අරුණි ශපීරෝ‍ වෙතින්

ප්‍රාග්තන යුගයට යන ලංකාව

Posted in Uncategorized by arunishapiro on අප්‍රේල් 26, 2014

Screen Shot 2014-04-26 at 8.30.54 PM

මෙය ප්‍රබන්ධයක් දැයි නැද්දැයි සිතාගත නොහැක්කේ “සංසාර ගමනක කතාව” කියා සඳහනක් තිබුණත් සටහන දැනුමක් බෙදන ආකාරයකින් හා අනුගමනය කළ යුතු පිළිවෙතක් සමඟ ලියා ඇති නිසා සහ, ලියන්නාව ශාස්ත්‍රාචාරිණී, මනෝ විද්‍යාවේදී විශ්ව ශක්ති යනාදී හැඳින්වීම් සහ ඡායාරූපයක් ද සමඟ පළවෙන නිසා ඇය උපදේශිකාවක් සේ හැඟෙන සේ ලියා ඇති නිසායි. එසේ හැඳින්වෙන ගංගා සුදර්ශනී, 2014 අප්‍රේල් 22 සඳුදා නවලිය පත්‍රයෙන් ඔබේ ආදරණීය දියණියට යහපත් සහකරුවෙක් ලබා ගැනීමට උපදෙසක් ලියා ඇත.

විශ්ව ශක්ති (එය ලබාගන්නේ කුමන කෞශල්‍යයක් වර්ධනයෙන් දැයි හෝ මොන පාඨමාලාවක් අනුගමනය කිරීමෙන් දැයි නොදන්නා නිසා සමහර විට ඒ ඇයගේ නමේ කොටසක් දැයි සිතේ!!!) ගංගා සුදර්ශනී කියනා විදියට ඔබේ දියණියට යහපත් සහකරුවෙක් ලබා ගැනීමට නම් කළ යුත්තේ, නොකඩවා දින 21 ක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිහිපත් කරමින් අබ තෙල් පහනක් දල්වා එය විශ්වයෙන් ඉල්ලා සිටීමයි!!!!!

ඇය මොන ශාස්ත්‍රයක් හදාරා ඇත්දැයි ශාස්ත්‍රාචාරිණී පට්ටමෙන් දැනගත නොහැකියි.

එසේම ඇය මොන මනෝ විද්‍යාවේදයක් හදාරා ඇත්දැයි සටහනේ ලියා ඇති දේවල් වලින් ද පහදා ගත නොහැකියි.

විශ්ව ශක්ති යනු පට්ටමක් ද? නම්බු නාමයක් ද? ජොබ් ටයිටල් එකක් ද? නිල බලයක් ද? විශේෂ හාස්කම් හැකියාවක් ද? මේවට රැවටෙන කාන්තාවන් ලංකාවේ නැත්නම් කාන්තා සඟරාවක් මෙවැනි සටහනක් පළ කරන්නේ ඇයි?!!!!

සටහන කියන විදියට දින 21 ක් අබතෙල් පහනක් නොකඩවා දල්වා කාශ්‍යප මහ රහතන් වහන්සේ සිහිපත් කර දියණියට යහපත් යුගදිවියක් ඉල්ලා සිටීමෙන් “විශ්වයේ සාරවත් බලශක්තිය” ඔබට සවන් යොමු කරනවා නොඅනුමානලු!!!!!

ඇයි අබතෙල් පහනක්?

ඇයි කාශ්‍යප මහ රහතන් වහන්සේ? ඇයි කෙළින්ම බුදුහාමුදුරුවන් ගෙන් ඉල්ලන්නෙ නැත්තෙ?

විශ්වයේ සාරවත් බලශක්තියේ අවධානය යොමු කරවා ගන්නට දවස් 21 ක් පත්තු කරන අබතෙල් පහනකට වඩා Nova සර්ච් ලයිට් එකකින් එක දවසින් කරගන්න බැරි ද?!!!

වරප්‍රසාද ලත් පිරිසකට එක විදියකටත් බහුතර මහජනතාවට වෙන විදියකටත් රටක නීතිය ක්‍රියාත්මක වෙද්දී එරටේ වැසියන් මිථ්‍යාමතයන්ට රැවටීම වැඩි වැඩියෙන් සිද්ධ විය. එය ඉහළ සාක්ෂරතාවයක් තිබූ සෝවියට් රුසියාවේ දී හෝ පහළ සාක්ෂරතාවයක් තිබූ අප්‍රිකානු රටවල දී හෝ කියා වෙනසකින් තොරව දකින්නට ලැබුණි.

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. […] ප්‍රාග්තන යුගයට යන ලංකාව […]

  2. Thilina Peeris said, on අප්‍රේල් 27, 2014 at 3:23 පෙ.ව.

    As a Buddhist I believe in rebirth, According to historical sources Sri Lanka had a huge cattle stock in the past, now it seems these animals have been getting human rebirths in a country called Sri Lanka. Have a look at this link they do this only because common people are fools. https://www.youtube.com/watch?v=01QerOakh0w

    • arunishapiro said, on අප්‍රේල් 27, 2014 at 1:37 ප.ව.

      Thilina Peeris,

      විඩියෝ ලින්ක් එකට ස්තූතියි!! 🙂

      හැබැයි ඔයා කියන අද ගොන්නු වැඩිවෙලා තියෙන තර්කයට නම් එකඟ වෙන්න බෑ. ගොන්නු වෙලා ඉපදෙන්න ඕනෑ සාමාන්‍ය ජනතාව ගොනාට ඇන්ඳ වූ සූරාකන ධනපතියන් වෙතින් ආරක්ෂා කරමින් අහිංසක ජනතාවගේ සුභ සිද්ධිය සඳහා නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනය යැයි මේවායේ සත්‍යය අසත්‍ය වටහා ගන්නට නොහැකි අධ්‍යාපනයක් බෙදපු අය නොවේ ද?!!!!

  3. Amila Gammudali said, on අප්‍රේල් 27, 2014 at 8:31 පෙ.ව.

    අවධානය යොමුකරාට ස්තූතියි. තව කොච්චර මේ වගේ දේවල් තියෙනවාද? වගකිවයුතු පුවත්පත් කෙලින්ම මේවාට අනුග්‍රහය දීම පුවත්ප‍තේ නිර්මාණශීලීත්වයේ දුර්වලතාව මොනවට පෙන්වයිද?

  4. wicharaka විචාරක said, on අප්‍රේල් 27, 2014 at 12:45 ප.ව.

    මෙව්වා ලිපි නෙවෙයි අනේ. මෙව්වා ලංකාවේ කාන්තා පත්තර සහ සති අන්ත පත්තරවල පලවෙන එක්තරා වෙළඳ දැන්වීම් විශේෂයක්. පෙනෙන්නේ ලිපියක් වගේ, නමුත් ඇතුලෙන් තියෙන්නේ වෙළඳ ප්‍රචාරයක්. සමහරවිට මේවා පත්තර කන්තෝරුවට මුදල් ගෙවා පළකරන්නේ. අරුණි දන්නේ නැද්ද ලංකාවේදී ඕනෙම කෙනෙකුට තමන්ගේ නමට ඉදිරියෙන් නොයෙන් නාම දාගන්න පුළුවන් කියලා. මමත් හිතාගෙන ඉන්නවා විශ්ව යුද්ධ ශක්ති, ත්‍රස්ත විනාශක, වැනි යෙදුමක් මගේ නමට ඉස්සරහින් දාගන්න.

  5. R.p. Susantha said, on අප්‍රේල් 27, 2014 at 10:43 ප.ව.

    විචාරක මහතා කියූ කාරණය හරි මේ එක්තරා වෙළද දැන්වීමක්. මම මෙයා ගැන දන්නවා. බොහොම පෞරාණික කතක්. එහෙමයි කියන්නේ. කොහොමින් කොහොමින් හෝ අපි අතිසාර්ථකව පසුපසට යන ගමනේ අපූරුවට යනවා. ඩයිනෝසර් යුගයට වැඩි ඈතක් නැහැ. 😀

  6. magenama said, on අප්‍රේල් 28, 2014 at 2:10 පෙ.ව.

    ඕක හිතලුවක්.අර ඉස්සර ලමයි අතරේ විශ්වාසයක් තිබුනේ මහ රෑ 12ට නිරුවතින් තනියම කණ්නාඩිය ඉස්සරහට ගියාම තමන් බඳින්න ඉන්න කෙනා පේනවා කියලා..අන්තිමට ඕක කරන්න ගිය යුවතියකට පිස්සු හැදිලා තිබ්බා.

    • arunishapiro said, on අප්‍රේල් 28, 2014 at 9:22 පෙ.ව.

      magenama,

      අගුල් දාලා වහන්න බැරි, දොර රෙදි වලින් පමණක් තිර දාන නිදන කාමර තියෙන රටේ ඔහොම ක්‍රමයක් ගැන නම් ඇහැව්වමයි. පිස්සු හැදිච්ච යුවතිය දැක්කෙ “ග්‍රීස් යකෙක්” වෙන්නැති!!!

      ලාංකික සමාජයේ අවිවාහක සහ වැන්දඹු කාන්තාවන්ට පිරිමියෙකුගේ රැකවරණයක් නැතිව සිටීමේ දී අත්විඳින්නට ලැබෙන හිංසා කරදර නම් ඕන තරම් පුංචි කාලේ ඉඳලා අද වෙනකම්ම අහන්නට ලැබිලා තියෙනවා. අනික් අතට නුසුදුසු විවාහයක් කරගත්තාම සැමියාගෙන් ගැහැට. ඉතින් එවැනි සමාජ පසුබිමක වැඩෙන කාන්තාවට බඳින්නෙ කවුද කියන එක ජීවිතයේ විශාල වැදගත්කමකින් යුතු වූවක්.

  7. Pradeep Jayatunga said, on අප්‍රේල් 28, 2014 at 3:21 පෙ.ව.

    //කාශ්‍යප මහ රහතන් වහන්සේ//
    මේක බුද්දාගමට විරුද්ද විකෘතියක් ( heresy ) කියල අර සේනාව වලියට යන එකක් නෑද්ද?

    අපි පොඩි කාලේ නූගත් අය අතර මිත්යා විශ්වාස හුගක් තිබුනත් උගත් වෘත්තිකයන් අතර ඒවා තිබුනෙ අඩුවෙන්. ඒත් දෑන් මේ රටේ වෘත්තිකයන් පමණක් නොව විද්යාඥයන් කියන සමහරකුත් මේවට ඉන්නව. ඒවට ගස්වල කිරණ, විශ්ව ශක්තිය ආදී pseudo -science යොදාගන්නව

  8. mppgunasinghe said, on අප්‍රේල් 28, 2014 at 3:37 පෙ.ව.

    අද තමා දින ගණනාවකට පසුව අන්තර් ජාලයට පිවිසෙන්න හැකි වුනේ. ඔබ කියන දේ බැලූ බැලූ මානවලින් දිස්වෙනවා. සාමාන්‍ය ජනතාව යථාර්ථයෙන් ඈත් කරවන, අන්දමන්ද කරවන පුවුත් හා තොරතුරු ගලාගෙන ගලාගෙන එමින් තිබෙනවා.විචාරක තුමාටත් මේවගේ ලියන්නැතුව අර කිව්ව උපාධිය ආරූඪ කරගන්න පමා නොවී කටයුතු කරන්නැයි මාත් ඉල්ලනවා.

  9. dhanush_c said, on අප්‍රේල් 28, 2014 at 8:21 පෙ.ව.

    me wage ewa ona tharan wenawa dan, mokak hari boruwak allagena minissu rawattanawa.minissuth mewata ahu wenawane….

    • arunishapiro said, on අප්‍රේල් 28, 2014 at 9:35 පෙ.ව.

      dhanush_c,

      “ස්නේක් ඔයිල් සේල්ස්මන්” කියලා කියන්නෙ ඔවුන් දැනුවත්වම ව්‍යාජ දේවල් විකුණන අයට. ඒත් අපිව හොර වෙළෙන්ඳුන් වෙතින් ආරක්ෂා කරන ආණ්ඩුවක් තියෙනවා කියල දැඩි නීති දාන ආණ්ඩුවක් ආවම ඊට මිනිස්සු රැවටෙද්දී, ආණ්ඩුවේ රැකවරණ ලබමින් ඉන්නා හොර වෙළෙන්ඳු සහ ආණ්ඩුව නොදන්නා හොර වෙළෙන්ඳු යන දෙකොටසම රටක වැඩිවෙනවා.

  10. සී.ජේ. විදානේ. said, on අප්‍රේල් 28, 2014 at 8:39 පෙ.ව.

    තුන්මාසෙන් රහත්භාවය දෙන පාඨමාලා අැති රටේ… මෙව්වා මොනවද?

    • arunishapiro said, on අප්‍රේල් 28, 2014 at 9:36 පෙ.ව.

      සී.ජේ. විදානේ.,

      නොමිලේ බෙදන නිදහස් අධ්‍යාපනය ලබන අයට බුද්ධාගම උගන්වන්නෙ කවුද දන්නෑ .. ඒත් තවමත් පෙළපාලි යන්නෙ උද්ඝෝෂණ කරන්නෙ නිදහස් අධ්‍යාපනය රැකගන්න, ඊට වියදම් වැඩියෙන් කරන්න කියලා!!!!

  11. Balasooriya Lansakara said, on අප්‍රේල් 28, 2014 at 12:24 ප.ව.

    meke thiyana maha kashypa saha abathel pahana nethuwa unath me wede hariyata kaloth prarthanawa ituwenna puluwan. eke mano widyathmaka sathyak.

    • arunishapiro said, on අප්‍රේල් 29, 2014 at 7:34 පෙ.ව.

      Balasooriya Lansakara,

      පුද්ගලයෙකු කරන ප්‍රාර්ථනාවක් ඉටුවෙන්න යන කාලය කොතරම් වූවක් දැයි කියන්න දන්නා මනෝවිද්‍යාඥයෙක් ලොව නැහැ.

      එහෙත් අයෙක් තමන්ට වෙනස් කරන්න උවමනා වූ හැදියාවන් (habits) වෙනස් කරගන්න වෑයමක් ගනිද්දී සාමාන්‍යයෙන් දවස් 21 ක කාලය දී ඊට හැකියාවක් ලැබෙන ගැන මනෝවිද්‍යාවේ අධ්‍යයන තුලින් සංවාදයට ලක් වී තියෙනවා. වෙනස් කරගන්න හදන හැදියාව, පුද්ගලයාගේ කැපවීම හා උනන්දුව මත එය දවස් 21 ක් වෙන්න පුළුවන් ඊට වැඩියෙන් හෝ අඩුවෙන් කාලයක් යන්නත් පුළුවන්.

      දවස් 21 ක් යම් පැතුමක් නොකඩවා ප්‍රාර්ථනයෙන්, අබ තෙල් පහන් නැතිව වුවත්, සිද්ධ වෙන්නේ එම පැතුම ඉෂ්ට කරගත යුතු වූවක් ද නැද්ද යන්න ඒ කාලය තුල දී තමන්ටම අවබෝධ වීමයි. තවමත් තමනට වැදගත් වූවක් නම් එය ඉෂ්ට කරගන්නට පුද්ගලයා අනතුරුව “ක්‍රියාමාර්ගයකට” පිවිසීම සිද්ධ වෙයි.

      ධනාත්මක චින්තනය අතකොළුවකි.

  12. nuwan prabhath said, on මැයි 13, 2014 at 7:27 පෙ.ව.

    Mehe minissunta podikale idalama free education ekak deelath me wage dewal wiswasa karana aya innawa kiyanne ehema free education ekak denna wiyadam karana salli okkoma gage mude damma wage. Rate hugak aya pampori gahanawa api thama loken free education ekak dena tika denekugen ekkenek, ape general population eke education level eka anith developing countries walata relatively high kiwwata terumak na. Newspaper ekakata me wage article ekak daanna kamathi una kenage knowledge eke idala pahalata okkogema oluwa his. Dakkahama duka hithenawa.

    • arunishapiro said, on මැයි 17, 2014 at 9:44 පෙ.ව.

      nuwan prabhath,

      ඔය විදියට ලිව්වම කියවන්න අපහසුයි.

      මෙවැන්නක් පාවිච්චි කළොත් කියවන්න කාටත් පහසු වේවි:
      http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
      http://www.branah.com/sinhala

      නොමිලේ බෙදන අධ්‍යාපනය නිසාමයි නිර්දේශ හදන අයගේ කැමැත්ත අනුව බෙදන දැනුම පමණක් බහුතරයට ලැබෙන්නෙ. මාක් සකර්බර්ග් විසින් 2010 සැප්තැම්බරයේ ඩොලර් මිලියන 100 ක් නිව් ජර්සි නගරබද පාසැල් සඳහා තෑගි කළා. එවක නිවාක් නගරාධිපති ඩෙමොක්‍රැටික් පක්ෂයේ කෝරි බුකර්. ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාරයා රිපබ්ලිකන් පක්ෂයේ ක්‍රිස් ක්‍රිස්ටි. ඔප්රා ව්‍රින්ෆ්‍රි රෑපවාහිනී වැඩසටහනක දී රටටම අඬබෙර ගහලා සල්ලි තොගය තෑගි කළේ. ඒත් සල්ලි ඔක්කොම වියදම් කළාට පස්සෙ දරුවන්ගේ අධ්‍යාපන තත්වයේ දියුණුවක් නැහැ.

      සල්ලි බෙදන සැලසුම් ගහන්න දේශපාලනය කරන අය හරි කැමතියි. ඒත් සල්ලි බෙදනවා වගේ දැනුම බෙදන්න බැරි බව පිළිගන්න අය අඩුයි. ධනය වගේම දැනුම ද එකතු කරගන්න සහ වැඩි කරගන්න කැමති අය ඉන්නවා නම් පමණක් තත්වයේ දියුණුවක් හටගන්නවා. අපේ සමාජයේ දියුණුවක් ඇතිවෙනවාට කැමති නම් අපි හොයන්න ඕනෑ එකතු කරගන්න සහ වැඩි කරගන්න කැමති අයට උදව් කරන්නෙ කොහොම ද කියල මිසෙක අනුන් වෙතින් අරගෙන තව පිරිසකට බෙදන්න කැමති අයට සහාය දෙන්නෙ කොහොම ද කියල නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: