අරුණි ශපීරෝ‍ වෙතින්

නම්බුකාර අදහස් වලට කෑදර වාමාංශිකයන්

Posted in Uncategorized by arunishapiro on මැයි 27, 2014

නම්බුකාර අදහස් වලට සමාජවාදීන් තුල ඇති කෑදරත්වය සීමාරහිත වූවකි. එහෙත් නිදහස යන නම්බුකාර අදහස ඔවුන් වටහා ගන්නට අපොහොසත් වෙති.

ලිබටේරියන්වාදය යනු නිදහස මූලික වූ දර්ශනයකි. නම්බුකාර අදහස් වලට කෑදර වාමාංශිකයන් නිදහස යන්න තමනට උවමනා ආකාරයෙන් වෙනස්කර පාවිච්චියට හැකියාව ඇතැයි සලකති.

අයෙක් අකමැති දෙයක් ඔහුගේ නිවහනේ දී කරන්නට අවසර තමනට ඇතැයි කීම නොහොත් එය තමන්ගේ නිදහස යැයි කීම නම්බුකාර අදහසක් නොවේ. තමන්ගේ නිවහනේ දී තමන් කැමති දෙයක් පිළිගෙන, අකමැති දෙයක් ප්‍රතික්ෂේපයට නොහැකි නම් එය තරම් නිදහස කප්පාදුවක් වෙන ඇත්ද?!!!!!

නම්බුකාර අදහස් වලට කෑදර වාමාංශිකයන් සීමිත ආණ්ඩුවක් ඉල්ලා සිටියි. එහෙත් ඔවුන් ඉල්ලා සිටින්නේ සීමිත බලතල ඇති ආණ්ඩුවක් නොවේ.

ඇමතිවරුන් ටික දෙනෙක් සිටි පමණින් ආණ්ඩුවක බලතල සීමිත නොවේ.

සීමිත බලතල ඇත්නම් ආණ්ඩුවකට ආර්ථිකයකට බාධා කරන්නට ඇති අවස්ථාව අවම වේ.

ඉතින් සීමිත ආණ්ඩුවක් යැයි කියද්දී ලිබටේරියන්වාදියා ඉල්ලා සිටින්නේ නිදහස් ආර්ථිකයකි. මැති ඇමති, රජයේ නිලධාරීන් හා රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩුවීම නොව ලිබටේරියන්වාදියා ඉල්ලන්නේ, යම් නිෂ්පාදනයක් නිපදවන්නා සහ එම නිෂ්පාදනය මිල දී ගන්නට කැමැත්තා අතර සිද්ධ වෙන ගණුදෙනුව මැද්දට රෙගුලාසිකරුවන් පනින අවස්ථා අවම කරන්නට කියායි.

දෙදෙනෙක් අතර කැමැත්තෙන් සිද්ධ වෙන ගණුදෙනුවක් මැද්දට පැනීමට හැකියාව අඩු වෙද්දී මැති ඇමති, රජයේ නිලධාරීන් හා රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ඉබේම අඩු වී යන බව සීමිත බලතල ඇති ආණ්ඩුවක් ප්‍රතික්ෂේප කරන අය දනිති. ඔවුන් එසේ බලතල අඩුවෙනවාට අකමැතියි. ඔවුන් කැමති සුළු පිරිසකට වැඩි බලතල ලැබීමයි.

යම් පුද්ගලයෙක් ධන වස්තු එකතු කරන්නේ එකිනෙකා සමඟ සහයෝගයෙන්, සහ කැමැත්තෙන් කරන කටයුතු වලින් නම් එහෙම නම් ඊට වඩා සාධාරණ ලෙසින් ධන වස්තු නැවත බෙදා දෙන්නට හැකියාව තිබෙන යුක්ති ගරුක මූල ධර්මය කුමක් දැයි මේ අය නොකියති.

දේශපාලන ව්‍යවසයකයා සහ ආර්ථික ව්‍යවසායකයා අතර වෙනසක් නොදන්නා වාමාංශිකයන් දෙගොල්ලන්වම එක ගොඩේ දමා හංවඩු ගසති.

ආර්ථික ව්‍යවසායකයා යනු සමාජයකට අගයක් නිර්මාණය කරන්නෙකි.

දේශපාලන ව්‍යවසායකයා යනු සහනාධාර, විශේෂ වරප්‍රසාද, තරඟයට අකුල් හෙළන නීති රෙගුලාසි යනාදියෙන් අනුන්ගේ සම්පත් වැය කරන්නට හපනෙකි.

සමාජ යුක්තිය සහ සමාජ සාධාරණත්වය සලසන්නට යැයි කියමින් ආණ්ඩුවේ දේශපාලන බලය තමන් කැමති ආකාරයෙන් පාවිච්චියට ගැනීම වෙනුවෙන් පෙනී සිටීම ගැන මේ වාමාංශිකයනට කිසිම පිළිකුලක් නැත.

නම්බුකාර අදහස් තමනට කැමති ලෙසකින් යොදාගත් පමණින් එය තව දුරටත් නම්බුකාර අදහසක් නොවේ.

අනුන්ගේ ජීවිත හසුරුවන්නට තමනට බලය ඇතැයි විශ්වාස කරන්නා යනු නිදහස අගය කරන්නෙක් හෝ නිදහස වෙනුවෙන් කැප වූවෙක් නොවේ.

තම නිවහනේ දී තම කැමැත්ත කරන්නට සියල්ලන්ටම අයිතියක් ඇතැයි පිළිගන්නේ නම් එවිට පමණක් ඔබ නිදහස කුමක්දැයි හඳුනාගත්තෙක් වෙයි.

ඔබ නිදහස අගයන්නෙක් ද? එහෙනම්, අරයාගේ පිටුවේ මා දැමූ කියමන ඔහු කපා දැම්මා යැයි කියමින් තමන් නිදහස යන අදහස නොදන්නා බව ලොවට කෙඳිරි ගාමින් පෙන්වන්නට එපා. ඔබේ පිටුවක, ඔබේ නිවහනක ඔබ කැමති දෙයක් කියන්නටත්, ඔබ අකමැති දෙයක් ප්‍රතික්ෂේප කරන්නටත් ඔබ අයිතියක් ඇත. ඒ අයිතිය අනෙකාට ද ඇත්තේ ඔහුගේ පිටුවේ සහ ඔහුගේ නිවහනේ දී යැයි පිළිගන්න. මෝඩ තකතීරු කතා කියන්නට ඔවුන්ගේ නිවහනේ ඔවුන්ගේ පිටුවේ ඔවුනට අයිතියක් ඇතිබවට ගරු කරන්න!!!!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. Shehan Senadheera said, on මැයි 27, 2014 at 9:57 ප.ව.

    ඇත්ත. තමන්ගේ නිදහස වෙනුවෙන් කෑ මොර දෙන බොහෝ දෙන අනුන්ගේ නිදහස වෙනුවෙන් වචනයකුදු නොදොඩා සිටින්නේ එය නොදැකීම නොපෙනීම නිසා නොව එයට ගරු කිරීමට ඇති අකැමත්ත නිසයි.

    • arunishapiro said, on මැයි 28, 2014 at 7:12 පෙ.ව.

      Shehan Senadheera,

      හරියටම හරි!!! මට අන්තවාදී යැයි බනින අය හිටියට මේ අඩවියේ සටහන් හරියට කියවන්නේ නම් මා අකමැති අදහස් ලොවට හඬ ගාන අයගේ නිදහස වෙනුවෙන් මා පෙනී සිටි අවස්ථා ඕනෑ තරම් දකින්නට පුළුවන්.

  2. Krishna Ramanayaka said, on මැයි 28, 2014 at 4:44 පෙ.ව.

    අරුනි මම කැළනිය විශ්ව විද්‍යාලයේ සිටින විට සමාජවාදී සමානතා පක්ෂය හි ක්‍රියාකාරී සමාජිකයෙක් ව සිටියා ( එවකට විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය – කීර්ති බාලසූරිය ) අපි ඒ කාලෙ පයින් ගිහින් කම්කරු මාවත වික්ක පෝස්ටර් ගැහුව එක එක ස්ට්‍රයික් වලට ගිහින් ඒ සෙවකයන් එක්ක අපේ දර්ශනය එනම් ට්‍රොට්ස්කි වාදී වැඩපිළිවෙල උගන්වමින් අපේ පැත්තට දිනා ගන්න උත්සාහ කලා ( බල්ලෙක් වත් ආවෙ නම් නෑ ) අපිට ඉගෙනගන්න තියෙන හුඟාක් දේවල් ඒ වෙනුවෙන් කැපවුනා අපි යම් හරිදෙයක් ( දේශපානයට සම්බන්ධ නැති ) වෙනුවෙන් වෙහෙසුනොත් ඒක තුලින් පක්ෂයෙ ක්‍රියාකාරකම් වලට සහභාගී වෙන්න අතපසුඋනොත් බරපතල දේශපාල විවේචන වලට ලක්උනා හැබැයි විජේ ඩයස්ගෙ පුතාට ඕක තිබ්බෙ නෑ එයා පෝසටර් ගහන්න පත්තර විකුනන්න ආවෙ නෑ මිනිහ හොඳ හොඳ කෝස් කලා කරල ලක්ෂ ගානක පඩියකට ජොබ් එකකට ගියා මැයි දිනේට ආතල් එකට වගේ ඇවිත් පෙලපාලියෙ යනව අපිට නැති නිදහසක් අැයි එයාට අපි එහෙම අහපුහම ඒකටත් උත්තරයක් තිබ්බ ඒ මෙහෙම – පංති අරගලයට එක් එක් කෙනා එකතු‍වෙන්නෙ එක් එක් විදිහට ඒකෙ වැඩියෙන්ම අවබෝධකරගතත අය තමයි කැපවෙලා පක්ෂයෙ ක්‍රියාකාරී වෙන්නෙ – ඔන්න ලංකාවෙ මාක්ස්වාදය සිරාවටම අධ්‍යනය කරගෙන වැඩ කරන පක්ෂෙ හැටි ඉතින් ජේ.වී. පී වගේ මාක්ස්වාදය ගැනවත් මෙලෝදෙයක් දන්නෙ නැති උන්දැලගෙ නිදහස කියල වැඩක් නෑ .මේ හැමෝගෙම උඩ ඉඳන් පහලටම තියෙන්නෙ සම්පූර්ණ කුහකකම විතරයි මේ අයට ලිබටේරියන් කිව්ව ගමන් භූමිතෙල් ගෑවුනා වගේ වෙන්නෙත් ඒකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: