අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් හෝම්කමින් උත්සවයක්

Posted in Uncategorized by arunishapiro on මැයි 12, 2014

IMG_0851

1688 දී එනම් යටත්විජිත ඇමෙරිකාවේ දී, බ්‍රිතාන්‍යයන් පත්කරන ලද මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාරයෙක් වූ ලෝර්ඩ් බල්ටිමෝර් විසින් මැතිව් ස්කාර්බොරෝ නැමැත්තාට අක්කර පන්සීයයක් ප්‍රදානය කරන ලදි. තෑග්ගක්ම නෙමෙයි මොකක් හරි කරපු සේවයකට කෘතගුණ සැලකීමක් වශයෙන් ලැබුණක්. 1800 වෙද්දී මේ වතුයාය හෝල් නම් පවුලේ අයිතියට පත්ව ඩබ්ලිව්. එස්. හෝල් නැමැත්තා එම වතුයායේ සිල්ලර කඩයක් පටන් ගන්නව.

ඒ පැත්තෙ භූමියේ උන්නතාංශය? (elevation) මුහුදු මට්ටමෙන් අඩි 13 ක් (මීටර් 4 ක්) විතරයි. කටකතාවේ එන විදියට තරුණයෙක් ගහකට නැඟලා බලද්දී සැතපුමක් ඈතින් තියෙන අත්ලාන්තික් සාගරය දැක්කලු. ඒ නිසා ගමට නම වැටෙන්නෙ Ocean View නොහොත් “සාගර දර්ශනය” කියල. 😀

2000 වසරේ දී 1006 ක් වූ ජනගහණය 2010 වෙද්දී 1882 ක් දක්වා ඉහළ ගිහින්.

ඉතින් ඔය තොරතුරු විකිපීඩියාවෙන්.

ලංකාවේ හෝම්කමින් එකක් කියන්නෙ මධුසමය ගතකරලා ආපහු ආවම ලැබෙන උත්සවයටනෙ. සමහරු ඒකට ඇට්හෝම් කියලත් කියනව. ඇමෙරිකාවේ හෝම්කමින් කිව්වොත් ඒක අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න දරුවන් සහ ඉගෙන ගත්තු දරුවන් සඳහා පවත්වන උත්සවයක්. ක්‍රීඩා දස්කම් පාන ලද දරුවන්ට විශේෂ තැනක් ලැබෙන උත්සවයක්. ගමේ සම්ප්‍රදායන් ලෝකෙට කියන දවසක්. ඒ වගේම පෙරහැරකින් ගමේ දක්ෂතාවයන් ලොවට හඬ ගාන දවසක්.

හැම කෙනෙකුටම නොමිලේ තමන් කැමති රසයකින් සහ කැමති ජාතියේ සීනි බෝල එක්කම අයිස්ක්‍රීම් එකකුත් ලැබුණ. අශ්ව කරත්තයකින් නගරයේ රවුමක් නොමිලේ එක්කන් ගියා. පුංචි ළමයින්ට නඟින්න කෘතිම කන්දකුත් හදලා තිබ්බ. ඒත් ඒකෙ නැඟපු අය අතර උඩට ගියාම අත්ලාන්තික් සාගරය දැක්කයි කියපු ළමයෙක්ව නම් හොයාගන්න මට බැරිවුණ!!!!

IMG_0811 IMG_0786 IMG_0792 IMG_0799 IMG_0814 IMG_0859 IMG_0819 IMG_0871

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. nuwan prabhath said, on මැයි 12, 2014 at 10:54 ප.ව.

    Sahena kalekata passe thama article ekak kiyawanna hambune university eke exam nisa 🙂 Aruni aunti ta mawa mathakada danneth na 🙂 Mama hithuwa homecoming kiyanne english word ekak nisa eka hamathanama ekama meaning eka wenna athi kiyala. baluwahama wenas ne. Saahennama wenas 😀 Ethakota honey moon eka gihin awahama kiyanne mokakda kiyala dana ganna asai 🙂 Mama Ocean city eka gana hoyala baluwa Wikipedia (http://en.wikipedia.org/wiki/Ocean_City,_Maryland) walata anuwa nam 2m kiyala thiyenne samahara wita average value eka wenna athi. Nathnam mama waradi page ekak balanna athi. Dan niwadu nisa aruni auntige thawa article tikak kiyawala balanna one 🙂

    • arunishapiro said, on මැයි 13, 2014 at 7:09 පෙ.ව.

      nuwan prabhath,

      මෙහෙ අය හනිමූන් ගිහින් ආවැයි කියල සාදයක් පවත්වන චාරිත්‍රයක් නැහැ. නිවාඩුවෙන් පස්සෙ වැඩට යනවා මිසක. ලංකාවේ සම්ප්‍රදායිකව හෝම්කමින් පැවැත්වීමට හේතුව දන්නවා නම් මෙහෙ එහෙම සම්ප්‍රදායක් ගොඩනැඟුනෙ නැත්තෙ ඇයි කියලත් හිතාගන්න පුළුවන්.

      මුහුදු නගරය = Ocean City තියෙන්නෙ මේරිලැන්ඩ් ප්‍රාන්තයේ. මෙම ගමේ නම මුහුදු දර්ශනය = Ocean View, තියෙන්නෙ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ. ඔව් දරුවා කියවලා තියෙන්නෙ වැරදි පිටුවක්.

  2. magenama said, on මැයි 12, 2014 at 11:43 ප.ව.

    දැන් ඉතින් ගොඩනැගිලි හදලා හින්දා සාගරය පේන්නේ නැතුව ඇති.ඒත් ඕන නම් හිතින් මවාගෙන රසවිඳින්න පුළුවන්.

    • arunishapiro said, on මැයි 13, 2014 at 7:19 පෙ.ව.

      Nethin Eha,

      ජාතික වීරයන් ඒ හෝ මේ අය වේ යැයි පිළිගන්නේ කවුද? ජාතියට අයිති හැමෝම ද? නැත්නම් තම ජාතිය අනිත් ජාති වලට වඩා මොන යම් විදියකින් හෝ වැඩියෙන් උතුම් යැයි සිතන අය ද?

      මම සිංහල ජාතියේ. ඒත් ඒ නිසා අනිත් ජාතියක අයෙක් ඉහළ හෝ පහළ යැයි සලකන්නේ නැහැ.

      මම ඕනෑම ජාතියක වීරයන් අගයනවා.

      ඊ ළඟට වීරයන් කවුදැයි සංවාදයක් පටන් ගන්න!!!!!

  3. wicharaka විචාරක said, on මැයි 13, 2014 at 3:23 පෙ.ව.

    අප්පොච්චියේ……මෙව්වා පෙන්නන්න එපා අරුණි. මෙහෙ ඉස්කෝලවල ප්‍රින්සිපල්ලාට දෙමවුපියන්ගෙන් සල්ලි එකතුකරන්න තවත් චාන්ස් එකක් කරගන්නවා මේ වගේ එකක් තියලා.

    • arunishapiro said, on මැයි 13, 2014 at 7:22 පෙ.ව.

      විචාරක,

      මතක් කළාට ස්තූතියි විචාරක. මේ උත්සවය ගමේ අය එකතුවෙලා කැමැත්තෙන් දෙන ආධාර වලින් සංවිධානය කරපු එකක්. එක පාසැලකින් පවත්වන ලද උත්සවයක් නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: