අරුණි ශපීරෝ‍ වෙතින්

ඔබට අවශ්‍ය මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් ද?

Posted in Uncategorized by arunishapiro on මැයි 19, 2014

දාස බවට යන පාරේ ගමන් කරන ලාංකිකයන් බහුතරය, තමන් පත්කරගත්ත මංකොල්ලාකාරයා පළවා හැර තම පාලනය සඳහා හොයන්නේ ඊටත් වඩා දැඩි ලෙසින් මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් යැයි නොදකිති. මංකොල්ලය කුමක්දැයි වටහාගෙන එය ප්‍රසිද්ධියේ හෙළා දකින්නෙක් ලංකාවේ තවමත් නැතිකම ඛේදයකි!!!!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය!!! ඒ නම පමණක් ප්‍රමාණවත් මංකොල්ලය කුමක්දැයි දන්නා අයට ඊට සහයෝගය නොදෙන්නට!!!

සමාජයක වාසය කරන එක එක පුද්ගලයා සාධාරණය ඉෂ්ට වෙන්නේ කෙසේදැයි වටහා ගනිද්දී පමණක් සාධාරණය ක්‍රියාවට නැංවෙයි. එසේ වටහා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව යම් සමාජයක වැඩි වෙන්නේ ද පුද්ගලයන් අතර සාධාරණ ලෙස කටයුතු කිරීම වැඩිවෙන අතර, ඒ පුද්ගලයන් සංඛ්‍යාව යම් සමාජයක අඩු වී යයි ද පුද්ගලයන් අතර අසාධාරණ බැවින් වැඩියෙන් කටයුතු කිරීම ද දකින්නට පුළුවන්.

වත්මන් ජනාධිපති පරදවන්නට පොදු අපේක්ෂකයෙක් පත්කරගෙන එකම එක කාර්යයක් ඉටු කරගන්නට, එනම් විධායක ජනාධිපති ධූරය අහෝසියට මාස හයක දී සමත් වී, ඉන්පසුව නැවත මැතිවරණයක් ගෙනෙන්නට අදහසක් ඔය කියන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරිපත් වී ඇත.

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක වැන්නෙක් විධායක ජනාධිපති ධූරය හෙබවූයේ නම් තනතුර අහෝසි කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කරු ජයසූරිය මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා ඇත. ඩඩ්ලි සේනානායක කොච්චර සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැප වූ අයෙක් දැයි පෙන්වන්නට කරු ජයසූරිය දක්වන උදාහරණය කියෙව්වාම ලංකාවේ බහුතරය මංකොල්ලය කුමක්දැයි නොදන්නකම හොඳටම පැහැදිලියි.

ඩඩ්ලි සේනානායක අගමැති ධූරය හෙබැවූ සමයේ පුද්ගලික අංශයේ සේවකයන් තම පඩි වැඩි කරන ලෙස ඉල්ලීමක් කළ විට හාම්පුතුන් එම යෝජනාවට විරෝධය පළ කළ නමුත් අගමැතිවරයා හදිසි නීතිය ප්‍රයෝජනයට ගනිමින් සේවකයන්ගේ යෝජනා අනුමත කිරීමට සහයෝගය ලබාදුන්…” ඉතින් වේතන නොහොත් ශ්‍රමයේ වටිනාකම වෙළඳපොල තීරණය කරන්නක් මිසෙක හාම්පුතුන්ට හෝ දේශපාලකයන්ට තීරණය කළ හැකි වූවක් නෙමෙයි යන්න නොදන්නා ඩඩ්ලි වගේ අයෙක්, විධායක ජනාධිපති වුනත්, අගමැතිව සිටිය දී හදිසි නීතියකින් පඩි වැඩි කරන්න අනුමැතිය දුන්නත්, එයා ඒකාධිපති පාලකයෙක් විදියට නෙවෙයිලු වැඩ කළේ?!!!! 😀

විධායක ජනාධිපති ධූරයට පෙර දේශපාලනයට කෝඩුකාරියක් වූ ලොව පළමු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණායක පාලනයේ දී ද සාධාරණ සමාජයක් උදෙසා ගෙන ගිය රටේ සැලසුම් තීරණය වූයේ ද මංකොල්ලය උත්කර්ෂවත් කරමිනි. අක්කර පනහට වැඩි ඉඩම් රජයට ගැනීම. පුරවැසියෙක් පරිභෝජනය කළ යුත්තේ මෙච්චරක් පාන් සහ මෙච්චරක් පිටි යැයි රජය තීරණය කිරීම!!!

ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකයක් තුලින් ධර්මිෂ්ඨ සමාජය උදෙසා කිව්ව ද, රටේ දියත් වූයේ සැලසුම්ගත ආර්ථිකයක මංකොල්ලය උත්කර්ෂවත් කරමිනි. මහවැලිය සහ අපනයන සැකසුම් කලාපය යනු රටේ ආර්ථිකය විවෘත කිරීම හෝ මහජනතාවට පැටවෙන ණය සහ බදු බර අඩු කිරීමක් නොවේ.

2011 දී ඔය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ආරම්භයේ දී “ජීවිතයට යුක්තිය” නමින් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වූ මාධ්‍ය හමුවක දී “අපි හැමෝම එකතුවෙලා කටයුතු කරන්න දැන් කාලය ඇවිල්ලා,” කියපු දයාසිරි ජයසේකර දැන් කවුරු එක්ක එකතුවෙලා කටයුතු කරන්නෙ හැබෑටම කවුරුන් වෙනුවෙන් ද දන්නෑ?!!!

කැමැත්තෙන් නොදෙන දෙයක් බලහත්කාරයෙන් ගැනීම මංකොල්ලයකි. ආණ්ඩුව ලවා නීතියක් පනවන ලද නිසා මංකොල්ලය සාධාරණ ක්‍රියාවක් වනුයේ නැත. අනුන්ගේ වැයෙන් තම මල්ල පුරවාගන්නේ මංකොල්ලකාරයායි.

ඔබට මෙතෙක් ලැබුනේ ද, අනාගතයේ ලැබෙන්නේ ද ඔබ ඉල්ලන දැයමයි!!!!

දයාබර පාඨකයෙනි, ඔබට අවශ්‍ය මංකොල්ලය උත්කර්ෂවත් කරන්නෙක් ද?!!!

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Shehan Senadheera said, on මැයි 19, 2014 at 6:59 ප.ව.

    බොහොම වැදගත් අදහසක් මතුකරලා තියෙන්නේ. අපි බොහෝ දෙනෙක්ට අමතක වෙලා හෝ අමතක කරවල තියෙන කාරණයක්.
    එදා වේල ආර්ථිකයක ගොදුරු බවට පත්වෙලා තියෙන අපි බොහෝ දෙනෙක්ට ඔය පණිවිඩය කොච්චර දුරට තේරුම් යයිද කියල නම් මට බරපතල සැකයක් තියෙනවා.

  2. ineshwickramaraja said, on මැයි 19, 2014 at 11:19 ප.ව.

    මැරෙන්න යන එකා තණ කොල ගහේ හරි එල්ලෙන්න බලන්නෙ, වාගෙ ලන්කාවෙ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ,,සමජ වාදයට අකැමැති JVP පෙන්නන්නවත් බැරි මිනිස්සුත් දැන් අහන්නෙ අනුර කුමාරගෙ කතා ,වෙන මුකුත් හින්දා නෙමේයි,මනසට පොඩ්ඩක් හරි සහනයක් දෙන කතා කියන හින්දා.අවිනීතියට,වන්චාවට,එකාදිපතිකමට එරෙහිව වචනයක් හරි කියන නිසා…ඉතින් එහෙම රටක නිවැරදි දේශපලන පක්ශයක් , චන්දය දෙන්න පක්ශයක් හොයගන්න එක මිනිස්සුන්ට මොනතරම් අමාරුද?

  3. Krishna Ramanayaka said, on මැයි 20, 2014 at 4:23 පෙ.ව.

    නිදහස් ආර්ථිකයක් පිළිබඳ ව ඒකීය පුද්ගලයන් සතුව පැවතිය යුතු දැක්ම හා කැපවීම රාජ්යව මංකොල්ලයේ අවසානයයි.ලංකාවේ මේ මංකොල්ලය කෙතරම් දරුණුද කියන්නේ නම් එකී මංකොල්ලයට එරෙහිව එනම් රාජ්යයයෙන් කරන බෙදීම් වලින් කෙනෙක් ඈත් වීමට කරන වෑයමේම එය විනාශ කරයි. අද ලංකාවේ කිසිදු පුද්ගලික ව්යායපාරයක් පටන්ගෙන ඉදිරියට පවත්වාගෙන යාම කිසිසේත්ම කළ නොහැකි කාර්යයකි. බොහෝ ව්යාගපාර රජය තමන් සන්තකයට ගෙන ඇත. අනෙක්වා ඔවුන්ගේ අනුදැනුම මතය. මා දන්නා එක් කාරණයක් කියන්නම් බස්නාහිර පලාතේ එක් ව්යාටපාරිකයෙක් පුද්ගලික ආරක්ෂක අංශයක් පවත්වාගෙන ගියේය. ලාබ ලැබූ මේ ව්යා්පාරයට කෙල හෙලූ රජය එය වහාම තමන් සන්තක කර ගත්තේය .එය තමාට හිතවත් හෙන්චයන් දමා කරගෙන යයි. ආර්ථිකයක් ගැන අබමල් රේණුවක් ගැන අවබෝධයක් ඇති රජයක් නම් කලයුතුය තිබු‍නේ අදාළ ව්යාහපාරිකයා තව තවත් ආයෝජන සඳහා පෙළබවීමයි. මේ ආකාරයටම හමුදාව හරහා ඉදිකිරීම් කිරීමද අපට පැහැදිළි කර ගත හැක . සිවිල් ආරක්ෂක අංශයෙන් අද බොහෝ තැන් වල බ්ලොක්ගල් විකිණීම කරයි. පුද්ගලික ව්යහවසායකයන් ගේ ඉතා කුඩා මට්ටමේ ව්යාෝපාරයක් වන එහි තතු එසේ නම් අන් ව්යාණපාරික අවස්ථා ගැන කියනු කවරේද? මේ සෑම දෙයක්ම ඒකීය පුද්ගලයා තමාගේ නිදහස රජයට පුදා ඇති නිසා විඳීමට සිදුවී ඇති කරුමයයි

  4. Krishna Ramanayaka said, on මැයි 20, 2014 at 4:59 පෙ.ව.

    ඔබ පරිවර්ථනය කල මම පැන්සල/ බැස්ටියාට්- නීතිය / වල්පොල රාහුල හිමි ගේ සත්‍යයෝදය යන පොත් කියෙව්වා ඔබට බොහොම ස්තූතියි .

  5. Pradeep Jayatunga said, on මැයි 20, 2014 at 5:43 පෙ.ව.

    Sri Lankan situation has become so bad that something is vastly better than nothing. We can’t hope for even the “least bad” but for only “just a little bit less bad” . Hope you get my meaning – strive for a teeny weeny bit of improvement and thereafter hope that a trend of slow improvement will begin. As far as good governance is concerned, it is difficult to get worse than this short of a de facto AND de jure dictatorship.

  6. OG Megmann said, on මැයි 20, 2014 at 7:24 පෙ.ව.

    “you create your own reality”. – Jane Roberts .

  7. Shanthi Chandrasekera said, on මැයි 20, 2014 at 8:23 පෙ.ව.

    aththenma agana lipiyak mathak kireemak thanks Aruni,


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: