2,134,374.00 ක් ද, ඒවා අවසන් වූ පසුවත් ඔවුන්ගේ පළමු අඩවියෙන් $3,044,770.00 ක් ද අරමුදල් හැටියට ලබාගන්නට සමත් වුණා. අද වෙනකොට ඔවුන්ට ඇමෙරිකන් ඩොලර් මිලියන 38 ක් අරමුදල් හැටියට ලැබී ඇති බව වාර්තා කරනව.

ලංකාව වගේ නෙමෙයි හැබැයි ඇමෙරිකාව කියන්නෙ නම් ලෝකයේ ලාබ හොයන අය බහුලව සිටින රටක්නෙ. ඒත් ඔවුන් 1884 දී වෙන රටකින් තෑගි ලැබිච්ච ප්‍රතිමාවක් තමන්ගේ රටේ සුප්‍රසිද්ධ අගනුවරක තියන්නට කැමැත්තෙන් මුදල් පරිත්‍යාග යැව්ව. පසුගිය වසර තුන ඇතුලත ඉහත කිව්ව විඩියො ගේම් එක හදන්නට ඇමෙරිකන්කාරයාට ලෝකෙ මිනිස්සු මිලියන 38 ක් මුදල් පරිත්‍යාග කැමැත්තෙන් යැව්ව.

හඳයාගේ මේ උත්සාහය නිසා, ලංකාවේ චිත්‍රපටියක් හදන වෑයමක දී ප්‍රථම වරට කරළියෙන් අරමුදල් සෙවීමට අන්තර්ජාලය භාවිතා කිරීම ගැන දැනගන්නට ලංකාවේ බහුතරයකට ලැබීමත්, ලංකාවේ අයෙකුට කොතරම් දුරකට කරළියෙන් කෙරෙන අරමුදල් පරිත්‍යාගයෙන් නිමැවෙන කලා නිර්මාණයන්ට අතගහන්න අනාගත අවස්ථා ගැන හෝඩුවාවක් දැන ගැනීමටත් සහ අරයාගෙ මෙයාගෙ සල්ලි ආයෝජන විධි ගැන විවේචන කරන අය සිටිය දී කොතරම් දුරකට මෙවැනි වැඩකට අතදී ලාබ නොසොයන පිරිසක් සිය පරිත්‍යාගශීලීත්වය පෙන්වාවි ද කියාත් අපිට දැනගන්නට ලැබේවි.

http://crimso.com/project/film_by_handagama

කැමැත්තෙන් එවන පරිත්‍යාග සොයන හඳයාට ජයෙන් ජය පතමි!

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on මාර්තු 16, 2014 at 11:21 ප.ව.

    ලංකාවෙනම් පරිත්‍යාග කියුවම කියන්නෙ හිගන්නො කන්න ඉල්ලද්දි කෑම ඕන තරම්
    තියන අයට කන්න දීල පිං ගන්න එක නැත්තම් හොර තක්කඩි පාදඩයන්ගෙන් සලලි
    අරන්න් කරන පින්කම්.

  2. magenama said, on මාර්තු 17, 2014 at 12:26 පෙ.ව.

    අපි කැම්පස් ඉන්න දවස් වල කවුරුහරි ලමයෙක්ගේ අවමගුල් උත්සවයක් වුනාම ඒකට ආධාර පිණිස ගේට්‍ටුව ගාව සිලි සිලි බෑග් එකක් අරන් ඉන්නවා කැමති අයගෙන ආධාරයක් ඉල්ල ගන්න.(ඒවා හොරා කෑවේ නෑ).
    අද මෙහේ ඡන්ද ඉල්ලන්නත් සල්ලි මෙහෙම ඉල්ලනවනේ.

  3. maathalan said, on මාර්තු 17, 2014 at 11:56 පෙ.ව.

    ඌ හිඟාකාලා ෆිල්ම් එකක් කරත් ඒකේ රහක් තියෙයි.. අනික කන පැලෙන්න හම්බ කරපු ගොම්මන්පිලලත් ඡන්ද කරන්න හිඟාකන එකේ.. හඳයා වගේ පොරක් හිඟා කන එකේ අවුලක් මට නම් පේන්නේ නෑ. අනික හිඟා කන එක අද ළොකු ට්‍රෙන්ඩ් එකක්.. රාවයත් ඕකම කලා මේ මැතකදී.. ටාගට් කවර්.. ඒත් තව හොයන්න යනවයි කියන්නේ..

  4. Ish Fernan said, on මාර්තු 20, 2014 at 12:55 ප.ව.

    Hi Aruni, after reading u r post i kind of have feeling that u have a soft spot for american donations and u are in question whether sri lankans may donate or not. i guess u may have been away from home for a very long time, otherwise u wouldnt forget how generous we are,,,i know as a nation we have our share of selfish people bt if u come to sl and look around u can see that people really help each other,,,, i witness it every day… but unfortunately we srilankan’s really struggle to meet the ends so for us feeding some one who doesnt have food looks important than donating for a video game… as u may have heard there are people who starve in sl, remember the news paper articles about the mother who eat and fed her children karawila,, well the truth is no one one helped her before she was exposed on media,,, u might wonder why, the answer is every one else around her share the same fate, they dont have anything to give to the poor as they themselves are poor,,, now u may ask why cant u help poor people,, well i would love to help and i do help people i can reach out to……..the simple truth is people have time and money for everything else once they are bellys are full, u cant say bana to a man in hunger,, movies are a good thing and we should help them,,,,, bt CAN WE AFFORD TO HELP THEM ????????????

    • arunishapiro said, on මාර්තු 23, 2014 at 3:13 ප.ව.

      Ish Fernan,

      මගේ නිවහන (home) තියෙන්නෙ ඇමෙරිකාවේ. ඒ නිසා නිවහනෙන් නොව ලංකාවෙන් පිටවෙලා ගොඩක් කාලයක් ගෙවිලා ගිහින් කිව්වොත් නිවැරදියි. රටකින් පිටත හිටියට, එය නිවහන ද නොවුනට, එරටේ සිද්ධ වෙන දේවල් ගැන නොදන්නවා කියල හිතන්නෙ ඇයි?

      ඇමෙරිකාවේ අය විඩියෝ ගේම් හදන්න කරළියෙන් අරමුදල් සෙවිල්ලට ත්‍යාගශීලී වුනා කිව්වම එයින් කියන්නේ ලංකාවේ වැසියන් ආත්මාර්ථකාමී අය කියා නොවේ. ස්වභාවයෙන්ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන්. (ඔය සටහන දැම්ම දවස්වල මගේ නිරුවත් පින්තූර තියෙනවා කියල දාපු එහෙම ඒවා තිබ්බෙ නැති සටහනක් අන්තර්ජාලයේ ගිය නිසයි අමුණන සිරස්තලයෙ එහෙම කොටසක් ලියලා තියෙන්නෙ!!) ලංකාවේ අය හිතන විදියක් තමයි කාසි වාසි ඇති අය ළඟ මනුස්සකම බොහොම හිඟයි යන අදහස. නමුත් මිනිස් ස්වභාවයේ සත්‍යය තත්වය හැම මිනිසෙක්ම ත්‍යාගශීලී අතර වැඩියෙන් ධනවත් අයට වැඩියෙන් ත්‍යාගශීලී වෙන්නට හැකියාව ඇති නිසා ඔවුන් සත්‍යයෙන්ම ත්‍යාගශීලී වෙන බව පෙන්වන දත්ත දකින්නට තිබීම.

      ඔයා දිනමිණ පත්තරෙන් විනීතා මහත්මිය කරවිල ආහාරයට ගත්තෙ කන්න නැති නොවෙයි, දරුවන්ට පොවන්න කිරි එරෙන්න ඕන නිසයි කියලා කියෙව්වෙ නැත්ද?

      මිනිස්සුන්ට වෙන දේවල් කරන්න වේලාව සහ මුදල් තියෙන්නෙ ආහාර උවමනාව පිරිමසා ගත්තට පසුව බව හැබෑව. ඒත් අද ලෝකයේ කුසගින්නේ ඉන්නට යම් අයෙකුට සිද්ධ වෙලා ඇත්නම් ඒ කුමක් නිසා දැයි හොයල බැලුව ද?

      අනිත් අයට දෙන්නට එයාට නැහැ එයත් දුප්පත් නිසා කියද්දී ඔවුන් හැමෝම දුප්පත් බැවින් ඉන්නෙ ඇයි මන්ද කියා හොයල බැලුව ද?

      ලංකාවේ කන්න නැති අයට ආහාර තෑගි කිරීම අපට වැඩියෙන් වැදගත් කියද්දි දුප්පත් ලංකාවේ මිනිස්සු මැතිවරණ වලට සල්ලි තෑගි කරන්නෙ, විසල් බුදු පිළිම හදන්නෙ, හාමුදුරුවන්ට සිංහාසන වගේ රත්තරන් පුටු එහෙම තෑගි කරන්නෙ ඇයි කියල හොයල බැලුව ද?

      අනිත් අයට උදව් කරන්න අපිට හැකියාවක් ලැබෙන්නෙ බඩ පිරෙන්න කෑම වේලක් තෑගි කරලා නෙමෙයි. එතකොට වෙන්නෙ ඒක ගිල දාලා ආයෙත් ඊ ළඟ දවසෙත් බඩගින්න හැදුනම හිඟාකන්න ඔවුන්ව පුරුදු කරන එකයි. දුප්පත්කමෙන් ගොඩ එන්න පුළුවන් ඉදිරි සෑම ආහාර වේලක්ම උපයා ගන්න ඔවුනට හැකිවෙන සමාජයක් බිහිවෙන්නේ කොහොමදැයි අපි අවබෝධ කර ගත්තාම.

      මෙහෙම සල්ලි හිඟා කාලා සිනමා නිර්මාණ හදන්න තරම් ලංකාවේ වාසය කරන ලෝක ප්‍රසිද්ධ සිනමාකරුවා දුප්පත් වෙලා තියෙන්නෙ ඇයි කියලා අවබෝධයෙන්!!!!!!

  5. Ish Fernan said, on මාර්තු 25, 2014 at 10:00 ප.ව.

    k karawila story was just an example but after dinamina as u may know is full of crap and after the dinamina article there was another news paper article on the same paper which found them sayin the government officials came and scolded that family for speaking to th press, believing or not believing the dinamina fabrications are up to u,,,,,,ok it seems like u have reposted questions at me with out understanding what is i really meant.. well, u can say when u see a hungry man dont give him a fish give him a fishing net. thats also , but ur question of why people are poor the simple answer is the resources are not divided equally ( we are nt talking abt socialism) but lets say education , as an example the karawila lady has i think 3 or 4 kids, if she was educated enough she wouldnt make that bold choice to have kids that she cant support and may b use birthcontrol…………and . නමුත් මිනිස් ස්වභාවයේ සත්‍යය තත්වය හැම මිනිසෙක්ම ත්‍යාගශීලී අතර වැඩියෙන් ධනවත් අයට වැඩියෙන් ත්‍යාගශීලී වෙන්නට හැකියාව ඇති නිසා ඔවුන් සත්‍යයෙන්ම ත්‍යාගශීලී වෙන බව පෙන්වන දත්ත දකින්නට තිබීම. and speaking of data bases i guess philanthrophy gives u tax benifits in usa, and once in a while u get people like warren buffett but in general all donations have a certain return attached to it, im talkin abt usa,,u give money and u want that money used for a cause of ur choice ( thats what NGO’s like world wishion does ) i m nt saying its wrong.. and i guess that the covnersation has moved so far frm handagama .i still say people have burining issues in SL rather than worrying abt a movie.so may be once our economy comes up to usa level it might work,,,seriously i wish i had more time to read and device a good comment, but im running late ..

    • arunishapiro said, on මාර්තු 27, 2014 at 9:00 පෙ.ව.

      Ish Fernan,

      කවුරු කියාදුන් සාධාරණ විදියට බෙදන ක්‍රමය ද නිවැරදි?

      අනුන් සතු වූවක් වෙනකෙකුට බෙදීම නිවැරදි යැයි සිතීම සමාජවාදය නොවේ නම් එය කුමක් ද?

      දරුවන් කොපමණ දෙනෙක් හදන්නේ ද යන්න කාගේ තීරණය විය යුතු ද?

      තමන්ට දරුවන් මෙපමණ සංඛ්‍යාවක් හදන්නට නම් මෙපමණ ආදායමක් තිබිය යුතුදැයි කාගේ තීරණයක් විය යුතු ද?

      තමන්ට දරුවන් මෙපමණ සංඛ්‍යාවක් හදන්නට නම් මෙතරම් අධ්‍යාපන මට්ටමක් තිබිය යුතුදැයි කාගේ තීරණයක් විය යුතු ද?

      උපත් පාලනය කාගේ තීරණයක් විය යුතු ද?

      ධනය පරිත්‍යාග කරාම බදු සහන ලැබෙන බව සත්‍යයක් වුවත්, එසේ දානය කරන්නේ තමන් උපයාගත් ආදායමයි. වෙනස ආණ්ඩුවට බදු වශයෙන් ගෙවීම වෙනුවට තමන් කැමති 501 c 3 සංවිධානයකට දීමයි. දෙකෙන්ම සිද්ධ වෙන්නේ තමන් උපයාගත් ධනය තමන්ට පරිහරණයට අවස්ථාව නැති වී යාම නොවේද? එහි දී අධ්‍යාත්මික පින අයෙක් වටිනා යැයි තක්සේරු කළත් ආර්ථික ලාබයක් නැත.

      ලංකාවේ අයට පවතින දැවෙන වාදපද මොනවාදැයි අවබෝධයට නොහැකියාව ඔබ වැනි අය විසින් දරණ සමාජවාදී මතවාදයයි. අනුන්ට හොඳ මොනවාදැයි තමන් දන්නවා යැයි කියමින් ජනතාව නොමඟ යවා ඇති නිසාම ඔවුන් අතර උත්සාහවන්තයන්ට පවා බංකොළොත් ආර්ථිකයෙන් ගොඩ එන්නට ද නොහැකියාව වටහා ගන්නට උත්සාහ කරන්න. ලංකාවේ ආර්ථිකය ඇමෙරිකන් මට්ටමකට එන්නට ඇති එකම බාධාව එය මිසෙක රටේ ඔබ දුප්පතුන් යැයි කියා වර්ගීකරණය කරන අයට ඔබ සුදුසු යැයි සලකන අධ්‍යාපනය නැතිකම නොවේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: