අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් ප්‍රෝඩාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 23, 2014

හසල් (hustle) යන වචනයෙන් අදහස් වෙන්නේ කඩිමුඩියේ චාරයක් නැතිව යම් පැත්තකට දක්කාගෙන යෑමකි. එසේම බලහත්කාරකමක්, වංචාවක්, ප්‍රෝඩාවක් යන අර්ථයන් ද එයින් කියැවේ.

ඇමෙරිකන් ප්‍රෝඩාව නොහොත් American Hustle (2013) චිත්‍රපටිය වෙනත් සම්මාන දිනාගත්ත ද ඔස්කා උළෙලේ දී නාමපත්‍ර දහයක් හිමි වී ඉන් එකකදු දිනන්නට සමත් නොවීය.

තිරයේ දැක්වෙන “මේවායෙන් සමහර දේවල් ඇත්ත වශයෙන් ම සිද්ධ වූවා,” යන වාක්‍යයෙන් චිත්‍රපටිය දිග හැරෙයි. ප්‍රබන්ධයට පාදක වූ සත්‍ය සිද්ධිය Abscam නමින් 1970 ගණන් අග සහ 80 ගණන් මුල දී සිද්ධ වූ FBI ඒජන්සියේ මෙහෙයුමකි. හොරබඩු ජාවාරමේ යෙදනවුන් අල්ලන්නට දියත් කළ ඒ මෙහෙයුම පසුව දූෂිත දේශපාලනඥයන්ව කඩිමුඩියේ සිරගෙයට දක්කාගෙන ගිය සාර්ථක වෑයමක් විය. කොංග්‍රසයේ එක් සෙනෙට් සභිකයෙක් සහ නියෝජිත සභාවේ හය දෙනෙක් ද, නිව් ජර්සි ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙක් ද, ෆිලඩෙල්ෆියා නගර සභාවේ සාමාජිකයන් ද, නිව් ජර්සි හි කැම්ඩන් නගරාධිපති ද, ආගමන හා පුරවැසි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ද සිරගත වූ ප්‍රෝඩාකරුවන් අතර වූහ.

ෆ්ලෝරිඩා හි රිචඩ් කෙලි ඒ වැටලීමේ දී අල්ලස් චෝදනාවට ලක් වූ එකම රිපබ්ලිකන් පක්ෂ දේශපාලනඥයා විය.

ධනවාදයට එරෙහි වූ මතවාදයෙන්, පුද්ගලික ව්‍යාපාරයන් හෑල්ලු කරන විහිළු වලින්, නිශ්ප්‍රභා කරන ලද මාක්ස්වාදී න්‍යායන් ඔප්පු කරන ලද සත්‍යයන් ලෙසින් දක්වමින් ඇමෙරිකන් සාහිත්‍යයෙන් සහ ඇමෙරිකන් සිනමාව තුලින් බහුලව දකින්නට ලැබෙන්නේ 1995 පමණ දී. ගෘහණියන් කියවන ඩොලර් හතයි අනූනමයේ ඇමෙරිකන් රොමැන්තික නවකතා තුලට පවා රිපබ්ලිකන් පක්ෂයේ අයට එල්ල වූ අවඥා සහගත වදන් රිංගා ගැනීම එතැන් පටන් දකින්නට ලැබෙන සාමාන්‍යයක් බවට පත්වුණි.

The Daily Show වැඩසටහන ඒ රැල්ලේ මුදුන් මල්කඩ ලෙස දැක්විය හැකියි. සමාජවාදී අදහස් වලට අකමැති අයවත් විහිළු තහළු වලින් එම වැඩසටහනේ ප්‍රේක්ෂකයන් බවට හරවා ගන්නට ඔවුන් සමත් වූහ.

මූලධනය හිමියන් විසින් ශ්‍රමිකයාව සූරාකනවා යන මාක්ස්වාදී න්‍යාය (ශ්‍රමයේ අතිරික්ත වටිනාකම ගැන විචාරාත්මක කෙටි රචනාවක් දැන් සිංහලෙන් මෙතැනින් කියවන්නට පුළුවනි) වපුරමින් ජනතාව මුලා කරන්නේ කාගේ කුමන අරමුණු සාක්ෂාත් කරගැනීමට දැයි බහුතර ජනතාවක් තවමත් නොදැකීම සහ නොසොයා සිටීම ඕනෑම රටක වාසය කරන සෑම දෙනාගේම අභාග්‍යයකි.

ජිම් ක්‍රෝ නීති ගෙනැවිත් සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කරන ලද්දේ දකුණු ප්‍රාන්තවල ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනතා නියෝජිතයන් බව නොදන්නා ඇමෙරිකන් වැසියන් සුළු ජාතිකයන්ට විදේශික සංක්‍රමණිකයන්ට අකමැත්තේ රිපබ්ලිකන් පක්ෂයේ ජනතා නියෝජිතයන් යැයි මුලාවී සිටිති.

අර්නෙස්ටෝ ගුවේරා ගැන දන්නේ 1993 දී ප්‍රකාශිත වූ ඔහුගේ මෝටර් සයිකල් දිනපොතෙන් පමණි. චේ සහභාගී වූ කියුබන් විප්ලවයේ දී කැස්ත්‍රෝ-චේ දෙදෙනා නිසා ලක්ෂයකට වඩා කියුබන් ජනතාවක් ඝාතනය වූ බවත්, තවත් 77,883 ක් පලා යද්දී මුහුදේ ගිලී මැරුණ බවත් දත්ත පෙන්වූව ද එය නොසලකා හරිමින් නෙල්සන් මැන්ඩෙලා විශ්වාස කළ විදියටම නිදහස අගයන සෑම මනුෂ්‍යයෙකුටම චේ ගුවේරා ප්‍රබෝධයක් ගෙනෙයි කියමින් සතුටු වෙති.

‘බටහිර කුමන්ත්‍රණ’ ගෝනිබිල්ලා ගැන අසා බියට පත්ව සිටින ලෝක ජනතාව රුසියාවේ ව්ලැඩමියර් පූටින් ක්‍රයිමියාව ආක්‍රමණය කරන ලද්දේ රුසියන් යුද්ධ ටැංකි යවා බව නොසලකා හරිති. ක්‍රයිමියාවේ ජනමත විචාරය අවිගත් අය නොමැති නිදහස් වාතාවරණයක සිද්ධ වූවක් සේ සමාජවාදය ප්‍රිය කරනවුන් පෙන්වති.

වෝල් වීදියේ ලැග්ග උද්ඝෝෂකයන්ගේ Occupy Wall Street ගැන සිංහලෙන් එදා සුලබව කියවන්නට හැකි වුවත් අද වෙනෙසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝගේ පාක්ෂිකයන් මෝටර් සයිකල් වලින් ඇවිත් රජයට විරුද්ධ උද්ඝෝෂණකරුවන් වෙඩිතබා ඝාතනය කරන බව, 450 ක් තුවාල ලැබූ බව, 31 ක් මිය ගිය බව, නිලධාරීන් 15 ක් සිරගත කරන ලදැයි යනාදිය කියවන්න කොතැනින් හැකිද?

යුක්රේනයේ සහ වෙනෙසියුලාවේ වැනි සමාජවාදී රටක හටගන්නා අරගල වල දී මිනිසුන් මිය යද්දී ඒවායේ නියැළෙන්නේ දක්ෂිණාංශයට බර ෆැසිස්ට්වාදීන් යැයි කියා තතු නොවිමසන සමාජවාදීන්ව රවටත හැකියි.

ඇමෙරිකන් ප්‍රෝඩාව චිත්‍රපටියේ ඒ අල්ලාගත් වංචාකාර බහුතරය ඩෙමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයන් යැයි කිසිම සඳහනක් නොවූයේ ඇයි?

ජිම් ක්‍රෝ නීති ගෙනැවිත් දකුණු ප්‍රාන්තයන්හි කළු ඇමෙරිකන් අයගේ සිවිල් නිදහසට එරෙහි වූයේ ඩෙමොක්‍රැටික් පක්ෂයේ නියෝජිතයන් යැයි සුපතළ නොවන්නේ ඇයි?

මැලේසියන් ගුවන්යානාව අතුරුදහන් වීම ගැන අනේක විස්තර සිංහලෙන් ලියැවෙද්දී වෙනෙසියුලාවේ වර්තමාන තත්වය ගැන කියවන්නට නැත්තේ ඇයි?

ෆැසිස්ට්වාදීන් අද ඉන්නේ රුසියාවේ වුවත් ඒ ගැන කතාබහ කරනවා වෙනුවට වික්ටෝරියා නුලන්ඩ් පුද්ගලික දුරකතන ඇමතුමක දී යුරෝපා සංගමයට #@%*! යැයි කියූ අසභ්‍ය වදන හේතුවෙන් ඇමෙරිකාව මෙහි දී කටයුතු කර තිබෙන්නේ යුරෝපා සංගමයටත් වඩා තරමක් සටන්කාමී ආකාරයකටයි යැයි සිංහලෙන් ලියැවෙන්නේ ඇයි!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. amalpasanna said, on මාර්තු 24, 2014 at 1:45 පෙ.ව.

    ධනවාදී ඇමරිකාව හැදුවෙ රුසියාව වටලන්න රටක් අල්ලන අතරෙම ක්‍රිමියාවෙ
    නාවුක කදවුරත් සමාජවාදී රුසියාවට අහිමි කරන්න ඉතිං රුසියාව තමන්ගෙ බලය
    යොදාගෙන ඒක වැලකුව. ලංකාවෙ අපිට කුමන්ත්‍රණ කරන ධනවාදී ඇමරිකන් විරුද්ධ,
    සමාජවාදය තමයි පට්ට කියල ලියනය ඒව බල බල රුසියාවට හුරේ දානව.

    • arunishapiro said, on මාර්තු 25, 2014 at 7:56 පෙ.ව.

      amalpasanna,

      ඇමෙරිකාව වර්තමානයේ ධනවාදී යැයි කීම වැරදියි. බලහත්කාරයෙන් බෙදා දෙන හැටි දන්නවා කියන රජයේ මැදිහත්වීම් වැඩිවී ඇති මෙහි ඇත්තේ සමාජවාදී ක්‍රමයේ ආණ්ඩුවක්. ඊ ළඟට //ඇමෙරිකාව හැදුවෙ රුසියාව වටලන්න රටක් අල්ලන අතරෙ// කියන එකත් වැරදියි. රාජ්‍ය තාන්ත්‍රිකයන් රාජ්‍ය නිලධාරිවාදයෙන් තම රැකියාවල් සාධාරණීය කරගන්න නිතර පාහේ අනුන්ගේ රටවල අභ්‍යන්තර කටයුතු ගැන අත පෙවීම සෑම රටක්ම විසින් කරන්න හැකිනම් කරන දෙයක්. එහෙම හැකියාවක් නොමැති පුංචි ලංකාව වගේ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයන් හා විද්වතුන් කරන්නේ කුමන බලවත් රටට හේත්තු වෙන්න ඕනෑදැයි පුංචි රටේ දේශපාලනඥයන්ට සහ ජනතාවට දැනමුතුකම් දීමයි.

      ක්‍රයිමියාවේ නාවුක කඳවුරට වඩා ක්‍රයිමියාවේ වරාය රැසියාවේ තෙල් යුරෝපීයයන්ට හා සෙසු රටවලට විකිණීම සඳහා රුසියාවට අවශ්‍ය වූවක්. මේ දිනවල චීනයේ හැදුවා කියන බඩු කොච්චර දකින්නට ලැබුනත් made in russia කියලා දකින්න තියෙන්නෙ අර එකක් ඇතුලට එකක් රිංගවන්න පුළුවන් මතෘෂ්කා බෝනික්කො විතරයි. ඉතින් තෙල් වෙළඳාමට හැකි වරාය යුරෝපීයයන්ට වාසිදායක නිදහස් වෙළඳ සබඳතා ගිවිසුමකින් ක්‍රියාත්මක වුවහොත් එවිට යුරෝපා සංගමයේ නීති රෙගුලාසි වලට යටත් වෙන්නටත් සිද්ධ වීම රුසියාවට හෙන පාඩුයි.

      අනික, යුරෝපීයයන්ට රැසියන් තෙල් නැතිවුනොත් සීතලේ මැරෙන්නයි වෙන්නෙ. යුරෝපීය යුනියන් පාර්ලිමේන්තුවේ ආඥාවක් අනුව 2020 වෙද්දී යුරෝපීයයන් තම රටවල් හි ඉන්ධන අවශ්‍යතාවයෙන් 30% ක් පුනර්ජනනීය ඉන්ධන වලින් සැපයිය යුතුයි කියන රෙගුලාසියක් ඔවුන් හදාගත්තේ ද රුසියාවේ යැපෙන එකෙන් ගැලවෙන්නට. නමුත් ඒ හැකියාව ඔවුනට ලැබේවිදැයි සැක සහිත ඒ සියළු වෑයම් මහා විසල් යුරෝපීය යුනියන් පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩු සැලසුම් වලින් දියත් කෙරන නිසයි.

      රුසියාවේ තෙල් වලින් ධනවත් වෙන්නට හැකියාව ඇත්තේ පූටින්ට එරෙහි නොවී ඉන්න වරප්‍රසාද ලත් කොටසකට පමණයි. රැසියාවේ හදන බඩු කියා ලෝක වෙළඳපොලට යමක් ඉදිරිපත් කරන්නට ඒ හේතුවෙන් හැකියාව නැති නිසා බහුතර රුසියන් ජනතාවක් හැමදාම දුප්පත්කමෙන් පෙළෙමින් තමන්ගේ හිතසුව පිණිස කටයුතු කරන ආණ්ඩුවෙන් බෙදා දෙන යමකට අල්ල පාමින් සිටිනු ඇත.

      ඉතින් තමන්ට සැප සම්පත් උදාවෙන්නේ ආණ්ඩුවෙන් ගෙනෙන ප්‍රතිපත්ති වලින් යැයි ප්‍රෝඩාව ගිල සිටින නිසා, (ලංකාවේ අපිට කුමන්ත්‍රණ කරන ධනවාදී ඇමෙරිකන් ගෝනිබිල්ලාට රැවටෙන අය වගේ) එදා ප්‍රංශයෙන් පටන් ගෙන තවමත් එලෙසම මිනිස්සු සිංදු කියන හැටි ඔබට ඇසෙනවා ද?

  2. magenama said, on මාර්තු 25, 2014 at 2:04 පෙ.ව.

    මේකනේ අක්කේ වැඩේ.ලංකාවේ යුද්ධේ තියෙද්දි සමහරු මෙහෙ හිතන් හිටියේ වෙන රටකට කියලා කොටියට ගස්සවලා හුරේ දාන්න පුළුවන් නම් හොඳයි කියලනේ.එක පාරක් උතුරේ යුද්ධේ දරුණු වෙද්දි එක මාධ්‍යයක් කියනවා ඉන්දියන් සාගරයට ඇමරිකානු යුධ නැව් එමින් තියෙනවා,බය වෙන්න එපා කියලා…
    දැන් වෙන්නෙත් පුටින් බැරි නම් පිට සක්වලයෙක් පෙන්නලා හරි අසාර්ථක වෙච්ච ප්‍රතිපත්ති ආයිමත් කරළියට ගේන්න සෙල්ලම් දාන එක.මොකද ඔවා ඡන්දේදි ලස්සනට market කරන්න පුළුවන්නේ.

    • arunishapiro said, on මාර්තු 25, 2014 at 7:58 පෙ.ව.

      magenama,

      ඔව් මල්ලි, ආණ්ඩුව යනු ජනතාවගේ උන්නතිය සඳහා පෙනී සිටින ආයතනයක් යයි මුලාව ගිල්ල බහුතරයක් සිටින තාක් කල් ඔහොම රවටන්නට හැකියි.

  3. […] විසින් ක්‍රයිමියාව ආක්‍රමණය ගැන දී ඇමෙරිකන් සටන්කාමීත්වය ගැන ලියැවුනා ම… වෙනෙසියුලාවේ රාජ්‍ය පීඩනය ගැන හෝ […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: