සිංහලයාව වැඩවසම් මානසිකත්වයේ හිර කළේ කවුද?
කාර්මික විප්ලවය තුලින් ධනවාදය බිහිවූයේ ඕපපාතිකවයි. එනම්, ධනවාදී ආර්ථික රටාවක් හදන්නට කිසිම රටක යම් නායකයෙක් හෝ ජනතා ව්‍යාපාරයක් ඉදිරියට ආවේ නැත. එකම කාලයක දී බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව, ප්‍රංශය යනාදී රටවල ධනවාදී ආර්ථික ක්‍රමයක් හටගෙන ඇති බව ඔවුන් සහ සෙසු ලෝකවාසීන් හඳුනාගන්නේ එය ඇරඹී වසර ගණනාවක් ගෙවී ගිය පසුවයි.
පුනර්ජීවනය සිට කාර්මික විප්ලවය දක්වා බටහිර රටවල් මුහුණ දුන් වෙනස්කම් සෙසු ලෝකයේ බොහෝ රටවල් වලට මඟහැරැණි.
සැවොම සඳහා හදන මහා පරිමාණ සැලසුම් වලින් සමස්ත සමාජයක් සමෘද්ධිමත් ඉලක්කයක් සාක්ෂාත් කරගන්නට දක්කා ගෙන යා නොහැකියි. එවැනි වෑයම් රෝම අධිරාජ්‍යයේ පටන් චීන කොමියුනිස්ට් සමූහාණ්ඩුව දක්වා ඵල රහිත වූ බව අද අපි දකිමු. ඒකීය පුද්ගලයා ලබන අවබෝධයෙන් සහ ඒකීය පුද්ගලයා ගන්නා වෑයමකින් සමාජයේ සෙසු සියල්ලන්ගේම ජීවිත සරුසාර වන බව අද අපිට ඔප්පු කරත හැකියි.
සුපිරි දේශපාලන බලවේගයක් වුවත් රුසියානු අධිරාජ්‍යයේ ආර්ථික සහ සමාජ හැඩගැස්ම යුරෝපයට වඩා පසුපසක විය. වංශවත් පවුල් හා දාසයන් යන බෙදීමක හිරවී සිටි ඔවුනට කාර්මික විප්ලවය තුලින් යුරෝපීයයන්ට ලැබි නිර්මාණශීලීත්වයෙන් පිවිසිය හැකි වූ පුද්ගලික ව්‍යාපාරයන්ට ඉඩක් නොලැබිණ.
එරටේ යකඩ, ගල් අඟුරු, ලෝහ, තෙල්, රෙදිපිළි හා මහාමාර්ග යන ක්ෂේත්‍ර වල ආයෝජන කළේ හා මුදල් ඉපැයීම සිද්ධ වූයේ වංශවත් පවුල් වල මූලිකත්වයෙන් පමණි.
යල්පැනගිය ක්‍රමවේදයන්හි නියැළුන කෘෂිකාර්මික රැසියන් සමාජයේ වැඩවසම් පිළිවෙත් රුසියන් සාර් පරම්පරාවේ ඒකාධිපති පාලනයට වෙනස් කළ නොහැකි බව අවබෝධ වෙන්නට රැසියානුවන්ට ඉඩක් ලැබුනේ නැත.
ධනවාදය යනු නිර්මාණශීලීත්වයට හා තමන් විසින් ගන්නා ආයෝජන අවදානමකට ඉඩක් ලැබෙන ආර්ථික ක්‍රමයක් බව අවබෝධයට කිසිදු ඉඩකඩක් රුසියානුවාට නොලැබුණේ ධනවාදය යැයි ලේබල් අලවා කාල් මාක්ස් විසින් බලතණ්හාධික ඒකාධිපතියන්ට පිරිනමන ලද සමාජවාදය නම් මුලාවට ඔවුන් හසු වූ බැවිනි.
රුසියානුවාට මෙන්ම ලාංකිකයාට ද ලෝකයේ ඕපපාතිකව සිද්ධ වූ අපූරු කාර්මික විප්ලවය හඳුනාගැනීමට ඉඩක් නොලැබී ගියේය.
ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ වීර නායකයන් බහුතරය අධ්‍යාපනය ලද්දේ ලන්ඩනයේ අර්ථ ශාස්ත්‍ර සහ දේශපාලන විද්‍යා පාසැල් ගුරු පරම්පරාවෙන්. මාක්ස්වාදය ලොව පතුරුවා හැරීමේ පරමාර්ථයට බැටළු සමක් පොරවා ගත් වෘකයා වූ ෆේබියන් සමාජය මූලිකත්වය ගත්හැටි සිංහලෙන් ලියැවී ඇති එකම සටහන විය හැකිවූව මෙතැනින් කියැවිය හැකියි. 🙂
ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ නායකත්වය ගත්තේ සිංහලයන් නියෝජනය කරනවා නොහොත් සිංහලයන්ට බෙදන්නට දන්නවා කියාගත් සිංහල වංශවත් පවුල් වල අය සහ දෙමළුන් නියෝජනය කරනවා නොහොත් ද්‍රවිඩයන්ට බෙදන්නට දන්නවා කියාගත් දෙමළ වංශවත් පවුල් වල අය විසිනි.
මාක්ස්වාදයේ එන ධනවාදී ලේබලයෙන් පමණක් පෝෂණය වී සිටි නිදහස් ව්‍යාපාරයේ වීර නායකයන් සියල්ලම පාහේ පොදු යහපත සලසන පොරොන්දු වලින් තමන් ද රැවටී සිය ජන කොට්ඨාශයන් ද රැවටූහ. යටත්විජිත ආණ්ඩුවක වූ සුද්දන් පළවා හැර තමන් වෙනුවෙන් ඒකාධිපති බලය අල්ලා ගත්තේ මේ ලාංකීය වැඩවසම් හුරුවෙන් යුතු වංශවතුන්ය.
ඒකීය පුද්ගල අයිතිය කුමක්දැයි කියා වටහා ගත්, ධනවාදී ආර්ථික රටාවකින් සමෘද්ධියක් කරා වේගයෙන් ගිය බහුතරයක් විසූ, බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයෙන් නිදහස් වූ ඇමෙරිකාවේ 1789 දී මුල්ම ආණ්ඩුවේ මුල් පුටුව හිමිවූයේ ජෝර්ජ් වොෂිංටන්ටයි. ඒ ඩී. ඇස්. සේනානායක ලංකාවේ අගමැති තනතුරට 1947 දී පත්වෙන්නට වසර 158 කට පෙරයි.
ජෝර්ජ් වොෂිංටන්ව ජනාධිපති තනතුරේ තබාගන්නට රටවැසියන් හා එවක වූ අවම බලතල පැවති ආණ්ඩුවේ නිලතල දැරූ සියල්ලන්ම වෙහෙස වෙද්දී, “මා නැතිව වෙන අයෙක් පත්කරගන්නට නොහැකි නම් අපේ ජනරජයට දෙවියන්ගේම පිහිටයි,” කියා හේ තනතුරෙන් ඉල්ලා අස් වී ගෙදර ගියේ ජනතාවට රටේ ව්‍යවස්ථාව අමතක කරන්නට එපා යැයි සමුගැනීමේ ඇමතුමක් ඉතිහාසයට එකතු කරමිනි.
නිදහස් ලංකාවේ ප්‍රථම නායකයා වූ ඩී. ඇස්. සේනානායකගේ අපේක්ෂාව වූයේ මහා පරාක්‍රමබාහු රජ සමයේ වූ පරිදි රාජ්‍ය ධනවාදයකි. රටවැසියන්ගේ පුද්ගල අයිතීන් ආරක්ෂා කරන්නේ කෙසේදැයි කියා හෝ එයින් පමණක් ධනවාදී ආර්ථික ක්‍රමයකට ඉඩක් ලැබෙන ආකාරය නොදත් නිසා නිදහස් ලංකාවේ ආරම්භය වංශවත් පවුල් සඳහා වරප්‍රසාද ලැබෙන වැඩවසම් ක්‍රමයකින් පටන් ගැනිණ. උදාහරණයක් හැටියට, ඩී. ඇස්. සේනානායක තමන්ගේ නිල කාලයෙන් පසුව සිය පුතුන් වූ ඩඩ්ලි සේනානායකට රටේ පාලනය බාරවීම අපේක්ෂා කරමින් ඒ සඳහා මාර්ගය පෑදුවේය. එය එයාකාරයෙන්ම සිද්ධ විය.
ඩී. ඇස්. සේනානායක අගමැති වනවාට සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ වතු කම්කරු ද්‍රවිඩ නායකයන් සහයෝගය දැක්වූයේ නැත. ඒ නිසා රටවැසියන්ගේ ආරක්ෂාව සැලසීම උල්ලංඝණය කරමින් නිදහස් ලංකාවේ ප්‍රථම අගමැති බලය ලත් හනික පනත් කිහිපයකින් වතු කම්කරු ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජා අයිතීන් අහෝසි කළේය.
ධනවාදය සහ සමාජවාදය අතර වෙනස කුමක්දැයි නොදන්නා අද බහුතරය මෙන්ම එදා ලංකාවේ බහුතරය ද සමාජවාදය ප්‍රතික්ෂේප කරමින් ඒත් ප්‍රීතියෙන් වැළඳගත්තේ සමාජවාදයයි. ජනතාවගේ පොදු යහපත නාමයෙන් එදත් අදත් ශ්‍රමය අගයමින් ශ්‍රමය මංකොල්ල කන වැඩවසම් පිළිවෙතක වරප්‍රසාද තමන්ට ප්රදානය කරගත්තවුන් තවමත් නියැළෙති.
[…] සිංහලයාව වැඩවසම් මානසිකත්වයේ හිර කළේ… […]
නොනා කියෙව්වද රාවයේ විමලනාත්, එල්මෝ ගුණරත්න එක්ක කරපු සාකඡ්චාව. රාමු කරලා තියා ගන්න වටිනවා අප්පා.. අපිව අන් ෆ්‍රෙන්ඩ් කරලා නිසා කියන්න විදියක් නෑ.
maathalan,
එය කියෙව්වේ නැහැ. ඔය තරම් වටිනවා නම් අන්තර්ජාලයේ සබැඳියකින් බෙදා හරින්න මාතලන්ට බැරි ඇයි? එහෙම සබැඳියක් ඇත්නම් ඇයි මාතලන්ට බැරි ඉහත විදියට ප්‍රතිචාරයක් හැටියට එවන්න?
අන් ෆ්‍රෙන්ඩ් කළේ ඇයිදැයි මාතලන් තවමත් නොදන්නවා නම් … පුද්ගලිකව ඇති තරහක් නිසා නොව, පහදා දෙන යමක් වටහා ගන්නට උත්සාහයක් නොකර කියන්නාට උසුළු විසුළු කරමින් තමන් එල්බ සිටින මුග්ධ මතවාදයේ දිගින් දිගටම ලැග සිටින අය වෙනුවෙන් නාස්ති කරන්න කාලයක් මට නම් නැති නිසා බව යැයි මතක් කර දෙන්නම්.
ඒ උනාට එහෙම කරන එක ප්රජාතන්ත්රවාදි නෑ නේ.. ගනන් ගන්න එපා. ෆොන්ටෙරා නිසා අපි ටෙරාලා වෙන්නෙ මොකටද?
maathalan,
ඒකීය පුද්ගල අයිතිය යනු කුමක්දැයි ඩී. ඇස්. සේනානායක වටහා නොගත්තා සේ මාතලන් ද එය කුමක්දැයි වටහා ගන්නට කිසිත් උත්සාහයක් නොගන්නා බව නැවත නැවතත් තමන්ගේ කතාබහෙන් පෙන්වයි.
ඒකීය පුද්ගල අයිතිය කුමක්දැයි නොදැන ප්රජාතන්ත්රවාදය වටහා ගැනීමට නොහැකියි.
ෆොන්ටෙරා යනු පුද්ගලික කොම්පැණියක්. දේශීය වේවා විදේශීය වේවා ඕනෑම පුද්ගලික කොම්පැණියකට යම් දේශ සීමාවක භාණ්ඩ බෙදා හැරිය හැකියාව ඇත්තේ කැමැත්තෙන් මිල දී ගන්නා පාරිභෝගිකයන් ඉන්නවා නම් හෝ ජනතාවට බලය පෙන්වන ආණ්ඩුවේ අනුග්‍රහය ඇත්නම් පමණයි. යමක් මිල දී ගැනීම හෝ නොගැනීම යන තෝරාගැනීම ඒකීය පුද්ගලයාට ලබාදිය යුතුයි කියද්දී එයයි ප්රජාතන්ත්රවාදය. ආණ්ඩුවේ බලයෙන් තමන් කැමති තෝරාගැනීම් සඳහා ඉඩ නොලැබීම යනු ආඥාදායක වූ ඒකාධිපතිවාදයයි.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියා පැරණි සිංහල කියමනක් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරයක් කුමක් සැපයුවත් මිල දී ගන්නා සිහිබුද්ධියෙන් එය මිල දී ගත යුතුයි. ඒ දැනුම වර්ධනය වෙන්නට පුද්ගලයා තුල ඉඩක් ඇති නොවෙන්නේ ආණ්ඩුව විසින් මේ මේ දේවල් හොඳ යැයි ද මේ මේ දේවල් නරක යැයි ද නිර්දේශ ගෙනැවිත් රාජ්‍ය බලහත්කාරයෙන් තෝරාගැනීම් බලපෑම් කරද්දී. අන්තිමේ දී වෙන්නේ කිසිවෙක් මිය නොගිය ආහාරයක් එය කැමැත්තෙන් මිල දී ගත් අයට අහිමි වීමයි … සිරිමාවෝ ආණ්ඩුවෙන් නිර්දේශ කරපු කැඳ හාල් සිරිමාවෝ ආණ්ඩුවෙන් එක පුද්ගලයෙක්ට මෙච්චරයි කියා නියම කරපු ප්‍රමාණය පමණක් සිංහලයාට කන්න සිද්ධ වුනේ එහෙම ගිහින්!!!!!
තම පරිහරණයට බඩුවක් ගැනීම යන තෝරාගැනීමේ ඒකීය පුද්ගල අයිතිය උල්ලංඝණය කිරීම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක් යැයි සලකන මාතලන් වැනි රාජ්‍යවාදීන්ට අවශ්‍ය තෝරාගැනීමේ බලය ඒකීය පුද්ගලයාට දෙන්න නොවේ. තමන් අකමැති ආණ්ඩුවෙන් ඒ බලය ඉවත් කරලා තමන් කැමති ආණ්ඩුවට දෙන්න පමණයි.
ඒකීය පුද්ගල අයිතිය කුමක්දැයි වටහා ගන්නේ ද, මගේ ෆේස්බුක් පිටුවත්, මේ බ්ලොග් පිටුවත්, පොදු ජනතාවගේ පොදු යහපත සඳහා පවත්වා ගෙන යන ඒවා නොව අරුණි ශපීරෝ නොහොත් මගේ පුද්ගලික සතුට උදෙසා පවත්වාගෙන යන පුද්ගලික වූ වෑයමක් නොහොත් පුද්ගලික අයිතියකින් යුතු වූවක් බව ද වටහා ගත හැකියි. මේ තැන් වල දී මගේ ශ්‍රමය යොදවමින් මේවායේ තනි අයිතිකරුවා වූ මට කැමති යම් යම් තෝරාගැනීම් වලට (මාතලන්ව අන් ෆ්‍රෙන්ඩ් කරන්න වගේ 😀 ) නිදහසක් මට නැත්නම් අපි සටන් වදින්නේ කාගේ පුද්ගලික අයිතීන් ආරක්ෂා කරන්නට ද?
එළකිරි.. උත්තරේ.. ඒත් නෝනේ ෆොන්ටෙරා අම්බානක අඩු වෙලත්. මෙහේ අඩු කරන්නේ නැත්තේ ඇයි කියන එක ගැන කරුණු පැහැදිලි කිරීමක් කළොත්..
maathalan,
මාතලන් මහත්තයෝ, තමන්ට වැරදුනා කියල පිළිගන්න තරම් මහත්මා ගතියක් නැති අයෙක් කියන්නෙ මගෙ කාලය කොච්චර වැය කරලා තතු පෙන්වා පහදා දුන්නත්, තමන්ගෙ මොළය පාවිච්චි කරන්න දන්නෙ නැති කෙනෙක්. එයා විමර්ශනයෙන් තොරව තමන්ගෙ හිත ඇදී ගිය නිසා නූගත් අදහස් අත්හරින්නෙ නැති අයෙක්.
රේචල් කාසන් ගැන සිංහලෙන් කියවන්නාට ඇති එකම හෙළිදරව්ව මේ බ්ලොගයෙන් පිරිනමද්දී ඒ සටහන් පේලියෙන් පෙන්වන්නට ගිය “දක්කා ගෙන යෑම” වර්තමාන ලංකාවේ සත්‍යයෙන් සිද්ධ වෙන්න පටන් ගත්ත. “නිහඬ මාරයා” නමින් විද්‍යාවෙන් බියගන්වා අවිද්‍යාත්මක විසඳුම් ගෙනෙන තවත් “සිංහල බෞද්ධ වීර නායකයෙක්” ඉන්න බව දැක්ක. අමාත්‍ය පාඨලී චම්පික රණවකට සිංහලෙන් කියවන හැමෝවම රවට්ටන්න බැරි වූව ගැනත්, ඒ ගැන සිංහලෙන් ලියන ලද එකම සත්‍ය වාර්තාකරණය වූ මගේ ලිපිය ගැනත්, තමන්ට ලැබිලා තියෙන මොළය පාවිච්චියට නොගන්නා මාතලන්ව අන් ෆ්‍රෙන්ඩ් කිරීම ගැනත් තව තවත් සතුටු වෙමින්!! පැහැදිලි කරන දෙයක් වටහා ගන්න උත්සාහ නොගෙන තමන්ගෙ මතය නිවැරදි යැයි හිතාගෙන ඉන්නවා නම් ඉතින් එහෙම ඉන්න. ඒත් මේ බ්ලොගයටත් ඇවිත් දිගින් දිගටම දාන නොවෙනස් වූ එකම මුග්ධ අදහස් වලට තව දුරටත් ඉඩක් නොදෙමි. ඒ වගේ අදහස් කරපින්නා ගත් කළින් කළට පාත්වෙන අනිත් අය වගේ මාතලන් ගැනත් මගේ හිතේ කහටක් නැහැ!!! 🙂
ලංකාවේ චම්පික රණවක නම් වූ බලතණ්හාධික දේශපාලනඥයා පොටක් අල්ලා ගත්තේ ලෝකයේ රටවල් කිහිපයක ෆොන්ටේරා පිටි ආපසු කැඳවූවාම එයින් තමන්ගෙ ඇමති බලතල වැඩිකරගන්න පොටක් පාදගන්න. ආපසු පිටි ගෙන්වා ගත් රටවල ඇමතිවරුන් වත් නොකළ දෙයක්!!!! දැන් රටට ගෙන්වන ෆොන්ටෙරා පිටි සොයා බලා අනුමත කරන දෙපාර්තමේන්තුව රණවක ඇමති යටතේ නේද දුවන්නේ? 🙂 ඊට පස්සෙ ආපසු ෆොන්ටේරා පිටි වෙළඳපොලේ තියනවා නේද? මා සටහනේ කියූ විදියටම පිටි මිල ඉහළ ගියා නේද? වසවිෂ පිරි පිටි නම් අඩුවෙලා නෙමෙයි ඇයි මේ වස පිටි ලංකාවේ මිනිස්සුන්ට විකුණන්නෙ නැතිව ඒවා සම්පූර්ණයෙන් තහනම් කළේ නැත්තෙ කියලා රණවක ඇමතිතුමා ගෙන් නෙවද අහන්න ඕනි?!!!!!
සිංහලෙන් කියවන අනිත් අයට: ජූලි 3 වෙනිදා රොයිටර් වාර්තාවක් අනුව, බ්‍රිතාන්‍යයේ විශාලතම කිරි නිෂ්පාදන කොම්පැණිය වූ ඩේරි ක්‍රෙස්ට් සමූහ ආයතනය නවසීලන්තයේ ෆොන්ටේරා කොම්පැණිය සමඟ වසර පහක ළදරු කිරිපිටි විකිණීම හා බෙදාහැරීමට ගිවිසුමක් අත්සන් කරන ලදි. Dairy Crest කොම්පැණියේ කොටස් මිල ඉහළ ගිය බව ද වාර්තාව කියයි. මට කිරිපිටි කොම්පැණි කිසිවක වෙළඳපොල කොටස් නැත.
අන් ජාතීන් කෙසේ වෙතත් සිංහලයානම් කිසිවක් වටහා ගන්නට උත්සාහයක් ගන්නා නොවන අයෙකු බවයි මගේ අදහස.සිංහල බෞද්ධ චින්තනය ගැන මා හා සංවාදයකට පැමිනි අයෙක් (මිත්‍යාවට එරෙහි..කණ්ඩායමේ ) පිලිතුරැ ගැන නොසලකා තර්ක පමණක් කිරීම මෑතකම ඇති උදාහරණයකි.48 ඉඳන් අද දක්වා වැඩවසම් පඩික්කමේ ම ලැග ඉන්න ලංකාව හුරු කල නායකයන්ට ජයවේවා!!!!
Krishna Ramanayaka,
නායකයෙක් හැදෙන්නෙ අනුගමනය කරන්න පිරිසක් එකතු වෙද්දී … ඒ නිසා වැඩවසම් හුරුව කුමක්දැයි හඳුනාගෙන එයින් ඉවත් වෙන නායකයෙක් ඉදිරියට එන්නෙ වැඩවසම් නොවන හැදියාව කුමක්දැයි හඳුනාගත් ඒකීය පුද්ගලයන් එකින් එකා වැඩි වෙද්දී.
මාතලන් වැනි අය තවමත් වැඩවසම් හැදියාව අනුගමනය කරද්දී ඔබ වැනි අය සැබෑ නිදහස් චින්තනයේ ඉදිරියෙන්ම ගමන් කරන බව ෆේස්බුක්හි දාලා තියෙන ප්‍රතිචාර වලින් දකින්නට ලැබීම සැබෑ සතුටක්.